IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බුදු සසුනේ පැවැත්මට කතිකාවතක්

රාජ්‍යයක පැවැත්ම තිබෙනුයේ රාජ්‍ය ආරක්ෂාව සඳහා පවතින සංවිධානාත්මක ආරක්ෂක ව්‍යුහයේ ශක්තිමත් භාවය පවතින තාක් පමණි. රාජ්‍යයක ප්‍රජාතාන්ත්‍රික පාලන ස්වරූපය රැකෙනුයේ නීතියේ ආධිපත්‍යය පවතින තාක් පමණි. පාලිතයා පමණක් නොව පාලකයා ද නීතියේ ආධිපත්‍යයට යටත් ය යන්න මෙහි මූලික තේමාවකි. ශාසනයක් පවතිනුයේ ශාසනයේ විනය රැකෙන තාක් පමණි. “විනයෝ නාම සාසනස්ස ආයු” යන්න දෙවන සංගායනාවේ දී පිළිගැනීමට ලක් වූ ආප්තෝපදේශයකි.

බෞද්ධ ශාසනයේ පැවැත්ම රඳා පවතිනුයේ භික්ඛු-භික්ඛුණී, උපාසක-උපාසිකා යන සිව්වණක් පිරිසගේ විනය ශීලය රැකෙන තාක් පමණි. ඒ අතරින් විනය රැකීමෙහි ලා වර්තමානයේ පෙරගමන්කරුවන් ලෙස සැලකෙනුයේ ශාසන බලධාරී මහ සඟරුවන බවට විවාදයක් නැත. කලින් කල ශාසනයෙහි පිරිහීමේ ලක්ෂණ පහළ වීම ලොව පවතින යථා ස්වභාවයයි. එවන් අවස්ථා වල දී පරිශෝධන සිදු කරමින් පාරිශුද්ධත්වය රැකීමෙහි ලා කලින් කල මහ සඟරුවන ක්‍රියාත්මක වූ අතර රාජ්‍ය දායකත්වය ද බොහෝ සෙයින් ඊට ඉවහල් විය. ශාසනයෙහි විනය රකිමින් එහි පාරිශුද්ධත්වය පවත්වා ගෙන යාම සඳහා පරිශෝධන අවශ්‍ය බව මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා අවබෝධ කරගනු ලැබුවේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු චිතකයට ගිනි දැල්වීමටත් පෙර ය. එනම් සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය හේතුවෙනි. ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගත වූ තැන පළමු ධර්ම සංගායනාව ආරම්භ වූ අතර එහි දී මුලින් ම සංගායනා කළ යුත්තේ ධර්මය ද නැතහොත් විනය ද යන ප්‍රශ්නය පැන නැඟි අවස්ථාවේ දී මහ රහතුන් වහන්සේලා තීරණය කළෝ මුලින් ම විනය කරුණු සංගායනා කළ යුතු බවයි. එය උපාලි මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

බුද්ධ ශාසනයෙහි කොටස් තුනක් ඇත. එනම් පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද යනුවෙනි. පර්යප්ති යනු බුදුන් වහන්සේ වදාළ නිර්මල චතුරාර්ය සත්‍ය දහමයි. ප්‍රතිපත්ති යනු එම ධර්මය තුළ ප්‍රතිපත්ති පිරීමයි. ප්‍රතිවේද යනු ප්‍රතිපත්ති පූර්ණය කර ගැනීම මගින් මාර්ගඵල ලබා ගැනීමයි.

ධර්මය හා විනය මාතෘකා දෙකක් වුව ද එය එක සමානව ආරක්ෂා කිරීම ශාසනය රැකීමට අත්‍යවශ්‍ය වේ. “ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී” යනුවෙන් දේශනා කරනු ලැබුවේ ධර්මය රකින්නා ධර්මය තුළින් ආරක්ෂා වන බව පහදා දීමට ය. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ධර්මය ම ගුරු කොට තබමින් විමුක්තිය අරමුණු කරගත් භික්ෂූන් ක්‍රියා කළ යුතු බවට අනුදැන වදාළහ. විනය ආරක්ෂා නොවන තැන ධර්මය රැකීම ප්‍රායෝගික ව සිදු කළ නොහැක. බුද්ධ ශාසනය ආරම්භ වී වසර 20 ක් ගත වන තෙක් ප්‍රාතිමෝක්ෂ ශීලය මත ශාසනය පැවතියත් අනතුරුව විනය නීති පැනවීමට බුදුන් වහන්සේ ක්‍රියාත්මක වූයේ භික්ෂු විනය ආරක්ෂා කිරීමේ වැදගත්කම පහදා දෙමිනි.

ශික්ෂා පද පැනවීමට හේතු වූ කරුණු වන ආසවට්ඨනීය ධර්ම සංඝ සංස්ථාවේ පහළ වීමට හේතු වශයෙන් පාරාජිකා පාලියෙහි කරුණු හතරක් දැක්වේ. එනම්;


දිගු කලක් පැවතීම
පිරිස වැඩි වීම
ලාභ සත්කාර වැඩි වීම
බහුශ්‍රැත බව වැඩි වීම
විනය රීති පැනවීමේ ප්‍රයෝජන දහයක් ද පාරාජිකා පාලියෙහි සඳහන් ය. එනම්;
සංඝයාගේ හිතසුව පිණිස
සංඝයාගේ පහසුව පිණිස
දුශ්ශීල භික්ෂූන්ට නිග්‍රහ කිරීම පිණිස
විනයගරුක භික්ෂූන්ට පහසු විහරණය පිණිස
මෙලොව දී පැමිණිය හැකි දුක් දුරු කිරීම පිණිස
පරලොව දී පැමිණිය හැකි දුක් දුරු කිරීම පිණිස
නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස
පහන් වූවන්ගේ ප්‍රසාදය වර්ධනය වීම පිණිස
සද්ධර්මයෙහි චිරස්ථිතිය පිණිස
විනය අනුග්‍රහ පිණිස
බුදුන් වහන්සේ සිව්වණක් පිරිස සඳහා ම විනය රීති පනවා ඇති අතර ගිහියන් වෙනුවෙන් පංචශීල ප්‍රතිපදාව ඉන් ප්‍රමුඛ කොට සැලකේ. භික්ෂූන් සඳහා විනය රීති 227 ක් ද, භික්ෂුණීන් සඳහා විනය රීති 330 ක් ද වශයෙන් පනවන ලද්දේ විනයකින් තොර පරම විමුක්තිය සාක්ෂාත් කර ගැනීම හුදු මිථ්‍යාවක් වන හෙයිනි. එකී විනය රැකීමෙහි ලා බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වූ තැන දෙවන ධර්ම සංගායනාව ද වසර දෙසිය තිහක පමණ කාලයක් ගත වූ තැන ධර්මාශෝක අධිරාජ්‍ය‍ය යුගයේ තුන්වන ධර්ම සංගායනාව ද පවත්වා ශාසන ප්‍රතිශෝධන සිදු කරනු ලැබිණි.
 
එක්තරා දෙවි කෙනෙක් පැමිණ බුදුන් වහන්සේගෙන් මෙසේ විචාළේය.
“අන්තෝ ජටා බහි ජටා     - ජටාය ජටිතා පජා
  තං තං ගෝතම පුජ්ජාමි     - කෙ ඉමං විජටයෙ ජටං”
එනම් “ගෞතමයාණන් වහන්ස, ලොව සියලු‍ සත්වයෝ ඇතුළතින් අවුල් ය. පිටතින් ද අවුල් ය. බැලූ බැලූ තැන අවුලෙන් අවුලට පත්ව සිටිති. ඒ කිනම් හේතුවක් නිසාවෙන් ද? යන්නයි.
ඊට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ වදාළේ;
“සීලේ පටිත්ථාය නරො සපඤ්ඤා - චිත්තං පඤ්ඤඤ්ච භාවයං
  අතාපි නිපකො භික්ඛු - සෝ ඉමං විජටයෙ ජටනේති” යනුවෙනි.

එනම් “ශීලයෙන් ද, සමාධියෙන් ද, ත්‍රිවිධ ප්‍රඥාවෙන් ද, වීර්යයෙන් ද යන කරුණු හයෙන් යුක්ත භික්ෂු තෙමේ සිය මුවහත් ආයුධයෙන් මහත් වූ උණ පඳුරක් කපා දමන්නේ ද, එමෙන් ම ඔහු සන්තානගත සියලු‍ තෘෂ්ණා ජාලය කපා හරින්නේ ය. රහත් ඵලයට පැමිණ ලෝකයෙහි දුක් කෙළවර කරන්නේ ය.” යන්නයි.
භික්ෂුවගේ ජීවිතය අනුසෝතගාමීත්වයට විරුද්ධ පටිසෝතගාමී එකකි. එමෙන් ම භික්ෂුව සතර අගතියෙන් තොර ය. එනම් ඡන්ද, ද්වේශ, භය, මෝහ යන අගති හතරෙන් මිදුණේය.
බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරන ලද්දේ “යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති” යනුවෙනි එනම් යමෙක් මගේ ධර්මය දකී ද ඔහු මා දකින්නේ ය යන්නයි.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඨාන සූත්‍රයේ සඳහන් පරිදි මාර්ගඵල පතන්නා;
ඇසුරෙන් ශීලය දත යුතු ය.
සල්ලාපයෙන් පිරිසුදු විය යුතු ය.
විපත් වල දී ශක්තිය දත යුතු ය.
සාකච්ඡාවෙන් ප්‍රඥාව දත යුතු ය.
ශ්‍රී ලංකාව තුළ මහින්දාගමනයෙන් පසු ස්ථාපනය වූ බෞද්ධ ශාසනයෙහි විනය ආරක්ෂා කර ගැනීම පිණිස සංගායනා ගණනාවක් පවත්වා කතිකාවත් නිර්මාණය කරගත් බවට ඉතිහාසය පුරාවට ඕනෑ තරම් සාධක පවතී. වර්තමානය වන විට මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි යන පාර්ශ්ව ද අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන් ද අනෙකුත් නිකායන් සහ අනු නිකායන් ද ඊට ම ආවේණික වූ කතිකාවත් සම්මත කොටගෙන ඇත. එම කතිකාවත් තුළින් ඒ ඒ නිකායෙහි මහා නායක, අනු නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක සංඝ සභාවලට සිය නිකායේ භික්ෂූන්ගේ විනය පාලනය කිරීමේ බලය පැවරී ඇත. එහෙත් කලින් කල සමහර භික්ෂූන්ගේ හැසිරීම් හා ක්‍රියා කලාප ශාසනයෙහි පැවැත්වමට ඉතා අහිතකර බවට සමාජය තුළ ප්‍රබල මතයක් ඇත. භික්ෂු ශාසනයේ ශක්තිය රඳා පවතිනුයේ උවැසි, උවැසියන්ගේ ශ්‍රද්ධා භක්තිය පවතින තාක් පමණි.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් මෙන් ම ශතක හතරහමාරක් තිස්සේ යුරෝපීය ආක්‍රමණිකයන්ගේ ප්‍රමුඛ අරමුණක් වූයේ මෙම මහ පොළොවෙන් බුදු දහම අතුගා දැමීම ය. එහෙත් ජීවිත පරිත්‍යාග කරමින් ගිහි පැවිදි මුතුන් මිත්තන් මෙම ශාසනය ආරක්ෂා කරගන්නට යෙදුණි.

ශාසනය තුළ භික්ෂු විනය පවත්වා ගැනීමේ අවශ්‍යතාව 1956 බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව මගින් පෙන්වා දුන් අතර නැවත වතාවක් 1999 වසරේ දී ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් මගින් එය අවධාරණය කර ඇත. එම නිර්දේශ වල ඇති වැදගත්කම නිසා ම පසුගිය වසර 15 කට වැඩි දීර්ඝ කාලයක් තිස්සේ භික්ෂු කතිකාවත් ශක්තිමත් කරමින් ශාසන බලධාරී මහ තෙරණුන් වහන්සේලාට තීන්දු තීරණ ගැනීමට නීතිමය බලයක් ලබා දීම සඳහා භික්ෂු කතිකාවත් පනතක් සම්මත කර ගැනීම සහ 1931 අංක 19 දරන බෞද්ධ විහාර, දේවාලගම් පනතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ අනුව සියලු‍ නිකායවල එකඟත්වය අනුව ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සහ බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත 2016 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කිරීම පිණිස පාර්ලිමේන්තුවේ කැඳවීමට තිබූ දිනයේ හදිසියේ එය අතරමඟ නතර විය.

ථෙරවාදී කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් ඒ ඒ නිකායවලට හෝ පාර්ශ්වවලට සිය නිකායේ හෝ පාර්ශ්වයේ කතිකාවත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන පනවා ඇත. යම් නිකායක් හෝ පාර්ශ්ව කිහිපයක් එකට එක්ව කතිකාවතක් සකස් කොට ලියාපදිංචි කිරීමට ද, අවශ්‍ය වේ නම් සියලු‍ නිකාය සහ පාර්ශ්ව එක්ව එක් පොදු කතිකාවතක් ලියාපදිංචි කිරීම සඳහා ද එමඟින් ප්‍රතිපාදන සකසා දී ඇත. එම කෙටුම්පතේ නීත්‍යනුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද පිළිගෙන ඇත. එසේ ලියාපදිංචි කිරීමෙන් එකී කතිකාවත් මගින් තීරණය කොට ඇති විනය උල්ලංඝනය කරනු ලබන පාර්ශ්ව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම පිණිස අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කතිකාවතෙන් බලය දී ඇති පරිදි මහා නායක හිමියන් හෝ කාරක සංඝ සභාව විසින් ගනු ලබන විනය රීති උල්ලංඝනය කරමින් ඒවා අභියෝගයට ලක් කිරීම් සිදු වන විට මහා නායක, අනු නායක හිමිපාණන් වහන්සේලා අසරණ වන අවස්ථා බොහෝ ය. එවැනි අවස්ථා වල දී භික්ෂු ශාසනය කෙරෙහි ගිහියන්ගේ ඇති ගෞරවය සහ ශ්‍රද්ධාව නිතැතින් ම ගිලිහී යාම වැළැක්විය නොහැක. එහි ප්‍රතිඵල ශාසනයට ඉතා භයංකර ලෙස බලපානු ඇත. එහෙයින් විනය බලධාරි මහ තෙරණුන් වහන්සේලා ගනු ලබන තීරණ වලට නීත්‍යනුකූල පිළිගැනීමක් ලබා දීම සහ එය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය යන්ත්‍රණයේ සහාය ලබා ගැනීම එම පනතේ ප්‍රකට අරමුණක් විය. එහි මුඛ්‍ය පරමාර්ථය නම් ශාසන බලධාරී හිමිපාණන් විසින් ගනු ලබන විනය තීන්දු නීතිමය බලංගු භාවයකින් යුතු ව ක්‍රියා කිරීමට හැකි වීමයි.

මෙම කෙටුම්පත පිළිබඳ සමාජය තුළ බොහෝ මිථ්‍යා මත පැතිරුණු බව මනාව පැහැදිලි ය. එම පනත මගින් භික්ෂු ශාසනය රාජ්‍ය නීතියට යටත් වන්නේ ය යනුවෙන් සදොස් මතයක් සමාජගත කොට ඇත. එමගින් ශාසන බලධාරීන් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම හැර ඒවා අවලංගු කිරීම, සංශෝධනය, හෝ වෙනස් කිරීම කිසිවකුටත් කළ නොහැකි ය. බෞද්ධ ශාසනය මෙන් ම භික්ෂු ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය නීතියේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. උදාහරණ ලෙස 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත සම්මත කරනු ලැබුවේ අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලය තුළ එවකට පැවති ව්‍යවස්ථාදායකය මගිනි. එම ආඥා පනත නොපැනවූයේ නම් විහාර සහ දේවාල දේපළ සම්බන්ධ ව ඇතිවන ආරවුල් සහ ගැටලු‍ විසඳීමට ඉඩකඩක් නොතිබීමට ඉඩ තිබුණි. එසේ ඉඩ හැරියේ නම් බොහෝ විහාර සහ දේවාල සිද්ධස්ථාන විනාශ වී යාමට ඉඩ තිබුණි.
බ්‍රිතාන්‍ය පාලකයන් එම පනතේ 26 වන වගන්තිය මගින් විහාර දේවාලගම් වලට අයත් ඉඩකඩම් විකිණීම, පැවරීම යනාදිය තහනම් කොට නොතිබුණේ නම් මේ වන විට බොහෝමයක් වෙහෙර විහාරස්ථාන විනාශ වී යාමට ඉඩ තිබිණි.

අනෙක් අතට 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මගින් විහාර දේවාල වලට අයත් අක්කර 50 කට වැඩි කෘෂිකාර්මික ඉඩම් කොමිසම වෙත පවරා ගන්නා ලදී. එහෙත් විහාර දේවාලගම් ආඥා පනත පැවතීම හේතුවෙන් එකී ඉඩකඩම් අදාළ විහාර දේවාල වලට ලබා ගැනීමට පවා හැකියාව ලැබිණි. එසේ කළ හැකි ව තිබුණේ රාජ්‍ය නීතිය මගින් පනවා තිබූ විධිවිධාන හේතුවෙනි.

එම කරුණු සලකා බැලීමේ දී බෞද්ධ ශාසනය මෙන් ම භික්ෂු ශාසනය ආරක්ෂා කර ගැනීමෙහි ලා රාජ්‍ය නීතියේ සහාය ලබා ගැනීම මගින් ශාසනයට යහපතක් මිස කිසිදු අයහපතක් සිදු නොවේ. එමෙන් ම සංඝ සමාජයේ ස්වාධීනත්වයට ද ඉන් කිසිදු බලපෑමක් සිදු නොවේ.

භික්ෂු පාරිශුද්ධත්වය රැක ගනිමින් ශාසනයේ පැවැත්ම පිණිස කලට වේලාවට තීන්දු තීරණ ගැනීමේ වගකීම ශාසන බලධාරී මහා නායක, අනු නායක හිමිපාණන් වෙත පැවරෙන අතර ඒ සඳහා සංඝ සාමග්‍රිය ඉතා වැදගත් ම සාධකය ලෙස සැලකිය යුතු ව ඇත.



අදහස් (34)

බුදු සසුනේ පැවැත්මට කතිකාවතක්

Appachci Wednesday, 03 June 2020 11:11 AM

දෙපැත්ත කනවා... බුදුදහමට නිගාවක්...

:       1       247

Galapara Wednesday, 03 June 2020 12:22 PM

බුදුසසුනේ පැවැත්මට තියා කිසිම දෙයකට ගාවගන්න හොඳ කෙනෙක් නෙමෙයි මෙයා. මොකද යහපාලන රජයට සම්බන්ධ වෙලා පාර්ලිමේන්තු ගිහිල්ලා, හොරුන්ගේ නඩු යටගහලා, අපිට කොකා පෙන්නලා දැන් අනිත් පැත්තට පැනලා රෙදි ගලවාගෙන පොර ටෝක් දෙනවා. මේ වගේ අය රටක උපදින්න හොඳ නැහැ.

:       2       416

liyanage Wednesday, 03 June 2020 04:44 PM

විජේදාස මේ කියලා තියෙන එක දෙයක් ඔහු ක්‍රියාවෙන් කරනවද ? පුලුවන්නම් කියන්න විජේදාසලා මේ ගතකරන්නේ ඔවුන්ගේ දේශපාලන ක්‍රියාන්විතයේ අවසාන කොටසවේ. තව වසර 2කින් පමණ මොවුන්ව සොයා ගන්නට වත් බැරිවෙයි.. ශීලයෙන් පිරිසුදු විය යුතු ය. විපත් වලදී ශක්තිය දත යුතු ය. සාකච්ඡාවෙන් ප්‍රඥාව දත යුතු ය.

:       2       190

BamunuarachchiThursday, 04 June 2020 01:17 PM

කියලා තිබෙන දේ හරි කියා තමන්ගේ බුද්ධියට වැටහෙනවා නම් කීව පුද්ගලයා ගැන සොයන්න එපා කියා ඇතිදේ පිළිපදින්න. අපි පාසල් යන කාලයේ ගුරුවරුන්ගේ පුද්ගලික ජීවිතවලට එබී බැලුවේ නැහැනේද? මේ විදිහට හැසිරුනොත් රෝග හැදෙයි කියා දොස්තර කීවොත් දොස්තර ඒවා පිළිපදිනවාද කියා බලනවාද?

:       5       2

chinthakaSaturday, 06 June 2020 03:57 AM

ඒක ඇත්ත, මෙයා "යහපාලන හොරු" එක්ක හිටපු කෙනෙක්.

:       2       15

BamunuarachchiSaturday, 06 June 2020 11:49 AM

චින්තක කෙනෙක් හොරුත් එක්ක හිටිය පලියට හොරෙක් වෙනවා කියලා මොන ඉස්කෝලේද ඉගැන්නුවේ...?

:       0       0

liyanage Thursday, 04 June 2020 08:59 PM

බමුණා කියලා තිබෙන දේ හරි කියා හොඳින්ම බුද්ධියට වැටහෙනවා. නමුත් රටේ මිනිස්සු පැටලිලා ඉන්නේ මේ හාදයන්ගේ කතාවලට.. උදේට එකක් කියනවා, එක පක්ෂයක සවසට තව කතාවක්... තව පක්ෂයක ඉතින් මෙවැනි අදහසක් පළකලාම මිනිස්සු ටිකක් හිතනවා. වාසි පැත්තට හොයා කියන කෙනෙක් මෙයා....

:       1       0

BamunuarachchiFriday, 05 June 2020 06:50 AM

විජේදාස රාපක්ෂ කියන්නේ වටිනා දේශපාලඥයෙක්... මම එජාප විරෝධී පුද්ගලයෙක් ..එහෙත් මෙතුමාට කැමැත්තක් තිබෙනවා. හේතුව මේ මහතාගේ කතා හරිම තර්කානුකූලයි.. වාදයකදී මෙතුමාගේ තර්ක බිඳහෙලන කෙනෙක් මට හමු වුනේ නැහැ. පක්ෂයේ බාල්දු වැඩවලට තම මතය හෝ පිළිවෙත් පාවාදෙන කෙනෙක්ම නොවෙයි. ඒ නිසයි ඔහුට පක්ෂ මාරු කරන්න සිද්ද වෙන්නේ. මම වාදකරන විට, ඔබ මට කතාකල ආකාරයට, ප්‍රතිවාදියාගේ නම විකුර්තිකරා කියා නීච ආස්වාදයක් විඳින්නේ නැහැ. එහෙම කරන්නනේ අදහස් අතින් බංකොලොත් පුද්ගලයෝ. විජේදාස රාජපක්ෂ යනු තමන් හා ලෝක සම්මතය හරියි කියා පිළිගන්නා ප්‍රතිපත්ති රාමුවක මේ වනතුරු ජීවත් වූ වංචාවෙන්, හොරකමින් චෝදනා නැති මහතෙක්. මම ඒ මහතාගේ දැනුම් සම්භාරයට ගරු කරනවා. ඔබේ මිනුම් දණ්ඩට ඒ මහතා වෙනවිදිහට පෙනෙන්න පුළුවන්.

:       54       2

Bamunuarachchi Friday, 05 June 2020 09:29 AM

මම විජේදාස මහතා ගැන දක්වා තිබෙන කරුණු සජිත් ගැන කීමේ දී කියන්න පුලුවන්ද?... බැහැ.

:       0       1

sumith Wednesday, 03 June 2020 11:15 AM

හොඳයි...

:       38       1

wicky Wednesday, 03 June 2020 02:20 PM

දේශපාලන වශයෙන් මොන මතිමතාන්තර තිබුනත් හැමදේම එකම කෝණයකින් බලන්න හොඳ නෑ. ප්‍රමාද වී හෝ එවැනි කතිකාවක අවශ්‍ය තාවය... බොහොම පැහැදිලියි.

:       107       3

SANJEEWA Wednesday, 03 June 2020 02:54 PM

බුදු දහම විකුණගෙන කාපු සහ තවදුරටත් බුදු දහම කන්න සුදානමින් ඉන්න යක්ෂයෙක් වගේ පෙනෙන්නේ මට විතරද ?

:       1       248

siribiris Wednesday, 03 June 2020 06:19 PM

හැමෝටම පෙනෙන්නේ එහෙම තමා... නමුත් කවුරුවත් කියන්නේ නැත. කවුද කියනවා මට ඇහුනා, අර ත්‍රිපිටකය ගැන සොයා බලන්න කියපුවිට ස්වාමීන් වහන්සේලා ඉදිරියේ මේසයට ගහපු ඇමතියා වෙන කවුරුවත්ද?

:       0       129

Tissa Bandara Wednesday, 03 June 2020 06:54 PM

මෙයා කොහොමද නිර්මල බුදු සසුනේ රකීමක් ගෙන කතා කරන්නේ...? මතකද මෙයත් අර රහත් උන කියා ගන්න පොරත් එක්ක එකතුවෙලා එයාගේ අනුගමිකයෙකුත් වෙලා හිටිය. තාමත් එහෙමම වෙන්න ඇති. නිර්මල බුදු දහම දන්නේ නැති ,කොහෙවත් නැති රහත් යයි කියාගන්න පොරවල් පස්සේ යන මේ වගේ කෙනෙක් බුදු දහම රකින්න මොනවා හරි කරන්න යනවා කියන්නේ විහිළුවක්. ගානක් කඩ ගන්න පොටක් හදා ගන්න කරන දෙයක් වෙන්න පුළුවන්. අනේ මේ වගේ අයට අහු වෙන්න එපා

:       1       260

sunil perera Wednesday, 03 June 2020 11:27 PM

බුදු සසුනේ පැවැත්මට කතිකා අවශ්‍ය නැහැ... නව නීති පනවා එය ක්‍රියාත්මක කිරීම පමණයි...!!! සසුන්ගත භික්ෂු භික්ෂුණීන්ට දේශපාලන භුමිය තහනම්.. රැකියා තහනම්.. සංගීත, නාට්‍ය, ගීත රචනා, පෙළපාලි... නවක වදය.. විශ්ව විද්‍යාල... තහනම්... මුදල් පරිහරණය තහනම්... මේ සේවා ලබාගැනීමට... ගෞරවනීය ක්‍රමෝපායන් රජය සැපයිය යුතුයි. කිසිම බුදුසව්වෙක් හෝ තෙරණියක් විවේචනය කිරීම අගෞරව කිරීම සපුරා තහනම්.. යම් අනීතික ක්‍රියාවකට හසුවුනොත් ඒවා විශේෂ නීති මණ්ඩලයක් විසින් අප්‍රසිද්ධියේ විභාග කොට මහනාහිමියන්ගේ නිර්දේශයට යොමුකොට දඬුවම උන්වහන්සේගේ අවසන් තීරණය විය යුතුයි.. කිසිම මුද්‍රිත මාධ්‍යයක තෙරුන්නාන්සේලාට අගෞරවයක් වන කිසිවක් සඳහන් නොවිය යුතු අතර එසේ සිදුවූ විට දඬුවම එම ආයතන සඳහා විශාල දඩ මුදලක් අය කළ යුතුයි.. මෙවන් නීති සම්පාදනය වහා ක්‍රියාත්මක වුනොත් මේ රටේ ධර්මය පවතීවි...

:       0       36

කමල්Thursday, 04 June 2020 04:40 PM

ඔය කියලා තියෙන සමහර කරුණු බුදු දහමට අනුලෝමයි, සමහර කරුණු බුදු දහමට අනුලෝම නෑ. ඔහොම ධර්මය විනය අධර්මය අවිනය කලවම් කරගෙන බෑ.

:       42       0

vidya Thursday, 04 June 2020 01:59 AM

මේ අදහස් ඉතාම කාලෝචිතයි . නමුත් පින්තුරේ ඉන්න කෙනා තමයි ප්‍රශ්නේ. කොහෙට පනීද දන්නේ නෑ.

:       0       122

සමන්ත Thursday, 04 June 2020 02:39 AM

කරන තරමක් කරලා තියෙන්නේ පාහර වැඩ. මැදමුලන දන්කුඩ කාලා හැදිච්ච කෙනෙක් වෙලා මැදමුලනටම අයෙත් කෙලියා. එහෙට පැන්නා , මෙහෙට පැන්නා. නීති ක්ෂේත්‍රයේ දී කරලා තියෙන්නෙත් යුක්තිය සාධාරණත්වය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක නෙමෙයි. සල්ලිකාරයන්ට, බලවතුන්ට, සක්කිලියන්ට කඩේ යන එක. හැම අසාධාරණයකම සාධාරණිකරණය කළා.එහෙව් මිනිහෙකුට බුදු දහම හදනවා තියා නියම විදියට තෙරුවන් සරණ යන්නවත් බෑ බුදු දහම හදන්න ගියොත් දේවදත්තට තිබුණු සුදුසුකම් වත් නැති බව පෙනෙයි.කර්මය නුඹලා වැනි මිනිසුන් ගැන බලාගනියි. බුදු දහම කවුරුත් හදන්න අවශ්‍ය නෑ . එහෙම හදන්න දෙයක් එතන ඇත්තෙත් නෑ. කපටියන්ට හදන්න දේවල් ඇති. වඩාත් සුදුසු තමන්ට යන්න තැනක් හදාගන්න එක.

:       1       298

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 June 2020 02:52 AM

සුද්ධෝදන රජතුමාට වරක් වරක් ලැබුණු පිළිතුරක් තමයි " මහරජ,ඒ ඔබගේ වංශය.මගේ වංශය බුද්ධ වංශය ." පෙර කාලේ සිටි රජවරුන්ට දහම නගා සිටුවීමට සැබෑ උවමනාවක් තිබුණා. සර්වඤ්ඤ ධාතු බෙදා ගැනීමේදී යුද්ධයක් හටගන්නා තරමට රජවරුන් අතර සැබෑ භක්තියක් තිබුණා.අද මේ පැත්තෙන් පැත්තට පනින,තමන්ට කහින දුසිල්වත් චීවරධාරීන් හා එකතුව සාශනය භක්ෂණය කරන තක්කඩි දේශපාලුවන් කෙසේ ශාසනය පිරිසිඳු කරන්නේද ? ඔවුන් තරම් දහම වනසන්නෝ තවත් සිටීද ?දහම රැකගැනීමට මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ සුදුසු අයුරින් සුදුසු වෙලාවට කටයුතු කරනු ඇත.එය උන්වහන්සේ ලත් බුද්ධ අණ යි.දහම වනසන සියලු පව්කාරයන්ට ප්‍රතිඵල හම්බෙනතුරු රත්වෙන ජලයේ සතුටින් සිටින කකුළුවා මෙන් සිටීම පමණය.

:       0       343

dilan Thursday, 04 June 2020 05:32 AM

ඩීල්දාස, මෙයා ගිය තැන උරුලෑවා ගිය පාර වගේ...

:       91       92

ravinSaturday, 06 June 2020 08:36 AM

එයා විතරක් නොවෙයි ඔබගැනත් එසේමයි. ඔබ දමන කොමෙන්ටු මෝඩ ඒවා. ඔබගේ හීනමානයට බෙහෙත් නැහැ. දවසක කනවා මදි නොකියන්නම.

:       0       0

APPUHAMY. Thursday, 04 June 2020 06:18 AM

වර්තමාන දේශපාලකයින් අතර සිටින අඩුපාඩු බෙහෙවින්ම අඩු උගතෙකි. උසස් බුද්ධිමතෙකි. හිස් වැසුම ගලවා ගරුකරමි.

:       185       6

සපුමල්.Thursday, 04 June 2020 01:55 PM

පිස්සුද අප්පුහාමි? ඔබට වැරදිලා. ඒත් මේ වගේ දේශපාලකයින්ව වන්දනාමාන නොකරන්න...

:       72       34

ravinSaturday, 06 June 2020 08:32 AM

මොලේ අප්සට්නම් බෙහෙත් ගන්න. මේ පිටුව කන්නේ නැතිව.

:       25       0

සපුමල්.Sunday, 07 June 2020 09:37 AM

ඔයා වගේ දේශපාලකයන් වන්දනාමාන කරන අයගේම නේද? ඒ නිසා බෙහෙත් ගන්න ඕනෑත් එහෙම අය නේද? අා .. බෙහෙත් ගන්න ගියාම මොළේ කොහෙද තියෙන්නේ කියලත් බලවා ගන්න.. අමතක කරන්නට එපා හොඳේ...

:       0       51

wicky Thursday, 04 June 2020 06:30 AM

සුනිල් පෙරේරා මහත්මයා... ඔබතුමාගේ අදහසම තමයි කතිකාවේදී සිදුවෙන්නේ...

:       0       6

Arthur Thursday, 04 June 2020 08:26 AM

හොඳම බොරු කාරයෙක් වගේ. ඩීල්දාස කියලා කියන්නේ නිකන්ම නොවේ. ලැජ්ජාවක්, ආත්ම ගරුත්වයක් නැහැනේ..

:       0       52

Arthur Thursday, 04 June 2020 08:28 AM

ප්‍රොඩාකාරයෙක්, මුදලට ඕන දෙයක් කරයි..

:       0       40

rocky Thursday, 04 June 2020 01:45 PM

මහානායක තනතුරු වලට හමුදා නායකයන් පත් කළොත් නම් ශාසනේ කිසියම් විනයක් ආරක්ෂා කරගන්න පුළුවන් වේවි...!!! කොහොම වුණත් උපැවිදි වුන පඬිතුමෙකු ලෙස පෙනෙන බමුණුආරච්චි උන්නැහේගෙන් මේ ගැන උපදේශයක් ගත්තොත් හොඳයි.

:       18       1

Bamunuarachchi Friday, 05 June 2020 09:54 AM

විජේදාස රාජපක්ෂ මහතාණෙනි, මම එජාප විරෝධියෙක්. නමුත් මෙතැන ලියවෙන අදහස් කියවීමට අවස්ථාවක් ඔබට ලැබුනහොත් මේවා කියවා ඔබ කටකොනකින් සිනහ වෙන බව මම දනිමි. කතාවක් තිබෙනවා දෙවියන් අඩිය තියන්න බය තැන යක්ෂයින් කරනම් ගහනවා කියා. බුද්ධිමතුන් විවේචන කරන්න ඉදිරිපත්වන නොවන තැන්වල.., හිටුකියා ඔබ ගැන සෘණ විවේචන ඉදිරිපත් කර ඔවුන්ගේ විශාරද දැනුම පෙන්වනවා.

:       113       2

rocky Saturday, 06 June 2020 09:05 AM

බමුණුආරච්චි උන්නැහේ, මේ නිකම් තමන් හරියට දන්නේ නැති කතා ඇදගෙන බොරු උගත්කම් පෙන්නන්න එපා! "දෙවියන් අඩිය තියන්න බය තැන යක්ෂයන් කරනම් ගහනවා" කියලා කතාවක් කොහෙද තියෙන්නේ..? කොහෙන්දෝ ඔබ කොනක් අල්ලාගෙන තියන ඔය ඉංග්‍රීසි කියුමේ සරල සිංහල අනුවාදය " දේවතාවන් පය තබන්න බියවන තැන්වල මෝඩයන් (ඔබ වැනි) ඩාන්ස් දමනවා" කියන එකයි!

:       0       27

lalithm Saturday, 06 June 2020 09:46 AM

ඕනෑම කෙනෙකුට ඕනේ අදහසක් දරන්න අයිතියක් තියෙනවා. එ්ත් එක මිනිහෙකුට අදහස් වෙනස් කරමින් තම වාසියට විතරක් කටයුතු කරන අයිතියක් ලෝකේ ධර්මේ හැටියට තියෙන්න බැහැ. ඒ අතින් මේ උත්තමයා වාර්තා තබා තියෙන්නේ...

:       0       0

Kumar Saturday, 06 June 2020 02:58 PM

ලාංකිකයෝ බොහෝ දෙනෙක් බුදු දහම ගැන කතා කරන්න දක්ෂයි. ඒ කියන ආකාරයට ප්‍රතිපත්ති අනුගමනය කිරීමක් නැහැ. මම ඉන්න රටේ කියන්නේ පෙරකයෝයි දේශපාලුවෝයි මරුන දවසට කෙලිම යන්නේ අපායට කියලයි. කියන පල් බොරු නිසා වෙන්න ඇති. ලංකාවේ වැඩිදෙනා විහාරයට ගිහිල්ල මල් පහන් පූජා කරලා බුදුගුණ ගැන කියා නිවන් පතලා පිටවෙනවා. බුද්ධ දේශනා අනුවනම් බුදුදහම සැමදා පවතින්නේ නැහැ.

:       0       0

රසික Sunday, 07 June 2020 02:32 AM

ඔය පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරනවට විරුද්ධව ගිරිය පුප්පන් කෑගහලා කඩාකප්පල් කලේ කවුද කියලා ඇයි මෙතන නොකියා ඉන්නේ..? ඔබතුමා දැන් ඉන්න පැත්තේ සිවුරු දාගෙන ඉන්න ඇම්බැට්ටයින් මුල්වෙලා ටොම් පච කියලා ඒක කාබාසිනියා කළා මට නම් මතකයි. දැන් රෙද්දක් ඇඳගෙන කොහොමද ඒ ගැන කතා කරන්නේ ඔබතුමා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 68 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 536 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1287 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 920 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site