IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පාසල් දිවියේ පළමු දිනය මඩුවක

කාංචන කුමාර ආරියදාස

දඹුල්ලේ  තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ 2018 පළමු වසරට ඇතුළත්  වු දරුවන්ට  මුල් දිනයේම (15) තාවකාලිකව මඩුවක සැකසු පන්ති කාමරයක ඉගෙනීමට  සිදුවු සෝචනීය පුවතක්  වාර්තා විය.

පළමු වසරේ  සිට පස්වැනි  ශ්‍රේණිය දක්වා  පන්ති පැවැත්වෙන වසර  1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ  ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත්  නොවීම සහ අබලන්  වීම නිසා  මෙදින පාසලට  ඇතුළු වු පළමු  වසරේ දරුවන්ට  මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට  සිට පන්ති  පැවැත්වීම සිදුව ඇත.

මෙම දරුවන්ගේ  මව්පියන් හඬා වැටෙමින්  කියා සිටියේ  දහසක්  බලාපොරොත්තු පොදි බැඳගෙන මඩුවකට දරුවන් ඇතුළත් කිරිමට  ලැබීම පිළිබඳව කණගාටුවන බවයි. තාවකාලිකව මඩුවේ  දුවිලි කෘමි සතුන් සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ. 

1 වසරේ සිට  පස්වැනි වසර  දක්වා  ළමුන්  සියයක්  පමණ ඉගෙන ගන්නා  මෙම පාසලේ ගුරු හිඟයක් නැතත්  ගොඩනැගිලි හිඟය නිසා  මේ තත්ත්වය උදා වී  තිබේ. මෙදින අලුත් ඇඳුම් ඇඳගෙන ජිවිතේ  පළමුවැනි  දින පාසලට  පැමිණි  දරුවන්ට  තාවකාලිකව මඩුවක සිටිමට සිදුවීම සිසු දරු දැරියන්ට නොතේරුණ ද මව්පියන්ට  එය වේදනාකාරි සිද්ධියක්  බවට එහි ගිය අපට දැක ගැනීමට  හැකිවිය.

මෙම විද්‍යාලයේ ඇති  ගොඩනැගිලි  දෙකක සිසු දරු දැරියන්ට ප්‍රමාණවත්  නොවන බවත්  මේ වනට  විදුහල්පති කාර්යාලය අබලන් වී කඩා  වැටීමේ  අවදානමකට පත්ව තිබෙන අයුරුද හි ගිය අපට  මව්පියන්  විසින් පෙන්වන ලදී.

මේ පිළිබඳව විදුහල්පති ඩී.මැණිකේ මහත්මියගෙන් විමසු විට  ඇය කීවේ  මීට පෙර පළමු ශ්‍රේණියේ  පන්ති පැවැත්වුයේ  විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ලේ පිහිටි සිසු දරු දැරියන් රංගන ඉදිරිපත්  කරන උස් වේදිකාවේ  ස්ථානයක බවයි. එම ස්ථානයේ පන්ති පවත්වනවාට  අකමැත්ත ප්‍රකාශ  කිරිමත්  සමඟ තමන්ට  දෙමව්පියන් මෙවර  එම ස්‍ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට  දෙම්පියන්ගේ හඬට  සවන් දීමට  සිදු වු බවයි.

මීට  පෙර පාසලේ සිටියේ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයක් බවත් ගුරුවරුන්ගේ  දක්ෂතා  නිසා  දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමඟ ගම්මානයේ  සියලුම දුවා දරුවන් පාසලට  ඇතුළත්  වීමෙන් ඉඩකඩ ප්‍රශ්න මතුවු  බවයි.

ශිෂ්‍යත්ම විභාගයෙන් මෙන්ම විවිධ තරග විභාගවලින් භාෂා ත්‍රිත්වයෙන්ම දක්ෂ දරුවන් බිහි කිරිම නිසා  දෙමව්පියන් පාසලට  තම දරුවන්  ඇතුළත්  කිරිමට  පෙළඹී සිටින බවද ඇය වැඩිදුටත් සඳහන් කළාය.

පවතින ගොඩනැගිලි  හිඟය පිළිබඳව තමන් අදාල බලධාරීන්ට දැනුවත්  කර  තිබෙන බවත්  ඉදිරියේ දී  ගොඩනැගිල්ල ලබාදීමට  පොරොන්දු  වී  තිබෙන බවත් ඇය කීවාය. 

අලුතින්ම ඇතුළු වු පාසල් සිසු දරු දැරියන්ව තාවකාලිකව මඩුවේ  ඉගෙනීම් කටයුතු සිදු කරද්දී  කුහුඹුවන්  දෂ්ට  කරන ආකාරය අපට දැකගැනීමට  හැකිවිය. දෙමව්පියන්  කියා සිටියේ  කවුරුන් හෝ ඉදිරිපත්  ව තම පාසලට  කුඩාවට  හෝ පන්ති  කාමරය සකසා  දෙන ලෙස ඉල්ලීමක්  කරන බවය. 



අදහස් (15)

පාසල් දිවියේ පළමු දිනය මඩුවක

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 06:31 AM

අවුරුදු 70ක සංවර්ධනයේ ප්‍රථිඵල​. කෝටි ගනන් මුදල් කාබාසිනියා කරලා ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොලවල් හදන්නේ නැතුව මේ වගේ අසරණ දරුවන් ඉන්න පාසැල් වලට පන්ති කාමර ටිකක් හදලා දුන්නනම් මොන තරම් දෙයක්ද​? මහත්මා ගාන්ධිතුමා කීවේ අධ්‍යාපනය තමා රටක හොඳම ආයෝජනය කියලා. අපේ රටේ පාලකයින්ටනම් තමාගේ සාක්කුවට ලොකුම කොමිස් කුට්ටිය වැටෙන එක තමා හොඳම අයෝජනය​.

:       66       551

VajiraTuesday, 16 January 2018 07:26 AM

සහතික ඇත්ත​. මේ අහිංසක දරුවන්ගේ මූණු දැක්කම පපුව පිච්චිලා යනවා.

:       0       651

himal Tuesday, 16 January 2018 07:52 AM

පාසැල වසර 1000ක් පැරණියි? ඒක නම් නිවැරදි වෙන්න බෑ. මෙතන වෙලා තියෙන දේ තමයි පාසලට ඉක්මණින් ගොඩනැගිල්ලක් ගැනීමට උත්ප්‍රේරකයක් විදිහට කලින් පන්ති පවත්වපු තැන අත්හැරලා දෙමව්පියන් ලවා මඩුවක් සෑදවීම. පාසැල බලාපොරොත්තු නොවූ විදිහට පළමු වසරට ළමයි ආපු නිසා මේ ගැටළුව වෙලා තියෙන්නේ. ගුරු හිඟයක් නෑ කියන්නේ පාසලෙන් අදාල වෙලාවට ගුරු අවශ්‍යතා කියලා ඉල්ලගෙන තියෙනවා කියන එක. ඒත් ගොඩනැඟිල්ලක් ඉල්ල ගන්න ප්‍රමාද වෙලා.

:       0       0

rama Tuesday, 16 January 2018 08:32 AM

මේ පළාතේ මන්ත්‍රීලට වාහනයක් නැතුව ඇති මේවා බලන්න යන්න. වටිනා වහනයක් අරන්දෙමු මන්ත්‍රීතුමාට

:       0       139

Sanath Tuesday, 16 January 2018 09:10 AM

කොළඹ ලොකු ඉස්කෝල වලට කෝටි ගනන් වියදම් කරලා පිහිණුම් තටාක හදද්දී රටට බත සපයන දඹුල්ලේ අසරණ ගොවි ජනතාවගේ දරුවන්ට හරක් ගාලකටත් අන්ත ඉටිරෙදි මඩුවක්. බත් කන මිනිස්සු විදිහට අපි ලැජ්ජා වෙන්න ඕන​.

:       0       1

Raveenra Tuesday, 16 January 2018 12:41 PM

අනේ මේ රත්තරන් පැටවූ ටික දකින විට අප රටේ තිබෙන දේශපාලකයන් කෙරෙහි පුදුම කලකිරීමක් ඇතිවන්නේ. කොළබ පාසල්වලට උපරිමයත් අනිත් පාසල් වලට අවමයත් මෙම ලිපියෙන් මනාලෙස පැහැදිලි වෙනවා.

:       0       197

sachith Wednesday, 17 January 2018 03:00 AM

ටැබ්ලට් පරිගණක විතරමයි මේ ළමයින්ට අඩු.

:       12       78

sachith Wednesday, 17 January 2018 03:00 AM

ටැබ්ලට් පරිගණක විතරමයි මේ ළමයින්ට අඩු.

:       1       7

Sanath Dubai Wednesday, 17 January 2018 04:07 AM

කොළඹට කිරි ගමට කැකිරි සටන් පාඨය අදටත් වලංගුයි. නගරයේ ප්‍රධාන පාසැල් වලට කෝටි ගනන් මුදල් වියදම් කරමින් පිහිණුම් තටාක​, ශ්‍රවණාගාර ඉදි කරද්දී ගමේ පාසැලේ අහිංසක දරුවො හරක් ගාල් වගේ පොලිතින් මඩුවල අකුරු කරනවා. රටට බත සපයන දඹුල්ලේ අහිංසක ගොවීන්ගෙ දරුවො මෙහෙම දුක් විඳිද්දි බත් කන මිනිස්සුන්ට ඇස් පියාගෙන ඉන්න පුළුවන්ඳ​?

:       0       178

hira Wednesday, 17 January 2018 07:48 AM

මහා බැංකුව කඩලා ගත්ත සල්ලි වලින් සුපිරි පාසල් කියක් නම් හදන්න තිබ්බද, දකිද්දී පපුව පැලෙන්න එනවා මේවා දැක්කම.

:       161       111

vernon Friday, 19 January 2018 03:47 AM

මේ විදුහල්පතිම කියනවා කලින් පන්ති තිබ්බ තැන දැන් පන්ති තියන්න දෙන්න බෑ කියලා.. මේ දෙමව්පියෝ කියනවා කියලා. එතකොට මේ මඩුව ඊට හොඳයි. ළමයි පෙන්නලා මාධ්‍ය සංදර්ශන තියනවා කියන්නේ ඕකට. පාසලට ගුරුවරුන්ගේ හිඟයක් නෑලු. ඩෙස් පු‍ටුත් හොඳ තත්ත්වයේ තියෙනවා. හදිසියේ ළමයි වැඩි වුනාම ඒක පෙන්වලා කලින් පන්ති තියපු තැනින් මඩුවකට ඇවිල්ලා. හරියට මඩුව විතරයි තියෙන්නේ වගේ. අනික මේ වගේ ප්‍රශ්න වලට නගරයේ පාසැල් වලට වග කියන්න බෑ. නගරයේ පාසැල් දියුණු වෙන්න මූලිකම හේතුව, ආදි ශිෂ්‍ය සංගම් තමන්ගේ පාසැල් ගැන හොයලා බලන එක.

:       65       111

Perakum Sunday, 21 January 2018 05:17 AM

මන්ත්‍රී තුමාට වාහනයක් දීල විතරක් මදි. තිත්තවෙල්ගොල්ල ඉස්කෝලෙට යන්න පාර පෙන්නන්නත් වේවි...!

:       0       6

as Sunday, 21 January 2018 07:08 PM

මෙයාල ගහපු ගැහිලිවල විදියට ළමය ජීවත් වෙලා ඉන්නවා දකිනත් පුදුමයි .මෙයාලට මොන ඉස්කොලද ගොඩනැගිලිද නේද අගමැතිතුමෝ. අනාගත වහල්ලු ටික අපනයනට ලෑස්ති කරමු නේද අගමැතිතුමා

:       0       0

pitigala Monday, 22 January 2018 01:56 AM

"හොඳම දේ දරුවන්ට" කියන එක වත් නොදන්නා මී හරක් වැනි අධ්‍යාපන බලධාරීන් ඉන්නේ දඹුල්ලේ විතරද?

:       0       14

දිලුම් Monday, 22 January 2018 08:25 AM

මේවට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන. ඒ අය ලග පාසැල්වල අවශ්‍යතා ලැයිස්තුවක් නැද්ද. දේශපාලකයෙක් උනත් මේවගේ පාසැලකට ආධාර කරන්න ගියාම හරස් වෙයි කියල හිතන්න අමාරුයි මේ දරුවො දැක්කම. අනික අපේ පාසැල් නැසී යාමේ තර්ජනයක් තිබුණ නිසා මේ වගේ පාසැල් නගා සිටුවීම අධ්‍යාපන අමාත්‍යාංශයේත් වගකීමක්. ඒ අය දන්නේ කොළඹ ගැන විතරයි. සීත කාමරවල ඉදන් ලෝකේ ගැනවත් ඉදිරි අවුරුදු විසිපහ ගැනවත් නොහිත සැලසුම් හද හද ඉන්නවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 136 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 538 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1723 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site