කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ඩේලි මිරර් පුවත්පතෙන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කෘෂිකාර්මික අංශයේ පවතින වර්තමාන අර්බුදය සම්බන්ධයෙනුත්, චීන සමාගමක් වෙතින් ආනයනය කරනලද පොහොර සාම්පලවල හානිකර බැක්ටීරියා වර්ග සොයාගැනීම නිසා හටගත් ගැටලුව සම්බන්ධයෙනුත් කරුණු කියා සිටියේය. කෘෂි අංශයේ විශේෂඥයකු වූ ඔහු වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාය. මේ එම සම්මුඛ සාකච්ඡාවය.
ප්‍රශ්නය:- පොහොර හිඟය සම්බන්ධයෙන් ගොවීන් උද්ඝෝෂණය කිරීමත් සමඟ කෘෂි අංශයේ අර්බුදයක් හටගෙන තිබෙනවා. ඔබ එම අර්බුදයට විසඳුම් දෙන්නේ කෙසේද?
පිළිතුර:- කෙටි කාලයකදී එය ගැටලුවක් තමයි, ඊට හේතුව ගොවිජනයා සහ අනෙකුත් ව්‍යවසායකයන් රසායනික පොහොර යෙදවීමට පුරුදු වී සිටීමයි. පසුගිය දශක තුන හතරේදී සිදුවුණේ දොරකඩටම පොහොර බෙදාහැරීමයි. එවිට තමන්ගේ හිතේ හැටියට තමන්ට රිසි ප්‍රමාණයෙන් ඒවා තමන්ගේ කුඹුරුවලට යෙදුවා. පොහොර සහනාධාර පවා ලබා දුන්නා. ඔවුන් ඒවායේ සැබෑ වටිනාකම පවා ගෙව්වේ නෑ. මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් අපට, ගොවීන්ට දොස් කියන්නට බැහැ. ඔවුන් ඒවාට හුරුවී ඉන්නේ. ඔවුන්ට නිර්දේශයේ හෝ ගුණාත්මක බවේ ගැටලුවක් නෑ. ඔබ බෝග වගා කළහොත් ඊට එන්.පී.කේ. අවශ්‍යයි. ශාක කිසි දෙයක් දන්නෙ නැහැ. ශාකවලට සංවේදනයක් නැහැ. ඒවාට පෝෂණය පමණයි අවශ්‍ය. මෙරටේ පෝෂණය හඳුන්වන්නේ පොහොර නමිනුයි. පොහොර යූරියා, ටීඑස්පී සහ එම්.ඕ.ජී. වශයෙන් නම් කෙරෙනවා. වී ගොවීන් වගා කරද්දී පොහොර වලට කියන්නෙ යූරියා කියලයි. ලූනු, නැත්නම් අල වගා කරන උඩරට ගොවීන්ට පොහොර කැට ලෙසටයි පෙනෙන්නේ. ඔවුන් ඒවා හඳුනාගන්නේ පාටින්. ඔවුන් තමන්ගේ භාෂාවෙන් ඒවා ‘‘දම්කැට’’ ‘‘නිල් කැට’’ ආදී නම් වලින් හඳුන්වනවා. මේ අහිංසක ගොවීන් වගා කළ විට ඔවුන්ට එයින් නිෂ්පාදනයක් අවශ්‍යයි. ඒ සඳහා ශාක පෝෂක ඔවුන්ට තිබිය යුතුයි. ඔවුන්ට පුරුදු විදිහට ඒක නොලැබුණාම ඔවුන් උද්ඝෝෂණය කරනවා. ඒ අතර අප මෙම ගැටලුව විසඳිය යුතුයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ කෘෂි කර්මාන්තයයි.
ප්‍රශ්නය:- මෙයට අදාළ ප්‍රායෝගික තත්ත්වය ඔබ පෙන්වා දුන්නා. එහෙත් මාස් කන්නයට මාස, දෙක තුනක් තිබියදී රජය කාබනික වගාව හඳුන්වා දෙන්නට පටන් ගත්තා. ඇයි එසේ කළේ?
පිළිතුර:- ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ‘‘සෞභාගයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන විට පරිසර හිතකාමී ශාක පෝෂක ක්‍රමය භාවිතාව තුළින් යා යුතු බව අප පැහැදිලිව ප්‍රකාශ කළා. එසේ කළ යුතු වූයේ විෂ සහිත තත්ත්වයෙන් බාල සහ කෘත්‍රිම පොහොරවලට ආදේශකයක් ලෙසයි. එහි තේරුම අප විෂ සහිත පොහොර භාවිතා කරන සංස්කෘතියකින් පරිසර හිතකාමී, විෂ රහිත ස්වභාවික, තත්ත්වයෙන් උසස් ඉහළ අස්වැන්නක් ලැබෙන පොහොර භාවිතයට මාරු විය යුතුය යන්නයි. ඒ ස්වභාවික කාබනික පොහොරයි. අප කාබනික කෘෂිකර්මය ප්‍රවර්ධනය කරනවා. කෘෂිකර්මය සහ පොහොර යනු කාරණා දෙකක්. කාබනික කෘෂි කර්මය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනා කරනු ලැබුවා. එය කෙටුම්පත් කරන්නට මමත් දායක වුණා. එය දශකයක කාලයකදී ළඟාවිය යුතු ක්‍රියාමාර්ගයක්. රසායනික පොහොර භාවිතය නිෂේධ කරන බව ගැසට් නිවේදනයකින් දැනුම් දුන්නා.
මා හිතන්නේ වැරදි උපදේශයක් පදනම් කරගෙන එසේ කළ බවයි. ඊට මා වගකිවයුතු නැහැ. ජනාධිපතිවරයා ඊට වගකිවයුතු නැහැ.
ඉහළම දේශපාලන මට්ටමේ තීරණ ගන්නා අයට අප උපදෙස් දෙනවිට එය නිසි ආකාරයකට ඉටු විය යුතුයි. මෙය මෙසේ සිදුවිය යුතු නැති බව මා විශ්වාස කරනවා. දැන් අප එම දෝෂය නිවැරදි කරන ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා. අප රජයටත් දොස් කියන්නේ නැහැ. හේතුව ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා හෝ එය හිතා මතා කළ දෙයක් නොවෙයි. සමහර විට කාබනික කෘෂිකර්මාන්තයේ සුන්දරත්වය අධිතක්සේරුවට ලක් කළා විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස පෙර කාලයේ පැවති කෘෂිකර්මාන්තය ගැන අතෝරක් නැතිව දොඩවනවා. පසුගිය දශක තුනේ අත්දැකීම්ලත් කෘෂිකර්ම විශේෂඥයකු ලෙස මා විශ්වාස කරන්නේ ඒ ආකාරයට වැරදි උපදෙස් දෙන බවයි. එය රසායනික පොහොර නිෂේධ කර (අවලංගු කර) දැමීමක් විය යුතු නැහැ. එය පරිසර හිතකාමී ශාක පෝෂක ආනයනය කිරීමට ඉඩ දීමක් විය යුතුයි. ගැසට් නිවේදනය එම වචන භාවිතා කර සිදු කළේ නම් අද රටේ යහපත් තත්ත්වයක් පවතී වි. එසේ නම් අපට වඩා හොඳින් වැඩ කර ගෙන යන්නට හැකියාව තිබුණා. අපට වැඩ කරන්නට සිදුවී ඇත්තේ වැරදිසහගත ලෙස අර්ථ ගැන්වූ ප්‍රතිපත්තියක් මතයි. අප දැන් දේශපාලන ක්‍රමයේ සහ පරිපලාන ක්‍රමයේ ආශිර්වාදය සමඟ එය නිවැරදි කිරීමට උත්සාහ ගන්නවා.
ප්‍රශ්නය:- ඔබ එම තීරණය නිසි පරිදි නැවත සකස් කරන්නට යන්නේ කෙසේද?
පිළිතුර:- අප ජනාධිපති, අමාත්‍යවරුන්, පර් යේෂකයන් සහ පරිපාලකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී පවා මෙම ගැටලුවෙන් ගොඩ ඒමට අප සැලැසුම් සකස් කර තිබෙන බව අප පැහැදිලිව සඳහන් කළා. අපට අනවශ්‍ය, විෂ සහිත පොහොර වෙනුවට ප්‍රමිතියෙන් යුතු ජීව පොහොර ආදේශ කළ හැකියි. යූරියා විෂ ද්‍රව්‍යයක් නොවෙයි. එය වෙනත් කර්මාන්තවලදී භාවිතා වෙනවා. අප පමණට වඩා යම් දෙයක් භාවිතා කළහොත් එය හානිකර විය හැකියි. අප දැන් පොහොර යෙදීම් ක්‍රියාපිළිවෙළ සහ ගොවීන්ට පුහුණු සැසි පැවැත්වීමෙන් ප්‍රමිතිය ඉහළ නැංවීමට සූදානම් වෙනවා. එය සමස්ත සැලසුම් රටාවක්. අපට ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. අපට ආහාර සුරක්‍ෂිතතාව අවශ්‍යයි. දැන් මහ කන්නය ආරම්භ වී තිබෙනනවා. අපගේ ප්‍රතිපත්තියේ යම් එකඟතාවක් පවත්වා ගැනීම දැන් අවශ්‍යයි. යම් වරදක් සිදු වූවා නම් එය නිවැරදි කිරීම මගේ රාජකාරියයි. රජයේ ප්‍රතිපත්ති තුළින් යාමට අපට අවශ්‍යයි. ඒ අතරට අප කෘෂිකර්මාන්තය ආරක්‍ෂා කර ගැනීමද කළ යුතුයි.
ප්‍රශ්නය:- දැනට පවතින තත්ත්වය යටතේ ගැටලුව විසඳා ගැනීම කෙතරම් දුරට අභියෝගයක් වේද?
පිළිතුර:- එය අභියෝගයක්. මා මෙතැනට ඇවිත් යම්තමින් මාස හතරක් ගත වුණා පමණයි. ආරම්භයේ මා ද වික්‍ෂිප්ත භාවයට පත් වුණා. මිතුරන් සමඟ මා අභියෝගයට මුහුණ දිය යුතුයි. පවතින ක්‍රමය තුළ එය කරන ආකාරය මා දන්නවා. ඒ බොහෝ අය මගේ ගුරුවරුන්. සෙසු අය මගේ මිතුරන්. මට ඒ අයගේ සහයෝගය ලැබෙනවා. ඒ සමඟ මට උපදෙස් රාශියක් සහ විවේචන ලැබෙනවා. රජයේ ප්‍රතිපත්තියට ගරු කරන අතරම අප කාබනික වශයෙන් ප්‍රභවය ලබන ශාක පෝෂක වෙත යොමුවිය යුතුයි. අප ඊළඟ අවධියට පැමිණි විට අනෙක් රටවල් පවා පිළිගන්නා, ගුණාත්මක බවෙන් උසස් තුන්වැනි පරම්පරාවේ පොහොර අපට ලැබෙනවා. ඒවා අතිනවීන නිෂ්පාදන. ඒවා ශ්‍රී ලංකාවට එන්නේ අපගේ කාබනික පොහොර නිෂ්පාදනය මුළු වී වගාවටත් අනෙකුත් අංශවලටත් ප්‍රමාණවත් නොවන නිසයි. අප වර්ධනය කර තිබෙන්නේ සියයට 30ක් පමණයි. ඉතිරි කොටස අප ආනයනය කළ යුතුයි. අප ඒවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට සූදානම්. අප සියලුම නිෂ්පාදන පරීක්‍ෂණයට ලක් කර තිබෙනවා. ඒවා ඉතා හොඳයි. එවා මෙහි ගෙනන ක්‍රියාමාර්ගයක අප නිරතව සිටිනවා. ඒවා දුටු විට ගොවීන් සතුටු වන බව මට සහතිකයයි. ගොවීන් කියන්නෙ ගොවීන්. ව්‍යාපාරිකයන් කියන්නේ ව්‍යාපාරිකයන්. පාරිභෝගිකයන් කියන්නේ පාරිභෝගිකයන්. අප පොහොර සපයනවා. ඒ සමගම අප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් සිදු කරනවා. අප මෙහි ගෙන එන නිෂ්පාදනය නැනෝ තාක්‍ෂණය පදනම් කරගත් නිෂ්පාදනයක්. ඒවා ඉන්දියාවේ බහුලව භාවිතා වෙනවා. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පවා ඒවා ප්‍රවර්ධනය කරනවා.
සැමවිටම ආනයනය කිරීමට අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය එවැනි නිෂ්පාදන මෙහි නිෂ්පාදනය කිරීමටයි. ඊළඟ අවුරුද්දේ අපේම නිෂ්පාදන දියුණු කළ හැකි වේ යයි අප බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය:- දැනටමත් සමහර ගොවීන් බඩ ඉරිඟු වැනි දෑ වගා කිරීම නවතා දමා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අස්වනු අඩුවුවහොත් ඔබගේ ප්‍රතිචාරය කුමක් වේද?
පිළිතුර:- ඒ ගැන තමා අප සැබෑ ලෙස කනස්සල්ලට පත් වෙන්නේ. ක්ෂේත්‍රයට යාමට පෙර ගොවීන්ට යම් තක්සේරුවක් තිබෙනවා. පොහොර සහ වෙනත් යෙදවුම් නොදැක ඔවුන් කුඹුරට බැස වැඩ කරන්න තරමක් අකමැති වෙනවා. ඊළඟ අවුරුදු 10 ඇතුලත සියල්ල හරියාවි. ගොවීන් අතර ධනාත්මක මානසිකත්වයක් ඇති වේවි. අප පරිපාලකයන් බව සැබෑවක්. සියලුම පරිපාලකයන් ශ්‍රී ලාංකිකයන්. කීයටවත් ඔවුනට කෘෂිකාර්මික පද්ධතිය විනාශ කිරීමට අවශ්‍ය නැහැ. ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කරන බව ජනාධිපතිවරයා නිවැරදිව කියා සිටියා. ඔවුන්ට අවශ්‍ය හැම දෙයක්ම කරනවා. අපට අපගේ ආහාර සුරක්‍ෂිතභාවය ආරක්ෂා කර ගන්නට හැකිවේවි. බඩ ඉරිඟු වගාවේ යම් අඩුවීමක් සිදුවී තිබෙනවා. මේ බඩ ඉරිඟු කාලයයි. පොහොර නැතිනම්, එය ගැටලුවක්. සති දෙකක කාලයක් තුළ එම ගැටලුවට විසඳුම් දිය හැකි බව මට ස්ථිර ලෙස කිව හැකියි. දැනට තිබෙන පොහොර තොග මුදා හරින ලෙස අමාත්‍යවරයාද උපදෙස් දී තිබෙනවා.
ප්‍රශ්නය:- බඩ ඉරිඟු යනු අප සත්ව ආහාරයක් ලෙස භාවිතා කරන්නක්. සත්ව ආහාර හිඟ වූ විට එය සත්ව නිෂ්පාදනයන්ට බලපානවා. විශේෂයෙන් කුකුළු පාලනයට අදාල නිෂ්පාදනයන්ට එම ගැටලුවට ඔබ විසඳුම් දෙන්නේ කෙසේද?
පිළිතුර:- මේ සම්බන්ධයෙන් අප ඉහළ මට්ටමේ සාකච්ඡාවක්, මුදල් අමාත්‍යාංශය සහ කෘෂිකර්ම පරිපාලකයන් සහ අමාත්‍යවරුන් දෙදෙනා සමඟ පැවැත්වූවා. බඩ ඉරිඟු හිඟ වුවහොත් එය සත්ව නිෂ්පාදනවලට බලපානවා. බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් ගැටලුවක් වේ නම් එම අඩුව පුරවාලිය යුතුයි. සත්ව නිෂ්පාදන කර්මාන්තයට එය බලපාන්නට දෙන්නට අපට බැහැ. ජනයා ඉක්මනින්ම ඒවා වගා කිරීම අරඹතැයි මා විශ්වාස කරනවා. අපේ සැළසුම් ක්‍රියාත්මක කරන්නට වසංගතයද බලපෑවා. අවශ්‍ය සම්පාදනයන් කිරීමට අවාසිසහගත වාතාවරණයකයි අප සිටියේ. එන්නත්කරණ ක්‍රියාමාර්ගයත් සමඟ සියල්ල ක්‍රියාත්මකයි. අප මඳක් වේගවත්ව යා යුතුයි. බඩ ඉරිඟු වගාව ක්‍රමවත් වේවි. අප බඩ ඉරිඟු හෙක්ටයාර් ලක්‍ෂයක් වගා කිරීමට ඉලක්ක කළා. ඉන් 80,000ක් වගා කර ඇතැයි මා සිතනවා. ඉතිරි බිම් කොටස් පොහොර පැමිණි පසු වගා කරාවි.
ප්‍රශ්නය:- කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කර ඇතැයි ඔබ පැවසුවා. හානිකර බැක්ටීරියා හඳුනාගැනීම සඳහා අපට ප්‍රමාණවත් පර් යේෂණාගාර පහසුකම් තිබේද?
පිළිතුර:- එය හොඳ ප්‍රශ්නයක්. අපගේ නිරෝධායන පර් යේෂණාගාර, පර් යේෂණ පවත්වන්නේ පළමු වතාවට නොවෙයි. අපට ඉතා හොඳ ශාක ආරක්‍ෂණ ඉතිහාසයක් තිබෙනවා. අනවශ්‍ය රෝග කාරක රට තුළට ගෙන ඒම වැළැක්වීමේ වගකීම එම වෘත්තියේ යෙදී සිටින අය කිසිවිට පැහැර හැරියේ නැහැ. ඔවුන් ඔවුගේ රාජකාරිය කරනවා. මා සැබවින්ම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. කුමන හෝ රෝගකාරකයක් පැමිණිය හොත් එය මහ විනාශයක්. එය වැළැක්වීමට ඔවුන්ට පහසුකම් තිබෙනවා. අනෙක් රටවල මෙන් එම පහසුකම් සියයට 100ක් තිබේ යන්න ඉන් අදහස් වන්නේ නෑ. අපට තවත් නවීන උපකරණ අවශ්‍යයි. අපට මූල්‍යාධාර ලැබුණා. එම පහසුකම් තිබෙන බව මට සහතිකයි. එහෙත් දැනට තිබෙන පහසුකම් වලින් ඔවුන් කාර්යභාරය හොඳින් ඉටුකරනවා. එම පහසුකම් වලින් ඔවුන්ට නිවැරදි වාර්තා ලබාගන්න පුළුවනි. අපගේ රටේ ශාක හා සත්ව ආරක්‍ෂණ ක්‍රමය ප්‍රබලයි. ඔවුන් අවභාවිතයේ යෙදෙන්නේ නෑ.
ප්‍රශ්නය:- චීනයෙන් ආනයනය කරන ලද කාබනික නයිට්‍රජන් නිස්සාරණ නියැදි ප්‍රතික්‍ෂේප කිරීම නිසා අර්බුදයක් හට ගත්තා. එවැනි ද්‍රව්‍යවල අඩංගු හානිකර බැක්ටීරියා පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව සම්පූර්ණ වන්නට අවම වශයෙන් දින 67ක් වත් ගතවන බව චීන තානාපති කාර්යාලය කියා සිටිනවා. එහෙත් ශ්‍රී ලංකා නිරෝධායන සේවා සැලසුම විසින් එය දින 03ක් ඇතුලත හමාර කර තිබෙනවා. සමාගම ඒ ගැන විරෝධය පානවා. එම ගැටලුව ඔබ විසඳන්නට බලාපොරොත්තුවන්නේ කෙසේද?
පිළිතුර:- මට ලැබුණු තොරතුරු අනුව මා හොඳින් දන්නා මට්ටමෙන් මෙම තාක්‍ෂණික ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පැලෑටි ආරක්‍ෂණ විශේෂඥයන් සහ ඔවුන්ගේ කණ්ඩායම විසින්.
සාකච්ඡාව - කැළුම් බණ්ඩාර
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෝර මාරුව කඩිමුඩියේ සුදුසු නැහැ
sena Tuesday, 26 October 2021 10:19 AM
"සියලුම පරිපාලකයන් ශ්‍රී ලාංකිකයන්. කීයටවත් ඔවුනට කෘෂිකාර්මික පද්ධතිය විනාශ කිරීමට අවශ්‍ය නැහැ." - මේක මොනතරම් බොරුවක්ද.?
Nuwan Tuesday, 26 October 2021 11:23 AM
මෙච්චරකල් කොහෙද හිටියේ.
lakvidu Tuesday, 26 October 2021 05:58 PM
ඉස්කෝලෙ මෙයා හිටියෙ මගෙ පන්තියේ, හොස්ටල් එකේ අල්ලපු ඇදේ...., කරන වැඩ ගැනයි, කියන දේවල් ගැනයි මටම ලැජජයි. මීට දින කීපයකට කලින් ලංකාදීප පුවත්පතටම මොහු කියා සිටියේ මේ පිලිබද වු උපදේශන කමිටුවට ඔහුත් සිටි බවයි!
චන්දිම ෆොන්සේකා Wednesday, 27 October 2021 07:48 AM
ඔය වැරදි උපදේශය දීපු අය අතර දැනට වයඹ උගන්නන තව මහාචාර්ය කෙනෙක් මම දැක්ක රජයේ රුපවාහිනී සාකච්චාවකදී කියනවා මෙහෙම කතාවක්. 60 දශකයේදී එතෙක් පැවති ගොවිතැන රසායනික පොහොර පලිභෝධ නාශක යොදා කරන ක්‍රමයට හුරුවෙන්න ගතවුනේ මාසයක් දෙකක් වගේ කාලයක්ලු .එහෙනම් අපිටත් පුළුවන් ඕක ඒවගේම කෙටි කාලයකින් අනිත් පැත්තට ආපහු හරවන්න කියලා. ඔන්න ඔය වගේ මෝඩ තර්ක දාපු මෝඩ උගත්තු තමයි කඩිමුඩියේ මේක අවුල් කලේ. මිනිහා ළඟදිත් කතා කරනවා මම දැක්කා. මේ අනුවණ අය නැතිනම් මේක හෙමිහිට පිළිවෙලට සාර්ථකත්වය කරා ගෙනියන්න තිබුනා.
shalitha Wednesday, 27 October 2021 04:38 PM
ගොවි බිමේ ගොවියට තේරෙන දේ තේරුම් ගන්න බැරි නිලධාරීන් පත් කරලා ඒ මදිවට වියතුන් යැයි කියාගන්නා කිසිඳු ප්‍රායෝගික දැනුමක් නැති උද්දච්ච මිනිසුන් කොටසක් උපදෙස් දෙමින් මේ කරන්න යන්නේ මහා විනාශයක්.