නියඟය මැද ගොවිතැන් කළ හැකි ක්‍රමයක් නැද්දැයි ඔබ මගෙන් විමසයි. එය දැනට අවුරුදු හතකට පමණ පෙර සිටි ජනාධිපතිවරයාට ද තිබූ ප්‍රශ්නයකි. නියඟයෙන් ඇතිවන බලපෑම් මගහරවා ගනිමින් ගොවිතැන් කළ නොහැකිදැයි සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ඒ ජනාධිපතිවරයා මගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළේය.
එවකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂ ආචාර්ය අජන්ත ද සිල්වා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සහ කෘෂිකර්මාන්තයට අදාළ ආයතන කිහිපයක ප්‍රධානීහු ඒ කමිටුවට සම්බන්ධවී සිටියහ. ඒ කමිටුව බොහෝ කරුණු කාරණා අධ්‍යයනය කර නිර්දේශ ද ඇතුළත් විශාල වාර්තාවක් ඒ ජනාධිපතිවරයාට භාර දුන්නේය.
ඒ නිර්දේශ අතර තිබූ ප්‍රධාන කාරණාවක් වන්නේ රොන් මඩ යනාදිය පිරීම නිසා ගොඩවී තිබෙන වැව් යළි හෑරිය යුතු බවය. ලංකාව වැව් 50,000ක් පමණ තිබූ රටකි. එහෙත් ඒ වනවිට හඳුනාගෙන තිබුණේ වැව් 35,000කි. ඒ වැව් 35,000න් ද සියයට පනකට (50%) වඩා ගොඩවී ගොසිනි.
යම් වැවක්, ජලාශයක් සියයට 50 කින් ගොඩවී තිබෙන්නේ නම් එහි ජලය රඳවා ගැනීමේ ධාරිතාව ද සියයට 50 කින් අඩුවෙයි. පහළ බසියි. අවුරුදු දහස් ගණනකට පෙර ඒ වැව් ඉදිකර තිබුණේ අපට වඩා හොඳින් පරිසරය සහ ලංකාවේ වර්ෂාපතනය ඉතාමත් හොඳින් අධ්‍යයනය කළ අපේ පැරැණි ඉංජිනේරුවන් විසිනි. අපේ ඒ පැරැණි ඉංජිනේරුවන් ඒ වැව් ඉදිකිරීමේ අරමුණු දැන් ඉටු නොවෙයි. ඊට හේතුව ඒ වැව් ගොඩවී තිබීමයි.
ලංකාවට අවුරුද්දකට කියුබික් මීටර් බිලියන 130ක වර්ෂාපතනයක් ලැබෙයි. ඒ සම්පූර්ණ වර්ෂාපතනයම ගබඩා කරගත හැකි ජලාශ පද්ධතියක් රට ඇතුළේ තිබෙන්නේ නම් ඒ ජලය නිකරුණේ මුහුදට ගලා නොයයි.
මහා පරාක්‍රමබාහු රජතුමාගේ සංකල්පය වූයේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙන බවය. එහෙත් අද ඒ අරමුණු ඉටු නොවෙයි. ලංකාවට වැසි ලැබෙන්නේ නිරිත දිග සහ ඊසාන දින මෝසම්වලිනි. ලංකාවට වැසි ලැබෙන ක්‍රමයේ මිස ලැබෙන වැස්සේ ප්‍රමාණාත්මකව වෙනසක් සිදුවී නැත.
අතීතයේ එක මෝසමක දී ලැබෙන වැස්ස මාස තුන හතරක් තිස්සේ විටින් විට ලැබෙයි. එසේ ලැබෙන වැස්සෙන් උපරිම ප්‍රයෝජන ගනියි. වගාව සඳහා මෙන්ම පොළොවට ද යහමින් උරා ගනියි. එහෙත් එදා මාස තුන හතරක් තිස්සේ ලැබුණු වැස්ස දැන් මාසයකින් දෙකකින් ලැබෙයි. එය විශ්වයේ බලපෑමකින් වන දෙයක් විය යුතුය. එසේ වීම මිනිසාට වෙනස් කළ නොහැකිය.
එදා මාස තුන හතරක් තිස්සේ විටින් විට ලැබුණු වැස්ස දැන් මාසයක් දෙකක් තරම් කාලයක දී ලැබීම නිසා වැස්සෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි වෙයි. එය සම්පූර්ණයෙන්ම පොළොවට උරා නොගනියි. ජලාශවලට ගලා යයි. එහෙත් ඒ ජලාශවල ධාරිතාව සියයට 50කින් පමණ අඩුවී තිබෙන නිසා ඒ ජලාශ ඉක්මනින් පිරී ජල ගැලීම් ඇතිවෙයි.
විශාල ජලාශ පිරෙන විට ඒ ජලාශවල ආරක්ෂාව සඳහා වාන් දොරටු හැර ඒ ජලය ජලාශයෙන් එළියට දමයි. එවිට ද ජල ගැලීම් ඇතිවෙයි. ඒ ජලයෙන් කෘෂිකර්මයට නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වෙයි. අවශ්‍ය තරමට සහ උපරිමයෙන් මහ පොළොවට උරා නොගනියි. අවසානයේ මුහුදට ගලා යයි.
රටට වාර්ෂිකව ලැබෙන සම්පූර්ණ වර්ෂාපතනය ගබඩා කර ගැනීමට අවශ්‍ය ධාරිතාව රට ඇතුළේ තිබෙන ජලාශවල නොමැති නිසා කෘෂිකර්මාන්තයට අවශ්‍ය තරම් ජලය නැති වෙයි. කෘෂිකර්මාන්තය හරි හැටියට කර ගැනීමට නොහැකිවීමෙන් රට විටින් විට ආහාර අහේනියකට ගොදුරු වෙයි.
එකම අවුරුද්දේ එකම කාලයක රටේ එක ප්‍රදේශයකට නියඟයකුත් තවත් ප්‍රදේශයකට ගංවතුරත් ඇතිවෙයි. එසේම මේ අවුරුද්දේ නියඟයකුත් ලබන අවුරුද්දේ ගංවතුරකුත් ඇතිවෙයි. නියඟ සහ ගංවතුර එකම රටක තිබිය නොහැකිය. ඒ ගැන අපි හොඳින් අධ්‍යයනය කළෙමු.
ලංකාවේ පළාත් නවයකි. ඒ පළාත් නවයේ විවිධ කලාපය. විශාල වැව් තිබෙන්නේ වියළි කලාපයේය. ඒ වැව් සියල්ල රොන් මඩවලින් පිරී තිබීම නිසා රඳා පවතින්නේ රඳවාගත හැකි ජල ප්‍රමාණයෙන් සියයට 50 කි. එක්කෝ ඒ සියයට 50 ත් නොපිරෙයි. පිරුණත් ධාරිතාව නැති නිසා ජලය නිකරුණේ මුහුදට ගලා යයි.
ඒ නිසා අවුරුද්ද පුරා වගාවට අවශ්‍ය තරම් ජලය වැව්වල ඉතිරි නොවෙයි. ඒ නිසා අද රටේ තිබෙන ජලාශ පද්ධතිය රටට ලැබෙන වර්ෂාපතනයට නොගැළපෙන බව කවුරු කවුරුත් දැන්වත් තේරුම් ගත යුතුය.
කළ යුතු එකම සහ ප්‍රථම පියවර විශේෂයෙන් වියළි කලාපයේ තිබෙන සියලු වැව් යළි පුනරුත්ථාපනය කිරීමය. එය කළ යුතු බව මේ රටේ උගතුන් බුද්ධිමතුන් සහ වෘත්තිකයන් කියා සිටියේ මීට අවුරුදු හතකට පෙරදීය. රොන් මඩවලින් පිරී තිබෙන ඒ වැව් සියල්ල හාරා ගැඹුරු කළ යුතුය. එවිට ඒ වැව්වල සම්පූර්ණ ධාරිතාව යළි ඇතිවෙයි.
ලංකාවට අවුරුද්දකට ලැබෙන කියුබික් මීටර් බිලියන 130ක සම්පූර්ණ වර්ෂාපතයනම ගබඩා කරගත හැකි මට්ටමට රට ඇතුළේ තිබෙන ජලාශ පද්ධතිය දියුණු තියුණු කළ යුතුය. ඇතිවන නියඟවලට මුහුණ දීමට කළ යුතු එකම පිළියම එයයි. එසේ කළහොත් අවුරුද්ද පුරාම වගා කිරීමට අවශ්‍ය ජලය රට ඇතුළේ ඉතිරි වෙයි. පවතියි. වෙනත් කිසිම ප්‍රතිකර්මයක් නැත.
ලංකාවේ සිතියම්වල දැනට ක්‍රියාත්මක වන සහ ක්‍රියාත්මක නොවන ලෙස වැව් දෙවර්ගයකි. ක්‍රියාත්මක නොවන වැව් ලෙස සැලකෙන්නේ දැනට ජලය නැති වැව් ය. ඒ තැන්වල වැව් නැත්තේ මහා මාර්ග, ක්‍රීඩා පිට්ටනි, ගම්මාන, කර්මාන්තපුර, හෝටල් සංකීර්ණ, ගොවිපොළ යනාදිය ඉදිකර හෝ පවත්වාගෙන යාම නිසාය.
මහා වැස්සකින් අනතුරුව ඇතැම් ප්‍රදේශ ඉතා ඉක්මනින් දියේ ගිලෙයි. ඒ තැන් ගැන සොයා බැලුවොත් ඒවා ඉපැරැණි වැව් තිබූ ස්ථාන බව අනාවරණය වෙයි. මගේ නිර්දේශය නම් ඉපැරැණි වැව් තිබූ ස්ථානවල දැනට තිබෙන පාරවල්, ගම්මාන හෝ වෙනත් ආර්ථික කටයුතු කෙරෙන ස්ථාන සියල්ල ඉවත් කර ඒවා යළි වැව් ලෙස ප්‍රතිනිර්මාණය කළ යුතු බවය.
අවුරුදු 150කට වඩා පැරැණි වාරිමාර්ග දෙපාර්තමේන්තුවක් ලංකාව සතුව පවතියි. එය ලෝකයේ තිබෙන හොඳම දත්ත පද්ධතියක් තිබෙන දෙපාර්තමේන්තුවකි. ලංකාවේ ගංගා ගණන 103 කි. ඒ හැම ගඟකම ජලය ගලා යන ප්‍රමාණය සහ ස්වභාවය අවුරුදු 100කට වැඩි කාලයක සිට වාර්තාගත කරන එකම ආයතනය වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි.
වැව් පුනරුත්ථාපන ව්‍යාපෘතියක දී ප්‍රමුඛතාව දිය යුත්තේ කුමන වැව්වලට ද කියා නිර්දේශ කිරීමේ වගකීම ඒ දෙපාර්තමේන්තුවට පැවරුවොත් අවුරුදු 100කට වැඩි කාලයක සිට පවතින දත්ත මත පදනම් වෙමින් ඔවුන් ඒ කාර්ය භාරය මැනවින් කරන බව මගේ තක්සේරුවයි. නියඟයට මුහුණ දීමට කළ යුතු එකම පිළියම වැව් පුනරුත්ථාපනය කිරීමයි.
ස්වභාව දහමෙන් රටට අවශ්‍ය තරම් ජලය, වැස්ස මගින් ලබා දෙයි. අප කළ යුත්තේ ඒ වැසි ජලය නිකරුණේ මුහුදට ගලා යාමට ඉඩ නොදී රට ඇතුළේ රඳවා ගැනීමට ගත යුතු පියවර ගැනීමය. කළයුතු පිළියම් කිරීමය. ඒ එකම පිළියම රොන්මඩවලින් පිරී තිබෙන වැව් හාරා ඒවායේ නියම ධාරිතාව යළි යථාවත් කිරීම පමණකි.
නියඟය සේම ගංවතුර ද ආපදාවකි. යම් රටක ගංවතුර සහ නියඟ මාරුවෙන් මාරුවට තිබෙන්නේ නම් ඉන් කියැවෙන්නේ ඒ රටේ කළමනාකරණයක් නැති බවය. නියඟයත් ගංවතුරත් ස්වභාවික සිද්ධිය. පොළොවට වතුර වැටීම කළමනාකරණය කළ නොහැකිය. එහෙත් පොළොවට වතුර වැටුණාට පසුව ඒ ජලය කළමනාකරණය කරගත හැකිය.
එය කළ හැක්කේ වැව් හා ගංගා නිසි ලෙස නඩත්තු කිරීමෙනි. පොළොවට වතුර වැටුණාට පසුව ඒ ජලය කළමනාකරණය කරගත හැකි වුවත් ලංකාවේ එය එසේ සිදු නොවෙයි. අද එසේ වුවත් අතීතයේ ලෝකයේ හොඳම ජල කළමනාකරණ ක්‍රමය තිබුණේ ලංකාවේය.
ලෝක ජල කළමනාකරණ ආයතනයේ මූලස්ථානය ලංකාවෙ පිහිටුවා තිබෙන්නේ ලෝකයේ හොඳම ජල කළමනාකරණ ක්‍රමය ලංකාවේ තිබූ නිසාය. එය ජාත්‍යන්තර වාරි තාක්ෂණ ශිල්පීන් සහ වාරි ඉංජිනේරුවන්ගේ තීරණ මත සිදුවූවකි. විදේශ රටවල උගතුන් ජල කළමනාකරණය පිළිබඳ තම ආචාර්ය උපාධි කරන්නට එන්නේ ලංකාවටය. ඔවුන්ගේ ගෝලයන් එවන්නේත් ලංකාවටය. ලෝකයේ තිබෙන ජල කළමනාකරණ ප්‍රශ්න විසඳා ගැනීමේ අරමුණෙන් පර් යේෂණ කරන්නට එන්නේ ද ලංකාවටමය. එතරම් හොඳ ජල කළමනාකරණයක් තිබුණු රටේ අද සියලු ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ දේශපාලකයන් වැරැදි තීරණ ගැනීම නිසාය.
ලංකාවට අවුරුද්දකට ලැබෙන වර්ෂාපතනය කියුබික් මීටර් බිලියන 130ක් බව ඉහත ද සඳහන් කළෙමු. ඉන් කියුබික් මීටර් බිලියන 50ක් කිසිම ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යයි. ඉතිරි 80න් 40ක් පවතින්නේ වැව් අමුණුවලය. තවත් 20ක් පමණ ගස් කොළන්වල, සතුන්ගේ ශරීරවල සහ වායු ගෝලයේ පවතී. ඉතිරි බිලියන 20 තිබෙන්නේ පොළොව යටය.
ළිං හාරා ගන්නේ පොළොව යට තිබෙන ඒ ජලයයි. ලංකාවෙම තිබෙන ළිංවලින් භාවිතයට ගන්නේ කියුබික් මීටර් බිලියනයකටත් අඩු ජල ප්‍රමාණයකි. එසේ නම් පොළොව යට තවත් කියුබික් මීටර් බිලියන 19ක් තැන්පත්ව පවතියි. කිසිම ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන ජල ප්‍රමාණය අවුරුද්දකට කියුබික් මීටර් බිලියන 50ක් නම් අප රටේ තිබෙන ජල කළමනාකරණය කුමක්දැයි අප අපෙන්ම ප්‍රශ්න කළ යුතු නැද්ද?
අහසින් වැටෙන ඒ සම්පත නිසි ලෙස කළමනාකරණය කළා නම් නියඟ සහ එල්නිනෝ ගැන කියමින් වැළලෙන්නට අපට සිදු නොවෙයි. කළ යුතු නියම පිළියම කරන්නට එනම් රොන් මඩ පිරී ගොඩවුණු වැව් හාරන්නට දැන් එළඹ තිබෙන්නේ ස්වර්ණමය අවස්ථාවකි. මේ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නම් ඊට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍යමය අනුග්‍රහය ජාත්‍යන්තරයෙන් ලබාගත හැකි බව මගේ තක්සේරුවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නියඟයේ දී ගොවිතැන් බැරිද?
SISIRA Thursday, 24 August 2023 05:04 PM
අප කළ යුත්තේ ඒ වැසි ජලය නිකරුණේ මුහුදට ගලා යාමට ඉඩ නොදී රට ඇතුළේ රඳවා ගැනීමට ගත යුතු පියවර ගැනීමයි. කළයුතු පිළියම් කිරීමයි. ඒ එකම පිළියම රොන්මඩවලින් පිරී තිබෙන වැව් හාරා ඒවායේ රොන්මඩ ඉවත් කර නියම ධාරිතාව යළි යථාවත් කිරීම පමණකි. මේ පිළිබඳව සති කිහිපයකට පෙර දැන්කළ යුතුවන්නේ කුමක්ද යන්න අදහස් ලබාදුන් නමුත් දේශපාලකයන් නිලධාරීන්ටත්, නිලධාරීන් දේශපාලකයින්ට චෝදනා කරමින් සිටී... දේශපාලකයින් පාර්ලිමේන්තුව තුළදී වචනයෙන් පමණක් ගැටලුවලට විසඳුම් ලබාදේ. රටේ පුරවැසියන්ට බිමට, වගාවන්ට ජලය නොමැත. තවත් කණඩායමක් කිසිවකු නොදැන භූගත ජලය සොරාගනිමින් සිටියි.
නිලමේ Friday, 25 August 2023 12:33 AM
මෙන්න බුද්ධිමතුන්. මේ අයගෙන් රටට මොනතරම් වැඩක් ගන්න පුළුවන්ද? බුද්ධිමතුන්ගෙන් උපදෙසක්වත් ගන්න සූදානම් නැහැනේ පාලකයෝ... කොහේවත් ඉන්න හොරාටද කොහේද මහාචාර්ය, ආචාර්ය පට්ටම් ගත්තු කට්ටියනේ බුද්ධි බලකයටත් දාලා වැඩ ගත්තේ. ඒවාගේ ප්‍රතිඵල තමයි මේ තවම විඳවන්නේ...
himal Friday, 25 August 2023 04:07 PM
මේකනේ වැඩේ. වැව් හාරන වැඩේ ආවට ගියාට කරන්න බෑ. අතීත ශ්‍රී විභූතිය කියයි, ගමේ සමිති කියයි දබරෙට් පැටලෙන්න බලාගෙන ඉන්නේ. අනික එකම රටේ එක පැත්තක නියඟෙයි අනික් පැත්තේ ගං වතුරයි මොකද එන්න බැරි? ඉන්දියාවේ එක පැත්තක රස්නේ වැඩිවෙලා මිනිස්සු පීඩා වෙච්චි අනික් පැත්තක මිනිස්සු ශීතලෙන් පීඩා විඳිනවා. වැවේ ධාරිතාව වැඩි කළත් නියං කාලෙට හිඳෙන්න යන කාලය අඩු වෙනවා මිසක් නැති වෙන්න බෑ.