IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නවක වද පරීක්ෂණ නව මානයකට දැමිය යුතුද?

පුළුන් සහ ගින්දර ළඟින් නොතැබිය යුතුය. ඒ වහා ගිනි ඇවිළෙනසුළු හෙයිනි. විශ්වවිද්‍යාල සිසුන් හා පොලිසිය අතර ඇත්තේද එබඳුම සමානකමකි. මේ දෙගොල්ලන් කොයි මොහොතේ පැටලී ඇවිළී යාදැයි කිව නොහැකිය. ඒ සම්බන්ධ ඉතිහාස සිදුවීම් අපමණය.

ඉහත පූර්විකාව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයක් සම්බන්ධයෙනි. විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන අනුව විමර්ශනය කරන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අප පුවත්පත පළකළ ප්‍රවෘත්තියකට අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට ශිෂ්‍ය සංගමයක සිසුන් තිදෙනකුට පහරදීම, එම විශ්වවිද්‍යාලයේ සිසුන් 6 දෙනකුට නේවාසිකාගාරයේදී පහරදී නවකවදය ලබාදීම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුට සමාජ මාධ්‍ය හරහා අසභ්‍ය දර්ශන යොමුකර නවක වදය ලබාදීම පිළිබඳව පොලිසිවලට ලැබී ඇති පැමිණිලි විමර්ශන කටයුතු සඳහා පොලිස් මූලස්ථානයට යොමුකර තිබේ. පොලිස්පතිවරයා ඉහත නියෝගය නිකුත් කර තිබෙන්නේ ඒ අනුවය. 

විශ්වවිද්‍යාල යනු මහා සංස්කෘතිය තුළ ඇති චූල සංස්කෘතියකි. ඉපැරණි යුගයේ මෙම චූල සංස්කෘතිය විචිත්‍රවත්ය. වර්ණවත්ය. එය විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් අනන්‍ය වූ ලක්ෂණවලින් පිරිපුන් වූවකි. එහෙත් පසු කාලයේදී විශ්වවිද්‍යාල ‘‘මොළකාර මැරයන්ගේ’’ තිප්පොළක් බවට පත්විය. එතැන් සිට අසන්නට දකින්නට ලැබුණේ අමානුෂික මෙන්ම තුච්ඡ නවක වද සිදුවීම්ය. ගහ මරා ගැනීම්ය. ශිෂ්‍ය පිරිසකගේ පහරකෑමට ලක්ව විශ්වවිද්‍යාල තුළම ශිෂ්‍යයකු මිය යාමේ සිදුවීම වාර්තා වී දෙතුන් මසක් ඉක්මයාමට මත්තෙන් එම විශ්වවිද්‍යාලයෙන්ම වාර්තා වූයේ විශ්වවිද්‍යාල භූමිය තුළම එක් සිසුවකු තවත් සිසුවකුට පිහියෙන් ඇන මරා දැමූ බවය. විවිධ මත අතර ගැටුම ඇඟ මස ඉල්ලන වියරු සංග්‍රාමයක් බවට පරිවර්තනය වූයේ එසේය.

අතිශයින්ම තරගකාරී විභාගයක් වන උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට පිවිසේ. හේ ප්‍රඥාංකුරයෙකි. එහෙයින්ම ඔහු තාර්කිකය. සත්‍යවාදීය. යුක්තිගරුකය. බුද්ධිමත්ය. පැසුණු අරගලකරුවෙකි. එම නිසා ‘‘හොඳ-නරක’’ සම්බන්ධ ප්‍රාථමික දැනුම යළිත් ඔවුන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. එහෙත් එසේ කිරීමට සිදු වී තිබේ. පක්ෂ මතවාද නමැති මුගුර අතට ගෙන සිටින ශිෂ්‍ය කණ්ඩායම් නිසා විශ්වවිද්‍යාල එබඳු නරකාදියකට තල්ලු වී තිබේ.

නවක වදය යනු තම පක්ෂ මතවාදයට නවක සිසුවා බිලි බා ගැනීමට යොදාගන්නා ඇමක් විනා අන් යමක් නොවේ. කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ එම බිලි බා ගැනීමට යාමේ තාර්කික ප්‍රතිඵලය වී තිබෙන්නේ නවක වදයට සම්බන්ධ සිදුවීම් අපරාධ  විධි විධාන පනතේ සංග්‍රහයන්ට යටත්ව විමර්ශනය කිරීමය. 

නවක  වදයට බියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ උඩු මහලෙන් බිමට පැන්න ඇල්පිටියේ රූපා රත්නසීලි සදාකාලික ආබාධිත භාවයට පත් වූවාය. ඇගේ සරසවි දිවිය එතැනින් අවසන් විය. පසු කාලයේ දී ඇය දිවි නසා ගත් බව මාධ්‍ය වාර්තාවල සටහන්ව තිබිණි. ඉංජිනේරුවකු වීමේ අපේක්ෂාවෙන් යාපනය අර්ධද්වීපයේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි  වරප්‍රකාෂ්ට සිදු වූයේත් ‘‘ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ’’ කුරිරු වද බන්ධනවලට  ලක්ව අකාලයේ මිය යාමටය. නවක වදය නිසා විශ්වවිද්‍යාල ජීවිතයට ආයුබෝවන් කියන ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

සරසවියට පිවිසෙන නවක සිසුන් පිළිගැනීමට හඳුනා ගැනීමට නිර්මාණාත්මක වූත් හෘදයාංගම වූත් වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට ශිෂ්‍ය සංගම් අපොහොසත් වීම විශේෂ අවධානයට යොමු විය යුතුය. ක්ෂිතිජයට ඔබ්බෙන්  ලෝකය දෙස බැලීමට සමත් පළල්, පුළුල්, විසල් මනසකින් හෙබි ශිෂ්‍යයාගෙන්  විශේෂයෙන් ස්වාධීන තාරුණ්‍යයෙන් පිරීගත් ශිෂ්‍යයන්ගෙන් එබඳු වැඩපිළිවෙළක් අපේක්ෂා කිරීම යුක්ති සහගතය. එහෙත් දැන් තත්ත්වය ඉතාම නරකම තැනට පත්ව තිබේ. නවක වද සිදුවීම් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.

නවක වදය මැඩලීම සඳහා නවක වද විරෝධී පනත ප්‍රමාණවත් බව කියැවුණද දැන් අපරාධ  නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන එයට ආදේශ වී තිබේ. ගින්දර සහ පුළුන් ළඟින් නොතැබිය යුතුවාක් මෙන්ම සරසවි ශිෂ්‍යයා හා පොලිසිය ළඟින් නොතැබිය යුතුය. එහෙත් දැන් කෙමෙන් එය සිදුවෙමින් තිබේ. ප්‍රතිඵලය සම්බන්ධයෙන් සියල්ලන්ම අවධානයෙන් සිටිය යුත්තේ එහෙයිනි.



අදහස් (2)

නවක වද පරීක්ෂණ නව මානයකට දැමිය යුතුද?

චන්දිම Wednesday, 16 November 2022 08:32 PM

අපි සරසවි ගිය 86, 87 කාලයේ ජේෂ්ඨ සිසුන් අතර නීතියක් තිබුණා මොනම හේතුවක් නිසාවත් නවක සිසුවෙකු හෝ සිසුවියකට ඇඟට අත නොතැබිය යුතුයි කියලා. තර්ජනයන් බිය වැද්දීම් සහ බලකර නොයෙකුත් වදවලට යොමුකළා නම් තමයි. ඒත් එදා නවකයෙකුට ගහන්න නැත්නම් පහර දෙන්න තහනම්... දැන් ඉන්න තිරිසන්නු පැන්න ගමන් ගහනවා.

:       0       3

saman Thursday, 17 November 2022 02:04 PM

විශ්වවිද්‍යාල තුල පමණක් නොව, රටේ පාසල් සහ අනිකුත් ආයතන තුල ඔය කියන "චූල සංස්කෘති" ඔනෑ තරම් ඇත. ඒවාට වෙන වෙනම නීති පද්ධති නොමැති අතර, ඒ සියල්ල රටේ පවතින නීතියට අනුගත විය යුතුයි. එවැනි ඕනෑම ආයතනයක නීතියට පටහැනි දෙයක් සිදුවේ නම් පොලිසියට ඊට මැදිහත් වීමේ බලය ඇත.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site