IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


භාණ්ඩ මිල අඩු කළ නොහැකිද?

පසුගිය කාලයේ රට තුළ මහා අර්බුදයක් නිර්මාණය කළ භාණ්ඩ හිඟය පිළිබඳ ගැටලු‍ව දැන් තරමක් දුරට විසඳී ඇති බව පෙනේ. දැන් පෝලිම් ඇති කරනු ලබන්නේ ඉන්ධන පිරවුම් හල් හිමියන් සහ ගෑස් අලෙවිකරුවන් විසිනි. ඒ ඒවා හිඟවීම නිසා නොවේ. මිල පහළ යෑමට ඉඩ ඇතැයි සිතා ඒවා ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙනි. මේ වන විට රටේ මහජනතාවට දැඩි පීඩනයක් එල්ලවන ප්‍රබලම ගැටලු‍වක් වී ඇත්තේ භාණ්ඩ සහ සේවා මිල ගණන් දිගින් දිගටම ඉහළ යාමය. ආහාර ද්‍රව්‍යවල මෙන්ම ආහාර නොවන ද්‍රව්‍යවල මිල ගණන්ද අඛණ්ඩව ඉහළ යන තත්ත්වයක් වාර්තා වී තිබේ.

රටේ මහජනතාව පරිභෝජනය කරනු ලබන භාණ්ඩ සහ සේවාවල මිල ගණන් කවර ආකාරයකින් ඉහළ ගොස් තිබේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගත හැක්කේ උද්ධමනයේ ප්‍රමාණය අනුවය. උද්ධමනයේ සරල අදහස වන්නේ භාණ්ඩ සහ සේවාවල මිල ගණන් ඉහළ යන ප්‍රමාණයයි.

ශ්‍රී ලංකාවේ උද්ධමනය මැනීම සඳහා දශක කිහිපයක් තිස්සේ අඛණ්ඩව භාවිතා කර ඇති දර්ශකයක් වන්නේ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයයි. එය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලබයි. 2021 මැයි මාසයට පෙර එම දර්ශකයට අනුව මාසිකව උද්ධමනය  පහළ ගිය අවස්ථා මෙන්ම ඉහළ ගිය අවස්ථාද පැවතිණි. එහෙත් 2021 මැයි මාසයෙන් පසුව ගත වූ මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනය අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

එම දර්ශකයට අනුව 2021 වසරේ මැයි මාසයේ උද්ධමනය සියයට 4.5  ක් විය. 2022  ජනවාරි මාසයේ දී එය සියයට 14.20 දක්වා ඉහළ ගොස් තිබුණි. ජූනි මාසයේ දී එය සියයට 50 මට්ටම ඉක්මවා යමින් සියයට 54.60 දක්වා ඉහළ ගියේය. ඉන්පසු සැප්තැම්බර් දක්වා මාස තුනක කාලය තුළ සෑම මසකම එය සියයට 60 ඉක්මවා ගොස් තිබුණු අතර 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 69.80 ක් විය. එය රටේ මේ දක්වා වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය වේ.

මෙම කාල පරිච්ඡේදය තුළ මේ ආකාරයට උද්ධමනය වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු කිහිපයක් බලපා ඇති බව එම තත්ත්වය නිරීක්ෂණය කරන විට පැහැදිලි වේ. භාණ්ඩ හා සේවා මිල ගණන් ඉතා කෙටි කලක් තුළ ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ඉහළ යාම සඳහා බලපෑ ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලාංකික රුපියල අවප්‍රමාණය වීමයි.

මේ වසරේ මාර්තු මාසයේ දී රජය විසින් රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරිය අතර අවසානයේ  රුපියල පහළ වැටීම නවතා ගත නොහැකි තත්ත්වයකට පත් විය. මාර්තු මස මුල ඩොලරයේ විනිමය  අනුපාතය රුපියල් 200, 202 පමණ මට්ටමක පැවතුණි. රජය එය රුපියල් 230 ක පමණ අනුපාතයකට අවප්‍රමාණය වීමට ඉඩ හැරීමට බලාපොරතේතු  වුව ද  අවසානයේ එය රුපියල් 400 ට ළඟා වී මේ වන විට රුපියල් 370 ක පමණ මට්ටමේ රැඳී තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ විදේශවලින් ගෙන්වනු ලැබූ සෑම භාණ්ඩයකම මිල ගණන්  ඉහළ යාමයි.

ශ්‍රී ලංකාව තම ආහාර, රෙදිපිළි සහ ඖෂධ වැනි මූලික අවශ්‍යතාවලින් වැඩි ප්‍රමාණයක් විදේශවලින් මිලදී ගනී. ඊට අමතරව ඉන්ධන, ගෑස්,  නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. ඩොලර් එකක් වටිනා භාණ්ඩයකට අවප්‍රමාණ වීමට පෙර ගෙවනු ලැබූවේ රුපියල් 200 ක් වුව ද දැන් ඒ සඳහා රුපියල් 370 ක් ගෙවීමට සිදුවේ. ඩොලර් 10 ක් වටිනා භාණ්ඩයකට මුලින් රුපියල් 2000 ක් ද ඩොලර් 100 ක භාණ්ඩයකට රුපියල් 20000 ක් ද ගෙවීමට සිදු වුවද දැන් ඒ සඳහා රුපියල් 3700 ක් සහ රුපියල් 37000 ක් ගෙවීමට සිදුවේ.

මිල මට්ටම් ඉහළ යාම කෙරෙහි විනිමය අනුපාතයේ සිදු වූ වෙනස්කම් කොතෙක් දුරට බලපා තිබේද යන්න ඉන් වටහා ගැනීමට හැකි වනු ඇත. අනෙක් අතට රුපියලේ අගය පහළ වැටීමේ අනෙක් ප්‍රතිඵලය වූයේ ආර්ථිකයේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කෙරෙහි ඍජුවම බලපාන ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා සියලු‍ම භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාමයි. ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග ආහාර, ප්‍රවාහන සහ තවත් බොහෝ අංශවල මිල ගණන් ඉහළ යන ආකාරය අනුව එම බලපෑම සමස්ත භාණ්ඩ සහ සේවා සඳහා බලපාන අයුරු හඳුනා ගත හැකිවනු ඇත.

රටක මුදල් සැපයුම සහ උද්ධමනය අතර ඉතා ඍජු සම්බන්ධතාවක් තිබේ. මුදල් සැපයුම වැඩි වන විට භාණ්ඩවල මිල ඉහළ යාමද මුදල් සැපයුම අඩු වන විට භාණ්ඩ මිල අඩු වීම සාමාන්‍ය තත්ත්වයකි. රජය මුදල් මුද්‍රණය කරන විට ද රජය විසින් වාණිජ බැංකුවලින් ණය ලබාගන්නා විට ද රටේ මුදල් සැපයුම වැඩි වේ. කොවිඩ් අවදියේදී ලොව ධනවත් රටවල් සෑම එකක්ම පාහේ මුදල් ‍මුද්‍රණය කරමින් අරමුදල් හිඟයට මුහුණ දුන්නේය. ශ්‍රී ලාංකාව ද එම පිළිවෙතම අනුගමනය කළේ ය. ආර්ථික අර්බුදය හමුවේ එය අඛණ්ඩව පවත්වාගෙන  ගියේය. භාණ්ඩ මිල ගණන් ඉහළ යාම සඳහා එය විශාල ලෙස බලපෑවේ ය.

උදා වූ එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ සුපිරි වෙළඳසැල්, වෙළෙන්දන්ගේ සහ අතරමැදියන්ගේ ද ක්‍රියාකාරීත්වය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම කෙරෙහි බලපෑ ආකාරය පිළිබඳ අත්දැකීම් බොහෝ දෙනකුට මතක ඇතැයි සිතමි. ඉන්ධන මිල සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යන විට භාණ්ඩ මිල ගණන් ක්ෂණිකව ඉහළ දැමූ බොහෝ ආයතන සහ පුද්ගලයන් අද ඒවායේ මිල ගණන් අඩු වන විට භාණ්ඩවල මිල පහළ නොදමා විවිධ හේතු ඉදිරිපත් කරන ආකාරය සුලභ දර්ශනයක් වී ඇත. 

ප්‍රධාන  පෙළේ සුපර් මාකට් පවා විනිමය අනුපාතය ඉහළ ගිය අවස්ථාවේ දී තම වෙළඳසැල්වල වෙළඳාමට තබා ඇති බොහෝ භාණ්ඩවල මිල ඉහළ දැම්මේය. දේශීය නිෂ්පාදනවල අවශ්‍යතාව නිතර අවධාරණය කරන සංවිධානවල නායකත්වය දරන පුදගලයන් සතු ආයතන පවා කිසිදු හේතුවක් නොමැතිව මිල ගණන් ඉහළ දැමූ ආකාරය බොහෝ දෙනකුට මතක ඇතැයි සිතමි.

රටේ උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ සහ සේවාවල මිල අසීමත ලෙස (බලපෑම කෙරෙහි) ඉහළ යාම කෙරෙහි බලපා ඇති කරුණු කිහිපයකි ඉහතින් ඉදිරිපත් කරන ලද්දේ. කෙසේ වුවද මෙම හේතු අතීත කතාය. අද මහජනතාවට මුහුණු දීමට සිදුව ඇති පීඩනය රට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු‍වයි.

අපට දැන් ජීවත් වීමට සිදුව ඇත්තේ බංකොලොත් වූ රටක බවත්, බංකොලොත් බවින් ගොඩ ඒම සඳහා යම් යම් කැපවීම් කළ යුතුව ඇති බවත්  මහජනතාව අවබෝධ කරගෙන නොසිටිනවා නොවේ. එසේ වුවද ඒ සඳහා සීමාවක් පවතින බව ද වටහා ගත යුතුව ඇත.
මිල පාලනය කිරීම්, ගැසට් නිවේදන නිකුත් කිරීම් මගින් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව පසුගිය අත්දැකීමෙන් පැහැදිලි වේ. ඒ වෙනුවට සීමා ඉවත් කර වෙළඳපොළ විවෘත කිරීමෙන් මිල මට්ටම් අඩු කළ හැකි බව තිරිඟු‍ පිටි සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා මාර්ගවලින් පැහැදිලි වේ. මිල පාලනය කර තිරිඟු‍ පිටි මිල අඩු මට්ටමක  පවත්වාගෙන යාමට නොහැකි වූ නමුත් තිරිඟු‍ පිටි නිදහසේ ආනයනය කිරීමට ඉඩ දීම හේතුවෙන් මිල පහත වැටී තිබේ.

රට අර්බුදයකට මුහුණ දී බොහෝ දෙනකු දැඩි අපහසුතාවට ලක්ව සිටින අවස්ථාවකදී වුව ද ආත්මාර්ථයම සලකන කෙසේ හෝ ලාභ ලැබීම පමණක් අරමුණු කරගෙන සිටින පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය ද රටේ මිල ගණන් මේ සා විශාල ලෙස ඉහළ යාම සඳහා හේතු විය. එහෙත් ඔවුන් කල්පනා නොකළ කරුණ වූයේ මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද සීමාවක් පවතින බවය. ජනතාව මිලදී ගන්නේ තම ක්‍රය ශක්තිය එනම් මිලදී ගැනීමේ හැකියාව අනුවය.

මිල වැඩි වූ විට ඔවුන් කරන්නේ තමන්ගේ  ක්‍රය ශක්තිය අනුව මිලදී ගත හැකි භාණ්ඩවලට පමණක් මේ ඉල්ලු‍ම සීමා කිරීමය. එහි ප්‍රතිඵලය ලෙස බොහෝ භාණ්ඩවලට පවතින ඉල්ලු‍ම පහළ වැටී ඒවායේ මිල ගණන් අඩුවනු ඇත. කුකුල් මස්, මාළු, කරවල වැනි ද්‍රව්‍යවල මිල අඩුවීම කෙරෙහි එම තත්ත්වය බලපා ඇත. මිල පාලනය කිරීම  වෙනුවට වෙළෙඳපොළ. මගින්ම මිල අඩු කරන තත්ත්වයක් එමඟින් නිර්මාණය වේ.

ඉන්ධන, ගෑස් ආදිය ජාත්‍යන්තර වෙළඳපොළේ මිල ගණන් අනුව  වෙනස්වන මිල ක්‍රමයක් යටතේ පවත්වගෙන යාමේ වාසිය ද දැන් පාරිභෝගිකයාට හිමිව තිබේ. අවස්ථා කීපයක දී ම ඒවායේ මිල ගණන් අඩු විය.  

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබේ. ඒ හේතුවෙන් මුදල් සැපයුම අසීමිත ලෙස ඉහළ යාම නවතා ගැනීමට හැකිව තිබේ. රජය විසින් වාණිජ බැංකු වැනි ප්‍රසාරණාත්මක මූලාශ්‍රවලින් ණය ලබා ගැනීම සීමා කිරීමට උත්සාහ කර ඇති අතර ඒ හේතුවෙන්  මුදල් සැපයුම ප්‍රසාරණය වීමට ඇති  ඉඩ තවදුරටත් අවම කර ගැනීමට හැකි වනු ඇත.

ඔක්තෝබර් මාසයේ උද්ධමනය පිළිබඳ දත්තවලින් පැහැදිලි වන්නේ එම ප්‍රතිපත්ති හේතුවෙන් මිල මට්ටම්වල සැලකිය යුතු වෙනසක් සිදු වෙමින් පවතින බවය. සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 69.8 ක් වුව ද එය ඔක්තෝබර් මාසයේ දී සියයට 66 දක්වා අඩු වී ඇත. ආහාර  උද්ධමනය සැප්තැම්බර්වල දී සියයට 94.9 ක් වුව ද ඔක්තෝබර්වල දී සියයට 85.6 ක් දක්වා අඩු වී ඇත. මාස 17 කට පසුව මිල ගණන් ඉහළ යාම  නවතා ගැනීමට හැකි වීම ඉතා හොඳ තත්ත්වයකි.


මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

භාණ්ඩ මිල අඩු කළ නොහැකිද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site