මාගමට මහා සම්පතක් වූ තිස්ස වැව මේ දිනවල ජාතික මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් එම වැවේ මඩ හා පස් ඉවත් කිරීමේ කටයුත්ත චීන ජාතික සමාගමකට ලබා දීම පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමගය.
බර යන්ත්‍රෝපකරණ යොදාගෙන වැවේ රොන් මඩ ඉවත් කරමින් සිටියේ හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතිකයන් පිරිසක් විසිනි. එය මාධ්‍ය මගින් පෙන්වූ පසු එම ඇඳුම් ඉවත් කර සාමාන්‍ය ඇඳුමින් සැරසී එම සේවකයෝ කටයුතු කරනු පෙනිණි.
කෙසේ වෙතත් තිස්ස වැව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් එකකි. ඒ එහි ඇති ඓතිහාසික වටිනාකම නිසාය. එහෙත් මාධ්‍ය එම ප්‍රතිසංස්කරණ පිළිබඳ අනාවරණ්‍ය කරන තුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එවැනි ප්‍රතිසංස්කරණ කටයුත්තක් ගැන දැන සිටියේවත් නැත.
වැව් කිහිපයක් එක්කර තනාඇති තිස්ස වැවේ නිර්මාතෘ ඉලයනාග රජු බව මහාවංශ මුලාශ්‍ර අනුව පෙනේ.
දැනට තිස්සමහාරාම නිවාඩු නිකේතනය (Rest house) ඇති ස්ථානය පුරාණ මාගම නගරයේ මායිම සේ සැළකේ. රාජකීයයන් හා ප්‍රභූන් ගේ අවශ්‍යතා සඳහා පැවැති නාගරිකයක් වන මෙකි නාගරිකය වත්මන් නිවාඩු නිකේතනය පිහිටි ගොඩැල්ලට මායිම් වී පිහිටියේ යැයි විශ්වාස කරන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියයි.
20 වන ශතවර්ෂයේ මුල් කාලයේ හෙන්රි පාකර් මහතා විසින් එම ස්ථානායේ කරන ලද කැණීමකදී පැරණි වරිච්චි සහිත නිවාස වර්ගයක නටබුන් හමුවී ඇතැයි ඒවා කුඹල්කරුවන්ගේ ගේ නිවාස පෙළකැයි විශ්වාස කරන බව ද සෝමදේව මහතා කීය.
එම කැණීම්වලින් හෙළිවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 400 පමණ පෙර සිට මෙම ප්‍රදේශ ජනාවාස වී තිබු බවකි. වැව ආසන්නයේ ඇති ටිකිරියාගොඩාන නමැති ස්ථානයේ ඇති ඉපැරණි ගඩොල් ප්‍රාකාරයක් උඩට ද මතුවී තිබේ. එහි කුට්ටම් පොකුණට වඩා ලොකු පොකුණක් ද තිබී ඇතැයි මහාචාර්ය සෝමදේව කියයි.
“එහි කළ කැණීම්වල දී අර්ධ මැණික් ඒ වගේම ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමු වී තිබුණා. එකල අපනයන වෙළඳපොලට රතු මැණික් සපයන ලද්දේ මෙතැනින් යැයි විශ්වාස කෙරෙනවා.
නාගරික ගොඩැල්ලෙන් සේදී සියලු පුරාවස්තු වැව් පතුලේ ඇති බවටත් විශ්වාසයි. ” යැයි ඔහු කියයි.
මේ බර යන්ත්‍රෝපකරණ යොදාගෙන හාරා ගොඩට ගන්නට සූදානම් රොන් මඩ හා පස්වල වටිනාකම මහාචාර්ය සෝමදේව ගේ වචනවලින් එලෙසිනි.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක කැණීමක් හෝ සංවර්ධනයක් සිදුකරන විට එය කළ යුතු කෙසේද?
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා ඒ පිළිබඳ මෙසේ පවසයි.
“මුලින්ම හානි අගැයීමක් කරන ලෙස අදාල ආයතනය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළයුතුයි. එමෙන්ම එම ව්‍යාපෘතියට වැයකරන මුදලින් සියයට එකකට සමාන මුදලක් පුරා විද්‍යා තක්සේරුව සඳහා වෙන් කල යුතුයි. එහි දී අදාල ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර එයින් පුරාවස්තූන්ට යම් හානියක් සිදුවේ ද යන්න සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. අදාල ව්‍යාපෘතිය ඉදිරියට කරනවා ද කරන්නේ කෙසේ ද ආදී කරුණු සියල්ල තීරණය වන්නේ ඒ අනුවයි.”
එහෙත් මෙම ව්‍යාපෘතිය සිදුකරමින් පවතින බව මාධ්‍ය මගින් හෙළි කරන තුරු තමන් දැන නොසිටි බව හම්බන්තොට දිස්ත්‍රික් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ වසන්තා අලහකෝන් මහත්මිය පවසන්නීය. එය සැළවූ වහාම ලිපියක් මගින් එය නවත්වන ලෙස අණ කරමින් දන්වා සිටි බවත් මේ වනවිට ව්‍යාපෘතිය නවත්වා ඇති බවත් අලහකෝන් මහත්මිය පැවැසුවාය.
මෙම ව්‍යාපෘතිය ගැන මුලින් හෙළි කළ මාධ්‍යවලට එහි කැණීම් සිදුකරන සමාගමේ දේශිය නියෝජිතයා කියා තිබුණේ තමන්ට එහි කැණීම්වලින් වාසියක් නැති බවත් ගොඩ දමන පස් හා වැලි විකුණා යම් ලාභයක් ලබා ගත හැකි වුවහොත් තමන්ට ඉතිරිවන්නේ එම මුදල පමණක් බවත් ඔහු කැමරා ඉදිරියේ කියනු පෙණිනි.
මේ කැනීම් කරන්නට එපා යැයි කියන්නේත් එම රොන්මඩ හා පස්වල ඇති වටිනාකම නිසාය. පෞඪ ඉතිහාසයක ජීවී සාක්ෂි හාරා ගොඩ ගන්නට පිටරැටියනට ඉඩදෙනවා ද නැද්ද යන්න බලධාරින් යලිත් වරක් සිතා බැලිය යුතුව පවතින්නේය.
සටහන - විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාගම මහ සම්පත විකිණීමේ ලාභය