IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නාස්තිකාර වියදම් කැපීමට උඩ සිට පහළට ආදර්ශය ඕනෑ

නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් අපේ රටට ඇත්තේ අපකීර්තිමත් සහතිකයකි. රුපියල් ලක්ෂයකින් අවසන් කළ හැකි වැඩකට ලක්ෂ දෙක තුනක් වියදම් කිරීම අපේ රටේ මෙතෙක් පැවති ක්‍රමය අනුව මහා වැරැද්දක් හැටියට නොසැලකිනි. එහෙත් දරුණු පීඩාකාරී තත්ත්වයක් යටතේ රටේ පාලනය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේම ප්‍රකාශ කළේ රටේ සිදුවන නාස්තිකාරී වියදම් පාලනයට වහාම පියවර ගන්නා බවය. එම වැඩපිළිවෙළ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරම්භ කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

එසේ වියදම් සීමා වැඩ කටයුතු ඇරඹීම සිදුවුව ද ඇතැම් රජයේ නිලධාරීන් ඒ ගැන වගක් නැතිව වැඩකරන බව පසුගියදා වූ සිද්ධියකින් හෙළිවිය. රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා ගනු ලැබූ එක් පියවරක් වී තිබුණේ විදෙස් සංචාරවලදී රාජ්‍ය නිලධාරීන් සෑමවිටම අඩුවියදම් ගුවන් ටිකට්පත් භාවිත කළ යුතු බවට කර තිබූ නියෝගයයි.

එහෙත් පසුගිය කාලය තුළදී රාජ්‍ය නිලධාරීන් 20දෙනකු සිය විදෙස් සංචාර සඳහා පිරිමැසුම්දායී පන්තියේ ගුවන් ටිකට්පත් වෙනුවට ව්‍යාපාර පන්තියේ ටිකට්පත් භාවිත කර ඇති බවට තොරතුරු ලැබී තිබේ. එම නිලධාරීන් ආණ්ඩුවේ නියෝගය ගණන් නොගෙන කටයුතු කර ඇතිදැයි තවම දැනගන්නට නැත.

එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝගය මේ නිලධාරීන් නොදැන සිටිය නොහැක. එසේ රජයේ නියෝග නොතකා කටයුතු කිරීම රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරි වගකීම් පැහැර හැරීමකි. ඒ සම්බන්ධයෙන් වෙනම සොයා බැලීමක් සිදුකිරීම අවශ්‍යය.

අදාළ නිලධාරීන් සිය විදෙස් ගමන් සඳහා ව්‍යාපාර පන්තියේ ටිකට්පත් වෙන්කරවා ගැනීමට රජයේ මුදල් වැයකර ඇත්නම් ඒ සඳහා වැඩිපුර භාවිත කළ මුදල් නැවත අයකර ගැනීමට භාණ්ඩාගාරය මගින් කටයුතු කරනු ඇති බවටද වාර්තා පළ විය. ඒ සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් වී දැයි තවම අපි නොදනිමු. එහෙත් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේ වැරැද්දක්ද අපි නොදකිමු. විදෙස් සංචාර සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් බබාලා නොවන බව අප දැන සිටින බැවිනි. බබා පාට්වලින් රජයේ මුදල් නිරපරාදේ නැති නාස්ති කර ඇතිනම් එසේ නාස්තිකර ඇති මුදල යළි අය කරගැනීම් පවා එක අතකින් හොඳ දඬුවමකි.

ඒ සමඟ පෙන්වා දිය යුත්තේ මෙසේ රාජ්‍ය මුදල් නාස්තිකාර ලෙස වියදම් කිරීමට වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරීන් පමණක් නොවන බවය. රාජ්‍ය මුදල්වලින් ඉහළ ප්‍රතිශතය රටේ මහජනතාවගේ බදු මුදල්ය. එසේ මහජනතාවගේ බදු මුදල් දේශපාලනඥයන්ගේ මනදොළ සපුරා ගැනීම සඳහා යොදවා ගන්නා අවස්ථාද මේ රටේ හිඟ නැත. ඇතැම් අමාත්‍යවරුන්ට අමාත්‍යංශයක් ලැබුණු වහාම අලු‍ත්ම ගොඩනැගිල්ලක් අවශ්‍ය වෙයි. අඩුම තරමින් කාර්යාල කිහිපයක් සේ එසේ ඉහළට කුලියක් ගෙවමින් ලබාගැනීමට ඔවුහු වෙහෙසෙති. එහෙත් කරුමය වන්නේ මේ නාස්තිකාර වියදමට බරපැන දරන්නේ රටේ බදු ගෙවන මහජනතාව වීමය.

තවත් පැත්තකින් සිදුවන බරපතළ නාස්තිකාර ක්‍රියාවක් වන්නේ ඉතා අධික ඉන්ධන වියදමක් සහ නඩත්තු වියදමක් අවශ්‍ය වන සුපිරි වාහන භාවිතයටද මැති ඇමැතින්ගේ තිබෙන නැඹුරුවය. මේ ඇතැම් වාහනයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ යන්තම් කි.මී. 04ක් හෝ 05ක් පමණි. එවැනි වාහන ඇතැම් අමාත්‍යවරුන්ට එකක් තිබීම ප්‍රමාණවත් නොවේ.

ඔවුන්ට සුපිරි අලු‍ත් වාහන කිහිපයක්ම අවශ්‍ය වෙයි. මේ රටේ තිබෙන අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශවල පරිහරණයට ලබාගෙන ඇති සුපිරි වාහන පිළිබඳ සංඛ්‍යාලේඛන හරිහැටි ලබාගත හැකි නම් ඒවා නඩත්තුවේදී සහ ධාවනයේදී සිදුවන මහජන මුදල් නාස්තිය ගණන් බැලීම අපහසු නැත.

අමාත්‍යවරුන් තම තමන්ගේ එවැනි නාස්තිකාර වියදම් අඩුකර ගැනීමකින් තොරව නිලධාරීන්ගේ නාස්තිකාර වියදම් ගැන සෙවීමෙන් පමණක් පලක් නොමැති බවද මෙහිදී සඳහන් කළ යුතුය. නාස්තිකාර වියදම් අවම කිරීමේ ආදර්ශය පැමිණිය යුත්තේ ඉහළ සිට පහළට යැයි අපි තරයේම විශ්වාස කරන බැවිනි.

මේ රටේ අමාත්‍යවරුන්ගේ රට සවාරි ගැනද කිව යුත්තේ එවැනිම කතාවකි. පසුගිය දශක දෙක තුන තුළ පිරිමැසුම්දායී පන්තියේ ගමන් ගන්නා අමාත්‍යවරුන් අපේ රටේ සිටියේ නම් ඒ ඉතාම අතළොස්සකි. මේ තත්ත්වය නිවැරදි කිරීමට කිසිදු නායකයකු උත්සාහ නොදැරීම බලවත් වරදකි. දේශපාලකයන් ප්‍රසිද්ධියේ නාස්තිකාර වියදම් කරන විට රාජ්‍ය නිලධාරීන්ගෙන් පමණක් මූල්‍ය විනයක් බලාපොරොත්තු වීම තේරුමක් නැත.

(***)



අදහස් (0)

නාස්තිකාර වියදම් කැපීමට උඩ සිට පහළට ආදර්ශය ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 357 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 745 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1087 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1444 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site