IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පුංචි ඡන්දය පෙරැළියක ආරම්භයක්

මෙවර කිවිදා දැක්ම ලියන්නේ 2022 වර්ෂයේ අවසාන සතියේය. 2022 කියන්නේ සාමාන්‍ය වසරක් නොව අපේ රටේ ඉතාමත් තීරණාත්මක වසරක් වූ බව ඔබට මතකය. මේ වසරේ මාර්තු මාසයෙන් ආරම්භ වූ ආර්ථික සහ දේශපාලනික හැලහැප්පීම් තවමත් නිමාවට පත්වී නැත.

එවකට පැවති ආණ්ඩුවෙන් ඇමැතිවරුන් 02ක් ඉවත් කළේ මාර්තු 03 වැනිදාය. එතැනින් ආරම්භ වූ අභ්‍යන්තරික ගැටුම අප්‍රියෙල් වනවිට තවත් උත්සන්න කළේය. අප්‍රියෙල් 03 අගමැති ඉතිරි වන්නට අනෙකුත් ඇමැතිවරුන් ඉල්ලා අස්විය. අප්‍රියෙල් 12 දින රට බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කෙරිණි. මැයි 09 රටම ගිනිගත් සිදුවීම් ගණනාවක් සිදුවූ අතර එය නිමා වූයේ අගමැතිවරයාටත් ඉල්ලා අස්වී ත්‍රිකුණාමලයට යන්නට සිදුවීමෙන්ය. 

ජුලි 09 වැනි දින ජනාධිපතිවරයාත් ඉල්ලා අස්වූ අතර ජුලි 20 වැනි දින පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට සිදු වූයේය. 

මේ සිදුවීම් පෙළේ දේශපාලන තත්ත්වය සාකච්ඡා කරන්නට මම මෙහිදී උත්සාහ ගන්නේ නැත. මේ සිදුවීම් සමග ගැට ගැසී ඇති දේශපාලන තත්ත්වය මේ වනවිටත් විවිධ පැතිවලින් සාකච්ඡා වී ඇත. මගේ තේරුම් ගැනීම වන්නේ 2022 යනු අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සංකීර්ණතම වර්ෂයක් බවය. 1987/88 කාලයටත් වඩා බරපතළ දේශපාලන සංකීර්ණත්වයක් මතුවූ වර්ෂයක් බවය. 

මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ ගෙවී යන මේ වසරේ තත්ත්වය ගැන නොව එළඹෙන 2023 වසරේ සිදුවිය හැකි දේශපාලන උපකල්පන කීපයක් පිළිබඳවය. 

සරලවම ගතහොත් මගේ දේශපාලන නිරීක්ෂණය වන්නේ 2023 යනු මෙරට දේශපාලනයේ රාජ්‍ය බලය වෙනස්විය හැකි ඉතාමත් තීරණාත්මක වසරක් වන බවය. 

පුංචි ඡන්දය මාර්තුවේ 

දැනට නෛතිකව කරුණු පෙළගැසී ඇති ආකාරයට ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වා පළාත් පාලන ආයතන පිහිටුවීම ලබන වසරේ මාර්තු 20 දිනට පෙර නිමා කළ යුතුය. ඡන්දය පැවැත්වීම පමණක් නොව ප්‍රාදේශීය සභා හා නගර සභා පිහිටුවා ඒවායේ ප්‍රධානීන් පත්කර නිමා කළ යුතුය. ඒ නිසා ජනවාරි පළමු සතියේ සිට ඒ ඡන්දය ප්‍රකාශයට පත් කරමින් ඉදිරි කටයුතු කරන්නට මැතිවරණ කොමිසමට බලකෙරී ඇත. 

ආණ්ඩුව දිගටම බලන්නේ මේ මැතිවරණය කල් දමා ගන්නටය. ඒ සඳහා මේ වනවිට නෙකෙරූ දෙයක් නැත. ඒ සියලු උත්සාහයන් පරාජයට පත් කරන්නට විපක්ෂයට හැකිවිය. මේ වනවිට මේ පිළිබඳව නියෝගයක් (රිට් ආඥාවක්) ඉල්ලා පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇත. 

මගේ නිරීක්ෂණය වන්නේ ඡන්දය කල් දමන්නට ආණ්ඩුව දරන උත්සාහය පාරා වළල්ලක් වීම අනිවාර්ය බවය. ඡන්ද කල් දමන්නට උත්සාහ කිරීමෙන් ලැබෙන්නට තිබූ ඡන්ද ටිකවත් නොලැබී යන තැනට වැඩ යෙදිය හැකි බව ඉතාමත් පැහැදිලිය. ආණ්ඩුව මේ ඡන්දයෙන් පළා යන්නට උත්සාහ කිරීම නිසා බරපතළ විපාක දැනටමත් අත්විඳිමින් සිටින්නේ ආණ්ඩුවේ මේ සභාවල දැනටමත් සිටින නියෝජිතයෝය. ඒ නියෝජිතයන්ට මීළඟ ඡන්දයට ඉදිරිපත් වන්නටත් ඒ අයගේ පවුල්වල අය ඉඩ දෙන්නේ නැති ගාණට මේ අවුල වර්ධනය වී ඇත. 

ඡන්දයට ඉදිරිපත් කරන්නට අපේක්ෂකයන් සොයා ගැනීම ඡන්දය දිනනවාටත් වඩා අමාරු තැනකට ගමන් කිරීම ප්‍රධාන දේශපාලන පක්ෂයකට සිදුවිය හැකි බරපතළම ව්‍යසනයක්ය. ආණ්ඩුවේ සිටින ප්‍රධාන පක්ෂවලට මේ ඉරණම උදාවී ඇත. සමහර දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් තෝරාගැනීම කොතරම් අසීරුවී ඇත්ද යන්න පෙනීයන එක සාධකයක් වන්නේ අපේක්ෂකයන් ගෙන්වා ගැනීමට කප්පම් දෙන්නට  ලන්සු තැබීමය. එක දිස්ත්‍රික්කයකට යෝජනා කර ඇති කප්පම වන්නේ හිටපු සභාපතිවරයෙක් නැවත ඡන්දය ඉල්ලනවා නම් ඔහුට රුපියල් ලක්ෂ 20 පමණ දෙන බවය. උපසභාපතිවරයකුට ලක්ෂ 10 ක් දෙන බවය. මේ ආරංචි සත්‍ය නම් අපේ රටේ මැතිවරණ දේශපාලනයට සිදුවිය හැකි ඉරණම පිළිබඳව අලුතින් කියන්නට දෙයක් නැත.

මැතිවරණ වියදම් පිළිබඳව අලුත් නීති හදන්නට විජයදාස රාජපක්ෂ ඇමතිවරයා උත්සාහ කරන බවට ආරංචියක් ඇත. එතුමා නීති හදද්දී සමහරුන් කලු සල්ලි විසි කරමින් ඡන්දය සූදුවක් කරන්නට උත්සාහ ගැනීම පෙන්නුම් කරන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරමය. මැතිවරණ මූල්‍ය පිළිබඳව ශක්තිමත් නීතියක් හරහා ජාවාරම්කාරයන්ගේ බලපෑම දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මෙවර පුංචි ඡන්දය යනු 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයටත් වඩා බලපෑම් සහගත එකක් වන බව ඉතාමත් පැහැදිලිය. මේ  වර්ෂයේ ඉදිරි දේශපාලන හැලහැප්පීම් පදනම් වන්නේ මේ මැතිවරණය මතය.
ජනාධිපතිවරණයක් එයිද? 

මේ දිනවල සමහරුන් ප්‍රකාශ කරන්නේ මීළඟ වර්ෂයේ නොවැම්බර් මාසයෙන් පසුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවත් ඒ වෙනකල් අනෙක් මැතිවරණ කල් දමන්නට රජය උත්සාහ දරන බවත්ය. මෙතැන එකක් ඇත්තේය. ඒ කියන්නේ දැනට පවත්වන්නට  ඇති මැතිවරණ කල් දමන්නට රජය උත්සාහ ගන්නා බවය. එය ඇත්තක් වූවාට ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් ව්‍යවස්ථාවෙන් සොයාගත නොහැකි බව මගේ අදහසය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (3) (අ) වගන්තියේ තිබෙන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාට දෙවැනි වරටත් තරග කිරීමේ අභිලාෂයක් තිබේ නම් තමන්ගේ ධුර කාලයෙන් වසර 04 ගතවූ තැන නව ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවය. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ අවස්ථාව පාවිච්චි කරමින් නියමිත කාලයට වසරකට පමණ කලින් ජනාධිපතිවරණයක් කැඳවූ බව ඔබට මතකය. 

සමහරුන් තර්ක කරන්නේ මේ වගන්තියම යොදා ගනිමින් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් 2023 නොවැම්බරයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවනු  ඇති බවය. එතුමා එවැන්නක් ප්‍රකාශ කර නැති බව සැබෑවක්ය. එහෙත් අනෙකුත් අය මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දැමීමට හේතුවක් ලෙසින්ද මේ කථාව කියනු දැකිය හැකිය. 

මේ පිළිබඳව නෛතික තත්ත්වය නොදන්නා අය මිස අනෙක් අය දන්නා පරිදි කිව යුතු කාරණයක් වන්නේ මේ තර්කයට කිසිදු නෛතික පදනමක් නැති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (ඉ) වගන්තිය මගින් නිශ්චිතව ප්‍රකාශ කර ඇත්තේ ඉහතින් සඳහන් කළ ‘අභිලාෂය ප්‍රකාශ කර ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය’ පාර්ලිමේන්තුවෙන් පත්වෙන අනුප්‍රාප්ත ජනාධිපතිවරයකුට හිමි නොවන බවය.

එම වගන්තිය වන්නේ (31-ඉ) 40 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ජනාධිපති ධුරයට පත්වන අනුප්‍රාප්තක තැනැත්තෙකුට මේ අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදය මගින් ජනාධිපතිවරයකු  වෙත පවරා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමේ හිමිකමක්  නොමැත්තේය’ කියාය. ඒ නිසාම හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳව ඉදිරිපත් වන අදහස් පදනමක් නැත. 

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වත්මන් ජනාධිපතිරයාට හා මේ ආණ්ඩුවට බරපතළ ආකාරයෙන් බලපාන බව සැබෑවක්ය. එහෙත් ඒ බලපෑම නිසාම ඉක්මන් ජනාධිපතිවරණයකට අභිලාෂ කැඳවීමේ ව්‍යවස්ථාමය ඉඩක් ඇත්තේ නැත. 
මහ මැතිවරණයක් ළඟයිද?

මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනමතයේ විකෘති තත්ත්වයක් ඇති වුවහොත් එයට ඇති එක් විසඳුමක් විය හැක්කේ 2023 වර්ෂයේ අග භාගයේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමය. මේ සඳහා නෛතික ඉඩක් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගොඩනැගී ඇත. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එකඟ වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ආයු කාලයෙන් හරි අඩක් (වසර 2) ගෙවී ගිය පසු එය විසුරුවා හැරීමේ බලයක් විධායක ජනාධිපතිවරයාට ඇති බවය.

මගේ නිරීක්ෂණය වන්නේ මේ රටේ 2023 වර්ෂය යනු පළාත් පාලන මැතිවරණය සහ මහ මැතිවරණයක් පැවැත්වෙන වර්ෂයක් විය හැකි බවයි. එය එසේ විය හැක්කේ රටේ ජනමතය සහ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය අතර තිබෙන විකෘතිය පළාත් පාලන මැතිවරණයෙන් එළියට පැමිණීමට නියමිත නිසාය.

රටේ ජනතාව සිටින්නේ ආණ්ඩු ක්‍රමයේ සහ ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තුවෙන්ය. ඒ වෙනස යනු හුදු නැවතත් පරණ දේශපාලන ආකෘතියටම බලය ලබාදීමක් නොවිය හැකි අතර මේ පිළිබඳව ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද සංවේදී බවක් පෙනෙන්නේ නැත.

මීළඟ ආණ්ඩුවක් පිහිටුවන්නට නම් මිලියන 04 පමණ තරුණ (18-36 වයස් කාණ්ඩය) ජනතාව දිනාගැනීමේ දේශපාලනයක් නිර්මාණය කිරීම අනිවාර්යය. එය හුදු පැරණි කයිවාරුකාර පවුල්වාදී ආකෘතියෙන් කිරීමේ කිසිදු ඉඩක් නැත. එසේම කයිවාරුකාර විප්ලවවාදී ආකෘතියෙන්ද ද එය කිරීමේ ඉඩක් නැති බව පැහැදිලිය.

2023 වසරේ පුංචි ඡන්දයෙන් ආරම්භ වන්නේ බරපතළ පෙරළියක ආරම්භයක් යැයි මා යෝජනා කරන්නේ මේ තත්ත්වය තුළය.

මහාචාර්ය චරිත හේරත්



අදහස් (4)

පුංචි ඡන්දය පෙරැළියක ආරම්භයක්

kumara Saturday, 31 December 2022 05:39 AM

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් හැරෙන්න මුලින් වෙන මැතිවරණකයට යන්නේ නැති බව මගේ නිර්දේශයයි. ඒකට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැතිවීම අපේ රටේ දේශපාලකයන්ට ප්‍රශ්නයක් නොවේ. උන් ව්‍යවස්ථාවට බය නෑ. අනික ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියලා කිසිම ජනාධිපතිවරයෙකු වරදකරු වෙලා නෑ. ජනාධිපතිවරණයට ප්‍රථමයෙන් ගියොත් රනිල් ජනාධිපති දිනනවා. පළාත් පාලනයට ගියොත් ඔහු අමාරුවේ වැටේවි. රනිල් බලය ලේසියෙන් අතහරින කෙනෙක් නොවේ. අනික තමයි මේ වෙලාවේ රට දේශපාලන ස්ථාවරය පවත්වාගෙන යන්න රනිල් තරම් දක්ෂ කෙනෙක් කිසිදු පක්ෂයක නෑ.

:       10       7

AnuraMonday, 02 January 2023 09:02 AM

එවැනි ව්‍යවස්ථාවට පටහැනිව ජනදිපතිවරණයක් තියන්න හැදුවොත් එහෙම කරන්නේ රනිල්ගේ සහ පොහොට්ටු හොරුන්ගේ වාසියට මිසක් රටේ යහපතට නෙමෙයි , අනික මොකක්ද ද මේ දේශපාලය ස්ථාවරත්වය කියන විහිලුව ? පොහොට්ටුවට හොල්ලන්න බැරි 2/3 බලයක් තියෙද්දී තමයි කරන්න පුළුවන් හැම ජඩ වැඩක් ම කරලා රට බංකොලොත් කරේ , මොකක් හරි ක්‍රමයකින් රනිල් නැතව ජනපති උනොත් වෙන්නේ මිනිස්සු එලවපු පරණ සාටක හොරු ටිකට නැවත පරණ තනතුරු ලැබිල රට තව තවත් විනශ කරන්න ලයිසන් එකක් ලෙබෙන එක විතරයි.

:       0       4

AB Saturday, 31 December 2022 09:01 AM

කෝටි ගණනක් වියදම් කර ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වා ප්‍රාදේශීය සභා දිනාගැනීමෙන් හෝ චන්දය පැවැත්වීමෙන් රටට සහ ජනතවගේ බලාපොරොත්තු ඉටුවන්නේ නැත. ප්‍රාදේශීය චන්දය දේශපාලන වාසි ලබාගැනීමේ පටු දේශපාලන අරමුණ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීම ප්‍රයෝගික නොවේ. පළාත් සබා මෙන් ප්‍රාදේශීය සබා දේශපාලකයන් නොමැතිව පවත්වාගෙන යාමට කටයුතු කල හැකිවේ. රටේ පුරවැසියන් හට මැතිවරණයක් අවශ්‍යම නම් එය ජාතික මැතිවරණයක් විය යුතුය. ශ්‍රී ලංකා දේශපාලනයේ දිසානතිය වෙනස්කරන පුරවැසියන් හට දැනෙන මැතිවරණයක් විය යුතුවේ.

:       9       4

fairoosTuesday, 03 January 2023 05:48 PM

දැන් එහෙනම් රට මෙහෙම බංතකොලොත් වෙලා තියන ඡන්ද තියලා වෙන්නැති. රට තවත් වළපල්ලට වට්ටන්නෙ නැතුව ඕන නම් ඡන්දයක් තියලා හොරු ටික පන්නන්න ඕනි.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site