IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නවුෆර් මවුලවි අහසින් පාත්වුණාද ?

මේ වන විට රජය හමුවේ ඇත්තේ ගැටළු එකක් දෙකක් නොවේ. කාන්තාවන්, පුරුෂයින් සහ දරුවන් 268 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට මරු කැදවමින් සිදුවූ පාස්කු ඉරිදා සංහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවෙන් අනාවරණය කර තිබෙන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යන්නේ කෙසේදැයි යන්න රජය හමුවේ තිබෙන එක ප්‍රශ්නයක් පමණි. 

මේ සම්බන්ධයෙන් ලබන 21 වැනිදා (බදාදා) වන විට පැහැදිලි පියවරක් නොගතහොත්, කතෝලික ජනතාව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රසිද්ධියේම පැවසූහ. පාස්කු ඉරිදා සිය දේශනය අතරතුර දී, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් මැතිවරණවලට තරග කිරීමට ඉදිරිපත්වූයේ රෙදි ඇඳගෙනදැයි උන්වහන්සේ විමසා සිටියහ. උන්වහන්සේ වැඩිදුරටත් හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, නිවසට වී හිඳින ලෙසය. ජනපති සිරිසේනට එරෙහිව මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බවට කොමිසම් වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

අගරදගුරුතුමන්ගේ අනතුරු ඇඟවීම සුළුකොට තැකීමේ හැකියාවක් නොමැත. කතෝලික පල්ලිය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව අන්තර්ජාතික වශයෙන් පවා ඉතා ශක්තිමත් සබදතා ඇති ව්‍යුහයකි.

ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාව එදා මෙදා තුර මුහුණදුන් දරුණුතම ඛේදවාචකය මුස්ලිම් අන්තවාදීන් පිරිසක් එල්ල කළ මරාගෙන මැරන ප්‍රහාරය බව ලොවම දන්නා දෙයකි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව සම්මතවූ යෝජනාවලියට මෙම ප්‍රහාරය මනා ලෙස අන්තර්ග්‍රහණය කළ හැකිය. එනිසාවෙන්ම, එම යෝජනාවලියට අදාළ කරුණු කාරණා ක්‍රියාත්මක කිරීම සදහා පිහිටුවීමට නිර්දේශිත නව ලේකම් කාර්යාලයට, විශේෂයෙන්ම වගවීම බිඳ හෙළීම් සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන නව පැමිණිලි විමසුමට ලක් කිරීම සදහා පිහිටුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. මෙම කාරණය සන්ධානයේ නායකයින් හට මගහැරී ඇති සෙයකි.

මෙම පසුබිම යටතේ, ප්‍රහාරය පසුපස සිටි මහමොළකරුවා ලෙස නවුෆර් මවුලවී නම් තැනැත්තා නිල වශයෙන්ම හදුන්වාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කටයුතු කිරීම කෙතරම් දුරකට ප්‍රඥාගෝචරදැයි නැගෙන්නේ පැනයකි. සහරාන් හෂීම්ගේ මොළය සෝදා, මෙම ප්‍රහාර මාලාව එල්ල කිරීමට අත්පොත් තබා තිබෙන්නේ ඔහු යැයි අමාත්‍යවරයා පැවසුවේ ය. එහෙත් ඒ බව පැවසූයේ ද ඔහුම පමණකි.

කොමිසමට නොකැඳවූයේ ඇයි

ප්‍රහාරයේ මහමොළකරුවා වන්නේ නවුෆර් මවුලවී නම්, ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහුව විමර්ශන කොමිසම ඉදිරියට නොකැඳවූයේ ඇයි යන්න පළමුකොටම නැඟෙන පැනයකි. බොහෝ කල්ගතවී කරන ලද මෙම අනාවරණයට පදනම් සැපයීමට තරම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්කි තිබෙනවා ද යන්න තවත් පැනයකි. 

ඉතාම වැදගත් පැනය වන්නේ, මෙම අනාවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සදහා අමාත්‍ය සරත් වීරසේකරම ඉදිරියට පැමිණියේ ඇයි යන්නය.  

එය අදාළ විමර්ශකයින් කළ යුතුව තිබුණක් නොවේ ද?, ඔහුගේ ප්‍රකාශය හමුවේ දැනටමත් ඇතැම් පාර්ශවයන් විශ්වාස කරන්නේ, අමාත්‍යවරයා එවැනි දෙයක් පැවසුවේ විරෝධතා ආරම්භ කරන බවට අගරදගුරුතුමන් විසින් කරන ලද තර්ජනයට ප්‍රතිචාරයක් ලෙස බවය. එසේ නැතිව, කිසිදු පදනමක් නොමැතිව ප්‍රහාරයේ මහ මොළකරුවා යැයි පුද්ගලයෙක්ව හදුන්වා දී, විමර්ශන කටයුතු ඉදිරියට දියත් කිරීම සදහා පවතින ඉඩකඩ අවුරා දැමීමට සහ එයින්ම විමර්ශනය අවසන් යැයි ප්‍රකාශයට පත්කිරීමට හේතුවක් නොමැත යැයි ඔවුහු තර්ක කරති. 

මෙහි තවත් පැත්තකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු හරිමග ගමන් කරන්නේදැයි විමසුමට ලක්කිරීම සදහා විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ (විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ නිලධාරීන්ගේ) සේවය ලබාගැනීමට, අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ජනපති අනුමැතිය හිමිව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා මේ වන විට එම තනතුරින් ඉවත් කර තිබේ. ඔහු වෙනුවට පත්කර තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාවය.

පාස්කු ප්‍රහාරය සදහා නවුෆර් නායකත්වය දුන්නේයැයි එම ප්‍රහාරය විමර්ශනය කිරීම සදහා පත්කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ නිගමනය යටතේ සඳහන්ව නැත. එම වාර්තාවේ නිගමනයේ දක්වා තිබෙන්නේ, සහරාන් රිල්වාන්, ෂායිනී, ඉල්හාම්, ඉන්සාෆ්, ජමීල්, හස්තුන්, මුආත්, අසාඩ්, මුබාරක්, නවුෆර්, මිල්හාන්, සහ සදීක් යන යන මෙම ත්‍රස්ත ප්‍රහාරය සදහා සෘජුවම සම්බන්ධ වූවන් බවය.
වාර්තාවේ 16 වැනි පරිච්ඡේදයේ ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් ගැන මෙවැනි විස්තරයක් වේ.


සහරාන්ගේ උපතේ සිට මරණය දක්වා

සහාරන්ගේ කණ්ඩායමේ ඔහුව හදුන්වා ඇත්තේ අබු සහිඩ් ලෙසය. 1978 නොවැම්බර් මස 30 වැනිදා ඔහු කාත්තන්කුඩියේ දී උපත ලබා ඇත. ඔහුගේ පියා මෙහොමදු මුස්තාපා මොහොමදු ඊබ්‍රාහීම්ය. මව, ඊබ්‍රාහීම් නිච්මට්ටු නාච්චිය.

ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ කාත්තන්කුඩියේ මීරා බාලිකා විද්‍යාලයෙනි. අනතුරුව ඔහු අපොස සාමාන්‍ය පෙළ දක්වා කාත්තන්කුඩියේම මධ්‍යම විදුහල සහ ජමියා ෆලාහි විදුහල යන පාසල්වල අධ්‍යාපනය ලබා තිබේ. අනතුරුව මාදම්පේ පිහිටි ඉසිහියා අරාබි කොලීජියට ඇතුළත්ව තිබේ. එය පවත්වාගෙන ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකා ජමාත් ඊ ඉස්ලාම් නම් සංවිධානයයි. එහිදී, ඔහු අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදරා තිබේ. එම වකවානුවේම, මවුලවීවරයෙක් ලෙස සුදුසුකම් ලැබීම සදහා වූ පාඨමාලාවක් ද ඔහු එම පාසලේ දී හදරා ඇත.

මුස්ලිම් අන්තවාදයට නවුෆර් නිරාවරණයව තිබෙන්නේ මෙම ඉසිහියා අරාබි කොලීජියේදීය. ඉස්ලාමික රාජ්‍යයක් පිහිටුවීම සම්බන්ධයෙන් වන කරුණු ඔහුට උගන්වා තිබෙන අතර ඇෆගනිස්ථානය, බොස්නියාව සහ චෙච්නියාව යන රටවල මුස්ලිම් ජාතිකයන් මුහුණදෙමින් සිටින ගැටලු සම්බන්ධ වීඩියෝ දර්ශන ද ඔහුට පෙන්වා ඇත. මෙම පාසලේ දී අවි පුහුණුව ඔහුට අනිවාර්යය අංගයක් බවට පත්ව තිබී ඇත. 

සෑම වසරකම, වනාන්තරයේ ස්ථාපිත කර තිබී ඇති පුහුණු කදවුරු වෙත සිසුන් රැගෙන යාම ද කර තිබේ. ශ්‍රී ලංකා ජමාත් ඊ ඉස්ලාම් සංවිධානයේ ප්‍රචාරක නිලධාරියා ලෙස ඔහුව පසුව පත්කර ඇත. මෙය බොහෝවිට සිදුවන්නට ඇත්තේ 90 දශකයේය. 
වසර 2000 සිට 2004 දක්වා කාලයේ දී, ඔහු නිරිතදිග සරසවියේ පවත්වාගෙන යන ලද අරාබි සංස්කෘතිය පිළිබද පාඨමාලාවක් හදාරා ඇත.

එක් සාක්කිකරුවෙක්ට අනුව, නවුෆර්, තවුහීඩ් සංවිධානය වෙත නැඹුරුව ඇත්තේ සලාෆි අනුගාමිකයෙක් වන එහියාස් ලිමි නම් පුද්ගලයකුගේ පෙළඹවීම නිසාය. සලාෆිවරුන් යනු ඉස්ලාමයේ මුල්ම ඉගැන්වීම් සහ පිළිවෙත් නැවතත් ලොව නැගෙනු ඇතැයි විශ්වාස කරනා මූලධර්මවාදීන් පිරිසකි. එක් ආරංචි මාර්ගයකට අනුව අයි.එස්.අයි.එස්. සංවිධානයේ දැක්ම සහ වෙනත් අදාළ කාරණා ෆේස්බුක් සමාජ ජාලයේ පළකිරීම මුලින්ම සිදුකර තිබෙන ශ්‍රී ලංකා ජාතිකයා වන්නේ ද නවුෆර්ය. 

2003 වසරේ ඔහු මොහොමඩ් සිති හජිරා සමග විවාහව ඇත. හජිරා, සහරාන්ගේ බිරිද වන හදියාගේ මවගේ, සොහොයුරියකි. ඉස්ලාමය ඉගෙන ගැනීම සදහා සහරාන් කාත්තන්කුඩි හි ජමයිතුල් සලාෆ් මද්‍රාසා පාසල වෙත පැමිණෙමින් සිටි 2004 වසරේ පමණ නවුෆර් සහ සහරාන් එකිනෙකා හමුවන්නට ඇත. නවුෆර්, සහරාන්ව වහාබි දර්ශනය සහ ඇදහීම් අනුගමනය කිරීමට පොළඹවා තිබේ.
2005 - 2006 වසරවල දී පමණ  දාරුල් අදාර් අද් දායියාහ් නම් වූ වහාබි දර්ශනය අනුගමනය කරන සංවිධානයක් පිහිටුවීමට සහරාන් කටයුතු කර ඇත. මෙම සංවිධානය පිහිටුවා තිබෙන්නේ කාත්තන්කුඩියේය. සහරාන් සහ නවුෆර් හැරුණු කොට, නෂ්මාල් මවුලවි, අෂ්ෆාර් මවුලවි, රවුෆ් සහ තවුෆීක් මෙම සංවිධානයේ සාමාජිකයන් ලෙස සිට ඇත. 

හදියාට අනුව, 2008 වසරේ නවුෆර් කටාර් රාජ්‍යය වෙත ගොස් තිබෙන අතර ඊට පෙර ඔහු සහ සහරාන් අතර බෙදීමක් ඇතිව තිබේ. 2006 වසරේ ද කටාර් රාජ්‍යය බලා ගොස් තිබෙන නවුෆර් මාස 6 කින් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එයින් පසුව අමානා අන්තර්ජාතික විදුහලේ ගුරුවරයෙක් ලෙස රැකියාව කර තිබෙන ඔහු නැවතත් 2008 වසරේ කටාර් රාජ්‍යය බලා ගොස් නැවත 2016 වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්ම එරට රැදී සිට තිබේ. කටාර් රාජ්‍යයේ රැදී සිටි කාලයේ ඔහු වසරකට වතාවක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර කටාරයේ ඔහු සේවය කරමින් සිට ඇත්තේ නීති කටයුතු සම්බන්ධයෙන් වූ කාර්යාලයක භාෂා පරිවර්තකයෙක් ලෙසිනි. 


මැදවච්චියේ පුහුණු කඳවුර

මිල්හාන් සහ හසීම් අහමඩ් සමග ඔහු සබදතා ගොඩනඟාගෙන ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය. කටාරයේ දී මිල්හාන්ව අවස්ථා කිහිපයකදීම හමුව තිබෙන නවුෆර් ඔහු සමග අයි.එස්. ක්‍රියාකාරම් ගැන සාකච්ඡා කර ඇත. 2016 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි නවුෆර්, සහරාන් සමග නැවත මිත්‍රත්වයක් ගොඩනගාගෙන තිබේ. පසුව 2016 ඔක්තෝබර් මාසයේ, අයිඑස් සාමාජිකයන් ඔවුන්ගේ සිරකරුවන්ගේ හිස ගසා දමනු දැක්වෙන වීඩියෝවක් අඩංගු ‘පෙන් ඩ්‍රයිව් එකක්’ නවුෆර්, සහරාන්ට දී ඇත. හදියා ලබාදුන් මෙම සාක්කිය, සහරාන් අයිඑස් සංවිධානයේ තොරතුරු සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කිරීම ආරම්භ කළ කාලය සමග ගැලපේ. 

නොවැම්බර් 17 වැනිදා, මැදවච්චිය, රඹෑව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ප්‍රථම පුහුණු කදවුරට නවුෆර් ද සහභාගීවී ඇත. ඔහු, සහරාන්, අන්සාර්, රිස්වි, රිස්වාන්, ආබ්ඩීන්, රමිස්, මිල්හාන්, හස්තුන් සහ රිල්වාන් ඇතුලු 14 දෙනෙක් මෙයට එක්ව සිට ඇත.

ජේ.එම්.අයි. සංවිධානයේ සාමාජිකයන් නවුෆර්ගේ නිවසටම පැමිණ ඔහුව හමුවී ඇත. සංවිධානයේ සාමාජිකයන් ඇතැමෙක් නිලාම්ගේ දේශනවලට සහභාගීව ඇති බවත්, උමායිර් සිරියාවට ගොස් නැවත පැමිණ සිටින බවත් ඔවුහු නවුෆර්ට දන්වා තිබේ. වෙන්වෙන්ව නොව එකට අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ඔවුන්ගේ වුවමනාව වී ඇත. 

මීට පෙර අවස්ථාවක සහරාන් ද මුණගැසුනු බව ඔවුන් නවුෆර්ට පවසා ඇත. සහාරන් සංවිධානය කළ සියලුම පුහුණු කදවුරුවලට සහභාගී වූ නවුෆර්, අයිඑස් මතවාදය සහ එහි ක්‍රියාකාරකම් ගැන දේශන පැවැත්වීමේ යෙදී ඇත. 2019 ජනවාරි මාසයේ දී, මාවනැල්ල බුද්ධ ප්‍රතිමාවලට පහර දී, අලාභ හානි කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබාදෙන ලෙසට, සහරාන්, නවුෆර් හට මුදල් ලබා දී, තිබේ. සහරාන්ට මෙම මුදල් ලබා දී ඇත්තේ ඉල්හාම්ය. 

සිය බිරිඳ සමග පුත්තලමට ගොස් තිබෙන නවුෆර්, ඒ වන විට අත්අඩංගුවේ සිටි මුෆීඩ්ගේ බිරිඳට මුදල් ලබා දී තිබේ. මුෆීඩ්ගේ නිවසේ තිබූ සහරාන්ට අයත් ලැප්ටොප් පරිගණකයක් තමන් සමග රැගෙන විත් තිබෙන නවුෆර් එය සහරාන්ට නැවත භාරදීමටත් කටයුතු කර ඇත.

සහරාන්ගේ කණ්ඩායමේ දෙවැනියා ලෙස නවුෆර් පත්කර තිබී ඇති බව සාක්කිවලින් පැහැදිලි වේ. නමුත් නවුෆර්ගේ භූමිකාව වඩාත් සමීප වන්නේ මෙම කණ්ඩායමේ න්‍යායාචාර්යවරයාගේ චරිතයටය. තමන් හා පිරිස රැදී සිටින ස්ථානවලින් බැහැර ස්ථානයක රැදී සිටින ලෙස සහරාන් නවුෆර්ට උපදෙස් දී ඇත. එසේ කර තිබෙන්නේ සංවිධානයේ ආරක්ෂාව තකාය. එඩේරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආරක්ෂිත නිවස්නයක දී සහරාන් විසින් නවුෆර්ට මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් ලබා දී තිබේ. නවුෆර් මේ වන විට පසුවන්නේ පොලිස් අත්අඩංගුවේය.

සාක්ෂි විමසන විට නවුෆර් අත්අඩංගුවේ

කොමිසමේ වාර්තාවේ අන්තර්ගතව තිබෙන නවුෆර්ගේ විස්තරයෙන් ප්‍රධාන කාරණා දෙකක් උකහාගත හැකිය. 

කොමිසම ඔහුව කිසිදු අයුරකින් මෙම කණ්ඩායමේ නායකයා ලෙස හදුනාගෙන නොමැත. වෙනකක් තබා ඔහු මෙම කණ්ඩායමේ මුල් පෙල සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබෙන බව හෝ කොමිසමේ වාර්තාවේ සඳහන් කර නැත. මේ සියල්ලටම වඩා, කොමිසම විවිධ පුද්ගලයින් කැඳවා සාක්කි විමසීම කළ වකවානුfවේදී නවුෆර් සිටියේ පොලිස් අත්අඩංගුවේය. මේ නිසාම අමාත්‍ය සරත් වීරසේකර මහතා, පාස්කු ඉරිදා සංහාරයේ මහමොළකරුවා නවුෆර් මවුලවී යැයි හදුන්වාදීම ස්වභාවයෙන්ම ගැටලු මතුකරන්නකි. 

එය එසේ නම්, සාක්කි පවතී නම්, ඔහුගේ ප්‍රකාශය ජනතාව ඉදිරියේ තහවුරු කිරීම සදහා එම සාක්කි ප්‍රසිද්ධ කිරීමට අමාත්‍යවරයා කටයුතු කළ යුතු වේ. 

තවත් වැදගත් කාරණයක් වන්නේ මෙම අන්තවාදී මුස්ලිම් කණ්ඩායමට සැබෑ ලෙසම අයිසිස් සංවිධානය සමග සබදතාවක් තිබී ඇත යන්නය. එසේ නම්, එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනෙවිරත්න මහතා මෙම කණ්ඩායම හා අයිසිස් සංවිධානය අතර සබඳතාවයක් නැතැයි දිගින් දිගටම පවසා සිටියේ ඇයි? ඔහුට එවක පැවැති යහපාලන රජයෙන් කිසියම් හෝ දේශපාලන පීඩනයක් එල්ල වුනාවත් ද? ඔහු එසේ කියමින් සිටියේ, ඒ වන විට කොළඹට පැමිණ සිටි එක්සත් ජනපද බුද්ධිඅංශ  විමර්ශකයින් පවා ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමට අයසිස් සංවිධානය හා සබදතා පැවැත ඇතැයි අවසන් නිගමනයකට එළැඹ සිටි පසුබිමකය.

නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල්වරයෙක් මෙන්ම එහි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වරක් සේවය කර තිබෙන, අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් කරන ලද ප්‍රකාශයේ ඇතැම් කාරණා රටේ ප්‍රතිරූපයට බරපතල හානියක් සිදුකර තිබීම කණගාටුදායකය. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම සදහා යොමුකිරීමට ඔන්න මෙන්න තිබිය දී ඔහු බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේ ය. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටි පකිස්තානය මේ අවස්ථාවේ දී සිය ශ්‍රී ලංකා තානාපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත මේ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළකළේ ය. 

කෙසේවුවත්, පකිස්තානයට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සදහා ඉස්ලාමීය රටවල සංවිධානය නියෝජනය කරන සාමාජිකයන්ගේ පිටුබලය දිනාගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට වෙනස් කර සැළකීමක් සිදුවන්නේ යැයි වැටහීමක් ඇතිකරගෙන තිබූ නිසා මෙම ධනවත් සහ බලවත් රටවල් කණ්ඩායම සිටියේ දැඩි කෝපයට පත්වය. මෙවන් තත්ත්වයක ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිරීමෙන් වළකින ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතාට කිසියම් හෝ දැනුම්දීමක් සිදුකර ඇතැයි සහතික කර කියා සිටීමේ හැකියාවක්, කණගාටුවට මෙන්, පෙනෙන්නට නැත. පෙනෙන්නට නම් තිබෙන්නේ එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවකි.

මේ අතරවාරයේ, රජයේ එක්තරා නියෝජිතයෙක් ඉස්ලාමීය රටවල සංවිධානයේ ඇතැම් සාමාජික රටවලින් මුල්‍ය ආධාර ලබාගැනීමට පවතින හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටී. එය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබට භාරය.

 

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
--------------------------------------

 



අදහස් (3)

නවුෆර් මවුලවි අහසින් පාත්වුණාද ?

sakura Monday, 19 April 2021 03:41 AM

කලින් ආණ්ඩුව සුළු ජාතීන්ගේ ඡන්ද වලට බයේ කිසි දෙයක් කළේ නෑ .අනිත් පක්ෂය වක්‍රාකාරව සම්බන්ධ බවට හෙළි වුණා. ලොකු උත්සහයක් ගන්නවා කොහොමහරි මේ ආණ්ඩුව නම සම්බන්ධ කරන්ඩ. ජනාධිපති මැතිවරණයට ගොඩක් කලින් තිබුණු සමුපකාර ඡන්ද, ප්‍රදේශීය සභා ඡන්ද ඔක්කොම ආණ්ඩුව දිනලා තිබුණා. ඒක නිසා තාම උත්සහය සාර්ථක නැති බව නම් පේනවා.

:       6       41

Pradeep Monday, 19 April 2021 04:23 AM

මේ කියන ආකාරයට ඇතැම් ඉස්ලාමීය පාසල් වල අවි පුහුණුව ලබා දුන්නේ නම් සහ වන ගත කදවුරු පැවැත්වූයේ නම් අපගේ ආරක්ෂක අංශ එහි වගකීම භාරගත යුතුයි. මෙතරම් දෙයක් සිදුවන තුරුත් ඔවුන් නිහඩව සිටියේ දේශපාලන බලපෑම් නිසා නම් එහි වගකීම දේශපාලකයින් භාරගත යුතුය. දේශපාලකයින්ට බලය ලබාදෙන්නේ ජනතාව වන අප බැවින් මින් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදීවත් ඒ කෙරෙහි සැලකිලිමත් වී ඊට සුදුසු පරිදි ක්‍රියා කල යුතුය. දේශපාලනයට සුදුස්සෙකු ඉදිරිපත් නොවී ඉදිරිපත් වන්නේ මේ සිටිනා පිරිසම පමණක් නම් ඡන්දය භාවිතයෙන් වැළකී ඊට අපගේ විරෝධය පලකළ යුතුය. නමුත් අපටද කිසිදු ලැජ්ජාවක් නැත. බැන බැන නැවතත් ඔවුන්ටම බලය ලබා දීමට තරම් අප ඔලමොට්ටලය.

:       9       25

මියුනි Wednesday, 21 April 2021 05:46 AM

දැන් පුවරුවවත් නොපෙනෙන මහරගම, පමුණුව පාරේ මුස්ලිම විදුහල ගැනත්ද දවසින් දවස අස්වාභාවික ලෙස ඒ පාසල අවට වැඩිවන මුස්ලිම් ජනගහණය ගැනත් අපේ ආරක්ෂාව අංශ අවධානය යොමු නොකළොත් නුදුරේ දීම තවත්ම දේවල් ඛේද ජනක දේවල් වලට මුහුණදීමට සිදුවේවි.

:       1       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38329 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25256 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 857 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site