IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


බොලිවුඩ් නිළි රැජින ශ්‍රීදේවි සමුගනී

ඩුබායිහිදීය (එන්.ඩී.ටීවී)

ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ බොලිවුඞ් නිළි ශ්‍රීදේවි හෘදයාබාධයකින් මියගිය බව විදෙස් පුවත් සේවා ඊයේ (25) වාර්තා කළේය.

මියයනවිට ඇය 54 හැවිරිදි වියෙහි පසුවූවාය. ශ්‍රීදේවි හෘදයාබාධයට ලක්වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායිහිදීය. ඇය සැමියා බොනී කපූර් සහ බාල දියණිය කූෂි ද සමඟ ඩුබායි ගොස් සිටියේ බොලිවුඞ් නළුවකු වන මෝහිත් මර්වාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහාය. මෝහිත් මර්වා කපූර් පවුලේ ඥාතියකු බව පැවැසෙයි.

ශ්‍රීදේවිගේ හදිසි වියෝව බොලිවුඩය පමණක් නොව, ලොව පුරා සිටින බොලිවුඞ් සිනමා රසික රසිකාවියන්ට කම්පනයක් ගෙන දුන් පුවතක් විය. වියෝව සිදුවූයේ පෙරේදා (24) දිනයේ යැයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ශ්‍රීදේවිගේ වියෝවත් සමඟ ඉන්දීය අගමැති මෝදි ශෝකය පළ කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. ‘ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ශ්‍රීදේවිගේ සමුගැනීම බොලිවුඞ් සිනමාවට සිදුවුණු විශාල පාඩුවක්. චරිතාංග නිළියක ලෙස ඇගේ රංගනය අසමසමයි.’ යැයි මෝදිගේ එම ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.

80 සහ 90 දශකයේ ජනප්‍රිය බොලිවුඞ් සරාගිනිය වූයේ ශ්‍රීදේවිය. ශ්‍රීදේවි සිනමා ලෝලීන්ගේ ආදරයටත්,
පැසැසුමටත් ලක්වූයේ ‘නාගීනා’ (1986) චිත්‍රපටයේ නාග කන්‍යාවියගේ චරිතයට පණ පෙවීමෙනි. ඇය රඟපෑ ‘මිස්ටර් ඉන්දියා’(1987), ‘ලම්හේ’ (1991), ‘ලාඞ්ලා’ (1994), ‘ජුඩායි’ (1997) වැනි චිත්‍රපට අතිශය ජනප්‍රිය විය.
ශ්‍රීදේවි උපත ලැබුවේ 1963 වසරේ අගෝස්තු 13 වැනිදාය. ලෝ ප්‍රකට අන්තර්ජාල විශ්වකෝෂය ලෙස සැලකෙන ‘විකිපීඩියා’ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි, ශ්‍රීදේවි උපත ලබා ඇත්තේ ශ්‍රී අම්මා යංගර් ආයප්පාන් යන නමිනි. ඒ, ඇගේ පියාගේ උපන් නගරය වන ඉන්දියාවේ මදුරාසි හි සිවකාසි නගරයේය. ශ්‍රීදේවිගේ පියා දෙමළ නීතීඥයෙකි. මව තෙලිඟු ජාතික කාන්තාවකි.

බොලිවුඩයේ පළමු ‘සුපිරි නිළිය’ ලෙස සැළකෙන්නේ ශ්‍රීදේවිය. ඒ, ප්‍රධාන නිළිය ලෙස ඇය රඟපෑ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීමත් සමඟය. ප්‍රධාන නිළිය මුල්කොට ගනිමින් චිත්‍රපට සාර්ථක කළ හැකි බව පෙන්වා දුන්නේ ශ්‍රීදේවි යැයි චිත්‍රපට විචාරකයන්ගේ අදහසය.

හොඳම බොලිවුඞ් නිළිය ලෙස ශ්‍රීදේවි ෆිල්ම් ෆෙයාර් සම්මාන හයක් හිමි කරගෙන ඇත. 1990 දශකයේ වැඩිම මුදලක් අය කළ නිළිය ලෙස සැළකෙන්නේ ශ්‍රීදේවිය.

පසුකාලීනව ශ්‍රීදේවි ඇගේ සැමියා බොනී කපූර් ද සමඟ එක් වී චිත්‍රපට නිෂ්පාදනයට පිවිසුණාය. ශ්‍රීදේවි, බොනී කපූර් සමඟ විවාහ වූයේ 1996 වසරේදීය. බොනී කපූර්ගේ දෙවැනි බිරිය ශ්‍රීදේවිය.

බොනී කපූර් යනු සුපිරි මෙන්ම ජනප්‍රිය බොලිවුඞ් නළු අනිල් කපූර්ගේ සොහොයුරාය. ශ්‍රීදේවි රඟපෑ චිත්‍රපට රැසක ඇගේ පෙම්වතා වූයේ අනිල් කපූර්ය. ශ්‍රීදේවි සහ බොනී කපූර්ගේ දියණියන් දෙදෙනා ජානිවී සහ කූෂිය.
ශ්‍රීදේවි හින්දි නිළියක පමණක් නොවෙයි, ඇය දෙමළ, තෙළිඟු, මලයාලම් පමණක් නොව කන්නාඩ නිළියක ද වූවාය. ළමා නිළියක ලෙසින් ශ්‍රීදේවි බොලිවුඞ් සිනමාවට පිවිසියේ 1975 වසරේදී ‘ජූලි’ චිත්‍රපටයෙනි. ඇය ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩයට පිවිසියේ 1979 වසරේ ‘සොල්වා සවාන්’ චිත්‍රපටයෙනි. කෙසේ නමුත් ඇය බොලිවුඞ් සිනමාලෝලීන්ගේ අවධානය දිනා ගත්තේ 1983 වසරේ තිරගත වුණු ‘හිම්මත්වාලා’ හරහාය.

1997 වසරෙන් පසු, සැමියා සමඟ එක් වෙමින්, චිත්‍රපට නිෂ්පාදනයට යොමුවුණු ශ්‍රීදේවි වසර 15 ක පමණ නිහැඬියාවකින් පසු යළි රංගනයට පිවිසියේය. ඒ, 2012 වසරේ තිරගත වුණු ‘ඉංග්ලිෂ් වින්ග්ලිෂ්’ චිත්‍රපයට හරහාය. එම චිත්‍රපටය හරහා ඇය බටහිර විචාරකයන්ගේ පවා පැසැසුමට ලක් වූවාය. අවසන් වරට රඟ පෑ ‘මාම්’ චිත්‍රපටය සම්බන්ධයෙන් ද ශ්‍රීදේවි සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් වූවාය. 2013 වසරේ දී ඉන්දීය රජයෙන් පිරිනැමෙන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් ද ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.

 



අදහස් (1)

බොලිවුඩ් නිළි රැජින ශ්‍රීදේවි සමුගනී

Rohan perera Wednesday, 28 February 2018 06:31 PM

ශ්‍රීදෙවි ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ කියල ඉන්දියන් ප්‍රවෘත්ති පත්‍රයක තියෙනවා. ඒක ඇත්තක්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 359 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1288 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 755 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1091 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1906 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1454 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 59 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 20 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1056 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site