පෙර කිසිදාක නොදටු විරූ අයුරින් අද ශ්‍රී ලංකාවේ දේශපාලනය මහා ධනස්කන්ධයක් විසින් පාලනය කරනු ලබයි. රැකියාවේ සුරක්‍ෂිත බව වේවා, අධ්‍යාපන හෝ සෞඛ්‍ය මට්ටම වේවා, සමාජ ආරක්‍ෂණය වේවා දේශගුණ විපර්යාස හෝ සාමාන්‍ය දිවි පෙවෙත වේවා එකී සෑම කාරණයක්ම දේශපාලනය හා බැඳුනකි. අපගේ රට ප්‍රගතියක් අත්කර නොගන්නට එක් හේතුවක් ඇත. එනම් දූෂණයයි. අපගේ දේශපාලන ක්‍රමයේ සෑම අංශයකින්ම මුදල් හොර රහසේ පිටතට කාන්දු වෙමින් හා ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසා දමමින් ජනතාවගෙන් බලය ඉවත උදුරා ගැනේ.
මහා කොම්පැනි සහ ධනවත් උදවිය තමන්ට වඩාත් වාසිදායක පැත්තට ප්‍රතිපත්ති හරවා ගන්නට ව්‍යවස්ථාදායකයන්ගේ අතමිට සරු කරන්නට මිලියන ගණන් වියදම් කරති. එහෙත් ඒ සියල්ලටම පෙර, ව්‍යවස්ථාදායකයේ ක්‍රියා පිළිවෙළ ආරම්භ වීමටත් පෙර – ධනවත්හු සහ පොහොසත් ව්‍යාපාරිකයෝ මැතිවරණ සමයේම දේශපාලකයන් මිලදී ගන්නට උත්සාහ කරති. මැතිවරණ ව්‍යාපාරවල වැය පාලනය කරන මූල්‍ය නියාමන නොමැතිකම නිසා මැතිවරණ ව්‍යාපාරවලට අසීමිත ලෙස මුදල් යෙදවීමේ අවස්ථාව ධනවතුන්ට ලැබේ. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ හඬ යටපත් කොට ගිල්වා දමන්නේ ඒ ආකාරයටයි. අප වැනි හුදී ජනයාට වඩා ධනවතුන් සතුව මහා බලසම්පන්න බවක් ඇතැයි බොහෝ ජනයා විශ්වාස කිරීම විමතියට කරුණක් නොවේ.
රාජපක්‍ෂ ආණ්ඩුව මෑත කාලයේ ක්‍රියාත්මක කළ බදු කපා හැරීම උදාහරණයකට ගනිමු. තම ධනවත් මිතුරන්ට සහ ව්‍යාපාරිකයන්ට දැවැන්ත බදු සහන දෙමින් රජය, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 500 කට වඩා වැඩි ගණනින් අඩුකර ගත්තේය. එසේ කරන ලද්දේ රට දරුණු ආර්ථික විනාශයක් අභිමුව ඉන්නා තීරණාත්මක අවස්ථාවකයි. සීනි වංචාවේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් බිලියන 20 ක් රටට අහිමි විය. මෙම වැදගත් ආදායම්, අයවැය හිඟය පියවීමටත් කොවිඩ් වසංගත මර්දනයටත්, ජනතාවට සහන සැලසීමට හා ව්‍යාපාරවලටත් එසේ නැතහොත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන මට්ටම ඉහළ නංවා ගන්නටත් වෙන් කළ හැකිව තිබිණි.
එහෙත් අපට පෙනී ගියේ ඊට හාත්පසින් වෙනස්ව යන ආකාරයෙන්, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 101 තරම් වන මහා ණය කන්දරාවක් ගොඩ ගසාගෙන අමාරුවේ වැටීමයි. ඉහළට මතුවෙන වෙළෙඳපොළ ආර්ථීකයක සාමාන්‍යයෙන් තිබිය යුතු, දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 65 ක ණය ප්‍රතිශතය හා සසඳා බැලූවිට මෙය ඔරොත්තු නොදෙන තරම් ණය ප්‍රමාණයකි. මේ මහා ණය භාරය ඉසිලිය යුත්තෝ කවරහුද? ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවය.
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සිය ගණනක් සහ සේවකයන් ඉවත ඇද දැමීමට හේතු වූ ආනයන තහනම වැනි ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලින් සෑහෙන තරම් වාසි ලැබූවෝ ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයෝය. මහා පරිමාණ ව්‍යාපාරවලින් ඔවුහු වාර්තාගත ලාභ ලැබූහ. තවදුරටත් ආනයන තහනම්, පොහොර තහනම සහ අනෙකුත් ප්‍රතිපත්ති නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කිරිපිටි, ගෑස්, ඉන්ධන, සහල්, සීනි, භූමිතෙල් ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය හිඟයක් ඇති වූයේය.
ධනවතුන්ගේ මහා ව්‍යාපාර වාර්තාගත ලාභ ලබන අතර පසුගිය මාස කිහිපයේ වැඩවර්ජන හා විරෝධතා රැල්ලක් කම්කරු පන්තියේ ප්‍රධාන අංශවලත්, රාජ්‍ය අංශයේත්, වතු අංශයේත්, ඇඟලුම් අංශයේත්, දුම්රිය හා වරාය සේවකයන් අතරත් හට ගත්තේය.
2022 අයවැය යෝජනා දෙස අප හැරී බැලුවහොත් අධ්‍යාපනයට හා සෞඛ්‍ය සංරක්‍ෂණය සඳහා වෙන්කොට ඇත්තේ පිළිවෙළින් රුපියල් බිලියන 170 ක් හා රුපියල් බිලියන 235 ක් පමණි. ඒ අතර මහා මාර්ග හා ආරක්‍ෂක කටයුතුවලට පිළිවෙළින් රුපියල් බිලියන 280 ක් හා රු. බිලියන 421 ක් වෙන් කොට ඇත. එක් පුද්ගලයකුට සාපේක්‍ෂව වැඩිම හමුදා නිලධාරීන් සංඛ්‍යාවක් ඇති රටක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව ඒ ඔස්සේ තවදුරටත් මිලිටරීකරණයට භාජන වී ඇත. මේ සියල්ල සිදුව ඇත්තේ රටේ යුද්ධයක් නැති තත්ත්වයක් යටතේය.
මහාමාර්ග ඉදිකිරීමට දිගින් දිගටම දැවැන්ත මුදල් කන්දරාවක් වෙන් වෙන්නේ ඉදිකිරීම් අංශයේ ඒකාධිකාරයට වාසිසහගත වන අයුරිනි. ඒ හරහා දූෂිත දේශපාලකයන්ගේ දෑත් ධනයෙන් දෝවනය වෙයි. මෙම අයවැයෙන් වැඩි කරන මුදල් වෙන් විය යුතුව තිබුණේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සංරක්‍ෂණයටයි. ඒ හේතුවෙන් අපට අහිමි වන්නේ මීළඟ සංවර්ධන අවධියට අවශ්‍ය වන මානව ප්‍රාග්ධන හා වසංගත මර්දනයට අවශ්‍ය සම්පත් ප්‍රමාණයයි.
ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යාපන ආයතනයෙන් (IPS) 2020 වසරේදී කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වූයේ කුඩාම පාසල්වල ශිෂ්‍යයන්ගෙන්, මාර්ග ගත හෝ රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් නැරඹිය හැක්කේ සියයට 30 ක සිසුන් ප්‍රතිශතයකට පමණක් බවයි. ජනප්‍රිය පාසල්වල සිසුන්ගෙන් සියයට 80 කට මෙම පහසුකම් තිබීම හා සැසඳූවිට මෙය ඉතා අඩු ප්‍රතිශතයකි.
අපගේ පාසල් පද්ධතිය තුළ දැවැන්ත අසමානතාවක් පවතී. ඉහත කී ධන සම්පත් භාවිතකොට නාගරික හා ග්‍රාමීය පාසල් අතර පවතින මෙම පරතරය පියවා ග්‍රාමීය පාසල්වල සිසුනට වඩ වඩාත් තාක්‍ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් දිය යුතුවේ. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන් කරන මුදලද සියයට 25 කින් පහත වැටී තිබේ. අපගේ ජනගහනයේ සියයට 52 ක් කාන්තාවන් වූ කළ මෙම මුදල් වෙන් කිරීම කොහෙත්ම ප්‍රමාණවත් නොවේ.
ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ මුහුණ දෙන්නට සිදුවූ දැවැන්තම ආර්ථික අභියෝගවලට 2022 දී මුහුණ දෙමින් සිටී. ඒ අතර නවීන මූල්‍ය න්‍යාය ගුරුකොට ගෙන මහ බැංකුව හෙට දිනයක් නැත්තා සේ අතොරක් නැතිව මුදල් අච්චු ගසයි. ආනයන ආදේශනය, උද්ධමනය සහ අනෙකුත් හිඟ මැද හුදී ජනයා පීඩාවෙන් මිරිකෙති. මෙම ප්‍රතිපත්ති අසාර්ථක වීමට රජය පෑ ප්‍රතිචාර හේතුවෙන් මෙම අර්බුදයේ බර වැඩකරන පන්තියේ හා දුප්පත් ජනයාගේ හිස මත පාත් වී ඇත්තේ, වැඩි කළ බදු වලින් සහනාධාර කපා හැරීම්වලින් හා අහස උසට නගින අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් හේතුවෙනි.
මෙම ගැටලුවලට මුල මූල්‍ය නියාමනය නිසි ලෙස නොහැසිරවීම බව අපි විශ්වාස කරමු. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ද පිරිහී ගොසිනි. ඒ නිසා ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය සුළු පිරිසක් විසින් පාලනය කරන රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබේ. බහුතරයකගේ දුක්ගැනවිලි නොසලකා හරින අතර තුර එමගින් ශ්‍රී ලංකාව පාලනය කරනු ලබන ධනවත් දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් අතොලොස්සකගේ කතිපයාදිකාරයක් ගොඩ නැගී ඇත.
පක්‍ෂ භේදවලින් තොරව එක්වී මෙම නියාමයන් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බවට, මෑතකදී අලි සබ්රි, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන අය නැවුම් හඬක් නගනවා අසන්නට ලැබිණි.
2022 දී නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් වෙතයි අලිසබ්රි කළ සඳහන වැදගත්කොට සැලකිය යුත්තැකි. මෙම කෙටුම්පතේ අන්තර්ගතය මහජනයාගේ අදහස් විමසීමට හෙළිදරව් කිරීමද වැදගත්ය.
මේ වසරේ ජූලි මාසයේ මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාළ නිර්දේශ හා යෝජනා කැඳවීමට බලාපොරොත්තු වන බව කියා සිටි අලි සබ්රි මන්ත්‍රීවරයා ඊට අදාළ සාකච්ඡා උදෙසා මෑතකදී පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ ක්‍රියාධාරීන් කැඳවූ බව කියා සිටියේය. මීළඟ මැතිවරණයට පෙරාතුව සැමට පිළිගත හැකි මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම එහි අරමුණ විය.
2019 ජනාධිපතිවරණයේ සිට 2020 පාර්ලිමේන්තු මැතිවරණය දක්වා මැතිවරණ ව්‍යාපාරයට වියදම් කර ඇති වැය හුවා දක්වමින් කතා කළ මංජුල ගජනායක, ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් සම්බන්ධයෙන් මූල්‍ය රෙගුලාසි පැනවීම උදෙසා සිවිල් සමාජ සංවිධාන හඬ නැගිය යුතු බව කියා සිටියේය.
2022.2.15 Daily FT හි පළවූ Centre for Progressive Network විසින් රචිත Big Money in Politics ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්‍ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලකයන් නටවන සල්ලි බලය