IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තොරතුරු දැනගැනීමේ පනතට නව පනතින් සීමා වැටේද?

තොරතුරු රහසේ තබා නොගෙන හෙළිදරව් කරන්නාවූ යුගයක, 2016 තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කොට, ශ්‍රී ලංකාව එම යුගයට දායක වීමේ ප්‍රතිඥාව දෙනු ලැබීය. එසේ තිබියදී ඉකුත්දා අගමැතිවරයා විසින් තොරතුරු ආරක්‍ෂා කර ගැනීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විමතිය දනවන්නකි. නිල කටයුතුවල රහස්‍යභාවය ආරක්‍ෂා කිරීම උදෙසා එකී පනතට වගන්තියක් ඇතුළත් කර තිබීමෙන් සිදුවන්නේ පැරැණි සුපුරුදු සන්තෑසියටම ආපසු යොමු වීමය.

රජයේ පාලනය යටතේ පවතින තොරතුරු ආරක්‍ෂා කිරීමේ අධිකාරියකට පත්කරනු ලබන නිලධාරීන් තම රාජකාරිය ඉටු කිරීමේදී තොරතුරුවල රහස්‍ය භාවය සුරැකීමට සහතික විය යුතුවේ.  ඊට වෙනස් ආකාරයකින් ඔවුනට කටයුතු කළ හැකි වන්නේ උසාවි නියෝගයකට අනුකූලව ක්‍රියා කිරීමේදී පමණකි. වෙනත් කිසිම නීතියක කුමක් සඳහන් වුවද එම නිලධාරීහු ඉහත කී ආකාරයෙන් ක්‍රියා කිරීමට බැඳී සිටිති. රාජ්‍ය රහස් හෙළි කිරීම තහනම්ය යන යටත්විජිත යුගයේ පැරැණි කියමන දෙසමින් රාජ්‍ය නිලධාරීන් නිරතුරු තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථා මෙහිදී අපට සිහිපත් වේ. අප ආපසු යන්නට සූදානම් වන්නේ එම යල්පැන ගිය චින්තනයටද? 

නූතන ලෝකය හා එක්වීමේදී පෞද්ගලික දත්ත ආරක්‍ෂණ නීතියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවට කිසිදු සැකයක් නැත. එවැනි නීතියක් අවශ්‍ය වන්නේ සුවිශේෂී තත්ත්වයන් යටතේය. පළමුකොටම එවැනි නීතියක් ගෙන ආ යුත්තේ ස්වාධීන අධීක්ෂණ ආයතනයක් පිහිටුවීම උදෙසා විනා මෙකී පනතෙන් විශේෂයෙන් බලය පැවරෙන ආකාරයේ රාජ්‍ය පාලනය යටතේ පවතින අධිකාරියක් ඇතිකිරීමට නොවේ. 

මෙම යෝජිත පනතෙන් පැනවෙන නීතියට අනුකූලව ක්‍රියා නොකරන පුද්ගලයන්ට රුපියල් මිලියන 10 බැගින් දඩ නියම කිරීමට තරම් අසීමිත බලයක් යම් ආයතනයකට පැවරීම සිදුවේ. . ඒ උදෙසා ස්වාධීන ආයතනයක අවශ්‍යතාව මතුවන්නේ ඒ නිසාමය. 

දෙවනුව, පුවත්පත් කලාව අරමුණු කොටගත් කටයුතු උදෙසා පැහැදිලි විශේෂිත මුක්තියක් එම නීතියෙන් පැවරී තිබිය යුතුය.. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රබල ලෙස කටයුතු නොකරන ලද මැලේසියාව හා සිංගප්පූරුව වැනි රටවලද ඇත්තේ එවැනි නීතියකි.

තොරතුරු ආරක්‍ෂා කිරීමේ පනතක් ව්‍යවස්ථාදායකය ඉදිරියේ සම්මත කිරීමට අපේක්‍ෂාවෙන් පසුවන ඉන්දියාවේ මේ වනවිට නීතිඥවරු, මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් පසුවන්නේ යෝජිත පනත් කෙටුම්පතෙන් ඉදිරිපත් කර ඇති ආරක්‍ෂණය ප්‍රමාණවත් නොවේය යන ස්ථාවරයේය. ඔවුහු ඊට වඩා ප්‍රබල ආරක්‍ෂාවක් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකාවේ යෝජිත පනත මුළුමනින්ම ඊට වෙනස් වූවකි. සාමාන්‍ය කරුණු යටතේ ‘‘විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, අයිතීන් ආරක්‍ෂා කිරීම, මූලික පුද්ගල නිදහස’’ යන්න සඳහන් වීම හැරුණු කොට ශ්‍රී ලංකාවේ යෝජිත පනතෙන් සැලසෙන වෙනත් ආරක්‍ෂාවක් නැත. 

තුන් වෙනුව, තොරතුරු ආරක්‍ෂා කිරීම මුවාවෙන් මහජනයා උනන්දුව දක්වන තොරතුරු නිතුත් කිරීම වැළැක්වේනම් එම තත්ත්වය ඇති නොවීමට පරෙස්සම් සහගත විය යුතුය.

මෙම යෝජිත පනත තුළ වක්‍රෝත්තියෙන් කියවෙන ව්‍යාකූල අර්ථ රැගත් වැකි බහුලය. එම නීතිය සම්මත කිරීමට පෙර ඒවා නිවැරැදි කළ යුතුවේ. උදාහරණයක්, දක්වන්නේ නම්, පෞද්ගලික තොරතුරු යන වර්ගීකරණය යටතේ එහි ‘‘නීති විරෝධී ක්‍රියාවලට අදාළ පෞද්ගලික තොරතුරු, අපරාධ නඩු කටයුතු සහ දඬුවම් නියම කිරීම ඇතුළු කාරණා කිහිපයක් ඇත. මේවා ජනමාධ්‍යවේදීන් විසින්, දඬුවම් නියම කිරීම්, අපරාධ නඩු කටයුතු සහ දේශපාලනඥයන්ට දඬුවම් නියම කිරීම යන කරුණු අනුසාරයෙන් කරන වාර්තා කිරීම්වලට ඍජු ලෙස බලපෑමට ඉඩ තිබේ. දේශපාලන වශයෙන් කරනු ලබන දූෂණ වාර්තා කිරීම අසීරුවන තරමට ඒවා බලපෑමට ඉඩ ඇත. 

තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම අවුරාලමින් අගුළු ලා තිබූ දොරවල් තොරතුරු දැනගැනීමේ පනතින් මේ වනවිට විවර කොට තිබුණද, මහජන විපරමටත්, පවතින නීතියටත් බියපත් වන ඇතැම් බලසම්පන්න දේශපාලකයෝ රහස්‍යභාවය රැකීමේ සංස්කෘතියේ නෂ්ටාවශේෂ ආරක්‍ෂා කරති. 

‘‘නිල තොරතුරු’’ යන්නට නිල වශයෙන් අර්ථකථනයක් නැති තත්ත්වයක සහ පෞද්ගලික දත්ත ආරක්‍ෂණ නීතියකට වඩා යෝජිත නීතිය පුළුල් විෂයපථයක් ග්‍රහණය කරගෙන පවතින තත්ත්වයක, මෙම නීතියෙන් උත්සාහ කරනුයේ බලපම්පන්න පුද්ගලයන් සම්බන්ධ දූෂණ හෙළිදරව් කිරීම වළකාලීමටද? 

මෙම යෝජිත පනත සම්බන්ධ වෙනත් ගැටලු රාශියක් ද ඇත.  එහි අන්තර්ගත කරුණු සියුම් ලෙස පරීක්‍ෂාවට ලක්විය යුතුවේ.මෙම යෝජිත පනතෙන් අතිශය ප්‍රගතිශීලී පනතක් වූ තොරතුරු දැනගැනීමේ පනතේ බලය අභිබවා යන බව යම් අයකු කියනු ඇත.

මෙම නීති දෙක අතර පරස්පරතා හා ගැටුම් අනගාතයේදී පැනනගින බවට කිසිදු සැකයක් නැත. තරුණ ජනමාධ්‍යවේදීන් පිරිසක් විසින් මෙකී යෝජිත පනත අභියෝගයට ලක් කළ අවස්ථාවේ, තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විරෝධතා හමුවේ, මෙම යෝජිත පනත ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිළිබඳව තීන්දුවක් දීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම කනගාටුවට කරුණකි. 

සමාජ මාධ්‍ය වේදිකාවන්හි පළවන ව්‍යාජ තොරතුරු උදෙසා දොරවල් විවරව තිබියදී, මහජනයා විශ්වාසදායී තොරතුරු දැන ගැනීමේ පිපාසාවෙන් පසුවන මෙවැනි අවස්ථාවක, අයහපත් නීති සම්මත නොකරන බව සහතික කර ගන්නට දැන් වාරය පැමිණ ඇත්තේ පාර්ලිම්න්තුවටයි. 

(***)



අදහස් (0)

තොරතුරු දැනගැනීමේ පනතට නව පනතින් සීමා වැටේද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site