IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පුංචි ඡන්දයට බාධා කිරීම් එපා

නියමිත පරිදි මාර්තු 09 වැනිදාට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සහාය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් භාණ්ඩාගාරය සහ අදාළ සෙසු රාජ්‍ය ආයතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ. අපගේ සහෝදර සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසීමක දී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා මේ බව සඳහන් කර තිබිණි. කොමිසම සැලසුම් කර ඇති පරිදි මාර්තු 09 වැනිදා පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු කරන අතර අනපේක්ෂිත යමක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට ද කොමිසම සූදානම් බවත් ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් වෙයි.

මේ දිග හැරෙන්නේ පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 10 වැනිදා ලබාදුන් තීන්දුවේ පසුකම්පන බව පෙනෙන්නට තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් ගොනු කරනු ලැබ තිබූ රීට් පෙත්සම් කිහිපය පිළිබඳ සිය තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිසම ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් ඇතිවීමට ඉඩක් නැත.

එය එසේ වුවද දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් පසුගිය දිනෙක හමුවූ අවස්ථාවේ දී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් 20 ක් පමණ සිදු වී ඇති බවකි.

භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කරන ලෙසට කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීමෙන් පෙනී යන්නේ එවැනි බාධා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළ විවිධ බාධා කිරීම් අතර දේශපාලන අධිකාරියෙන් ද බාධා කිරීම් සිදුවූ බව ද සඳහන් වී තිබිණි. වෙනත් බාධා කිරීම් නොසලකා  හැරිය හැකි වුවද දේශපාලන අධිකාරියෙන් සිදුවන බාධා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකිරීම අවශ්‍යය. කුමන උප්පරවැට්ටියක් හෝ යොදවා මැතිවරණය පැවැත්වීමට තිබෙන අවස්ථාව අහෝසි කර දැමීමට දේශපාලන අධිකාරියට හැකියාව තිබීම ඊට හේතුවයි.

මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිසම ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා ආඥාවක් නිකුත් කිරීමට අවශ්‍යතාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දීමෙන් පසුවත් මැතිවරණය සඳහා මුදල් මුදා හැරීමට භාණ්ඩාගාරය පියවරක් ගැනීම ප්‍රමාද කිරීම දේශපාලන අධිකාරියේ බලපෑමෙන් සිදුවන්නක් බවට රටේ ජනතාව අතර ප්‍රබල සැකයක් මතුවෙමින්  තිබෙන බවත් සඳහන් කළ යුතුය. එය එසේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අවදානමකට මුහුණ දී සිටින බව නිසැකය.

පළාත් පාලන මැතිවරණය සැලකෙන්නේ මේ රටේ පාලන කේන්ද්‍රය තුළ කුඩාම මැතිවරණය වශයෙනි. එහෙත් එය ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණයකි. මැතිවරණ පැවැත්වීම ජනතාවගේ අයිතියක් මිස ආණ්ඩුවේ අයිතියක් නොවේ. දැනටමත් වසරකින් කල් දමා තිබෙන පුංචි මැතිවරණය තවදුරටත් කල්දැමීමට ආණ්ඩුවට කිසිදු ආකාරයකින් සදාචාරාත්මක අයිතියක් නැත.

විවිධ තර්ක යොදා ගනිමින් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ඡන්දයක් කල් දැමීමෙන් ආණ්ඩුව ලෝකයට ලබා දෙන්නේ නරක පණිවුඩයකි. එයින් රටට හෝ ආණ්ඩුවට හෝ ලැබෙන වාසියක් නැත. එය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තිබෙන යහපත් ප්‍රතිරූපයට කැළලකි.

මැතිවරණ කොමිසම පවසන පරිදි පෙබරවාරි මාසය සඳහා වියදම් වශයෙන් භාණ්ඩාගාරයෙන් මිලියන 800 ක මුදලක් ඉල්ලා ඇතත් මේ වන තුරු එය ලබා දී නැත. එකවර නොව කොටස් වශයෙන් මේ මුදල් ලබා දීම ප්‍රමාණවත් බව ද දන්වා තිබුණත් එයින් සුළු ප්‍රතිශතයක් හැර අනෙක් මුදල පිළිබඳ තවමත් භාණ්ඩාගාරය ප්‍රතිචාරයක් දක්වා නැත.

එසේම මැතිවරණ නිලධාරීන්ගේත් ඡන්ද අපේක්ෂකයන්ගේත් ඉන්ධන කෝටාව වැඩිකර දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම ද වතුරේ ගොසින් ඇති බව පෙනී යයි. තමන්ගේ අවශ්‍යතා සඳහා මුදල් සහ වෙනත් සහාය නොලැබෙන්නේ නම් අධිකරණයට යන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරන ප්‍රකාශයට සාධාරණ පදනමක් තිබෙන බව මේ සිදුවීම් පෙන්වා දෙයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ලබන 22 – 23 සහ 24 දිනවලට යෙදී තිබුණත් දැන් එය කල් දමා තිබේ. අවශ්‍ය සියලු අරමුදල් සහ පහසුකම් ලැබී ඇති බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබිණි. එවැනි පසුබිමක මැතිවරණ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මුදල් නිදහස් නොකිරීමේ අරමුණ කුමක්ද යන්න ජනතාව ප්‍රශ්න කරනු ඇත. ඒ සඳහා උත්තර දිය යුත්තේ ආණ්ඩුවයි.

(***)



අදහස් (2)

පුංචි ඡන්දයට බාධා කිරීම් එපා

AB Saturday, 18 February 2023 09:04 AM

අනුර සහ සජිත්ගේ කණ්ඩායම් මැතිවරණය ඉල්ලා සිටියද වැයවන මුදල කෝටි 10 - 15ක් සොයාගත හැකිබව කියා සිටියි. මුදල් ප්‍රින්ට්කර හෝ විදේශ රටකින් මුදල් ලබාගෙන පළාත් පාලන මැතිවරණය පවත්වා, 8000ක් පිරිසක් පත්කර ගැනීමෙන් පසු එම 8000ක් වූ පිරිසට අවශ්‍ය කාර්යාල පහසුකම්, වාහන, දීමනාවන් සැපයීම සහ විශේෂයෙන්ම මෙම පිරිසගේ (මන්ත්‍රීවරු 8000ක් මසකට වැටුප පමණක් මිලියන 200) වැටුප් ගිවීම පිළිබඳව විපක්ෂය ඇතුළු මැතිවරණය ඉල්ලා සිටින කිසිවකු ප්‍රකාශ කරන්නේද නැත... සමනය පුරවැසියකු වශයෙන් මේ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මසකට වටුප් සඳහා පමණක් Two hundred million = 200,000,000 (එක් මසකට වැටුප සඳහා පමණක් මිලියන 200) ගෙවීමට මුදල් සොයාගැනීම පිළිබඳව කිසිඳු විසඳුමක් ලබාදීමට මෙතෙක් අපොහොසත්ව සිටීම සහ මේ අවස්ථාවේ කෙසේ හෝ බලය අල්ලා ගැනීමේ අවස්ථාවාදී අරමුණින් ක්‍රියා කරන්නේද කියා රටට පැහදිලි කරන්න. සජිත්ගේ ආර්ථික උපදේශකයින් සහ අනුරගේ උපදේශකයන් කණඩායම එක් මසකට මන්ත්‍රී වැටුප සඳහා පමණක් මිලියන 200 සොයාගන්නේ කෙසේද?

:       3       0

fahimWednesday, 22 February 2023 02:41 PM

අලි, පොහොට්ටු කාරයෙක් වෙන්න ඇති... පිස්සු..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site