IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බලය විමධ්‍යගත කිරීම උන්නතියට පාර කැපීමක්

දහතුන්වැනි සංශෝධනය පණගන්වන යෝජනා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන පුවත පසුගිය දිනෙක ලංකාදීප  පුවත්පත වාර්තා කළේය. දහතුන්වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට සූදානමින් පසුවන බව ද එම පුවතේ දැක්වේ.

1987 වසරේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවේ එවකට ශ්‍රී ලංකාණ්ඩුව ඉන්දීය රජය සමඟ ඇති කරගත් ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙනි. දමිළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත්කිරීමත් පළාත්සභා කරා බලය බෙදා හැරීමත් එහි මූලික අරමුණු විය. දශක ගණනාවක් තිස්සේ උතුරු නැගෙනහිර දමිළ වැසියන් විසින් කරන ලද ඉල්ලීම අනුව  ජනවාර්ගික අර්බුදය සමථ කරනු සඳහා බලය විමධ්‍යගත කිරීම මෙම සංශෝධන යේ අරමුණ විය.

උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස දහතුන්වැනි සංශෝධනයෙන් පළාත් සභා ක්‍රමය  කරළියට ගෙන ආවත් වසර 20ක් තිස්සේ පළාත් සභා පිහිටුවා ඒවා ක්‍රියාත්මක කරන ලද්දේ උතුරු නැගෙනහිර හැර සෙසු  පළාත්වලයි. එසේ සෙසු පළාත් කරා බලය විමධ්‍යගත කිරීමේ ඉල්ලීමක් එම පළාත්වල ජනතාව ගෙන් මතු නොවූ පසුබිමක් තුළ පළාත් සභා පිහිටුවීම සම්පත් අපතේ හරින අනවශ්‍ය ක්‍රියාවක් බවට පත්විය. පළාත් සභා පිහිටුවීම නිසා රාජ්‍ය සේවාවේ බලාපොරොත්තු වූ ආකාරයේ කාර්යක්ෂම බවක් ද ඇති නොවූයේ ය.

ඒ ඇරත් නාමිකව මිස පළාත් සභා කරා නිසි බලය බෙදාහැරීමක් සිදු නොවීය. රාජ්‍ය බලතල විමධ්‍යගත කිරීම වෙනුවට සිදුවූයේ විධායකය ඔස්සේ පූර්ණ බලතල ක්‍රියාත්මක වීම ය.

මෙවැනි පසුබිමක් තුළ බලය බෙදාහැරීමේ අවශ්‍යතාව තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හැර සෙසු පළාත්වල, පළාත් සභා පිහිටුවීමෙන් සමස්ත පළාත් සභා ක්‍රමය පොදු ජනයාගේ අප්‍රසාදයට ලක් වූයේ මේ තුළින් සිදු වූ සම්පත් නාස්තිය නිසා ය.

මේ අතර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදාහැරීම විධිමත් කිරීමේ පියවර කලින් කලට උතුරු නැගෙනහිර දමිළ ජනයාගේ ඡන්දය දිනා ගැනීම උදෙසා ඉදිරිපත් කරන සුලබ රැවටිලි බසක්ම වූයේය.

යාපනයේ තරුණ ජනතාවට පෙඩරල් ක්‍රමය යෝජනා කළ  එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා, නිදහස ලබා දස වසක්  ගත වෙන තැන පැය විසි හතරක් තුළ සිංහලය රාජ්‍ය භාෂාව කරන බවට සිංහල බහුතර ජනතාවට පොරොන්දු වූයේය.

දමිළ බස කතා කරන ජනයාට තම රට තුළ තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය එයින් ගිලිහී ගිය අතරම ජන වර්ග දෙක යා කරන බසක් ලෙස පැවති ඉංග්‍රීසිය භාවිතා කිරීම ද ඒ සමග අඩාල වූයේය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙමළ බස රාජ්‍ය භාෂාවක් බවට පත්කිරීමට අදාළ වගන්තිය ඇතුළත් වූයේ ඒ නිසාය. පොදුවේ භාවිතා වන බසක් සහිතව යම් ප්‍රදේශයක විසිර ඉන්නා ජනතාවකට ආවේනික සංස්කෘතික රටාවන් ඇති විට ඔවුන්ගේ කටයුතු පිළිබඳ තීරණ ගැනීම සඳහා රාජ්‍ය කටයුතුවල යම් යම් බලතල ලබාදීම ශිෂ්ට ලෝකයේ ලක්ෂණයකි. දහතුන්වැනි සංශෝධනය බල ගැන්වීමෙන් කරනුයේ අලු‍ත් ලෝකයේ පිළිගත් ශිෂ්ටත්වය කරා රට තල්ලු‍ කිරීමකි.

මෙරට රාජ්‍ය නායකයන් දමිළ ජනයා නියෝජනය කළ නායකයන් සමග එක්වී බලය විමධ්‍යගත කිරීම සඳහා කලින් කලට ඉදිරිපත් කළ සෑම යෝජනාවක්ම පසුගාමී උද්ඝෝෂණ ඉදිරියේ හකුලා ගැනීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස හටගත් ජනවාර්ගික අර්බුදය උත්සන්න වීම නිසා පැන නැගුණු යුද්ධයේදී ලක්ෂයකට අධික ජනකායක් ජීවිත පිදූහ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය විමධ්‍යගත කිරීමේ යෝජනාවලට එරෙහිව නැගෙන උද්ඝෝෂණ පසුබිමේ ඇති චේතනා හා මත කිහිප ආකාරයකින් හඳුනාගත හැකිය.

බලය විමධ්‍යගත කරනු ලැබූ රටවල් ප්‍රගතිය කරා ගියා මිස ඒ හේතුවෙන් රටවල් භේදභින්න වී දුගතිය කරා ගියේ නැත. ප්‍රාන්ත රාජ්‍යය විසි අටක් ඇති ඉන්දියාව ඊට හොඳ ම උදාහරණයකි. එසේ බලය  විමධ්‍යගත කිරීම ඉන්දියාවේ ප්‍රගතියටම හේතුවිය. මේ වන විට ලෝකයේ සංවර්ධනය කරා වේගයෙන් පා නගන රටවලින් එකක් බවට ඉන්දියාව පත්ව තිබේ.

පැරණි හණමිටි අදහස් අතහැර බලය විමධ්‍යගත කිරීම කෙරේ  ධනාත්මක ආකල්පයකින් දකින්නට දැන් කාලය පැමිණ තිබේ.

(***)



අදහස් (3)

බලය විමධ්‍යගත කිරීම උන්නතියට පාර කැපීමක්

Madawala Liyanage Wimaladasa Friday, 11 August 2023 12:56 PM

සම්මත වූ නීති ක්‍රියාත්මක නොවේ නම් තවත් කුමන කතාද? එක එක වෙලාවට ජනප්‍රිය මාතෘකා...!

:       0       0

S..H . Liyanage Saturday, 12 August 2023 10:07 AM

උන්නතිය කෙසේවෙතත් රටම සියදිවි නසාගන්නා හොඳ තත්වයක්... එකට තිබුණු රටවල් විනාශ වූ හැටි පේන්නේ නැතිව ඇති ඊශ්‍රායලය රට හදලා මුලු මැදපෙරදිගම යුද්ධ කලාපයක් කළ බව දන්නේ නැතිව ඇති...

:       0       0

දිමුත් Tuesday, 15 August 2023 11:16 AM

බලය බෙදුවට පස්සේ මායිම්වල මරා ගන්න තමයි වෙන්නේ... මේ වගේ පොඩි රටකට අනවශ්‍ය දෙයක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 357 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 745 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1087 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1444 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site