IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තවමත් ඇවිලෙන ඊශ්‍රායලය හමාස් යුද්ධය

ලුසිත ජයමාන්න

(අල් ජසීරා ඇසුරිනි)

ලොව බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ යුදෙව්වන්ය. මොළයෙන් උපරිම වැඩ ගන්නා ජාතිය ලෙස සැලකෙන්නේ යුදෙව්වන්ය. නොබෙල් ත්‍යාග දිනූ 900 කට වැඩි පිරිස අතරින්, සියයට 20 ක් යුදෙව්වන්ය. ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමිකයන්, ඇල්බට් අයින්ස්ටයින්, කාල් මාක්ස් පමණක් නොව, මුහුණු පොතේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද යුදෙව්වෙකි. වත්මන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුදෙව්වෙකි. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද යුදෙව්වෙකි.

1948 වසර තෙක්, ඊශ්‍රායලය ලෙස රටක් තිබුණේ නැත. අද ඊශ්‍රායලය යනු මුස්ලිම් අරාබි රටවලට මැදි වුණු ලොව එකම යුදෙව් රාජ්‍යයයි. 2007 වසරේ සිට ගාසා තීරයේ බලයේ සිටින්නේ හමාස් සංවිධානයයි. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ තවත් බටහිර රටවල් කීපයක් හමාස් සංවිධානය ‘ත්‍රස්ත සංවිධානයක්’ ලෙස සලකයි. නිරන්තරයෙන් ඊශ්‍රායලයේ තාඩන පීඩනවලට ලක්වන ගාසා තීරයේ පලස්තීන වැසියන් වෙනුවෙන් පෙනී සිටින හමාස් සංවිධානයට මූල්‍ය අනුග්‍රහය, අවි ආයුධ පමණක් නොව අවි පුහුණුව ද ලබා දෙන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඉරානයයි. එය රහසක් නොවෙයි.

ලෝකයේ මහා මොළකරුවන් සිටින ඊශ්‍රායලයට, පසුගිය හත් වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායල බුද්ධි අංශ, ආරක්ෂක අංශ අඩපණ කරමින්, හමාස් සටන්කාමීන් එල්ල කළ එම ප්‍රහාරය ලොවම මවිත කළේය. එය ඉතාමත් සැලැසුම්සහගත ප්‍රහාරයක් විය. ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රදේශවලට කඩා වැදුණු ඉස්ලාමීය හමාස් සටන්කාමීහු ඊශ්‍රායල වැසියන් අමු අමුවේ මරා දැමූහ. තොටිල්ලේ සිටි බිලිඳන් මරා දැමූහ.

සටන්කාමීහු ඊශ්‍රායල තරුණ තරුණියන්, වැඩිහිටියන්, කුඩා දරුවන් ද ඇතුළු 200 කට අධික පිරිසක් අල්ලා ගෙන, ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගියහ. බුද්ධිමත් ජාතියක් වුවත්, අදවනවිට ඊශ්‍රායල වැසියන් සිටින්නේ කෝපයෙන් දැවෙමිනි. එවිට බුද්ධියට තැනක් නැත. පසුගිය හත් වැනිදා සිට ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට පහර දෙයි. ගුවනින් පමණක් නොව, මේ වනවිට ගොඩබිමින් ද පහර දෙයි.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඔවුන් මුලිනුපුටා දැමීමටය. ඒත්, එම ප්‍රහාරවලින් බැටකන්නෝ පලස්තීන වැසියෝය. හමාස් සටන්කාමීන් ගාසා තීරයේ උමං පද්ධතිවල ආරක්ෂාව ලැබ සිටිද්දී, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර පලස්තීන නගරවලට එල්ල වෙයි. නිවාස, ගොඩනැගිලි විනාශ වෙයි. රෝහල් විනාශ වෙයි. සරණාගත කඳවුරු විනාශ වෙයි. දිනපතා විදෙස් පුවත් ඔස්සේ අපට අසන්න දකින්න ලැබෙන්නේ පලස්තීන වැසියන්ගේ විලාපයයි. අහිංසක පලස්තීන දරුවන්ගේ කඳුළුය. එය සැබැවින්ම හද කම්පා කරයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන මේ වනවිට 8,000 පසු කර තිබේ. තුවාල ලැබූ ගණන 20,000 ඉක්මවා ඇත.

හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ සටනේ දී ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දීමට ඉදිරිපත් වී සිටී. එය ඊශ්‍රායලයට හිමිවුණු කොළ එළියක් වැනිය. ඊශ්‍රායලය ගාසා තීරයට හිතුමතේ පහර දෙන්නේ එහෙයිනි. දිනපතා පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් අරාබි රටවල් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටී. ඊශ්‍රායලයට සහාය දෙන බව පැවැසුවත්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, ඊශ්‍රායලය, පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවය. එහෙත්, ඊශ්‍රායලයට ඒ ගැන තැකීමක් නැත. පළමුවෙන් ‘ගල ගැසුවේ’ හමාස් සංවිධානය වුවත්, අද ‘නපුරා’ වෙමින් සිටින්නේ ඊශ්‍රායලයයි.

ඊශ්‍රායල රජය පවසා ඇත්තේ ඔවුන් හමාස් ඉලක්ක 600 කට පහර දී ඇති බවය. එම ප්‍රහාරවලින් හමාස් සංවිධානයට අයත් ගොඩනැගිලි 450 ක් විනාශ වී ඇත. පලස්තීන වැසියන් පමණක් නොව, මාධ්‍යවේදින් බොහෝ දෙනකු ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වී අවසන්ය. එසේ ජීවිතක්ෂයට පත්වුණු මාධ්‍යවේදීන් අතරේ, අල් ජසීරා මාධ්‍යවේදීන් ද ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවේදීන් බොහෝ දෙනකු සිටින බව වාර්තා වේ. අල් ජසීරා මාධ්‍ය ආයතනය චෝදනා නගා ඇත්තේ ඊශ්‍රායල හමුදා හිතාමතා තම මාධ්‍යවේදීන්ට පහර දෙන බවය.

මේ වනවිට ඇමෙරිකන් යුද නැව් දෙකක් මධ්‍යධරණී මුහුදේ රැඳවීමට ද ඇමෙරිකාව පියවර ගෙන ඇත. ඒ, ඊශ්‍රායලයට සහාය දීමක් ලෙසය. කෙසේ නමුත් ඇමෙරිකන් සෙබළුන් ඊශ්‍රායලයේ සහායට යැවීමේ කිසිදු අදහසක් නැති බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය අවධාරණය කර අවසන්ය.

ඊශ්‍රායල හමාස් අර්බුදය අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවස්ථා කීපයකදී රැස්විය. ගාසා සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා සටන් නවත්වන්නැයි රුසියාව, චීනය යන ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් යෝජනා ඉදිරිපත් කළ නමුත් අනෙක් නිත්‍ය සාමාජිකයා වන ඇමෙරිකාව නිෂේධ බලය භාවිතයට ගනිමින් ඊට හරස් විය. ඒ, ඊශ්‍රායලයට පහර දුන්, හමාස් සටන්කාමීන් (හමාස් ත්‍රස්තවාදීන්) මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියන් ඇතැයි පවසමිනි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ආසාර්ථක වෙද්දී, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කැඳවීය. ඊශ්‍රායලයේ අසල්වැසියකු වන්නේ ජෝර්දානයයි. ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් ජෝර්දානය මැදිහත් වී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ, මානුෂීය හේතූන් මත, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නැවැත්විය යුතු බව පෙන්වා දෙමිනි.

එම යෝජනාවට සංශෝධන ඉදිරිපත් කළ යුතු යැයි පෙන්වා දෙමින් ඇමෙරිකාව, කැනඩාව සහ ඊශ්‍රායලය ඊට විරෝධය දැක්වීය. බටහිර බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට හිමිවෙද්දී, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඊශ්‍රායල හමාස් අර්බුදය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යනු ඇති බව පවසමිනි.

ඉරානය දිගින් දිගටම, ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ, ගාසා පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට පමණක් නොව, ඊශ්‍රයලයට සහාය දෙන ඇමෙරිකාවටත් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවය. මේ වනවිට ඉරාක සිරියා දේශසීමාවේ, ඉරානයේ පිහිටි ඇමෙරිකන් කඳවුරුවලට සිරියාවේ ඉරාන හිතවාදී සටන්කාමීන් පහර දීමට පටන්ගෙන තිබේ.

සිරියාවට ඉරානයේ පමණක් නොව රුසියාවේ ද සහාය හිමිවෙයි. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඇමෙරිකාව, ඉරානයට පහරදීමක් කළොත්, තමන් ඉරානයේ සහායට ඉදිරිපත් වන බව රුසියාව අවධාරණය කර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් යුක්රේනය පවසා ඇත්තේ, තමන්ගේ සහාය ඊශ්‍රායලයට හිමිවනු ඇති බවය. රුසියාව මෙන්ම යුක්රේනය ද මෙසේ පවසා ඇත්තේ එකිනෙකා සමඟ යුද්ධ කර ගනිමිනි.

මේ වනවිට ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ ද ගැටුම් පවතී. ඒ, ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේය. ඊයේ (30) හිස්බුල්ලා සංවිධානය කියා සිටියේ, ප්‍රහාරයකට පැමිණි ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙලීමට හිස්බුල්ලා සටන්කාමීන් සමත් වුණු බවය. හිස්බුල්ලා සංවිධානය, ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් බිම දැමූ පළමු අවස්ථාව මෙයයි. ඊට අමතරව, ඊශ්‍රායල හමුදා සිරියාවේ හමුදා මුරපොළ කීපයකට ද පහර දුන් බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

 



අදහස් (4)

තවමත් ඇවිලෙන ඊශ්‍රායලය හමාස් යුද්ධය

Amila Wednesday, 01 November 2023 10:54 AM

ලෝකය වඩා ආරක්ෂිත තැනක් බවට පත් කල යුතු නම් සියලුම ආකාරයේ ත්‍රස්තවාදීන්ව, විශේෂයෙන්ම ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ව විනාශ කර දැමිය යුතුය. ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදාවක් විසින් මෙහයුම් සිදුකරනා විට ඕනෑම ත්‍රස්ත සංවිධානයක් කරන්නේ සිවිල් වැසියන්ව පළිහක් ලෙස භාවිතා කිරීමයි. උතුරේ යුද්ධය පවතින කාලයේ LTTE සංවිධානය සිදුකළේත් එම දෙයමයි. යුද්ධයේ අවසන් කාලයේ ජාත්‍යන්තරය අපට පුනපුනා කිව්වේ සිවිල් ජනයාට හානිවන බැවින් යුද්ධය නවතන ලෙසයි. නමුත් අප ජාත්‍යන්තරයට සවන් නොදී දිගටම ප්‍රහාර එල්ල කළ නිසා යුද්ධය ජය ගැනීමට අවස්ථාව ලැබුණි. එම නිසා ජාත්‍යන්තරය කුමක් කීවත් ඊශ්‍රායලය කළ යුත්තේ අවසාන හමාස් ත්‍රස්තවාදියාත් මරාදමන තෙක් දිගටම ප්‍රහාර එල්ල කිරීමයි.

:       11       26

ගුණරුවන් Thursday, 02 November 2023 12:56 PM

සැබෑ ත්‍රස්තවාදියා ඊශ්‍රායලයයි. ඔවුන් හිට්ලර්ගේ නාසි හමුදාවන්ට බියේ පළාවිත් පලස්තීනය මුල්කොට ගෙන ලෝක බලවතුන්ගේ සහායෙන් ව්‍යාජ රාජ්‍යයක් පිහිටුවා මුල් පදිංචිකරුවන් වන අසරණ පලස්තීනුවන් සමූල ඝාතනය කරමින් සිටියි.

:       23       13

Dasa PFriday, 03 November 2023 02:44 AM

ගුණරුවන්ගේ ඉතිහාස දැනුම නම් අන්තිමයි. එතකොට යුදෙව් ජාතිය පටන් ගත්තේ ජර්මනියෙන්ද?

:       3       11

chandimaWednesday, 08 November 2023 10:58 PM

ගුණරුවන් මහතා ගිහිල්ලනේ විස්තර බලාගෙන ඇවිත් කියන්නේ? පලස්තීන කාරයින් නැතිනම් මුස්ලිම් ආගම ලෝකයේ බිහිවෙන්නත් කළින් තමයි ජෙරුසලමේ යුදෙව්වෝ උන්නේ... එහෙන් එළවපු පිරිසකගෙන් තමයි මුස්ලිම්වරු බිහිවුණේ. පලස්තීන කාරයින් එතැන උන්නේ යුදෙව්වන් එළවලා. ඒ කෑල්ල කියවලා නැහැ වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site