IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බලශක්ති උත්පාදනයේ පරිවර්තනයක්

ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන්නට ආණ්ඩුවට සිදුවිය. ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළ නැග ඇති බව ප්‍රකාශ වෙයි. ජාත්‍යන්තර පර් යේෂණ වාර්තා අනුව ඉදිරි කාලය තුළ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් සියය ඉක්මවන්නට ඉඩ තිබේ. ආණ්ඩුවේ ප්‍රකාශවලට අනුව ඉන්ධන මිල වැඩි කිරීම පරිභෝජනය අඩු කරන ක්‍රියා මාර්ගයකි.

සාමාන්‍ය ජනතාව ඉන්ධන නාස්ති කරන්නේ නැත. නාස්ති කරන තරමට වත්කමක් ඇති පිරිසක් නොවේ. ඉන්ධන ලීටරයකින් කිලෝ මීටර් හතරකට පහකට වැඩි දුරක් ගමන් කළ නොහැකි අති සුඛෝපභෝගී වාහන හත අටක් පිරිවරාගෙන ගමන් කරන මැති ඇමැතිවරුන් දුප්පත් ජනතාවගේ යතුරුපැදිය හෝ ත්‍රීවිලර් භාවිතය කෙරෙහි අවධානය යොමු කිරීම අනුචිතය.

බලශක්ති භාවිතා කරන තරම සංවර්ධනයේ ලක්ෂණයකි. ජනතාව වැඩිපුර විදුලිය හෝ ඉන්ධන පරිහරණය කිරීම දියුණුව පෙන්වන එක සංකේතයක් බව ජාත්‍යන්තරව පිළිගෙන තිබේ. ව්‍යවසායකත්වයට බලශක්තිය අවශ්‍යය. ගෘහ උපකරණ, විදුලිය මෙවලම් පාවිච්චි නොකරන රටක් තැනීම ආණ්ඩුවේ අභිමතය විය යුතු නැත. ඉහළ යන බලශක්ති භාවිතය පමණක් නොව ජනතාවට සාධාරණ මිලකට බලය සපයන්නේ කෙසේ ද යන්න ගැන ලෝක නායකයන් සාකච්ඡා කරමින් සිටින යුගයකි. පරිසර හිතකාමී ආකාරයකට බලශක්ති භාවිතාව ගැන අවධානය ද එහි එක කොටසකි. 

තෙල් මිල වැඩි කිරීම ගැන පවතින වාද විවාද

බ්ලූම්බර්ග් වාර්තා අනුව පසුගිය කාලයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73-76 අතර පැවැතිණ. ශ්‍රී ලංකාව බොරතෙල් ආනයනය කරන්නේ ඉරානයෙන් පමණකි. සපුගස්කන්ද පිරිපහදුවේ පිරිසුදු කළ හැකි ඉරානයේ තෙල් පමණක් වන අතර අනෙක් සෑම අවස්ථාවකම ඉන්දියන් සාගරයේ තෙල් ප්‍රවාහනය කරන නැව්වලින් ටෙන්ඩර් මත පෙට්‍රල්, ඩීසල් හා දැවිතෙල් මිල දී ගනී.

වාර්තා අනුව එක මාසයක ඉන්ධන සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් රටට අවශ්‍යය. ඉකුත් නොවැම්බර් අවසානය වන විට මෙරට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1.6 තෙක් පහත වැටී තිබුණ අතර මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන පරිදි වසර අවසානයේ මෙරට සංචිත ඇමරිකානු ඩොලර් බිලියන තුනකි. එම වත්කම පමණක් පවා අවුරුද්දක තෙල් ආනයනයට ප්‍රමාණවත් නැත. 

තවත් පැත්තක් ද තිබේ. මෙරටට ගෙන්වන ඉන්ධන බෙදාහැර අලෙවි කිරීම විශාල පාඩු ගෙන දෙන ව්‍යාපාරයකි. ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මෙම කාර්යය දැනට කරගෙන යයි. තෙල් සංස්ථාවට මෙරට ඉන්ධන වෙළඳ පොළෙන් සියයට අසූවකට වඩා බලයක් ඇත. 2020 වසරේ සංස්ථාව රුපියල් බිලියනයක් ලාභ උපයා ඇති බව මුල්‍ය වාර්තා දක්වයි.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 883 කි. 2020-21 මුල්‍ය වර්ෂය තුළ තෙල් බෙදා හැරීමේ ෂෙඩ් 210 ක් පවත්වාගෙන යමින් මෙරටට බදු වශයෙන් රුපියල් බිලියන 25.5 ගෙවා ඇත. කෙසේ  නමුත් ඛනිජ තෙල් සංස්ථාවේ ගිණුම්වල පැරණි ණය කන්දක් තිබේ. එය 2021 ජුලි අවසන් වන විට රුපියල් බිලියන 707.5 කි. 2013 හා 2018 වසරවල දැවැන්ත අලාභ, අකාර්යක්ෂම තෙල් බෙදාහැරීම හා ණය සඳහා ගෙවන පොලිය මෙම නරක ප්‍රතිඵලය ඇති කර තිබේ. තෙල් සංස්ථාව අඛණ්ඩව පාඩු ලබන අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම 2018 වසර හැර ඉකුත් වසර දහය තුළ කිසිම අවස්ථාවක පාඩු වාර්තා කර නැත.

තෙල් මිල සංශෝධනය කරන යෝජනාව ඇතුළත ලෝක වෙළඳ පොළේ මිල පමණක් නොව, දැවැන්ත අලාභවලට ගෙවන බැංකු පොලිය ද ඇතුළත්ය. බිලියන 700 ක ණයක් සඳහා සියයට දහයක සාධාරණ පොලියක් තක්සේරු කළහොත් එක මාසයකට බැංකුවලට ගෙවන පොලිය පමණක් රුපියල් බිලියන 5.83 කි. මෙම වන්දිය ගෙවන්නේ පොදු ජනතාව හැර අනෙක් කිසිවකු නෙවේ. තෙල් මිල වැඩි නොකළහොත් වක්‍රව අය කරන අනෙක් බදුවලින් මෙම පාඩු හා පොලිය පියැවීමට මහා භාණ්ඩාගාරයට සිදුවේ. ආර්ථිකයක ඇති අනතුරුදායක පැත්ත එයයි.

පොදු ජනතාව තවත් වටයකින් කබලෙන් ලිපට

ඉන්ධන මිල වැඩි කිරීම තවත් වටයකින් ජීවන වියදම වැඩි කරන හේතුවකි. ඉකුත් නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 11.1 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිවේදනය දක්වයි. මෑත කාලය තුළ උද්ධමනය ඉලක්කම් දෙකක අගයකට පත් වූ පළමු අවස්ථාවය. පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල එපමණකින් නැග ඇත. මෙම ඉලක්කම් දක්වන ප්‍රතිශතය කෙසේ වෙතත් ජනතා මතය වෙනස් එකකි. සහල්, එළවළු, මස්, මාළු හා බිත්තර මිල දෙගුණයක් පමණ වැඩි වී තිබේ.

ඖෂධ මිල පවා ඉහළය. කිරිපිටි ඇතුළු දේ මිල දී ගන්නට නැත. ඒවා මෙම කියන උද්ධමනය වැඩිවීමට ඇතුළත් ද? ඉන්ධන මිල නංවන තීරණය සමග බස් ගාස්තු වැඩිවන බව කියා තිබේ. බේකරි හිමියෝ අනතුරු අඟවා ඇත්තාහ. බත් පැකැට්ටුවක, තේ කෝප්පයක මිල නංවා ඇති බව සඳහන් කළ යුතුය. ප්‍රවාහන ගාස්තු වැඩිවීම සමග රට තුළ පැවැති තත්ත්වය තවත් වටයකින් දුෂ්කර වන බව නොඅනුමානය.

වැඩ කරන ජනතාවගේ අතට ලැබෙන ආදායම වැඩි නොවේ. වෙනදා වසර අවසානයේ බෝනස් දීමනා ලැබුණි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට වැටුප් වර්ධක හිමිවිය. වෙනදා අලුත් අවුරුද්දට අත්තිකාරමක් ලැබේ. 2021 වසරේ බැංකුවලින් හදිසි අත්තිකාරමක් ගෙවන බවට ප්‍රචාරයක් කළේය. බැංකු ඉදිරිපත් කළ නිර්නායක එම ණය ගැනීම එපා කළේය. 2022 වසරේ එහෙම තොරතුරක් හෝ රහිතව වික්ෂිප්ත වී සිටින ජනතාවට තෙල් මිල නැංවීම මහත් හිසරදයකි. 

ඉන්ධන මිල සංශෝධනය නරක පැත්තකට බලපාන ආකාරය ද සොයා බැලිය යුතුය. අපනයන අංශවල වියදම වැඩි කෙරේ. තරගකාරී වෙළඳාමක නිරත අපනයනයෙහි නිරත සමාගම්වලට නිෂ්පාදන කාර්යයේ දී හා ප්‍රවාහනයේ දී අලුත් පිරිවැය එකතු කරන්නට සිදුවේ. ඒකකයක මිල වැඩිවන විට වෙනත් රටක භාණ්ඩවලට වඩා ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳාම මිල වැඩි එකක් වනු ඇත. රටට අපනයන ආදායම අවශ්‍යම කරන අවස්ථාවක සිදුවන ඉන්ධන මිල සංශෝධනය අපනයන ඉලක්ක දුර්මුඛ කරන බව සඳහන් කළ යුතුව තිබේ.

විකල්ප පැතිවලට ගමන් නොකරන්නේ ඇයි?

ලෝකය බලශක්ති අංශයෙහි එකම ආකාරයක නැඹුරුවක නොවිණ. පර් යේෂකයෝ අලුත් පැතිවලට යොමු වූහ. ගින්දර, වාෂ්ප යුගයට පසු ගල් අඟුරුවලට හැරුණ ලෝක ප්‍රජාව පසුව බොරතෙල් යුගයට ඇතුළු වූහ. ස්වභාවික ගෑස් ද එහි එක පැත්තකි. අද වන විට පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කරමින් සිටින වකවානුවකි. ගල් අඟුරු හෝ පොසිල ඉන්ධන වැනි හනමිටි යුගයෙන් වහාම ඉවත්විය යුතුය.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ප්‍රතිපත්ති වෙනස් කිරීමකින් අලුත් පැතිවලට පහසුවෙන් ඇතුළු විය හැකිය. මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන ලද කාලයේ රටට අවශ්‍ය තරමට ජල විදුලිය නිපදවන අතර අතිරික්තයක් ගැන ද කියැවිණ. අද මෙරට ජල විදුලිය උත්පාදනය සමස්ත විදුලිය නිෂ්පාදනයෙන් සියයට 13 කි. රටට ගෙන්වන ඉන්ධනවලින් සියයට හැට පහක් විදුලිය උත්පාදනයට බව රජයේ වාර්තා කියයි. සියයට විසි පහක් ප්‍රවාහන අවශ්‍යතා සඳහාය. මෙම අංශ දෙක කෙරෙහි අලුත් අවධානයක් යොමු කළහොත් රටට අනාගතයක් තිබේ. 

රටට විනිමය උපයන ප්‍රධානම මාර්ගය මැදපෙරදිග ඇතුළු රටවල වැඩ කරන ජනී ජනයා එවන මුදල්ය. රට විරුවන් ලෙස ඔවුහු හඳුන්වන්නට තරම් නැඹුරු වී ඇති වකවානුවකි. අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 3-4 අතර මුදලක් ඉන්ධන ආනයනයට අවශ්‍යය. දහඩිය මහන්සියෙන් උපයා එවන ඩොලර් ඉන්ධන වෙනුවෙන් පුළුස්සන්නේ ඇයි? එම ආනයන රටට විශාල ණයක් හා අකාර්යක්ෂම බෙදාහැරීමේ ක්‍රමයක් වෙනුවෙන් ජනතාව පොලිය ගෙවන තැනට යොමු කරන හේතුව කුමක්ද?

මෙරට ප්‍රතිපත්ති සම්පාදකයෝ යුහුසුළු විය යුත්තෝය. නිර්භීත තීරණ අවශ්‍යය. සම්ප්‍රදායික රාමුව වෙනුවට අලුත් බලශක්ති ප්‍රභව කරා යොමු කරන යෝජනා ඉදිරිපත් කිරීම වැදගත්ය. සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම එහි ඉදිරියෙන්ම ඇති පියවරකි. දිවා කාලයේ සූර්ය තාපය ප්‍රයෝජනයට ගන්නා අතර රාත්‍රී කාලයේ ජලය, සුළඟ හා ගල් අඟුරු බලාගාරවලින් නිපදවන විදුලිය ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් සකස් කළ හැක.

ලෝකයේ සමහර රටවල් ජල විදුලිය නිපදවන අතර කෘෂිකාර්මික කටයුතුවලට බාධා නොවන පරිදි යම් ජල ප්‍රමාණයක් නැවත විදුලි බලාගාරවල පොම්ප කරා ආපසු හරවයි. එම ආපසු හැරවීම කරන්නේ සෝලා විදුලිය මෝටර්වලින්ය. නැවත නැවතත් එකම ජල ප්‍රමාණයෙන් විදුලිය නිපදවන පරිශ්‍රමයකට යා හැකිය. ඒවා නවෝත්පාදන අදහස්ය. 

ඉන්දියාව හා චීනය ශ්‍රී ලංකාවට සූර්ය තාප විදුලිය සඳහා ආධාර කරන්නට කැමැත්ත දක්වයි. දේශපාලන මතිමතාන්තර හා වෘත්තීය සමිති විරෝධය තීරණ ගැනීමේ දී බරපතළ ලෙස බලපා ඇත. යුගදනවි යෝජනාව පවා දැනට අඩුම වියදමකින් විදුලිය උත්පාදනය කරන එකකි. මේවායෙන් ආකෘතිය වෙනස් කළ හැක. කරුණු ගැන අවබෝධයක් නැති ජනතාව භීතියට පත් කර තිබේ. විදුලිය බිලට මහත් වියදමක් දරති. රට ආරක්ෂා කරන, විජාතික බලවේග පරාජය කරන බව කියන දේශපාලනඥයන් විදුලිය බිල ගැන කතා නොකරන්නේ ඇයි? ඉන්ධනන වියදම අඩු කරන අලුත් පැති ගැන ආණ්ඩුවට බලනොකරන හේතුව කුමක්ද?

හතර වැනි කර්මාන්ත විප්ලවය කරා ගමනක්

බලශක්ති උත්පාදනය පමණක් නොව පරිභෝජනය සම්බන්ධව ද අලුත් පැති තිබේ. ජගත් ප්‍රජාව කර්මාන්ත විප්ලවයේ හතරවැනි පියවර කරා ගමන් කරති. කොවිඩ් වසංගතය සමාජයට භයානක විපතක් බව අවිවාදිතය. ජන සමාජය නිසොල්මන් කර තිබේ. සමාජ දුරස්ථභාවය ඇති කර ඇත. නිෂ්පාදනය අඩාල කරන ලද බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. එහෙත් මනුෂ්‍ය ප්‍රජාව පරාජය වෙන්නට කිසිසේත් සූදානම් නැත. කොවිඩ් වසංගතය අවස්ථාවක් කරගෙන තිබේ. තොරතුරු තාක්ෂණයට සම්බන්ධවීම වේගවත් කරගෙන ඇත.

අධ්‍යාපනය, බැංකු හා මුල්‍ය, වෙළඳාම සහ නිෂ්පාදන අංශ වේගයෙන් තාක්ෂණය කරා යොමු කරගෙන තිබේ. පැරණි යුගයේ යන්ත්‍ර වෙනුවට පරිගණක තාක්ෂණය හා පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය උපයෝගී කරගෙන ඇත. අපට ද එය දැනටමත් අත් විඳින්නට හැකියාව ලැබී තිබේ. වාසනාවකට එය ස්වභාවිකව සිදුවිය. කිසිම දේශපාලනඥයකුට මැදිහත් වෙන්නට අවස්ථාවක් නොලැබුණි. සමාජයක් වශයෙන් තවත් පියවරක් ඉදිරියට තැබීම අපගේ වගකීමකි.

මෑත කාලය දක්වා ස්මාට් දුරකතනයක් අල්ලන්නට වරම් නොලැබුණ දරුවෝ අද ඉගෙනගන්නේ අන්තර් ජාලයෙන්ය. පාසල විවෘත කළත් ගෙදර සිට ඉගෙන ගන්නට කැමැති පරම්පරාවක් අද අපට සිටී. පාසල් ගොඩනැගිලිවල ඉඩකඩ සිට මහා මාර්ගයේ තදබදය දක්වා කොපමණ වපරිසයකින් සිදුවන වාසියක් ද? තාක්ෂණය තුළින් බලශක්තිය, ඉන්ධන දහනය අඩු කළ හැක.

හයිබ්‍රිඩ් එනම් කොටසක් පාසල තුළ හා තවත් කොටසක් අන්තර් ජාලයෙන් ඉගැන්වීම අපගේ උත්සාහය විය යුතුය. වෙනදා බැංකු පෝලිමේ සිටි විශාල පිරිසක් අද අන්තර් ජාලයෙන් ගනුදෙනු කරති. තමන්ගේ මෝටර් රියකින් හෝ බස් රථයකින් බැංකුවට යා යුතු නැත. සියලු බිල්පත් අන්තර් ජාලයෙන් ගෙවන පහසුව තිබේ. සුපිරි වෙළඳ සැල් දැන් නිවසටම භාණ්ඩ එවයි. ඇණවුම් කළ පසු භාණ්ඩ ලැබෙන ක්‍රම රට තුළ සුලබ කළහොත් දිනපතා වෙළඳ පොළට ගමන් කිරීම සෑහෙන ප්‍රමාණයකින් අඩු කළ හැක. 

ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයෙහි නිෂ්පාදනය රොබෝ යුගයට යා යුතුය. එයින් ශ්‍රමයෙහි පරිවර්තනයක් සිදුවෙයි. රස්සා අහිමි වන බවට භීතියක් සමාජයේ ඇත. එහෙත් අහිමි වන ප්‍රමාණය අභිබවා අලුත් රැකියා අවස්ථා ලැබෙන බව පර් යේෂකයෝ සනාථ කර ඇත්තාහ. සිංගප්පූරුවේ ප්‍රකට සමාගමක චොකලට් නිෂ්පාදනය රොබෝ යන්ත්‍රවලට පවරා ඇත. ඒවා නොනැවතී, පැය විසිහතරම සේවය කරන අතර කම්හලට විදුලිය ආලෝකය පවා අවශ්‍ය නැත.

කොපමණ ඉතිරියක් ද? ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය, ඇඟලුම් අංශය එවැනි පැතිවලට හැරවිය හැකිය. එකී පරිවර්තනය සඳහා අවශ්‍ය හරිත ආධාර කරන්නට ජාත්‍යන්තර ප්‍රජාව සූදානම්ය. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ තෙල් මිල වැඩි කිරීම ගැන දෙස් දෙවොල් තබමින් සිටිති. අපේ ආණ්ඩුවක් පැමිණි වහා අඩු මිලට තෙල් සපයන බව කියති. අපගේ රටට අනාගතයක් තිබේ ද?


සාරා කන්දෙගොඩ



අදහස් (5)

බලශක්ති උත්පාදනයේ පරිවර්තනයක්

M.H.Deeganatha Thursday, 06 January 2022 05:13 AM

මා "දූවිලි අන්ශු වෙන්කිරීම/රැස් කිරීම තාක්ශනය" සදහා ඊට 2008 වසරේදී අංක 15062 යටතේ පේටන්ට් හිමි අයයි. 2008 වසර වනවිටත් මවිසින් , වායු සමීකරණ/ ශීතකරණ වල ඒවායෙහි සිද්දාන්ත වලට පටහැනිව සිදුවන විදුලිය හානියත් , ඊට කලහැකි පිලියම්ද සොයාගෙන සිටියෙමි. ඊට අමතරව සමස්ත දිවයින පුරාවට තෙකලා විදුලිය බාවිත කරන කර්මාන්ත/සේවාවලද තවදුරටත් විදුලිය පිරිමැසිය හැකි බවද සොයාගෙන සිටියෙමි. 2009 වසරේ සිට මින් එක එකට පේටන්ට් ලබාගැනීම මගේ අදහසව තිබුනත් , ලංකා කාර්මික සංවර්දන මණ්ඩලය, මවිසින් ඊට පෙර හිමිකරගෙන සිටි දූවිලි අංශු වෙන්කිරීම/රැස්කිරීම සදහා දිස්ත්‍රික් සහ පලාත් ජයග්‍රහනයන් වලදී ලද ජයග්‍ර්හන සහතික පත් මා වෙත ලබා නොදීම සම්බන්දව කුකුසක් ඇතිවී තිබුනි.

:       0       0

M.H.Deeganatha Thursday, 06 January 2022 06:12 AM

එක් උදා: 2019 වසරේදී පමනක් ලංවිම අලාබය රුපි. කෝටි 9000 ක් බව දක්වා තිබුනි. ඉන් 40% ක්ම වැයවී තිබුනේද HVAC එනම් වායුසමීකරණ/ශීතකරණ කටයුතු සදහා බවකි. එනම් 9000 × 40 / 100 = 3600. මවිසින් සොයාගෙන තිබෙන HVAC විදුලිය පිරිමැසුම 15% . ඒ අනුව 3600 × 15 /100 =540 //මේ රුපියල් කෝටි වේ. මා ඔබ තුමියගෙන් ඉල්ලා සිටින්නේ , 2009 වසරේ සිට 2021 දක්වා එක් එක් වසරන් තුල ලංවිම ලබා ඇති අලාබයන් මාවෙහ දන්වා එවන ලෙස පමනි. මෙම අලාබයන් ලංවිම ලබා ඇත්තේද මෙම මුදලින් 65 % ක් , විදුලිය උත්පාදනයට , විදෙස් විනිමයද වැය කරමින්මය. මේවනවිට අප දිවයින තිබෙන තත්වය ගැන කිවයුතු නැත. ශ්‍රී ලාන්කිකයෙකු වශයෙන් දැඩි කනගාටුවක් මා හට ඇත්තේ , රජයට සම්බන්ද දූශිත ලංවිම හි ක්‍රියා කලාපය නිසා , එහි සාපය සමස්ත ලක් වැසියන් බුක්ති විදීම නිසාය.

:       0       0

M.H.Deeganatha Thursday, 06 January 2022 06:29 AM

සමස්ත දිවයින පුරාවට පවත්වන තෙකලා විදුලිය බාවිත කරන කර්මාන්ත/සේවා වල විදුලියද ඒවායෙහි කාර්‍යක්ශමතාවයන්ට හානියක් නොවන පරිදි 5 % කින් පිරිමැසියද හැක.

:       0       0

M.H.Deeganatha Thursday, 06 January 2022 01:38 PM

විදෙස් රටක ගුවන් හමුදා මූලස්ථානයක HVAC අංශයක රැකියාවක සිටිනකල, ලංවිම විදුලි ඉංජිනේරුවන් දෙදෙනෙකු එහි පවර් ප්ලාන්ට් එකට සේවයට පැමිණ, පරිවාස මාස 3 තුළදීම ප්‍රතික්ෂේප විණි.. ඔවුන්ට ලංකාවට ඒමට මුදල් සම්මාදම් කිරීමටද අපට සිදුවිණි. එහෙම ඉංජිනේරුවන් සිටින ලංවිම ගැන කුමන කතාද? සාපය සමස්ත ලක්ජනතාවමයි විඳවන්නේ...

:       0       0

M.H.Deeganatha Friday, 07 January 2022 07:57 AM

ලංවිම විදුලියෙන් මා ඉවත්ව සිටින්නේ 2009 වසරේ සිටය. ඒ දූශිත ලංවිම විදුලි ඉන්ජිනේරුවන්ට තම දැනුම මෙහෙයවා ,ජනතාවට මෙන්ම කර්මාන්ත/සේවා කරුවන්ට විදුලිය පිරිමසා ගතහැකි ක්‍රමවේදයන් පෙන්වා දීමට වසර 20 ක කාලයක්ද ඉඩ තබමින්ය . (ප්‍රදාන වශයෙන් විදෙස් ශ්‍රමිකයින් උපයාදෙන විදෙස් විනිමයද) විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්දන සදහා 65 %ක්මද වැය කෙරෙන බවකි. කතුතුමනි, 2009 සිට 2021 දක්වා එක් එක් වසරන් තුල ලංවිම ලද අලාභයන් පමනක් මාවෙත ලබා දෙන්න. ලොව පුරාවට නිශ්පාදනය කෙරෙන HVAC උපකරන බොහොමයක් , යෙදී සිටි රැකියාවන් වලදී අලුත්වැඩියා කිරීමට අවස්තාවන් මා හට ලැබිනි. අප දිවයින තුල මෙතෙක් කිසිවෙකුගේ අවදානය හෝ යොමු නොවුනු පුනර්ජනනීය නව විදුලි උත්පාදන ක්‍රමවේදයක් සම්බන්දව අදාල අමාත්‍යාන්ශ ලේකම්වවරයෙකු 2022 නව වසරේ දැනුවත්ද කර ඇත. ආදර්ශන ව්‍යාපෘති වාර්තාවේ කටයුතු සිදු කරෙන බවත් සතුටින් දන්වා සිටීමට කැමැත්තෙමි. හැබැයි මම මඩේ ඉන්න ගොවියෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site