IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පාඩු රාජ්‍ය ආයතනවල පාපයෙන් ජනතාව මුදවමු

අපේ රටේ විදේශ මූල්‍ය අංශය පැවැතියේ ක්‍රමයෙන් පිරිහෙමිනි. ගෙවුම් ශේෂයේ තිබුණේ විශාල පරතරයකි. ආනයන වියදම හා අපනයන ආදායම අතර පැවැතියේ මහා පරතරයකි. ඒ නිසා එක් පැත්තකින් විදේශ ණය වැඩි විය. අනෙක් පැත්තෙන් ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව රුපියලට ඇතිවන පීඩනය ක්‍රමයෙන් ඉහළ ගියේය. එහෙත් මහ බැංකුව දැඩි තීරණයක සිටිමින් කියා සිටියේ ඩොලරයක වටිනාකම රුපියල් 202 ක සීමාවේ තබාගන්නා බවය.

කිසිම හේතුවක් නිසාවත් එය වෙනස් නොකරන බව මහ බැංකුව දැඩිව කීවේය. වෙළෙඳ පොළේ ඩොලරයට තිබෙන ඉල්ලුම සහ සැපයුම අතර අති විශාල අසමතුලිතතාවක් පවතින විටක එසේ කළ නොහැකි බව මහ බැංකුව දැන සිටියේ නැත. ඒ අනුවණකම නිසා රටට සිදුවූ පාඩුව ඩොලර් කෝටි 500 කට අධික බව ආර්ථික විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි. 

ඩොලරයට තිබෙන ඉල්ලුම සැපිරීමට මහ බැංකුව සහ අනෙකුත් වාණිජ බැංකු අසමත්වීම නිසා කළු කඩ බිහිවිය. ඒවායෙන් ඩොලර් විකුණුවේ රුපියල් 230 සිට 240 තරම් ඉතා ඉහළ මිලකටය. ඒනිසා නිල විනිමය වෙළෙඳ පොළේ ඇති වූයේ විශාල ඩොලර් හිඟයකි.

මහ බැංකුව වෙළෙඳ පොළ ප්‍රවණතා හඳුනාගෙන ඊට ගැළපෙන ආකාරයට ඩොලරයේ වටිනාකම තීරණය වන්නට ඉඩ හැරියේ නම් රුපියල ඒ තරම් නොපිරිහෙයි. ඉන් අනාවරණය වන්නේ මහ බැංකුවට දුර දක්නා නුවණක් නැති බවය. මහ බැංකුවට තිබුණේ අධි තක්සේරුවකි. විදේශ විනිමය අනුපාතය මහ බැංකුව මගින් මෙහෙයවන නිසා රුපියල අවප්‍රමාණයවීමේ පාපයට වගකිව යුත්තේ ද මහ බැංකුවමය. 

විනිමය අනුපාත වෙළෙඳ පොළ බලවේගවලට අනුව තීරණය වන්නට ඉඩ හැරියේ අවසාන මොහොතේය. දැන් කිසිම පාලනයක් නැතිව ඩොලරයක් ඕනෑම මිලකට විකිණීමට වාණිජ බැංකුවලට ඉඩදී බලා සිටිති. ඒ නිසා ඇමෙරිකන් ඩොලරයකට රුපියල් 280 කට ආසන්න මිලක් ගෙවීමට සිදුවී තිබේ. ඒ නිසා ආනයනය කරන භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි.

අනෙක් පැත්තෙන් ආණ්ඩුවට ගෙවීමට තිබෙන විදේශ ණයවල රුපියල් වටිනාකම ද ඉහළ යයි. රාජ්‍ය වියදම එසේ විශාල වශයෙන් ඉහළ යාමෙන් රජයේ අය වැය මත මහා බරක් පැටවෙයි. අය වැය පරතරය තවත් ඉහළ යයි. රජයේ අය වැය ඉලක්ක පුස් වෙයි. මේ තත්ත්වයට වගකිව යුත්තේ රජයයි. මේ සියල්ල රජයේ ආර්ථික කළමනාකරණයේ වැරැදිවල ප්‍රතිඵලය. දුර දක්නා නුවණකින් අනාගතය දෙස බැලීමේ හැකියාවක් රජයට නොමැති බව මේ සියල්ලෙන් ප්‍රදර්ශනය වෙයි. 

මේ අර්බුදයේ මූලාරම්භය වර්තමාන ආණ්ඩුව යටතේ සිදුවූවක් නොවේ. මෙය කාලයක් තිස්සේ වර්ධනය වූ ප්‍රවණතාවකි. අර්බුදයක් ලෙස පුපුරා ගියේ ඒ ප්‍රවණතා උච්ඡතම අවස්ථාවේදීය. එහෙත් දුරදක්නා නුවණින් අර්බුදය කළමනාකරණය කර නොගැනීමට වගකිව යුත්තේ වර්තමාන ආණ්ඩුවය. ආණ්ඩුව මේ තත්ත්වයට පත් වූයේ දුර දක්නා දැක්මක් නැති නිසාය.

2019 දී මේ ආණ්ඩුව බලයට පත්වෙද් දී ආර්ථික අස්ථාවරභාවයක පෙර නිමිති දක්නට ලැබිණි. ආණ්ඩුව නිවැරැදි තීන්දු තීරණය ගත්තේ නම් මේ වළේ නොවැටෙයි. ජනාධිපතිවරණය නිමවී දින කිහිපයක් ඇතුළත කිසිම හේතුවක් නැතිව බදු කපා හැරීම නොකළ යුතු තීරණයකි. ආද‌ායම් බදු සහ උපයනවිට ගෙවන බදු විශාල වශයෙන් අඩු කිරීම රටේ මූල්‍ය කළමනාකරණය වෙනස් මගක යන්නට බලපෑවේය. බදු කපා හැරීම නිසා රජයට සිදුවු පාඩුව හෙවත් රජයට අවුරුද්දකට අහිමි වූ බදු අද‌ායම රුපියල් බිලියන 500 කට වැඩිය. 

රාජ්‍ය බැංකුව එසේ තම කැමැත්තෙන්ම අහිමි කරගත් නිසා රජයේ වියදම් පියවා ගැනීමට විශාල වශයෙන් ණය ගැනීමට ආණ්ඩුවට සිදුවිය. ඒ නිසා ණය බර ද තවත් උග්‍ර විය. ණය ගෙවීම සඳහා තවත් ණය ගනියි. රට සතු ඩොලර් සංචිත ලෙස පෙන් වූයේ ද විදේශවලින් ගත් ණයටය. අපේ සංචිතවල තිබුණේ රජය තම ශක්තියෙන් උපයාගත් ඩොලර් නොවේ.

දරා ගැනීමට නොහැකි තරමට ණය ගැනීම නිසා ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන පුන පුනා කියා සිටියේ ලංකාව ණය පැහැර හැරීමේ තත්ත්වයකට පත්වීමට ඉතා ආසන්න බවය. ඒ නිසා ලෝක ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන් ණය ගැනීමට තිබූ අවස්ථා ද අහිමි විය. එතෙක් රජය ණය ගත්තේ බැඳුම්කර විකිණීමෙනි. ඒවා මිලදී ගැනීම සඳහා පුද්ගලයන් සිටි හෙයින් රජයට ඩොලර්වලින් ණය ගැනීමට හැකි විය. එහෙත් ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතනවල අනතුරු ඇඟවීම් නිසා රජයට ලෝක ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණය ගැනීමට නොහැකි විය. ඒ නිසා අර්බුදය උග්‍ර වෙයි. 

ණය ගැනීමට තිබූ ඒ දොරවල් වැසීයාම නිසා ණය ගැනීමට රටවල් පසුපස යයි. ඉන්දියාව චිනය හා බංග්ලාදේශය වැනි රටවල් හිඟා කෑමට සිදු වූයේ එහෙයිනි. ආණ්ඩුව කියන්නේ මේ අර්බුදය බාහිර බලවේගවල ප්‍රතිඵලයක් බවය. එහෙත් එය අසත්‍යයකි. දකුණු ආසියාවේ රටවල් අතරින් මෙවැනි අර්බුදයකට මුහුණ දී සිටින්නේ ලංකාව පමණකි. කලාපයේ අනෙක් රටවල් මේ කාලයේ දී තම ඩොලර් සංචිත සේම ආර්ථික වර්ධන වේගය ද වැඩිකරගෙන තිබේ. මාලදිවයිනේ ආර්ථික වර්ධන වේගය 2021 දී 18‌% ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඉන්දියාව තම ආර්ථික වර්ධන වේගය 10% ක් වනු ඇතැයි කියයි. බංග්ලාදේශය 5.5% ක් ලෙස ද පකිස්ථානය 3.9% ක් ලෙස ද ඇස්තමේන්තු කර තිබේ. එහෙත් ලංකාවේ ඇස්තමේන්තුව 3.4% කි. ලංකාව සිටින්නේ භූතානයට සහ නේපාලයට ටිකක් ඉහළිනි. 

විදේශ සංචිත වර්ධනය අතින් බැලුවහොත් ඉන්දියාව 2022 මාර්තු වන විට ඇමරිකන් ඩොලර් බිලියන 622 ක් කරා පැමිණ සිටියි. බංග්ලාදේශය තම ඩොලර් සංචිතය බිලියන 45 ක් දක්වා ඉහළ නංවාගෙන තිබේ. පකිස්ථානය තම විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 16 ක් දක්වා ඉහළ තබාගෙන සිටියි.

නේපාලය ලංකාවටත් වඩා දුප්පත් රටක් වුවත් මේ කාලයේදී තම සංචිත ඩොලර් බිලියන 10 ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වෙයි. ලංකාවට වඩා පහළින් සිටි වියට්නාමය ද තම විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 107 ක් දක්වා වර්ධනය කරගෙන සිටියි. එහෙත් ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන දෙකකි. ඒ බිලියන දෙකෙහි ඇතුළත් වන්නේද විදේශවලින් ගත් ණය සහ රත්තරන්ය. ඉහත කරුණු අනුව ලංකාවේ ආර්ථික අර්බුදය බාහිර හේතුමත ඇති වූවක් බවට ආණ්ඩුව කියන්නේ අමුම අමු අසත්‍යයකි.

ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ ​දෝෂ මත මේ තත්ත්වය ඇති වූ බව දැන්වත් පිළිගත යුතුය. බාහිර හේතු මත ආර්ථික අර්බුදයක් ඇතිවූයේ නම් අනෙක් රටවල ද එසේ විය යුතුය. එහෙත් අනෙක් රටවල් ආර්ථික වර්ධන වේගයෙන් මෙන්ම විදෙස් මුදල් සංචිත රැස් කර ගැනීම අතින් ද පෙන්වා ඇත්තේ වර්ධනයකි. ඒ රටවල් එසේ වර්ධනයක් අත්පත් කරගෙන සිටින්නේ ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙනි. 

ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ලංකාවට අනතුරු අඟවද්දී රජය ඒ අනතුරු ඇඟවීම් මායිම් නොකර ඒ ආයතනවලට ගර්හා කළේය. ඒවා බටහිර කුමන්ත්‍රණ බව කියා පෑවේය. රට සතු විදෙස් සංචිත ක්‍රමයෙන් හිඳෙමින් පවතින බව දැක විදෙස් ණය ගෙවීම තාවකාලිකව නවතා තිබෙන ඩොලර් ටිකෙන් රටේ සහ ජනතාවගේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය ඛනිජ තෙල්, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නැයි ආර්ථික විශ්ලේෂකයෝත් ව්‍යාපාරික ප්‍රජාවත් රජයෙන් ඉල්ලා සිටියහ. එහෙත් ආණ්ඩුවත් මහ බැංකුවත් ඒ ඉල්ලීම් ඉවත දැමුවේ අලුයම ලූ කෙළ පිඩක් ලෙසිනි. එසේ කරමින් වහසි බස් දොඩමින් තිබූ ඩොලර් ටිකත් ණය ගෙවීමට වැය කිරීම නිසා රටේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් නැතිව බලා සිටියි. 

ඒ නිසා අද රටපුරා විදුලිය කැපෙයි. රට පුරාම පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් පෝලිම් පවතී. පෝලිම්වල සිටින පුරවැසියෝ මැරී ඇද වැටෙති. ඇතැම් අය ගහමරා ගනිති. පීඩිත ජනතාව රජයේ මැති ඇමැතිවරුන්ට පහර දෙති. රට ගිනි ගොඩක්ව පවතිද්දී ජනාධිපතිවරයා ජාතිය අමතමින් සුරංගනා කතා කියයි. රට ඇතුළේ නිපදවන භාණ්ඩවල මිල ද ඉහළ යයි. බස් ගාස්තු ඉහළ දමයි. ඛනිජ තෙල් හා ගෑස් මිල ඉහළ දමයි. ජනතාව එසේ දහ දුක් විදිද්දී මැති ඇමැතිවරු කිසිම කැපකිරීමක් නොකර සියලු වරප්‍රසාද භුක් ති විඳිති. ඒ පිළිවෙතින් ද ආණ්ඩුව තම අකෘතඥතාභාවය ප්‍රදර්ශනය කරයි. ආණ්ඩුවේ මෙම අදුරදර්ශී අත්තනෝමතික හා ප්‍රතිපත්ති නිසා දැනට පවතින ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් කරා මෝරා යනු නිසැකය. 

ජන ජීවිත එහෙන් ඇද වැටෙද්දී මෙහෙන් විදුලිය හා ඛණිජ තෙල් නැති නිසා කර්මාන්ත බිඳ වැටෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී ලක්ෂ ගණනකට රැකියා නැතිව ඔවුන් මහ පාරට ඇද වැටීමේ අවද‌ානමක් ද පවති. එසේ වූ කළ මා ඉහත කී සමාජ අර්බුදය ද උග්‍රවනු නියතය. සියල්ල එලෙස වන්නේ කළමනාකරණය කුමක්දැයි ආණ්ඩුව නොදන්නා හෙයිනි.

පවතින ආර්ථික අර්බුදවලට ප්‍රමුඛ හේතුව විදේශ විනිමය අනුපාතයත් විදේශ විනිමය සංචිතයත් කළමනාකරණය නොකිරීමය. අදූරදර්ශී විදේශ විනිමය ප්‍රතිපත්තිය නිසා විදෙස් රැකියා කරන අය බැංකු මාර්ගයෙන් මෙරටට මුදල් එවීම නවතා දැමූහ. ඇතැම් අය මෙරටට මුදල් එව්වේ නීති විරෝධී උණ්ඩියාල් සහ හවාලා ක්‍රම ඔස්සේය. අවසානයේ බොහෝ පිරිසක් ඒ ක්‍රම කරා ඇදී ගියහ. නීති විරෝධී ඒ ක්‍රම රටෙහි තහවුරු වූයේ මහ බැංකුවේ අදූරදර්ශී හා අධම විදේශ විනිමය ප්‍රතිපත්තිය නිසාය. 

ආණ්ඩුවත් මහ බැංකුවත් අවිදුර දෘෂ්ටිකත්වය නමැති රෝගයෙන් පෙළෙයි. එනම් ආණ්ඩුවටත් මහ බැංකුවටත් දුර නොපෙනෙයි. ආර්ථිකය මෙහෙය වන්නේත් දේශපාලනික න්‍යාය පත්‍රය මූලික කරගෙනය. ව්‍යාපෘති ලක්ෂයක් නමින් ක්‍රියාත්මක කරන්නේ ප්‍රාදේශීය දේශපාලකයන් අතට මුදල් ගලා යන ව්‍යාපෘතියකි. එහි අරමුණ මැතිවරණ වලින් ජය ලබා ගැනීමය. දිගින් දිගට මුදල් අච්චු ගැසීම නිසා උද්ධමන අනුපාතය සියයට 18 ක් දක්වා ඉහළ නැග තිබේ. 2021 පෙබරවාරි මාසයේ සිට 2022 පෙබරවාරි මාසය වෙද්දි ආහාර වර්ගවල මිල පමණක් 25% කින් ඉහළ ගොසිනි.

මේ ඉලක්කම් මගේ හිතළු නොව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්තය. ඒ මිල ඉහළ යාමට සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම ද හේතු වෙයි. 2020 ජනවාරියේ සිට 2022 ජනවාරිය දක්වා මහ බැංකුව ට්‍රිලියන තුනක් එනම් බිලියන 3000 ක් වටිනා මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබේ. මුදල් සැපයුම ඉහළ යනවිට එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ද ඉහළ යයි. 

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය නම් ආණ්ඩුව විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරගත යුතුය. මේ 2022 දී ඒ ඩොලර් බිලියන හයක විදෙස් ණය ගෙවීමට තිබේ. ඉන් එක් බිලියනයක් එළඹෙන ජුලි මාසයේදී ගෙවිය යුතුය. ඉන්දියාවෙන් ණය ගෙන තිබෙන්නේ ඛණිජ තෙල්, ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමටය. දිගින් දිගටම එසේ කළ නොහැකිය. ඒ නිසා ණය කළමනාකරණය කරගත යුතුමය.

අනෙක් පැත්තෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරගත යුතුය. ආණ්ඩුවේ වියදම්වල දැඩි පාලනයක් අවශ්‍ය වෙයි. විදෙස් ණය ප්‍රතිව්‍යූහ ගතකර ගැනීම සඳහා විදේශ සහාය අවශ්‍යය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යා යුත්තේ ඒ සඳහාය. රට පවත්වාගෙන යාමට මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගත යුතුය. ආර්ථිකය නිවැරැදි මාවතකට ගැනීම සඳහා ද මූල්‍ය අරමුදලට යාම ඉවහල් වෙයි. 

එසේම ආර්ථිකයේ විශාල ප්‍රතිසංස්කරණ කළ යුතුය. ආණ්ඩුව මූල්‍ය පාලනය ක්‍රමවත් කළ යුතුය. ඒ සඳහා බදු ව්‍යූහයේ සංශෝධන අවශ්‍ය වෙයි. 

විශාල වශයෙන් පාඩු ලබන තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, එයාර් ලංකා ගුවන් සමාගම වැනි රාජ්‍ය ව්‍යාපාරවල කළමනාකරණයෙහි ප්‍රතිසංස්කරණ කළ යුතුය. එක්කෝ ඒවා පෞද්ගලිකරණය කළ යුතුය. නැතිනම් ඒවා කළමනාකරණයට වෘත්තීමය වශයෙන් සුදුස්සන් පත්කර දේශපාලන ඇඟිලි ගැසීම් නවතා ඒ කළමනාකරුවන්ට ස්වාධීනව කටයුතු කිරීමටත් තීරණ ගැනීමටත් ඉඩ දිය යුතුය. එසේ කළහොත් ඒ ආයතන පවත්වාගෙන යාමට රාජ්‍ය අය වැයෙන් මුදල් දීමට සිදු නොවෙයි. ඛනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුය. 

දැන් රටේ තිබෙන්නේ ඒවා කිරීමට සුදුසු පරිසරයකි. ජනතාව මත දැඩි පීඩනයක් හා බරක් පැටවී පවතින්නට පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ද හේතුවී තිබේ. ඒ බව ජනතාවට තේරුම් කර දුන්නොත් ඒවායේ ප්‍රතිසංස්කරණවලට ජනතා සහාය ලබාගත හැකි වෙයි. පහළ ආදායම් ලබන ජනතාව මත පීඩනයක් එල්ල නොවීම සඳහා මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලට යා යුත්තෝ ඒ ඒ කේෂ්ත්‍ර පිළිබඳ විශේෂඥ වෘත්තිකයෝය.

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්

රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සම්මානික මහාචාර්ය ඩැනී අතපත්තු



අදහස් (6)

පාඩු රාජ්‍ය ආයතනවල පාපයෙන් ජනතාව මුදවමු

hewa Thursday, 24 March 2022 01:02 PM

මහාචාර්ය ඩැනී අතපත්තු.. ඔබට අපේ ප්‍රණාමය..!

:       1       3

Rakitha Thursday, 24 March 2022 02:37 PM

මේක සාමාන්‍ය දෙයක්...

:       2       1

Sahas Thursday, 24 March 2022 05:56 PM

යහපාලනේ කාලේ " හිටං" කාරයා අලුත් දීගෙක ගිහිල්ලා හදපු ආණ්ඩුවට කෙලවුණු වෙලාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව මාස ගාණක් රට ඇදගෙන ගියේ බුද්ධිමත් රජයේ සේවකයින් කියලා බයියන්ට, ටොයියන්ට අමතක වුණු ඉක්මන... එතකොට රටට අනවශ්‍ය, රටට බරක් වෙලා ඉන්නේ.. රාජ්‍ය සේවයේ බුද්ධිමතුන්ද අමන දේශපාලුවන්ද? හතු පිපිලා විනාශ වෙලා යන විදිහේ වගකීමක් නැති පුද්ගලික ආයතනවලට වඩා සේවා සැපයීම ප්‍රධාන අරමුණ කරගත් පරම්පරා ගාණක් තිස්සේ පවතින රජයේ ආයතන මහ ජනතාවට පොල්ල තියලා පැනලා යන්නේ නෑ..!!! රාජ්‍ය ආයතනවල මහන්සි වී සේවය කරන, රටට ආදරය කරන සේවකයින් හඳුනාගෙන ඔවුන් ඇගයීමේ සාධාරණ ක්‍රමවේදයක් මගින් රටටම ගොඩ යා හැකියි. නැතිනම් පාසල්, රෝහල් ආදියත් පුද්ගලීකරණය කළා නම් ඉන්දියාව වගේ වැඩි දෙනෙක්ව මග හලලා මහා රාජලා දෙතුන් දෙනෙක් එක්ක හඳටත් යන්න පුළුවන් !!!

:       13       5

chalilaa Thursday, 24 March 2022 08:39 PM

මෙම රාජ්‍ය සේවා පිළිලය උඩුදුවා හමාරය. ඔවුන්ව ගලවා දැමීම කළුගලේ ඔලුව ගසා ගැනීමක්මය. ඔවුන් තම ඩිග්‍රි සහතිකය මත සිට රටේ බදු සල්ලි, ඕටී, බටා ලෙස ගසාකමින් සිටී...

:       1       10

Rohana Friday, 25 March 2022 09:04 AM

මේ ආණ්ඩුවේ ආර්ථික කලමණාකරණය අන්තිමයි. යමක් ගැන දැනුමක් තේරුමක් තියෙන අයගේ උපදෙස් පිළිපැදීමකින් තොරව හිතුවක්කාරී ක්‍රමයකට රට පාලනය කිරීමට යාමෙන් මේ අර්බුද ඇතිවී ඇත. එනම් කාබනික වගාවට එක්වරම යොමුවීමෙන් රටේ වී, තේ වැනි නිෂ්පාදන පහත වැටුණු අතර සහල් සැපයුම අඩුවීම නිසා මිලගණන් ඉහළගිය අතර තේ අපනයන ආදායමද පහත වැටුණි. විනිමය අනුපාත ස්ථාවර කිරීමට ගොස් එයින් අයහපත් ආර්ථික ප්‍රතිඵල ලබාදීම, නැවත පාවෙන විනිමය අනුපාත ක්‍රමයට පැමිණිමෙන් පසු විනිමය අනුපාත වේගයෙන් ඉහල ගොස් රුපියල දැඩිලෙස අවප්‍රමාණය විය. එමගින් ආනයන මිල ඉහළ ගියේය. මීට අමතරව අතිවිශාල මුදලක් අච්චු ගසා රජයේ වියදම් එමගින් පියවන්නට යාමෙන් උද්ධමනය ඉහළ ගියේය. බදු සහන තුළින් රාජ්‍ය ආදායම අහිමිකර ගත්තේය. තවත් මෙවැනි අහිතකර ප්‍රතිපත්ති අනුගමනය කිරීම මගින් රටම අර්බුදයක් කරා ගෙන ගියේය. මහාචාර්ය අතපත්තුගේ අදහස් සමග සම්පූර්ණයෙන් එකඟවිය හැකිය.

:       1       13

Nuwan Friday, 25 March 2022 10:35 AM

රාජ්‍ය ආයතන වලට විද්වතුන් පත්කොට ඵලක් නැත. ඒ පාඩම ආයෝජන මණ්ඩලයෙන් උගත්තෙමු. ඇතුළේ කුණු වෙවී ඉන්න අය වැඩ කරන්න දෙන්නේ නෑ. පුද්ගලීකරණයට ලක් කිරීම මගින් ඔය පිළිල කපා දමන්න පුළුවන්. ටෙලිකොම් පුද්ගලීකරණයට ලක්කරන කොට කට්ටියකට පෙන්ෂන් දුන්නා. ජපානයට 51% දීලා කලමනාකරණය බා‍ර දුන්නා. බලන්න ලබපු දියුණුව. රාජපක්ෂලා ඒවා ඔක්කොම ආයේ පවරාගෙන බලන්න කරපු විනාසේ...

:       0       15

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site