(වසන්තපි‍්‍රය රාමනායක)
1936 ඇරඹි දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාව නියෝජනය කිරීමට සුදු ජාතිකයන් වෙනුවෙන් මන්තී‍්‍රවරු කීප දෙනෙක් පත්වූහ. එය ආණ්ඩුකාරවරයාගේ පත්කිරීමකි. එදවස මන්තී‍්‍රවරයකුට ලැබුණේ රු. 250/=ක පමණ දීමනාවකි. මින් සුදු ජාතික මන්තී‍්‍රවරුන් තිදෙනකු බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන්ගේ සංගමයේ කී‍්‍රඩා සමාජයෙන් මාසිකව රු. 500/= දීමනාවක් ලැබූ බව හෙළිවිය. මෙය රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙන් ලැබුණු දීමනාවට අමතරවය. මේ පිළිබඳ පුවත අල්ලස් පැමිණිල්ලක චෝදනා පත‍්‍රයක් ලෙසින් අධිකරණයට ඉදිරිපත්විය.
අවසානයේ එම මන්තී‍්‍රවරුන් තිදෙනාම වරදකරුවෝ බවට පත්වූහ. රාජ්‍ය මන්ත‍්‍රණ සභා අසුන් පවා ඔවුනට අහිමි විය. එදා සුද්දන්ගේ නීතිය සුද්දන්ටම බලපෑවේ එ් අයුරිනි. ඊට පසු කලෙක හඟුරන්කෙත පළාත නියෝජනය කළ සිංහල මන්තී‍්‍රවරයකු මෙවන් චෝදනාවක් හේතුකොට ගෙන සිය රාජසභා අසුන අහිමිකරගත් බව වාර්තා වේ.
නිදහසින් පසු යුගයේ මේ පිළිබඳ ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වන්නේ එස්.ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ රාජ්‍ය සමයේ දීය. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ අක‍්‍රමිකතා හා අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් එදා විපක්ෂය බණ්ඩාරනායක අගමැතිවරයාගේ මහජන එක්සත් පෙරමුණු රජයට නිතර දෙවේලේ චෝදනා එල්ල කිරීමට පටන්ගත්තේය. එක්සත් ජාතික පක්ෂය මෙහිදී කැපී පෙනුනි.
මෙය බණ්ඩාරනායක අගමැතිවරයාට ද ප‍්‍රශ්නයක් වූයේ එතුමා හොරු රකින්නෙකු ලෙසින් හැඳින්වීමත් සමඟ ය. අගමැතිවරයා තමා එවැන්නෙකු නොවන බව ප‍්‍රායෝගිකව ඔප්පු කළේ අදාළ චෝදනා විභාග කිරීමට අල්ලස් කොමිසමක් පත්කරමිනි. වෝල්ටර් තල්ගොඩපිටිය අල්ලස් කොමිසම එහි ප‍්‍රතිඵලයකි.
එඅදාළ කොමිසමට ඒ යුගයේ සිටි කීර්තිමත් විනිසුරුවරයකු වූ තල්ගොඩපිටිය ගේ පත්වීමට සියල්ලගේම පොදු එකඟතාවක් තිබූ බව පැවසේ. එදා එම කොමිසම පත්කරනු ලැබුවේද අතීතයට ද බලපාන ආකාරයටය. 1949 සිට විවිධ දුෂණ චෝදනා පරීක්‍ෂා කිරීමට හැකිවන අයුරිනි. තමන්ට චෝදනා එල්ලකරන එක්සත් ජාතික පක්ෂ කඳවුරේ අයට එරෙහිව චෝදනා වෙත්නම් එ්වාද මේ අධිකරණමය බලතල සහිත අල්ලස් දැලට හසුකර ගැනීම අගමැතිවරයාගේ දේශපාලනික අභිප‍්‍රාය වූවා විය හැකිය.
අවසානයේ තල්ගොඩපිටිය කොමිසමෙන් සම්පූර්ණයෙන්ම වාගේ වරදකරුවන් බවට පත්වූයේ බණ්ඩාරනායක මහතාට හිතවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් වීම විශේෂත්වයකි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයෙන් බිලිවූයේ එන්.එච්. කීර්තිරත්න මන්තී‍්‍රවරයා පමණි. බණ්ඩාරනායක අගමැතිවරයාගේ කිට්ටුවන්තයන් වූ බද්දේගම හෙන්රි අබේවික‍්‍රම, කුරුණෑගල ඞී.බී. මොන්නෑකුලම, කඩුගන්නාවේ මරික්කාර් හා සිංහල මහා සභාවේ ලේකම් ධුරය දැරූ ඇම්.පී. ද සොයිසා, ඇම්.ඇස්. කාරියප්පර් වැන්නෝද ඊට අයත් වූහ. එදා සමහරුන් මෙය හැඳින්වූයේ බණ්ඩාරනායක රජයේ ඉල්ලන් කෑමක් ලෙසිනි.
ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තබා කපන්නාක් මෙන් බණ්ඩාරනායක මහතා එ.ජා.ප. මැති ඇමැතිවරුන්ගේ අල්ලස් සෙවීමට පත්කළ කොමිසම කළේ බණ්ඩාරනායකගේ මිනිසුන් වැරදිකරුවන් කිරීමය. (හෙන්රි අබේවික‍්‍රම දුටු බණ්ඩාරනායක පරිවර්තන යුගය කෘතියෙනි.)
අවසානයේ තල්ගොඩපිටිය අල්ලස් කොමිසම බණ්ඩාරනායක රජයේ පැවැත්ම පවා අවදානමට ලක්වන පරීක්‍ෂණවලට යොමුවී තිබුණ බව පැවසේ. මෙම කොමිසමේ අවසන් වාර්තාව ලියන වෝල්ටර් තල්ගොඩපිටිය සඳහන් කරන්නේ එස්.ඩබ්.ආර්.ඞී. අගමැතිවරයා පවා චූදිතයකු ලෙසින් කොමිසම ඉදිරියට ගෙන ඒමට නියමිතව තිබූ බවයි. එය වැළකී ගියේ ඒ වනවිට බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය වී සිටි නිසාය. මේ බව කොමිෂන් වාර්තාවේ සඳහන් කිරීමට වෝල්ටර් තල්ගොඩ පිටිය අමතක නොකළේය.
තමන්ගේ රජයට පාරාවළල්ලක් වුවද තල්ගොඩපිටිය කොමිසම පත්කිරීමෙන් බණ්ඩාරනායක අගමැතිවරයා රටට දුන් ආදර්ශය තම රජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලන පිළිවෙත බව පැහැදිලිය. එදා ආණ්ඩුවල පැවැති මෙම විනිවිදභාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලන පිළිවෙත ශී‍්‍ර ලංකා යූ.ඇන්.පී. බේදයකින් තොරව 1977 දක්වා සියලූම පාලන සමයන් තුළ අඩු වැඩි වශයෙන් දක්නට ලැබුණි. තල්ගොඩපිටිය කොමිසමෙන් වරදකරුවන් වූ අයට සමාවක් ලබාදිය යුතුය යන යෝජනාව 1960 බලයට පත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයට ඉදිරිපත් විය. එහි නායිකා බණ්ඩාරනායක අගමැතිනිය එය තරයේ ප‍්‍රතික්ෂේප කරමින් එම කොමිසමට ගරු කළාය.
1977 පසු යූ.ඇන්.පී. - ශී‍්‍රලංකා භේදයකින් තොරව ප‍්‍රතික්ෂේප වූයේ ඊට පෙර පැවැති රජයන් පොදුවේ අනුගමනය කළ මෙම යහපාලන පිළිවෙත බව පැහැදිලිය. එතැන් සිට එළැඹි අද දක්වා පවතින විවෘත ආර්ථික සමය පොදුවේ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් දුෂිතයන් බවට පත්කළ දේශපාලනය උදෙසා යහමින් මුදල් අවශ්‍ය කරන අශීලාචාර යුගයක් සේ සැලකේ.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට සමස්තයක් වශයෙන් වත්මන් දේශපාලන ක්ෂේත‍්‍රය කුණු වී ඕජස් ගලන තත්ත්වයකට පත්ව ඇත. වැදගත් කෙනෙකු මේ ක්ෂේත‍්‍රයට නොඑන තරමටම වැඬේ දුරදිග ගොස් හමාරය. ජනමාධ්‍යවල කාටුන් ශිල්පීන් පොදුවේ වත්මන් දේශපාලකයා හැඳින්වීමට භාවිතා කරන්නේ ‘‘මගෝඩිස්තුමා” යන උපහාසාත්මක වදනයි.
එදා මෙන් නොව පවතින දේශපාලන ක‍්‍රමය තුළ මැතිවරණයකදී ව්‍යාපාරික ප‍්‍රජාවගේ ආධාර උපකාරයක් නොලත් දේශපාලනඥයකු හමුවීම නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගන්නවාටත් වඩා අපහසුය. මේ වනවිට මැතිවරණයකට අදාළ සමහර ගනුදෙනු සිදුවන්නේ කරදිය වළල්ලෙන් එපිටය. බොහෝ විට සිංගප්පූරුවේ වාගේය. සිංගප්පූරුවෙන් මුදල් ලබාගෙන කුඩු කෑවෝ බොහෝය. දැන් එ්වා හෙළිවෙනවාට බියෙන් සමහර අයගේ වංචනික කි‍්‍රයාවලට ඇස් කන් පියාගෙන සිටීමට නායක කාරකාදීන්ට සිදු වී තිබේ දැයි කියන්න දන්නේ නැත.
අනෙක් පැත්තෙන් මැතිවරණ හා බල පෙරැළි උදෙසා කළු සල්ලි මුදාහළ ඇත්තෝ එ්වා නැවත උපයා ගැනීමට ආණ්ඩු පාවිච්චි කරති. අද දවසේ කැරකැවෙමින් පවතින්නේ මේ චක‍්‍රය බව පෙනේ. මේ වන විට එය අවලස්සන චක‍්‍රයක් බවට පත්ව ඇත. වර්තමානයේ යහපාලනය වුවද කුඩුපට්ටම් වෙමින් පවතින්නේ මේ අශීලාචාර චක‍්‍රාවාටය තුළ බව පැහැදිලිය.
ජනාධිපති මෛතී‍්‍ර බැඳුම්කර කොමිසම පත්කරනු ලබන්නේ මෙවන් පසුබිමකය. ඔහුගේ නිර්භීත කශේරුකාව ඇසුරින් ඕනෑම ජගතකු කොමිසම ඉදිරියට ගෙනැවිත් ප‍්‍රශ්නකර හරි වැරැුද්ද සොයාගැනීමට කොමිසමට බලයක් ලැබී තිබේ. එය වැදගත් වන්නේ අද දවසට වඩා හෙට දවසේ මේ ජරාජීර්ණ ක‍්‍රමය අවංකවම වෙනස් කිරීමට සූදානමින් සිටින අයටය. එහෙත් එක් කොමිසමකින් හෝ නඩුකරයකින් පමණක් එය කළ නොහැකිය. එදා බණ්ඩාරනායකයන් පත්කළ තල්ගොඩපිටිය කොමිසමට පසු වත්මන් බැඳුම්කර කොමිසම විවිධ පැතිකඩ ඔස්සේ මේ වන විටත් රට තුළ විපර්යාස ගණනක් සිදුකරමින් සිටින බව පෙනේ. තවමත් එහි අවසන් වාර්තාව නිකුත් නොවී තිබිය දී පවා එක් සාක්ෂිකාරියකගේ ප‍්‍රකාශයක් පදනම් කරගෙන වත්මන් රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
රවි කරුණානායක ඇමතිවරයාට ඉවත්වීමට සිදු වූ කාරණය හා බැඳුම්කර ගනුදෙනුවේ ඍජු සම්බන්ධයක් ඇතිබවක් බැලූ බැල්මට නොපෙනේ. එහෙත් ඇමැතිවරයාගේ ඉවත්වීම යහපාලන සංස්කෘතියකට ගැළපෙන ආදර්ශයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක දේශපාලන සුජාතභාවය යනු නීතිය හරහා ම යමින් උසාවියක් මඟින් වැරදිකරුවකු වනතෙක්ම කෙනකු පදවියක රැුදී සිටීම නොවේ. ප‍්‍රස්තුත කාරණය අරබයා තවදුරටත් ඉඩපහසුකම් විවර වීම උදෙසා කටයුතු කිරීමය. මේ නිසා නීතියේ විනිශ්චයට පෙර සුජාත භාවයේ සහතිකය ආදර්ශවත්ය.
එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ දුර්වලතා, නඩු හබ ප‍්‍රමාදවීම්, අධිකරණ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා ආදිය දේශපාලන කරළියට එමින් පවතින්නේ බැඳුම්කර කොමිසමේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙසිනි. ආණ්ඩුවේ ඇමැතිවරයකු ඉවත්වීම කරන කොටගෙනය. ආණ්ඩුවේ පසුපෙළ මන්තී‍්‍රවරුන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සටනකට සූදානම් වන බවක් පෙනේ. මෙය පසුගිය රජය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි සිදුවීමේදී අධිකරණ ක්ෂේත‍්‍රය අමනාපකර ගත්තාට සමාන කි‍්‍රයාවක් වීමට ඉඩ තිබේ. නීතිඥවරුන්ගේ ප‍්‍රශ්න කිරීමේ ශෛලිය හා නඩු ප‍්‍රමාදය එකක් නොව දෙකකි. ඊට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ මෙවන් ‘ගැලරි ක‍්‍රමයකට’ නොවේ.
ආණ්ඩුවේ පසු පෙළ මන්තී‍්‍රවරුන් තම පක්ෂයේම ඇමැතිවරයකුට එරෙහි විශ්වාසභංග යෝජනා ගෙන එ්ම, කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්‍වයට පටහැණිව සමහර ඇමැතිවරුන් කටමැත දෙඩවීම, ඇමැතිවරයකු වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයාට එරෙහිව එම පක්ෂයේම ප‍්‍රචාරක ලේකම් මාධ්‍ය හමු පැවැත්වීම ආදී කාරණා පොදුවේ ගත් කල තවත් විකාර රූපී දේශපාලන රංගනයකට සමානය. මේ නිසා එ්කාබද්ධ විපක්ෂයට ජනයා පාරට ගැනීමේ පොටක් පෑදෙමින් තිබෙන බව පෙනේ.
තවමත් ශී‍්‍ර ලංකා මහ බැංකුවට බැඳුම්කර මිලදී ගන්නා විධිමත් ක‍්‍රමවේදයක් නොමැත. එය සිදුවන්නේ විවිධ කාල වකවානුවල කඩයප්පන් විදියටය. මෙවන් දුර්වලතාවලින්් ප‍්‍රයෝජනය ගෙනා බැඳුම්කර මිලදී ගැනීම අක‍්‍රමිකතා දක්වා දුරදිග ගෙනයෑම පහසුය. නූතන බැඳුම්කර ගනුදෙනුව එහි ප‍්‍රතිඵලයකි. හේතුව වෙනස් කිරීමෙන් තොරව ඵලය ගැන කතා කිරීම ප‍්‍රශ්නයට විසඳුමක් නොවේ. මේ සියල්ල අයත් වන්නේ පවතින ජරාජීර්ණ සංස්කෘතියේ අංකුර ලෙසිනි.
සාමාන්‍යයෙන් මේ සියල්ල අසන දකින පොදු ජනයා මේ රටේ ආණ්ඩුවක් තිබේද යන ප‍්‍රශ්නය මතුකරති. බැඳුම්කර කොමිසමක් පත්කිරීමේ කීර්තිනාමයට ද මෙමඟින් හානියක් සිදු වී තිබෙන බව පෙනේ. දේශපාලනයේ ජනපි‍්‍රය චරිත අරබයා අත්අඩංගුවට ගැනීම් හා ටික දිනකට පසු ඇප මත මුදාහැරීම් කි‍්‍රයාවලිය අද දවසේ විකාරයක් බවට පත්ව තිබේ. දේශපාලන වශයෙන් මේ වන විට ඒවා අර්ථ ගැන්වෙමින් පවතින්නේ පළිගැනීම් ලෙසිනි. විශේෂයෙන්ම දේශපාලන විරුද්ධවාදීන් අරබයා දුෂණ හා අක‍්‍රමිකතාවලට අදාළ චෝදනා වෙත්නම් කෙළින්ම අධිචෝදනා පත‍්‍ර බාරදී නඩු පැවරීම් සිදු නොකරන්නේ මන්ද යන්න ප‍්‍රශ්නයකි. ඊට පිළිතුරක් ලැබෙන්නේ නැත.
ආණ්ඩුවේ වයස් සීමාවෙන් අඩක් ගෙවී යන වත්මන් යුගයේ වැදගත් වන්නේ දිගින් දිගටම අසාර්ථකවෙමින් පවතින හොරු ඇල්ලීමේ හොරා පොලිස් සෙල්ලමේ තවදුරටත් නිරත වෙනවාද මේ ජරාජීර්ණ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කරනවාද යන්නය. ඕනෑකමක් තිබේ නම් බැඳුම්කර කොමිසම වුවද ඊට හොඳ ආරම්භයක් කරගත හැකිය.
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැඳුම්කර මෙහෙයුම