IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බැටන් පොල්ලේ ප්‍රශ්න විසඳීම

(ජයතිලක ද සිල්වා)

රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය නොකරන බව රජය දස අතේ දිවුරා කියයි. නිදහස් අධ්‍යාපනය රකින බවද එබඳුම පොරොන්දුවකි. ඒ අතර නව ආර්ථික අංගයක් ලෙස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය හඳුන්වා දෙයි.

නැතහොත් පෞද්ගලික රෝහල් සේවාව ගන්න. පෞද්ගලික අංශය ද්‍රව්‍යමය ප‍්‍රාග්ධනය සපයයි. ඊට ද රජයේ මූල්‍ය සහ වෙනත් පිහිටාධාර ලැබෙයි. ඒ අතර මානව ප‍්‍රාග්ධනය සියයට 95ක් හෝ ඊටත් වැඩියෙන් හෝ සපයන්නේ රජය විසින් නැතහොත් රාජ්‍ය රෝහල් පද්ධතිය විසිනි. රාජ්‍ය සුව සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන් පෞද්ගලික රෝහල් සේවාවෙහි නොයෙදුනහොත් එම සේවාව මුළුමනින්ම කඩා වැටෙන්නේ කඩදාසි ගෙවල් පේලියක් හුළඟකට කඩා වැටෙන්නාක් සේ ය. ඇත්තටම මෙහිදී රජය ක‍්‍රියා කැරැු ඇත්තේ තම ව්‍යාපාරයෙහිම නිරත වන තරගකරුවකු කවා පොවා වඩා එහි සාර්ථකත්වය ගැන උදම් අනන කල්පිත ව්‍යාපාරිකයකු ලෙස මැයි. කල්පිත යැයි පැවැසුවේ ව්‍යාපාර ලෝකයෙහි එවන් දානපතින් ඇත්තටම නැති බැවිනි.

ඊනියා සයිටම් අර්බුදයට ද විසඳුමක් ලෙස යෝජනා කැරැ ඇත්තේ ද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකි. හම්බන්තොට වරාය සංවර්ධනයෙහි එය  දැනටමත් යථාර්ථයකි. පළමුව ධර්ම රාජ්‍යය ලෙස ද, පසුව ධනවාදයෙහි මානුෂික  මුහුණුවර ලෙස ද හංවඩු ගසන ලද්දේ විවෘත ආර්ථිකයම වූ පරිද්දෙන්ම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය ද අන් කිසිවක් නොව පෞද්ගලීකරණය මැයි.

කෙසේ වෙතත්, උසස් අධ්‍යාපනයයහි ගැටලූ වඩා බරපතළය. හැම පුරවැසියකුට ම අධ්‍යාපනයක් ලබා දීමට හැමටම අධ්‍යාපනයෙහි සම අවස්ථා සැපැයීමට රජය සතු වගකීම එය විසින් පිළිගත යුතුය. භාරගත යුතුය. එයින් අත සෝදා ගැනීමට සාධාරණ යහපාලන රජයකට හැකියාවක් නැත. අධ්‍යාපනය සැලැකිය යුතු වන්නේ මානව අයිතියක් සේය එහෙයින් ජනගහනයෙහි වරප‍්‍රසාද රහිත ආන්තික ජන කණ්ඩායම්වලට විශේෂ අධ්‍යාපන  පහසුකම් සැලැසීමට ද එයට වගකීමක් ඇත.

පැසසිය යුතු සාක්ෂරතා සහ අධ්‍යාපන මට්ටම් සහිත රටවල් අතරට පිවිසීමට අප රටට හැකි වූයේ 1945 දී අරඹන ලද නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියට  සහ පසු කල ස්වභාෂා අධ්‍යාපනය ලද ප‍්‍රමුඛතාවට පින් සිදු වන්නටය. කෙසේ වෙතත්, මෑතක සිට  ලංකාවෙහි අධ්‍යාපන ක‍්‍රමය පරාභවයට පත් වෙමින් පවත්නා බව ද නොරහසකි. මූල්‍ය හිඟකම් මෙන් ම දේශපාලන උනන්දුව හා වුවමනාව මඳකම ඊට හේතු වශයෙන් දැක්විය හැකිය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන සඳහන් කරන්නේ නම් ආසියානු සංවර්ධන බැංකු වාර්තාවක වූ මතු දැක්වෙන උද්ධෘතය ඉදිරිපත් කළ  හැකිය ‘ශ‍්‍රම වෙළෙඳපොළෙහි සංවර්ධනය සමග උරෙනුර ගැටෙමින් ඉදිරියට යාමට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අසමත්ව ඇත. සීමිත පිවිසුම් අවස්ථා, පහත් ගුණාත්මකභාවය සහ අඩු අදාළත්වය දුර්වල පාලනය  සහ කළමනාකරණ හැකියාව මෙන්ම සප‍්‍රාමාණික නොවන සම්පත්වලට එය මුහුණ දෙයි.’ ඇත්තෙන්ම මීට වඩා යමක් කිව නොහැකි තරම්ය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඉදිරිපත් කළ දීර්ඝ නිර්දේශ මාලාවක මතු දැක්වෙන කරුණු ද ඇතුළත් වී, ප‍්‍රථම උපාධි පාඨමාලා ගුණය සංවර්ධනය කැරැු සහතික කැරීම, පශ්චාත් උපාධි සහ බාහිර උපාධි පාඨමාලා සංවර්ධනය, උසස් අධ්‍යාපන ආයතනවල වගකීම සහ ස්වාධීනත්වය නංවාලීම ජාතික කුසලතා ප‍්‍රමිති සම්පාදනය, විකල්ප මූල්‍ය සම්පාදන විධික‍්‍රම භාවිතය, විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය’’.

සංවර්ධනයෙහි ලා පර්යේෂණ සහ සංවර්ධනය   ඉතා තීරක කාර්යයක් ඉටු කරයි. එහෙත් මෙරට සංවර්ධනයෙහි ඇන්ජිම සේ සලකනු ලබන සහ සාඩම්බරයෙන් ඉදිරිපත් වන පෞද්ගලික අංශය පර්යේෂණ සඳහා මැලිකමක් දක්වයි. ඒ සඳහා මුදල් යෙදවීමට හෝ යම් අවදානමක් ගැනීමට හෝ පසු බායි. රාජ්‍ය අනුග‍්‍රහ පවා නොපිළිගනී. රටෙහි පර්යේෂණවලින් සියයට 95ක්ම රාජ්‍ය අංශයේය. පෞද්ගලික අංශයෙහි දායකත්වය සියයට 5ක් පමණකි.

ඇත්තටම යුරෝපා සංගමයෙහි තීරු බදු සහනය GSP අහිමි වූ අවස්ථාවෙහි ශ‍්‍රම ඵලදායකත්වය ඉහළ නංවන පර්යේෂණ තුළින් හෝ වඩා දියුණු තාක්ෂණය එතෙරින් ගෙන්වා හෝ එම අභියෝගයට මුහුණ දෙන්නට ඔවුන් ක‍්‍රියා කරනු ඇතැයි යමෙකු අපේක්ෂා කරන්නට තිබිණි. එහෙත් සිදු වූයේ පුංචි දරුවන් මෙන් රජය ඉදිරියේ හඬා වැළැපෙමින් සහන යැදීම සහ රජය යුරෝපා සංගමය පිටු පස බැගෑපත් වීමය.

සමස්තයක් වශයෙන් ශ‍්‍රීලංකාව පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වැය කරන්නේ දළ ජාතික ආදායමෙන් සියයට 0.14 ක් පමණකි. ඇතැම් විට එය දකුණු ආසියා කලාපයෙහි රටක් වැය කරන අඩුම මුදල විය හැකිය. එහෙයින්ම පර්යේෂණවල නිරත විද්වතුන් සංඛ්‍යාව ද අල්පය. එයට අයත් වන්නේ විද්වතුන්ගෙන් සියයට 5x20 අතර සංඛ්‍යාවකි. එය ද බහුතරය සමාජ විද්‍යා අංශවලය. 

උසස් අධ්‍යාපනය මුහුණ දෙන තවත් ප‍්‍රශ්නයක් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙහි විස්තීර්ණ සංවර්ධනයකට තමන්ට ඇති වගකීම රජයට අමතක වීම යැයි කිවහොත් එය එතරම් සාහසික විවේචනයක් නොවෙතැයි සිතමි. එහි ශාස්ත‍්‍රීය සහ පරිපාලන තනතුර බොහෝ ගණනක් දීර්ඝ කාලයක් තිස්සේ පුරවා නැත.

ආචාර්ය උපාධිධාරී ගුරු හිඟය ඉතා උග‍්‍රය. ලෝකයේ දියුණු විශ්ව විද්‍යාල අතරට දශකයකින් වත් අපේ විශ්ව විද්‍යාලවලට ළඟා විය නොහැකි තත්ත්වයකි. පවතින්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙහි අඩුපාඩු සපුරනු වෙනුවට ඒවා පෙන්වමින් පෞද්ගලික අංශයෙහි අඩු ගුණ ආයතන සමඟ පවා සසඳමින් ඒවාට ඔච්චම් කැරීම උසස් අධ්‍යාපන ඇමැතියා ගේම කැත පුරුද්දක්ව තිබීම අවාසනාවකි.

විස්මය සැසැඳීමට සයිටමයත් උදාහරණයකට ගැනීමයි. හැරත් ආණ්ඩුවෙහි දේශපාලකයන් සරසවි අධ්‍යාපනය ගැන දරන්නේ යල් පිණූ ආචීර්ණ කල්පික අදහස්ය. සරසවි සිසුන්ට සලකන්නේ බාල දරුවන්ට සේය. සරසවි සිසුන් තාරුණ්‍යයෙහි හොඳම කාලය ගෙවන, උගත් බුද්ධිමත් කරුණු කාරණා වටහා ගත හැකි, වයස නිසාම ස්වාභාවිකවම අසාධාරණය අයුක්තිය නොතකන, ඊට එරෙහිව ආවේගශීලීව සටන් වදින පිරිසකි. ඔවුන් සමඟ ගනුදෙනු කළ යුතු වන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රිකව සංවාදයෙන් සහ තර්ක බුද්ධිය මෙහෙයවා සංයමයෙන් සහ විචාරයෙන් මිස බැටන් පොල්ල, ජල ප‍්‍රහාර සහ වෙඩි උණ්ඩයෙන් නොවේ. එසේම විශ්ව විද්‍යාල තුළ මර්දනය නොව සංවාදයට උචිත ප‍්‍රජාතාන්ත‍්‍රික වාතාවරණයක් ඇති කැරීමෙනි.

ආණ්ඩුවෙහි තවත් අසාධාරණ තර්කයක් වන්නේ වැඩකට නැති කලා උපාධි  සිසුන් බහුතරයක් ඇති බවය. එහෙත් මෙරට රාජ්‍ය පාසල් පද්ධතියෙහි විද්‍යා විෂය උගන්වන පාසල් 1000ක් වත් නැත. තිබෙන ඒවායෙහි ද බරපතළ අඩුපාඩු එමටය. එසේ නම් වරද කාගේදැයි දැනගැනීමට පාලකයන් යා යුත්තේ කැටපතක් හමුවටය.

හැරත් මෙරට ආර්ථිකය එක තැන පල් වෙන අතර එයට ඉදිරියට යාමෙහි සැලැසුමක්වත් නැත. එසේනම් ප‍්‍රසාරණය වන ආර්ථිකයකට ගැළැපෙන අධ්‍යාපන ක‍්‍රමයක් කෙසේ සැකැසිය  හැකිද?

ප‍්‍රශ්න දෙස බැලිය යුතු වන්නේ දේශපාලන හෝ මැතිවරණ ප‍්‍රමුඛතා අනුව නොව රටෙහි වුවමනා අනුව සාර්වත‍්‍ර ප‍්‍රවේශයකිනි.

ආණ්ඩුවෙහි කටයුතුවල පාරදෘශ්‍යභාවයෙහි ඌනතාවද තවත් බාධාවකි. බොහෝ නව නීති රීති ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හදිසියේ ගෙන එයි. ජනතා අදහස් විමසුමක් හෝ ඊට ඉඩ දීමක් හෝ නොමැත. ප‍්‍රජාතන්ත‍්‍රය සාර්ථක වන්නට නම් එය සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රයක් විය යුතුය.



අදහස් (0)

බැටන් පොල්ලේ ප්‍රශ්න විසඳීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 142 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site