IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පුංචි ආණ්ඩු පාලනයට මන්ත්‍රී ඉත්තන් එපා

පළාත් පාලන ආයතන අධීක්ෂණයට දේශපාලනඥයන් විසින් නම් කරනු ලබන නියෝජිතයන් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් දා නිකුත් කළ චක්‍රලේඛයට මැතිවරණ කොමිෂන් සභාව හරස් වී ඇතැයි පසුගියදා ‘‘ලංකාදීප’’ය සිය මුල් පුවතින් හෙළිකර සිටියේය. එම තීරණය පළාත්පාලන ආයතන දේශපාලනීකරණය කිරීමක් බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව එයට විරෝධය පළ කර ඇති අවස්ථාවක එවැන්නක් සිදු නොවිය යුතු යැයි තම අදහස බව ද කොමිසම පෙන්වා දී තිබිණි.

පළාත්පාලන ආයතන පාලනය කළ යුත්තේ මහජනතාව විසින් පත්කරනු ලබන නියෝජිතයන් විසිනි. පළාත් පාලන මැතිවරණ පවත්වන්නේත් ඒ සඳහා නීතිමය විධිවිධාන පනවා ඇත්තේත් එකී කාර්යය ඉටුකිරීම සඳහාය. පළාත් පාලන ඡන්දය නොපවත්වා රටේ දේශපාලන අධිකාරිය මගින් එකී ආයතන අධීක්ෂණයට නියෝජිතයන් පත් කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට මුළුමනින්ම පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

ආණ්ඩුව මගින්ම පළාත් පාලන ආයතන පාලනය ද සිදු කෙරෙන්නේ නම් එම ආයතන පවත්වාගෙන යාමේ පලක් නැත. කෝටි බිලියන ගණනක වියදමකින් එම මැතිවරණ පැවැත්වීම ද තේරුමක් නැත. සියලුම පාලන කටයුතු පාර්ලිමේන්තුවේ පාලන බලය ඇතැයි දේශපාලන පක්ෂ හෝ සන්ධානය මගින්ම මෙහෙයවීමට පුළුවන. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. එයින් මහජන නියෝජිතයක් සිදුවන්නේ නැත.

අදාළ චක්‍රලේඛයට මැතිවරණ කොමිසම විරුද්ධ වන්නේ දේශපාලන අධිකාරියේ නියෝජිතයකු පළාත් පාලන ආයතනවල අධීක්ෂණයට පත් කිරීමෙන් එම පළාත් පාලන ආයතනවලට තරග වදින අනෙකුත් දේශපාලන පක්ෂවලට අසාධාරණයක් සිදුවන බව පෙන්වාදීමෙනි. එය සත්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇත්තකුට වුවද එසේ පත්කරන්නේ මන්ත්‍රීන්ගේ ඉත්තන් බව තේරුම් ගැනීම දුෂ්කර යැයි අපි නොසිතන්නෙමු. එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ පතාකයෝධයකු සහ කෘතහස්ත දේශපාලනඥයකු වන අග්‍රාමාත්‍යවරයා මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි දැයි යන්න ගැටලුවකි.

පළාත් පාලන මැතිවරණයක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින විට මෙම චක්‍රලේඛය එකී ක්‍රියාදාමය සමග ගැටීමක් ඇති වන බව අග්‍රාමාත්‍යවරයා නොදැන සිටීමට හේතුවක් නැත. එහෙත් මේ රටේ දේශපාලනය කළ මෙවන් තීන්දු තීරණ ගන්නේ දැනුවත් භාවයෙන් තොරව නොවන බවට ඕනෑ තරම් උදාහරණ තිබේ. මෙය වැරදීමක් නොව සිතාමතා ගනු ලැබූ තීරණයක් බව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුවට හැකියාවක් ඇතැයි අපි නොසිතමු.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු 20 වැනිදාට කලිනි. එය ද සිදු වුණේ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඊට පෙර වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ එම ඡන්දය වසරකින් කල් දැමූ බැවිනි. මැතිවරණ කොමිසම මේ ඡන්දය මාර්තු 20ට පෙර පවත්වා අවසන් කිරීමට අවශ්‍ය විධිවිධාන යෙදූ නමුත් ඡන්දය පැවැත්වීම රටේ මුදල් අගහිඟතාව සමග ගැටගැසීම නිසා එය කළ නොහැකි විය. දැන් මේ ගැටලුව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකි.

එවැනි තත්ත්වයක් තිබියදී රටේ පළාත් පාලන දෙකක හැර ඉතිරි සියලු ආයතනවල නිල කාලය අවසන් වී තිබේ. එසේ අවසන් වීමෙන් පසුව පළාත් පාලන නීතියට අනුව කළ යුත්තේ පුංචි ඡන්දය පැවැත්වීමය. එහෙත් එය නොපැවැත්වීම හේතුවෙන් මැතිවරණ ක්‍රියාදාමය අවසන් වන්නේ නැත. මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එම කාරණයයි.

මෙරට තුළ මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නැත. පළාත් සභාවල නිල කටයුතු කෙරෙන්නේ මහජන නියෝජිතයන්ගෙන් තොරවය. මහජන නියෝජිතයන් විසින් සිදු කළ යුතු කාර්යභාරය ඉටුවන්නේ රාජ්‍ය නිලධාරීන් අතිනි. පළාත් පාලන ආයතනවලට අත්වී තිබෙන්නේද එම ඉරණමය. එයද මේ වන විට මහජන නියෝජනයක් නැත. පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩු පක්ෂය සතු වුවද පසුගිය වසරේ සිදුවූ අරගලය හේතුවෙන් එහි සංයුතියද වෙනස් වී තිබේ.

මේ අල්ලපනල්ලේ පළාත් පාලන ආයතන අධීක්ෂණයට රජයේ දේශපාලනඥයන්ගේ ඉත්තන් පත් කිරීම මේ ගැටලුවලට විසඳුමක් වන්නේ නැත. විසඳුමක් නොව එය අසාධාරණයකි. කෙසේ වුවද රටේ පවතින ආර්ථික තත්ත්වයේ පසුබෑම සැලකිල්ලට ගනිමින් පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේදී නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කරන්නේ නම් එකී ආයතනවල කාර්යභාරය අධීක්ෂණය  කිරීම රජයේ නිලධාරීන්ට පැවරීම ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගයයි. පළාත් සභා කටයුතු එසේ අධීක්ෂණය කළ හැකි නම් පළාත් පාලන ආයතනවලට ද එම ක්‍රියාවලියම ආදේශ කිරීමට බාධාවක් ඇතැයි අපි නොසිතමු.

අග්‍රාමාත්‍යවරයාගේ චක්‍රලේඛයට අනුව පළාත් පාලන ආයතන අධීක්ෂණයට පත් කෙරෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටුව සමන්විත වන්නේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙනි. එබැවින් චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව දක්වන විරෝධය සාධාරණ බව අපගේද විශ්වාසයයි.

(***)



අදහස් (0)

පුංචි ආණ්ඩු පාලනයට මන්ත්‍රී ඉත්තන් එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site