IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පිටි මිල අඩු කළත් අඩු නොවන පාන් මිල

ඉහළ යන බඩු මිල කිසිදා නිම නොවන සදාකාලික සමාජ ප්‍රශ්නයකි. ආනයන මත යැපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව බඩු මිල ප්‍රශ්නයේ දී සිටින්නේ ඉතාමත් අසරණ තත්ත්වයකය. සරු පසක් හා කෘෂිකර්මයට යෝග්‍ය කාලගුණයක් පැවතුණත් ශ්‍රී ලංකාව තවමත් ආහාර අතින් ස්වයංපෝෂිත නැත.

1948 නිදහස ලැබුවාට පසු වගා සටන් - වගා සංග්‍රාම, ගොවි රජවරුන් තේරීම, නිෂ්පාදන වර්ෂ ආදී නොයෙක් තේමා යටතේ කෘෂිකර්මාන්තය දියුණු කොට රටට ප්‍රමාණවත් ආහාර සම්පාදනය කර ගන්නට වසර 74ක් තිස්සේම තැත් කළ නමුත් ඒ සියලු‍ ප්‍රයත්න නිෂ්ඵල වූ බව පැහැදිලි යථාර්ථයයි.

රටේ ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගැනුණේ ජාතික අවශ්‍යතා සලකා බැලීමෙන් තොරව ඒ ඒ ආණ්ඩුවල දේශපාලන අවශ්‍යතා පමණක් සලකා බැලීමෙනි. බොහෝ අවස්ථාවල රටේ දුගී දුප්පත් පාරිභෝගිකයා තැලෙන්නේත් පීඩාවට පත්වන්නේත් රටේ විධිමත් නීතියක් හෝ ප්‍රතිපත්තියක් නැති කමිනි. අප මෙම පූර්විකාව සටහන් කළේ පසුගිය දා මාධ්‍ය වාර්තා කළ එක්තරා පුවතක් හේතුවෙනි. එම පුවතට පදනම් වූයේ පාන් පිටි මිලය. පිටි මිල අඩු වුවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළ නොහැක යනුවෙන් එම ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙය අපූරු කතාවකි. ඊට ද පසුබිමක් තිබේ.

පසුගිය කාලයේ මෙරට විශාල පිටි හිඟයක් තිබුණි. එයට හේතු වූයේ පාන් පිටි ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීමයි. ලොව ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් මෙරට පිටි මිල පාලනය කරන්නේ පිටි ආනයනය සහ අලෙවිය පිළිබඳ ඒකාධිකාරය ඔවුන් සතුව තබා ගනිමිනි. ඒ අතර ලොව ප්‍රධානම තිරිඟු‍ නිෂ්පාදකයකු වන යුක්‍රේනය රුසියාව සමඟ යුද්ධයකට පැටලීම ද තිරිඟු‍ පිටි ප්‍රශ්නයට තදින්ම බලපෑවේය. ඒ නිසා මෙරට විවෘත වෙළෙඳපොළේ පාන් පිටි හිඟයක් සමඟ කෘත්‍රිම ලෙස මිල ඉහළ දැමීමක් ද සිදු විය. ඊට පිළියම් ලෙස ආණ්ඩුව ඉන්දියාවෙන් තිරිඟු‍ පිටි තොගයක් ආනයනය කළේය. එහෙත් එම පිටි මෙරට වෙළෙඳපොළ අවශ්‍යතාවට නොසෑහිනි.

පිටි හිඟයත් අධික මිලත් නිසා ඒ අවස්ථාවේ බේකරි දහසක් පමණ වැසී යාමේ තර්ජනයට මුහුණ දුන් බව ප්‍රකට කරුණකි. මෙම අර්බුදයට විසඳුමක් ලෙස ඇති - හැකි බේකරිකරුවන් ස්වකීය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පෙළඹිණි. එක් අවස්ථාවක බේකරි හිමියන් පැවසුවේ මෙම මස තුළ සාධාරණ මිලකට පිටි නොලැබුණහොත් පාන් ගෙඩියක මිල රුපියල් 350ක් දක්වා ඉහළ යා හැකි බවය. 

මෙම සංවාදය අතරතුර පාරිභෝගිකයන් චෝදනා කළේ තමන් මිලදී ගන්නා බේකරි නිෂ්පාදනවල බර සහ ප්‍රමිතිය නිසි පරිදි නොමැති බවය. ග්‍රෑම් 400 පාන් ගෙඩියක බර ඇතැම් අවස්ථාවල ග්‍රෑම් 350ක් පමණ වූ බව ද දැක්විණි. මේ ආකාරයට පාන් පිටි හිඟය බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙද්දී නැවත වරක් ඊට රජය මැදිහත් විය. තුර්කියෙන් සහ මැදපෙරදිගින් තිරිඟු‍ පිටි විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම රජයේ සැලසුමක් විය. එලෙස ආනයනය කළ තිරිඟු‍ පිටි කන්ටේනර් 100කට අධික ගණනක් කොළඹ වරායේ ගුදම්වල පවතී.

එයින් තොගයක් නිදහස් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ වෙළෙඳ සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එතෙක් ඔවුන් කිලෝවක් රුපියල් 375 බැගින් අලෙවි කළ තිරිඟු‍ පිටි මිල රුපියල් 290ක් දක්වා පහත දමන බවය. මෙලෙස තිරිඟු‍ පිටි කිලෝවකින් අඩු වූ මුදල රුපියල් 85 කි.

තිරිඟු‍ පිටි මිල අඩුවීමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩුවනු ඇත යන්න පාරිභෝගික අපේක්ෂාවයි. එසේම මිල අඩුවීම රුපියල් 85/- ක් වීම නිසා එයට ගැළපෙන මිල අඩු කිරීමක් ජනතාව බලාපොරොත්තු වීම සාධාරණය. එහෙත් සිදු වූයේ අනෙකකි.

නිවේදනයක් නිකුත් කළ බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ පාන් පිටි මිල රුපියල් 85/- කින් අඩු වූ බවට නිල නිවේදන නිකුත් වුව ද පාන් ඇතුළු සිය නිෂ්පාදනවල මිල ගණන් කිසිසේත් පහත දැමිය නොහැකි බවයි. මෙය සාධාරණ පාරිභෝගිකයා කෝප ගන්වන ප්‍රකාශනයකි. මෙලෙස පිටි මිල අඩුවීමට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව කියන බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ අඩු වූ මිලට තමන්ට තිරිඟු‍ පිටි සපයාගත නොහැකි බවයි.

පාරිභෝගිකයන්ට මෙය හතර බීරි කතාවකි. ආණ්ඩුවත්, ආනයනකරුවන්ගේ සංගමයත් වෙළෙඳනුත් තිරිඟු‍ පිටි මිල රුපියල් 85/- කින් අඩු කළ බව කියති. එහෙත් බේකරි හිමියන් පවසන්නේ එම මිලට තමන්ට පිටි නොලැබෙන බවය. සැබෑව එය නම් මෙහි කුමක් හෝ ප්‍රශ්නයක් අර්බුදයක් හෝ අතයට වැඩක් සිදුවන බවට සපථ කළ හැකිය.

දැන් මෙම ප්‍රශ්නය නිරාකරණය කළ හැක්කේ විෂය භාර අමාත්‍යවරයාට පමණි. එසේම පාරිභෝගික අධිකාරියට ද මෙහි කිසියම් වගකීමක් පැවරේ. එබැවින් සහන අපේක්ෂා කරන පාරිභෝගික ජනතාවට නොතේරෙන මෙම අපභ්‍රංසය විසඳා පිටි මිල ගණන් අඩු කිරීම හා බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට විෂය භාර අමාත්‍යවරයා මැදිහත් විය යුතුය.

(***)



අදහස් (0)

පිටි මිල අඩු කළත් අඩු නොවන පාන් මිල

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37981 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site