IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දේශීය අල අස්වනු එද්දී රට අල බද්ද බස්සන්නේ ඇයි

දේශීය අර්තාපල් අස්වැන්න වෙළඳපොළට ලැබෙමින් පවතින අවස්ථාවේ ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි දේශීය අර්තාපල් ගොවියන් පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. රුපියල් 55 ක් වශයෙන් පැවැති ආනයනික අර්තාපල් බද්ද ඉකුත් 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 15 දක්වා අඩුකර තිබෙන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 


ගොවි ජනයාට දිරි දෙන කතා වගකිවයුත්තන්ගෙන් නිතර ඇසේ. පොහොර සහනාධාරය දීම මගින් එම කතා ක්‍රියාත්මක කරන බවක්ද පෙනේ. එහෙත් ඇතැම් අවස්ථාවල ගනු ලබන තීන්දු තීරණ නිසා ගොවියාට දිරි දෙන කතා මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම්ද වතුරේ යන තත්ත්වයට පත්වේ. ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීමට ගත් තීරණයද එබන්දකි. 


දේශීය වෙළඳ පොළ මේ වනවිට අර්තාපල් අස්වැන්නෙන් පිරී යමින් තිබෙන බව ගොවියෝ කියති. වැලිමඩ හා නුවරඑළිය අර්තාපල් මේ වනවිට වෙළෙඳපොළට ලැබෙමින් පවතින අතර යාපනයේ අර්තාපල් ඉදිරි දිනවලදී ලැබීමට නියමිත බවත් වාර්තා වේ. පිටකොටුවේ තොග වෙළඳපොළේ ආනයනික හා දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110 ක් වශයෙන් පැවැති බවත් ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීම තුළ එම තොග මිල රුපියල් 75 දක්වා අඩුවිය හැකි බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.


මෙරට ගොවියා ගොවිතැනෙහි යෙදෙන්නේ අතිශය දුෂ්කර හා අකාරුණික කොන්දේසිවලට යටත්වය. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ ගොවියාට අත්වූ ඉරණම කෙතරම් දුක්ඛිතද යන්න වටහා ගැනීම අසීරු නැත. ඉතා වෙහෙසකාරීව ගොවිතැන් කළද එම අස්වැන්න විකුණා ගැනීමට මගක් ඔවුන්ට නොවීය. එබඳු දුෂ්කරතා මැද වුවත් ඔවුහු ගොවිතැනෙහි නියැළෙති. එම ගොවියාට හැකිතාක් ලාබ ලබාදීමේ අරමුණ පෙරදැරිව තීන්දු තීරණ ගත යුතුය. එහෙත් සිදුවන්නේ එය නොව වෙනකකි. 


ව්‍යාපාරිකයාගේ පළමු අරමුණත්, දෙවැනි අරමුණත් තෙවැනි අරමුණත් ලාබ ලැබීමය. ඒ සඳහා ගැනීමට ඇති පියවර කුමක් වුවද ඔවුහු ඒ සඳහා පෙළඹෙති. මේ මොහොතේ වඩාත් ලාබදායී වන්නේ අර්තාපල් ගෙන්වීමනම් ඔවුහු අර්තාපල් ගෙන්වති. වඩාත් ලාබදායී වන්නේ වෙනත් භෝගයක් ගෙන්වීමනම් ඔවුහු එය කරති. වෙළෙන්දාගේ ස්වරූපය එයයි. එහෙත් ඒ වෙනුවෙන් ගොවියා බිල්ලට දිය යුතු නැත. දේශීය අර්තාපල් අස්වැන්න වෙළඳපොළට ලැබෙමින් පවතින මොහොතේ ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීම යනු මේ මොහොතේ දේශීය අර්තාපල් ගොවියාගේ බොටුව මිරිකීමකි. 


බලවතුන්ගේ ඇස වැඩි වශයෙන් යොමුවන්නේ ගොවියා දෙසට නොව ව්‍යාපාරිකයා දෙසට වීම බහුලව දකින්නට ලැබෙන්නකි. දේශපාලන වේදිකාවලින් නිතර එල්ලවන චෝදනාවක් වන්නේ ව්‍යාපාරික ගජ මිතුරන්ට අවශ්‍ය පරිදි බලවතුන් තීන්දු තීරණ ගන්නා බවය. මෙම චෝදනාව කොතෙක් බරපතළ ලෙස එල්ලවීමද යත් ජාතික නිදහස සමරන උළෙලේදී ජාතිය අමතමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ ‘‘තමන් කිසිවිටෙකත් ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි තීන්දු තීරණ නොගන්නා’’ බවය. එම ප්‍රකාශයට අත්පොළසන් දිය යුතුය. එහෙත් එම ක්‍රියාමාර්ග සෑම තැන්හිම එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමක් කරන්නේනම් එයද වැදගත් වනු ඇත. 

ගොවියා ආරක්ෂා කිරීම රජයේ පරම වගකීම බව මැතිවරණ ප්‍රචාරක වේදිකාවල මෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහිද සඳහන්ය. ගොවියා බලාගෙන සිටින්නේ මෙම ප්‍රකාශ හා මුද්‍රිත අක්‍ෂර ජීවමාන යථාර්ථයක් බවට පත්වනතුරුය. ගොවියා ආරක්‍ෂා කිරීමට යැයි පවසා ආශ්චර්ය පෑමට අවශ්‍ය වන්නේ නැත. හාස්කම්වලින් ගොවියා ආරක්‍ෂා වන්නේද නැත. ගොවියා ආරක්‍ෂා කිරීම යනු ගොවිතැනට අවශ්‍ය පහසුකම් ලබාදීමය. අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමය. එම අස්වැන්න වෙළඳපොළේ විකිණීමට අවශ්‍ය පරිසරය සකස් කරදීමය. එය එසේ වුවහොත් මඩ සෝදාගත් කල ගොවියා සිහසුනට කෙසේ වෙතත් සිනා සිසී ගෙදර යනු ඇත. 

යම් දේශීය අස්වැන්නක් වෙළඳපොළට එකතුවන මොහොතේ වඩාත් නිවැරැදිව කළ යුතුවන්නේ එම භෝගයෙහි ආනයනික භෝගයට සීමා මායිම් පැනවීමය. මෙම සරල කරුණ නොදන්නා විශේෂඥයන් අදාළ අමාත්‍යාංශවල සිටිය නොහැකිය. එහෙත් සිදුවන්නේ එයමනම් එමගින් පැහැදිලිවන්නේ ගොවියාට වඩා ව්‍යාපාරිකයාට ළං වූ පිරිස් ඔවුන්ගේ මනදොළ සැපයීම වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවය. එය කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි.

 



අදහස් (10)

දේශීය අල අස්වනු එද්දී රට අල බද්ද බස්සන්නේ ඇයි

fairoos Thursday, 25 February 2021 09:26 AM

සර්ගේ හැමදේම තියෙන්නේ බයියන්ව සතුටු කරවන කතා තමයි... සිංහල ඡන්ද වලින් දිනුවා කිය කියා ඉන්න එක. එනකොට කිව්වේ ගොවියාට මුල්තැන... කරනකොට අනික් පැත්ත.

:       0       0

Rata Perata Thursday, 25 February 2021 10:05 AM

මේ වගේ ප්‍රශ්න අහ අහා ඉන්න වෙලාවක් නැහැ. මේ කිසිම දැක්මක් නැති අසාර්ථකම ආණ්ඩුවක්.. ඉක්මණටම එළෙව්වේ නැතිනම් අපිට කියලා රටක්වත් ඉතිරිවෙන එකක් නැහැ.

:       0       0

Nuwan Thursday, 25 February 2021 10:40 AM

ගඟ පලාගෙන ආවේ ඕවාට තමයි ආයුබොවන්ඩ..!!! 

:       0       0

amila Thursday, 25 February 2021 11:40 AM

ගොවියන්ට තියෙන්නේ අස්වැන්න වෙළඳපළට නොදා ගබඩා කරන්න.

:       0       0

sunil Thursday, 25 February 2021 12:16 PM

ගොවියාට, අතරමැදියාට මෙන්ම පාර්භෝගිකයාටද දැරිය හැකි සාධාරණ මිලක් වෙළෙඳපොලේ තිබිය යුතුයි.

:       0       0

de silva Thursday, 25 February 2021 07:50 PM

පිටරටින් ගෙන එන අර්තාපල්, නැව් ගාස්තු, වරාය ගාස්තු, විවිධ බදු ගෙවලා ලංකාවේ නිෂ්පාදනය කරන අර්තාපල් වලට වැඩිය අඩුවෙන් දෙන්න පුළුවන් නම් මෙහෙ ගොවියාට බැරි මොකද සාධාරණ මිලකට ඕවා දෙන්න...? ලංකාවේ ආහාර ද්‍රව්‍යවල මිල ඉතා වැඩිය.

:       0       0

Ratne Friday, 26 February 2021 02:06 AM

මෙය රටේ ගොවිතැන් කරන්නන් එයින් ඈත් කිරීමට පාලකයින් විසින් කරනු ලබන ඉතා අසික්කිත ක්‍රියාවකි. දැනට වසර 15-20 කට පෙර බීජ නිෂ්පාදනය (90% ක්) ගොවීන් විසින්ම සිදු කරගත් නමුත් මේ වනවිට ගොවිතැනට අවශ්‍ය වන බීජ නිෂ්පාදනය මහා පරිමාන ආයතන කීපයක් මඟින් ආක්‍රමණය කර ගෙන ඇත. එලෙසම ඉදිරි වසර 10-15 වනවිට ගොවිතැන් කිරීම ද දේශීය/ විදේශීය ආයතන කීපයකට සීමාවනු ඇත. එහිදී පාලකයින්ට මුදල් සන්තෝසම් ලැබෙන බැවින් දැනට කරගෙන යන වන විනාශය ද දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති අතර, දේශීය ගොවීන් කම්කරු, නාට්ටාමි.. වැනි රැකියා සඳහා යොමු වනු ඇත.

:       0       0

මුණසිංහ Friday, 26 February 2021 02:25 AM

ගොවියා නගා සිටුවා පාරිභෝගිකයා බිල්ලට දිය යුතුත් නැහැ. වී වලට වෙන්න යන්නේ ඒ ටික. 65ට වී ගන්නවා නම් නොමිලේ පෝර ඕනත් නැහැ. අලවලටත් ඒ ටිකම තමයි. පාරිභෝගිකයාට සාධාරණ මිලට ගොවියාට දෙන්න බැරි නම් අල-හාල්-ළූණු ඔක්කොම රටින් ගෙන්විය යුතුයි. වෙන කරන්න දෙයක් නැහැ.

:       0       0

sachith Monday, 01 March 2021 07:12 AM

ඒක තමයි මහත්තයෝ අපේ පාලකයින්ටයි, නිලධාරීන්ටයි තියෙන එකම විනෝදේ...

:       0       4

Kapila Monday, 01 March 2021 10:04 AM

කොයි ආණ්ඩුවත් ගොවියටමයි පහර ගහන්නේ. හැමදාම අඬනවා. ඔලුව නැති පාලකයෝ...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 536 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38402 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site