IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පුංචි ආණ්ඩුවල මන්ත්‍රීන් අඩුකිරීම කාලෝචිතයි

පළාත්පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණය කොමිෂන් සභා කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර තිබේ. දැනට පළාත් පාලන ආයතනවල සිටින සභිකයන් සංඛ්‍යාව 8,000ක් පමණ වෙයි. 2017 වසරේ අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබූ පළාත් පාලන මැතිවරණ (සංශෝධිත) පනත මගින් එතෙක් සිටි සභිකයන් සංඛ්‍යාව 8,000ක් ඉක්මවන තරමට ඉහළ දැමූ බවද මෙහිදී සඳහන් විය යුතුය. නව සීමා නිර්ණය කොමිෂන් සභාව මගින් සිදුකර ඇත්තේ සභිකයන් සංඛ්‍යාව කලින් තිබූ මට්ටම ආසන්නයට ගෙන එනු ලැබීමය. එය සාධනීය පියවරක් වශයෙන් අපි දකිමු.

නව යෝජනාව අනුව කොට්ඨාස මට්ටමින් තෝරාගනු ලැබූ නියෝජිතයන් සංඛ්‍යාවද අඩු කෙරේ. මීට පෙර 5092ක් වූ එම සංඛ්‍යාව 2882 ක් දක්වා අඩු කරීමට ඇති යෝජනාව අනුව එය ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ සියලු‍ යෝජනා ක්‍රියාත්මක වීමට නම් නව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපතිවරයා වන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පසුගියදා බාරදෙන ලද එකී වාර්තාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මගින් පිළිගත යුතු වෙයි.

එසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවකි. ඒ අනුව නව සීමා නිර්ණය කොමිෂන් සභාවේ යෝජනා කවදා ක්‍රියාත්මක වෙනු ඇතිදැයි කිව නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බව පෙනී යයි.

දේශපාලන පක්ෂවල අදහස කුමක් වුවද පළාත් පාලන ආයතන සභිකයන් සංඛ්‍යාව අඩු කිරීමට කර ඇති යෝජනාව යහපත් එකකි. එහෙත් පැවැති ක්‍රමය වෙනස් කර 2017දී හඳුන්වා දුන් සභිකයන් වැඩි පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වූයේ 2018 වසරේ පෙබරවාරි 10 වැනිදාය.

එම මැතිවරණයේ ප්‍රතිඵල අනුව තේරී පත්වූ අටදහසකට අධික සභිකයන් සංඛ්‍යාව හේතුවෙන් පුංචි ආණ්ඩු වශයෙන් පොදුවේ හැඳින්වෙන පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමේ ප්‍රායෝගික දුෂ්කරතා ගණනාවක් මතු විය. කලින් තිබුණාට වඩා දෙගුණයක් තරම් වූ සභිකයන් සංඛ්‍යාවකට එකවර රැස්වීමට බොහොමයක් පළාත් පාලන ආයතනවල රැස්වීම් ශාලාවල ඉඩකඩක් නොතිබුණි.

කොළඹ මහ නගර සභාවට පවා මේ ගැටලු‍වට මුහුණදීමට සිදුවීමෙන් මතු වූ ප්‍රායෝගික දුෂ්කරතාවල තරම වටහාගත හැකිය. එපමණක් නොව එම ආයතනවල තත්ත්වය එලෙසම පවතිද්දී සභිකයන් වැඩිවීම නිසා ඔවුන්ට වැටුප් සහ දීමනා ගෙවීම දෙගුණයකින් වැඩි වී තිබීමද ඇතැම් ආයතනවලට ගැටලු‍වක් වී තිබිණි.

සමස්තයක් වශයෙන් රටටම එහි බලපෑමක් තිබිණි. සභිකයන් වැඩිවුණා කියා පළාත් පාලන ආයතන මට්ටමින් සිදුවෙමින් තිබූ සේවා ඉටු කිරීමේ කාර්යක්ෂම බව ඉහළ ගිය බවට වාර්තා වූයේ නැත. බොහොමයක් ආයතනවල පාලනය යටතේ යටිතල පහසුකම් අපේක්ෂිත මට්ටමින් ඉහළ ගිය බවට ලකුණක් හෝ නොතිබිණි.

පුංචි ආණ්ඩුවලින් මහජනතාව බලාපොරොත්තු වන සේවා සැපයීමට තේරී පත්වෙන සභිකයන් සංඛ්‍යාව තීරණාත්මක සාධකයක් වන්නේ නැත. සභිකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීම ඒ ඒ දේශපාලන පක්ෂවල මනදොළ සපුරා ගැනීමක් පමණි. තමන්ගේ එකකුට කොහෙන් හෝ මන්ත්‍රී පට්ටමක් ලබාදී ඔවුන්ගේ සිත් සැනසීම මහජනතාවට කරන සේවාවක් වශයෙන් හැඳින්විය නොහැක. 

රටට සේවය කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබෙන ඕනෑම රජයකට ඒ සඳහා සභිකයන්ගේ හෝ මන්ත්‍රීවරුන්ගේ හෝ සංඛ්‍යාව වැඩි කිරීම අවශ්‍ය නොවේ. මේ සියලු‍ සභිකයන්, මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සිටි ආණ්ඩුවක් අසමත් වීම හේතුවෙන් රටේ මහජනතාව දැඩි ලෙස පීඩා විඳි කාලයක් පසුගිය වසරේ උදා විය.

පසුව එම තත්ත්වය පාලනය කරගෙන රට යළිත් ආර්ථික වශයෙන් යම්තාක් දුරකට බලාපොරොත්තුසහගත තත්ත්වයකට පත් කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය සමත් වී තිබේ. ඔවුන් එම කාර්යභාරය ඉටුකළේ අඩු අමාත්‍යවරුන් සංඛ්‍යාවක් සහිත කැබිනට් මණ්ඩලයක සහ රජයේ මන්ත්‍රීවරුන් සෑහෙන පිරිසක් ඉවත්ව ගිය ආණ්ඩුවක් හැටියටය. සභිකයන් හෝ මන්ත්‍රීවරුන් හෝ සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණක් රටට පලක් නොවන බවට එය එක් උදාහරණයක් පමණි.

(***)



අදහස් (0)

පුංචි ආණ්ඩුවල මන්ත්‍රීන් අඩුකිරීම කාලෝචිතයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site