IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පොල්කට්ටෙන් බොන දිය බිඳක රස

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය ආරම්භයේදී ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ජෝන් ඩොයිලි, සිංහල භාෂාවෙන් චතුරව කතා කළ හැකි, සිංහලෙන් කවි පබැඳිය හැකි, තම නිවසේ විවේකීව සිටින විට සරමකින් පමණක් සැරසී උඩුකය නිරාවරණව මඳ පවනේ සිසිල විඳිමින් සිටි බව ඉතිහාසය කියැවූවෝ දනිති. ජෝන් ඩොයිලි ඉංග්‍රීසි ජාතිකයකු වූවද සිංහල සංස්කෘතියට බෙහෙවින් අනුගතව සිටි අයෙකි. බොහෝ සෙයින් ආදරය කළ අයෙකි.

එදායින් වසර 200 කට පසුවත් එංගලන්ත ජාතිකයෝ ශ්‍රී ලංකාවේ ගැමි සංස්කෘතිය ආදරෙන් වැළඳ ගනිති.

හැන්දෙන් ගෑරුප්පුවෙන් කන බොන එක්සත් රාජධානියේ, බ්‍රැඩ්ෆෝඩ් සරසවියේ සිසු පිරිසක් පසුගියදා  බෙලිහුල්ඔය ප්‍රදේශයේ අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින් පොල්කටුවෙන් දිය බීවෝය.

ශ්‍රී ලංකාවේ සිංහල ගැමි සංස්කෘතියට අනුගත වෙමින්,  ප්‍රදේශයට ආවේණික ආහාර රස බලන්නටත්, පොල්කටුවෙන් දිය බීමටත්,  පාවහන් ගලවා අතට ගෙන වෙල් නියර පිට ඇවිද යමින් සීලෝගම සංචාරක ගම්මානයේදී විවිධ  සංස්කෘතිකාංග හා සම්බන්ධ වීමටත්  මෙම පිරිස නොපැකිළවම ඉදිරිපත් වූහ.

සබරගමුවේ ස්ථාපිත ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමට පැමිණි ඔව්හු එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පීඨයේ සිසු පිරිසකි.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය  විසින් එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති පීඨයේ සිසුන්ගේ අධ්‍යයන චාරිකාව  සති තුනක කාලයක් සඳහා පවත්වන ලදී.  විශ්වවිද්‍යාල දෙක අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ මෙම වැඩසටහන පවත්වන ලැබූ අතර දේශන මාලා,  අධ්‍යයන චාරිකා, සංස්කෘතික අධ්‍යනයන්, ප්‍රජා සත්කාර වැඩසටහන් ආදිය ඇතුළත් විය. ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයලයේ ගිම්හාන වැඩසටහනට සත්කාරකත්වය සපයන ලදී.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය හා එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයත් අතර අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ  උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදය රත්නායක, උපකුලපති මහාචාර්ය විශාන්ත් වීරක්කොඩි, ග්‍රීෂ්ම වැඩසටහනේ සම්බන්ධීකාරක මහාචාර්ය රංගන ශාලික සහ ප්‍රදේශවාසීන් අනෙකුත් සියලුම පාර්ශ්ව විසින් ලබා දුන්  සහයෝගය මත  වැඩසටහන සාර්ථකව පැවැත්වීමට හැකිවූ බව කළමනාකරණ අධ්‍යයන පීඨයේ පිඨාධිපතිමහාචාර්ය අතුල ඥානපාල මහතා සඳහන් කළේය.

 



අදහස් (4)

පොල්කට්ටෙන් බොන දිය බිඳක රස

මැක්ස් Thursday, 02 November 2023 01:05 PM

සිංහල ගැමි සංස්කෘතිය උගෙනීමට පැමිණි එංගලන්ත වැසියන් සාදරයෙන් පිලිගන්නත් ඔවුන්ට අපගේ රට සහ එහි සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාදීමට කටයුතු කිරීමත් අගනේය. කෙසේ වුවත්, ලිපිය ආරම්භයේ ජෝන් ඩොයිලි පිළිබඳ ඇති කොටස ගැන නම් ලේඛකයා තව දුර කල්පනා යුතුයි. මක්නිසාදයත්,ඩොයිලි සිංහල බස උගෙන ගත්තේත්, සිංහල සංස්කෘතිය හා බැඳුනේත්, හාමුදුරුවන් සමග පයුරු පාසානයන් කළේත් සටකපට කමින් උඩරට බලය අල්ලා ගැනීමට මිස අපට ඇති ආදරයකට නොවන නිසායි. ලිපිය අප රටේ ඉතිහාසයට අදාළ දෙයක් නොවූවත්, ඩොයිලි පිළිබඳ සඳහන් කර ඇති නිසයි මෙම සුහද මතක් කිරීම...!

:       1       42

සරත් කුමාර Thursday, 02 November 2023 01:29 PM

සුද්දො අපි වෙන්ඩ කැමතියි.. අපි සුද්දො වෙන්ඩ කැමතියි.. අනේ මන්දා..!

:       0       28

Uween De Silva Friday, 03 November 2023 07:52 PM

ඉංග්‍රීසි නැත්තං අද ලංකාව ඇෆ්ගනිස්ථානයට අන්ත වෙන්න තිබ්බා. අඩුම තරමේ බස් එකක්වත්, කොච්චි පෙට්ටියක්වත් හැදුවාද? ලංකාවටත් තිබ්බා හොංකොං රාජ්‍ය වගේ රට ටිකක් දියුණු වෙනකං බ්‍රිතාන්‍ය එක්ක ඉඳලා නිදහස් වෙන්න...

:       0       0

upul Wednesday, 08 November 2023 08:09 AM

ඔව් මැක්ස් ඒක තමයි ඇත්ත කථාව...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 357 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 744 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1087 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1442 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site