කෙළවරක් නැති විපත්වලින් රට බරපතළ ලෙස පීඩාවට පත්ව සිටී. කොරෝනා මාරාන්තික උවදුර තුරන් වී යම්තම් හුස්ම ගන්න පටන් ගත්තා පමණි. ආර්ථික අර්බුදය දත් විළිස්සාගෙන මතුවිය. එම අර්බුදයෙන් නොනැවතී ප්‍රහාරයට ලක් වෙමින් සිටියදීම නියං රකුසා අනුකම්පා විරහිත ලෙස මතුව ජන ජීවිතය සිය අණසකට ගොදුරු කර ගනිමින් සිටී.
උතුර, නැගෙනහිර, වයඹ සහ සබරගමුව පළාත්වල පවුල් විසි අටදහසක් පමණ නියඟය නිසා දැඩි බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නොබෝදා නිවේදනය කළේය. මෙම පවුල්වලට අයත් පුද්ගලයන් ගණන අසූ නව දහස් හයසිය අනූ පහක් පමණ වන බව ද වාර්තා වේ.
වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මහා පරිමාණ වැව් 75ක් සහ මධ්‍යම පරිමාණ වැව් 3000න් සියයට 65ක් පමණ නියඟය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවය. මහවැලි සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කර තිබුණේ මහවැලි ජලාශවල දැනට පවතින්නේ මුළු ජල ප්‍රමාණයෙන් සියයට 48ක් පමණක් බවය. ඉන් පාවිච්චියට ගත හැක්කේ සියයට 30ක් පමණක් බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.
නියඟයේ බලපෑම ඉහත ප්‍රකාශ දෙකෙන් වුවද වටහා ගැනීම අසීරු නැත.
පානීය ජලය සම්බන්ධයෙන් අප පුවත්පත ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මියගෙන් විමසූ විට එම මහත්මිය ප්‍රකාශ කර තිබුණේ නියඟය පවතින ප්‍රදේශවලට ජලය සැපයීම විශාල අභියෝගයක් බවය.
නියඟයේ බලපෑම එක් ක්ෂේත්‍රයකට නොව ක්ෂේත්‍ර ගණනාවකට බලපා ඇති බව පැහැදිලිය. විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ නියඟ තත්ත්වය දිගටම පැවතිය හොත් විදුලිය කප්පාදුවකට අනිවාර්යයෙන්ම යෑමට සිදුවන බවය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ. කරුණානායක මහතා පවසා තිබුණේ රට පුරා මහ වැසි දැන්ම බලාපොරොත්තු විය නොහැකි බවය. එමෙන්ම දැනට නියඟය පවතින ප්‍රදේශවලට වැසි බලාපොරොත්තු විය හැක්කේ ඔක්තෝබර් - නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල දී බවය.
මෙය වූ කලී රටේ ප්‍රදේශ හතරකට පමණක් බලපාන තත්ත්වයක් නොවේ. නියඟය නිසා කුඹුරු ගොවිතැන, හේන් වගාව විනාශයට පත් වෙමින් තිබේ. ඒ නිසාම මේ වනවිටත් තැන තැන උද්ඝෝෂණ මතු වී තිබේ. වගා හානි සඳහා වන්දි ගෙවන බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ. එහෙත් එය ප්‍රශ්නයට පිළිතුර නොවන බව පැහැදිලිය.
වී ගොවිතැනට, එළවළු වගාවට නියඟයෙන් එල්ලවී ඇති බලපෑම අද හෙටම ප්‍රකාශයට පත් නොවන්නකි. ඒ සඳහා තව කල් තිබේ. නියගයේ බලපෑම මුළු රටටම දැනෙන්නේ ඒ මොහොතේය. එමෙන්ම නියඟය හේතුවෙන් විදුලිය කප්පාදුවකට යාමට සිදුවුවහොත් එය මුළු රටේම ආර්ථිකයට මාරාන්තික තර්ජනයකි. විශේෂයෙන්ම ආර්ථිකය හතර ගාතෙන් වැටී ඇති මොහොතක එම තර්ජනය කිසි ලෙසකින් හෝ සරළ නැත.
අවධාරණය කළ යුතු වැදගත් කාරණාවක් තිබේ. නියඟය හෝ ගංවතුර යනු පුරෝකථන කළ හැකි අනතුරු නොවේ. එහෙත් බලාපොරොත්තු විය යුතු අනතුරුය. මෙවැනි නියඟයක් පැමිණියහොත් එයට මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් සූදානමක් තිබිය යුතුය.
එහෙත් අප සැමදාමත් සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීමට හුරු වූ රටකි. මෙම නියඟය අවස්ථාවේ දී පවා වර නැගෙමින් තිබෙන්නේ එයය. කෙසේ වෙතත් පීඩාවට පත් ජනයාට අවශ්‍ය පිහිට පිළිසරණ නොපමාව ලබා දිය යුතුය. එමෙන්ම දැන්වත් මෙබඳු අවස්ථා සඳහා දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කළ යුතුය.
(***)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නියඟයෙන් විඳවන අපේම මිනිස්සු
S.H.Liyanage Sunday, 20 August 2023 09:28 AM
අපේ රටට වසර පුරා ලැබෙන වාසි එක්රැස් කර නියන් සමයේ ප්‍රෙයා්ජනයට ගන්න වහාම අවශ්‍ය වැවවල් සහ වාරි පද්ධති සෑදිය යුතුවේ.. මෙයට ඕන ඉංජිනේරුවරයන් අපේ රටේ ඇත... වහාම එම දැනුම පාවිච්චි කර රට නියඟයෙන් බේරාගත යුතුවේ.