IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දෙමළ සන්ධානයේත් සම්බන්ධන්ගේත් අනාගතය

 

සුමන්තිරන් යනු දෙමළ ජාතික සන්ධානයේ නායක රාජ්වරෝයතම් සම්බන්ධන් මහතාගේ ළඟම හිතවතෙකි. දෙමළ ජනතාව සම්බන්ධයෙන් වන කරුණු කාරණා බහුතරයක්, රජයේ ඉහළ පෙලේ පුද්ගලයින් වේවා, කොළඹ තානාපති කාර්යාල වේවා, විදේශ රටවල රජයන් වේවා, එක්සත් ජනපදය සහ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලය වැනි ආයතන වේවා, සාකච්ඡා කරන්නේ ඔහු සමගය.

සම්බන්ධන් ඉතා වියපත්ය. එනිසාම, රටේ පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ඔහු සිතන ආකාරයට එක් තැනකින් තවත් තැනකට හෝ, වෙනත් රටකට හෝ, සංචාරය කිරීමට ඔහුට තිබෙන හැකියාව ඉතා අවමය.

රහසිගතභාවය ආරක්ෂා කරගැනීමට හැකියාවක් නැතැයි ඔහු දෙමළ ජාතික සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂවල නායකින් සමග කෝපයෙන් පසුවන බවක් ද දැනගන්නට ඇත. 

ජූනි මාසයේ ජනපතිවරයා සමග පවත්වන්නට තිබූ හමුව මෙන්ම පසුගියදා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ලැබී තිබුණු ආරාධනය, මාධ්‍යවල කණේ තබා ඇත්තේ සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂයක නායකයෙක්යැයි විශ්වාස කරන තැනට ඔහු පත්කරනු ලැබ ඇත.

වර්තමාන පාර්ලිමේන්තුවේ තරුණම මෙන්ම වයස්ගතම ජනතා නියෝජිතයන් දෙදෙනාම දෙමළ ජාතිකයන් වීම විශේෂය. 2020 වසරේ පාර්ලිමේන්තුවට පිවිසෙන විට ජීවන් තොණ්ඩමන් මහතාගේ වයස අවුරුදු 25කි. රාජ්වරෝයතම් සම්බන්ධන්ගේ වයස අවුරුදු 87 කි. 2022 පෙබරවාරි මස 5 වැනිදා වන විට ඔහුගේ වයස අවුරුදු 89 ක් වනු ඇති අතර, එවිට ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙතෙක් සිටි වයස්ගතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ඉතිහාසගත වනු ඇත. 

ඉන්දියානු පාර්ලිමේන්තුව නියෝජනය කළ වයස්ගතම ජනතා නියෝජිතයා ලෙස වාර්තා තබා ඇත්තේ රිෂාන්ග් කෙයිෂින්ග් මහතාය. අවසන, 2014 වසරේ විශ්‍රාම යන විට ඔහුගේ වයස අවුරුදු 94 ක් විය.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව සැළකීමේ දී, පළමු පත්වීමේ සිටම වැඩිම කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර වාර්තා තබා තිබෙන්නේ චාර්ලිස් පෙල්හෑම් විලර්ස් මහතාය. 1835 වසරේ දී, පාර්ලිමේන්තුවට පත්වූ ඔහු 1898 ජනවාරි මස 16 වැනිදා මරණයට පත්වන තෙක්ම, අඛණ්ඩව වසර 62ක් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 96 ක් සහ දින 13 ක් විය.

1956 වසරේ දී, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ෆෙඩරල් පක්ෂය) සමග එක්වන විට සම්බන්ධන් වසය අවුරුදු 23 ක තරුණයෙක් විය. එවක පක්ෂ නායක එස්.ජේ.වී.චෙල්වනායගම් මහතා 1963 සහ 1970 වසරවල දී පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබාදීමට සූදානමින් සිටියත් එම දෙවතාවේදීම එය ප්‍රතික්ෂේප කළ සම්බන්ධන් ඒ වෙනුවට කාලය යෙදවූයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නීතිඥයකු ලෙස සිය වෘත්තිය කටයුතු දියුණු කරගැනීම සදහාය. 

ත්‍රිකුණාමලයේ අධිකරණවල නඩු විභාග 600 කට වඩා පෙනී සිට ඇති ඉතාම සාර්ථක නීතිඥවරයෙක් ලෙස එකල ප්‍රකටව සිටි සම්බන්ධන් මහතා අවසානයේ දී, අප්පාපිල්ලේ අමිර්තලිංගම් මහතාගේ ආරාධනයෙන් 1977 මැතිවරණයට තරග කිරීමට එකඟ විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ (ටියූඑල්එෆ්) අපේක්ෂකයෙක් ලෙස මැතිවරණයට තරග කළ ඔහුට, ත්‍රිකුණාමලය ඡන්ද බල ප්‍රදේශයෙන් ඡන්ද 15,144 ක් දිනාගැනීමට හැකිවූ අතර, ඔහු නියෝජනය කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18 ක් දිනාගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙමළ පක්ෂයක්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස පත්විය.

පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුව වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටිමින් මැතිවරණයට තරග කළ ද සම්බන්ධන් කිසිදු අවස්ථාවක වෙනම රාජ්‍යයක සංකල්පය විශ්වාස නොකළේ යැයි බොහෝ දෙනා පවසති. 1976 වසරේ මැයි මාසයේ පැවැති, ප්‍රකට වඩ්ඩුකෝඩයි සම්මන්ත්‍රණය ඔහු මගහැර සිටියේ වුවමනාවෙන්ම යැයි මත පළකරන්නෝ ද සිටිති. මෙම සම්මන්ත්‍රණය ප්‍රකටව තිබෙන්නේ එහිදී වෙනම රාජ්‍යයක් ඇති කිරීම මුල් කරගනිමින් ඉදිරිපත් වූ යෝජනාවලියක් සම්මතවීම නිසා ය.

2001 වසරේ දී දෙමළ බුද්ධිමතුන් සහ දෙමළ ජාතිකවාදීන් කිහිපදෙනෙක් එකතුව දෙමළ ජාතික සන්ධානය නම් සන්ධානයක් පිහිටුවීමට මුල පිරුවේය. එම සන්ධානයේ නායකයා ලෙස පත්වූයේ සම්බන්ධන් මහතාය. ගෙවුණු වසර 20ක කාලය පුරාම එහි වෙනසක් වූයේ නැත. දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස ඔහු 2015 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා හැටියටත් කටයුතු කළේය.

ඔහු හොඳ නායකයෙක් වේවා හෝ නොවේවා, පක්ෂ නායකයින්ගේ, ජනපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගෞරවය නොමඳව දිනාගැනීමට සම්බන්ධන් මහතා සමත් විය. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින වඩාත්ම පිරිසිදු චරිතය වන්නේ ද ඔහුය.

මන්ත්‍රීවරයකු ලෙස හිමිවන වරප්‍රසාද කිසිවක්, වාහන බලපත්‍රය ද, ඇතුලුව ඔහු භාවිතා කර නැත. මෑතක් වන තෙක්ම ඔහු වාසය කළේ තට්ටු නිවාසයක පිහිටි, තනි නිදන කාමරයක් පමණක් තිබූ නිවෙසකය. එම තට්ටු නිවාසයට සෝපාන පහසුකම් හෝ නොතිබිණ. 

සම්බන්ධන් මහතා විපක්ෂ නායක නිල නිවස සිය වාසය ලෙස තෝරාගත්තේද 2015 වසරේදීය. ඔහුගේ දුබල සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන තිබෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා, සිය උදාර ගුණය පිළිබිඹු කරමින්, ඔහුට තවදුරටත් විපක්ෂ නායක නිල නිවසේම රැදී සිටීමට අවැසි පහසුකම් සළසාදීමට පියවර ගෙන ඇත.

නොබෙදුණු මෙන්ම කිසිදු ලෙසකින්වත් බෙදා වෙන්කළ නොහැකි ශ්‍රී ලංකාවක සිට කැරෙන සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජනතාවගේ ගැටළුව විසදාගත හැකිය යන මතය පෙරමුණට ගෙන ආ, සම්බන්ධන් මහතා සහ සමාන අනෙක් දෙමළ නායකයෙක් නොමැත. 

රාජ්‍යතාන්ත්‍රිකත්වයේ කෙළ පැමිණ තිබෙන ඔහු, යුද්ධය අවසානවීමත් සමග ජයපැන් බොමින් සිටි රාජපක්ෂ රෙජීමය මෙන්ම බහුතර සිංහල ජනතාව සමගත්, ඒ හා සමාන්තරව අන්තර්ජාතික ප්‍රජාව සහ ඉන්දියාව සමගත් සබඳතා පවත්වාගෙන යමින් කටයුතු කළ ආකාරය දෙමළ ජාතික සන්ධානය යනු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන කාරණාවල දී, විශ්වාසය තැබිය හැකි පාර්ශවයක්ය යන්න තහවුරු කළේය. මෙය 2015 වසරේ හවුල් රජය ගොඩනැගීමට මාර්ගය තැනූ අතර, එහි වැදගත් භූමිකාවක් දෙමළ ජාතික සන්ධානය ඉටු කළේ ය.

ඉන්දියාව තරයේම විශ්වාස කරන සම්බන්ධන්, ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටළුව විසදීමෙහි ලා, ඉන්දියාවට ද, භූමිකාවක් පවතින බව අදහන්නෙකි. ඔහු, එල්.ටී.ටී.ඊ සංවිධානයේ පරාජයෙන් පසුව දෙමළ ජනතාවට ජාතියක් ලෙස ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට මුල්තැන ගෙන කටයුතු කළ නායකයෙකි.

එසේ වුවත්, සම්බන්ධන්ට එරෙහිව දෙමළ ජනතාව අතරින්ම මෙන්ම පිටතින් ද දැඩි විවේචන එල්ල වේ. 
විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ සමයේ, සියලු ජනකොටස්වලට බලපාන ජාතික මට්ටමේ වැදගත් ගැටලු විසඳීමට හෝ ඒවා විසඳීමට සිදුවන තැනට රජය පත්කරවීමට හෝ ඔහු පියවර ගත්තේ නැත. පාලක සන්ධානයේ අතකොළුවක් බවට පත්ව ඇතැයි ජනතාව ඔහුට චෝදනා කළෝය. 

පුද්ගලයින් විනිශ්චය කිරීමෙහි ලා ඔහු අතිශයින් දුර්වල යැයි ඇතැම්හු පවසති. උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ඔහුගේ තේරීමකි. නමුත් එය පළාත් සභාවට පමණක් නොව දෙමළ ජාතික සන්ධානයට ද කොඩිවිනයක් විය. උතුරු පළාත් මහ ඇමැති පුටුවට විග්නේෂ්වරන් තෝරාගැනීම දෙමළ ජනතාව අතර මෙන්ම ඔවුන්ගෙන් පිටතත්, දෙමළ ජාතික සන්ධානයට හිමිව තිබූ විශ්වාසය සහ ජනප්‍රියත්වය සැළකිය යුතු ලෙස පළුදුවීමට හේතු විය.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී, විරුද්ධ පක්ෂයට සහාය දක්වන්නේ යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි අවස්ථාවේ දී, හෝ විග්නේෂ්වරන්ට එරෙහිව පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, පක්ෂයේ විනය පවත්වාගැනීම සදහා දැඩි තීරණ ගැනීමට සම්බන්ධන්ට ඇති නොහැකියාව මොනවට පෙන්වාදුන් අවස්ථාවක් විය. මේ නිසා ඡන්ද දායකයින් දෙමළ ජාතික සන්ධානය හදුනාගත්තේ දුර්වල දේශපාලන පක්ෂයක් ලෙසය. 

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අවශ්‍යතා කෙරේ සංවේදීවීම හරහා අන්තර්ජාතික ප්‍රජාවට බලපෑම් සිදුකිරීමට ඔහුට හැකියාව ඇතත් දෙමළ ජාතික සන්ධානය පසුපස තිබෙන මූලයන්, ආරම්භක ස්ථානයන්, එකට එක්රැස් කොට ඒකරාශී කිරීමට සම්බන්ධන් අපොහොසත්ව ඇත. 2004 වසරේ ආසන 22ක් දිනාගෙන, එතැන් පටන් දිගටම පල්ලම් බැස තිබෙන දෙමළ ජාතික සන්ධානයට මෙවර පාර්ලිමේන්තුවේ හිමිව තිබෙන්නේ ආසන 10 ක් පමණි. සම්බන්ධන්ගේ අපොහොසත්වීමේ තරම ඉන් මනාව පැහැදිලි වේ.

ඉන්දියානු රජය ආධාර සපයමින් සිටියදී පවා, දෙමළ ජනතාවගේ ආර්ථික සංවර්ධනය සහ තිරසාරභාවය වෙනුවෙන් වැඩසටහන් දියත් කිරීම කෙරේ අවධානය යොමුකිරීමට සම්බන්ධන්ගේ නායකත්වය යටතේ වූ දෙමළ ජාතික සන්ධානය අපොහොසත් විය. ජාතිකත්වය පදනම් කරගත් පක්ෂවලට උතුරේ සහ නැගෙනහිර ලැබුණු ඡන්ද ප්‍රමාණය පහත වැටීමට එය ද හේතුවකි.

තීරණ ගැනීමේ දී සියලුම දෙනාගේ අදහස්වලට අවස්ථාවක් ලබා නොදීමේ හිදැස ද දෙමළ ජාතික සන්ධානය කෙරේ අවිශ්වාසය ගොඩනැගීමට මුල්වී තිබෙන තවත් හේතුවකි. 

සමස්තයක් ලෙස ගතහොත් සම්බන්ධන් යනු තරමක් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන නායකයෙක් යැයි හදුන්වාදෙන ඔහුගේ විවේචකයෝ, දෙමළ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන්නේ යම් විචිකිච්චාවක් ඇතිව බවත්, ඔහුව හඳුන්වාදිය හැක්කේ දැක්මත් ඇති නායකයෙක් වශයෙන් නොව කුමන හෝ ප්‍රතිචාරයක් පමණක් දක්වන නායකයෙක් ලෙස බවත් පවසන්නෝ ය. 

ඝාතනය කැරුණු එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මෙන්ම සම්බන්ධන් මහතාද විශ්වාස කරන්නේ තමා ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුව ඇතැයි කියාය. එහෙත් එවැනි නායකයින් ඒ සදහා අවශ්‍ය සැළසුම් සකස් කිරීමට අවධානය යොමු නොකරන බව ඔවුහු පෙන්වා දෙති. 

මේ දක්වාම, තමාගෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය දැරිය යුත්තේ කවුරුන් ද, එම තැනැත්තා තෝරාගත යුත්තේ කෙළෙස ද, යනාදී කිසිවක් ගැන සම්බන්ධන් මහතා කිසිදු සැළසුමක් ඉදිරිපත් කර නොමැත. 

ඉතාම වැදගත් මෙන්ම අතිශය තීරණනාත්මක මෙම ගැටලුව විසඳීමට මෙතෙක් කටයුතු කර නොතිබීම, දෙමළ ජාතික සන්ධානයේ වත්මන් සාමාජික පක්ෂ අතර නිමක් නොමැති ආරවුල් සහ ගැටුම්වලට මාර්ගය පාදා දී තිබේ. එනිසාම දෙමළ ජාතික සන්ධානය බිඳී යාමේ දැඩි අවදානමක් පවතී. එහෙයින් සම්බන්ධන් මහතාගේ පශ්චාත් නායකත්ව සමය සැළකීමේ දී ඉතිහාසය ඔහු කෙරේ එතරම් කරුණාවන්ත නොවනු ඇතැයි ඇතැමුන් පවසයි.
සම්බන්ධන් මහතා හමුවේ තිබෙන්නේ පහසුවෙන් විසදාගත හැකි ගැටලුවක් නොවේ. 

දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂ 3න් 2කම නායකත්වය දරන්නේ හිටපු සටන්කාමීන්ය. ඔවුන් අදටත්, විවිධ බුද්ධි ආයතන හා සම්බන්ධතා පවත්වාගනිමින් සිටින්නේ යැයි විශ්වාස කෙරේ. 

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවයි සේනාධිරාජා ඔහුගේ විශ්‍රාම විය පසුකර සිටින හෙයින් එම පක්ෂය වහාම ප්‍රතිසංවිධානය කිරීමකට ලක්කර තරුණයින්ට සහ කාන්තාවන්ට පක්ෂ නායකත්වයට පිවිසීමට අවස්ථාව විවර කළ යුතුව ඇත. සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් වර්තමානයේ කැපව සිටින දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාවගේ ගැටළු ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීමේ වුවමනාවක් පවතින්නේ නම් ඉහත කළ සදහන අනිවාර්යය අවශ්‍යතාවයකි.

පශ්චාත් සම්බන්ධන් සමයක, දෙමළ ජාතික සන්ධානය හමුවේ පවතිනු ඇත්තේ, සන්ධානය බෙදී වෙන්ව යාමේ අවදානම බව කීමේ වරදක් නොමැත. එසේ කීම සම්බන්ධයෙන් උරණ වනු වෙනුවට යථාර්ථය සොයාබැලීමේ වරදක් ද නැත. 

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 



අදහස් (3)

දෙමළ සන්ධානයේත් සම්බන්ධන්ගේත් අනාගතය

NM Monday, 23 August 2021 07:15 AM

දෙමළ සන්ධානයේ හෝ වෙනත් ජාතින් වෙනුවෙන් පිහිටුවා ගත දේශපාලන පක්ෂ හෝ වේවා ජාතින් වෙනුවෙන් නිර්මාණය කරන ලද පක්ෂ විසිරුවා හැර ප්‍රධාන දේශපාලන පක්ෂ සමග එක් නොවන්නේනම් රටේ අනාගතය පමණක් නොව කුඩා දේශපාලන පක්ෂවලටද අනාගතයක් නොමැත.

:       0       7

ranjith Monday, 23 August 2021 08:49 PM

මන්ත්‍රීවරයකු ලෙස හිමිවන වරප්‍රසාද කිසිවක්, වාහන බලපත්‍රයද, ඇතුලුව ඔහු භාවිතා කර නැත. මෑතක් වනතෙක්ම ඔහු වාසය කළේ තට්ටු නිවාසයක පිහිටි, තනි නිදන කාමරයක් පමණක් තිබූ නිවෙසකය. එම තට්ටු නිවාසයට සෝපාන පහසුකම් හෝ නොතිබිණ. උක්ත ලිපියෙන් උපුටා ගත්තේ... උතුම් ගතිගුණ තියෙන මෙවන් පුරවැසියන් රටට සම්පතක්... මොන ජාතියේ වුණත් දූෂණ, වංචා කරන අය ප්‍රතික්ෂේප කළ යුතුය...

:       3       2

Aruna Tuesday, 24 August 2021 11:03 AM

සමබර සාධාරණ ලිපියක්

:       1       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site