IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මැයි දිනේ හරි අතට

මැයි පළමුවැනිදා ලෝක කම්කරු දිනය නිමාවට පත් විය. බැලූ බැල්මටම පෙන්නුම් කළේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ කීපයම මැයි දින සැමරුම් පවත්වනු ලැබුවේ වෙනදාට නොමැති විශේෂ උනන්දුවකින් බවය. ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන එජාපය සහ ශ‍්‍රීලනිපය යන පක්ෂ දෙකම මැයි දිනයට පෙර දවස්වල හැමදාම මාධ්‍යයට කීවේ තමන්ගේ මැයි රැස්වීමේ විශාලත්වය ගැන හා තමන්ට ඇති හයියේ තරම ගැනය. වසර දෙකක තමන්ගේ ආණ්ඩු කාලයේ ජයග‍්‍රහණ පෙන්නුම් කරන මැයි දිනයක් පවත්වන බව ඒ දෙගොල්ලන්ගේම අදහස බව මේ පූර්ව මැයි දින කයිවාරුවලින් පෙනී ගියේය.

 

එජාපය තමන්ගේ මැයි දින රැස්වීම නම් කළේම දිනන මැයි දිනය ලෙසින්ය.

ශ‍්‍රීලනිපයේ සටන් පාඨය වූයේ හරි අතට එක මිටට සමගි මැයි දිනය යන්නය.

 මේ දෙගොල්ලෝම පූර්ව මැයි දින දේශපාලනයේ මහා පොදු සාධකය වූයේ මහින්දගේ නායකත්වයෙන් පවත්වන ඒකාබද්ධ මැයි දින රැලියට කොලොප්පම් කිරීමය.

ගෝල්ෆේස් පිටියට සෙනඟ ගෙන ඒමට නොහැකි වන ආකාරය ගැන උපහාස කථා කීමටය. එක් එජාප ඇමැතිවරයකු කීවේ මහින්දලා මූදට පනින දවස මැයි පළමුවැනිදා බවය. තවත් සමහර එජාප ඇමැතිවරුන් කීවේ ගෝල්ෆේස් පිටිය ලබාදීමම ආණ්ඩුවේ ලණුවක් බවත් මහින්දගේ අය ඒ ලණුව කෑ බවත්ය. මේ අය උපකල්පනය කළේ ගෝල්ෆේස් පිටිය වැනි විශාල පිට්ටනියක් ලබා දුන් විට එය පුරවා ගැනීමට නොහැකි වන බවයි. ගෝල්ෆේස් යනු මහින්දගේ දේශපාලනයේ වෝටලූ ප‍්‍රහාරය බවට පත් කළ හැකි යැයි ඔවුන්ගේ සිතුවිල්ල විය හැකිය. මේ පූර්ව ප‍්‍රචාරක වැඩසටහන නිසාම එක අතකින් මුළු රටම මැයි 1 වැනිදා වන විට සූදානමින් සිටියේ ගෝල්ෆේස්වල වෙන්නේ මොනවාදැයි බැලීමටය. සිදුවූයේ කුමක්ද කියා මේ වන විට හැමෝම දන්නා නිසා ඒ ගැන තවත් විස්තර කීමට අවශ්‍යතාවක් නැත. මෙතෙක් අප අපේ ජීවිතවල දුටු විශාලතම ජන සහභාගිත්වයේ රැස්වීම ගෝල්ෆේස් පිට්ටනියේ පැවැත්විණ. ගෝල්ෆේස් මැයි දින රැස්වීමේ මේ අති විශාල ජනසහභාගීත්වය විසින් එතැන් සිට දේශපාලනයට කරන බලපෑම සාකච්ජා කිරීම මේ සටහනේ අරමුණය.

මුලින්ම කිව යුත්තේ දැන් පෙනී යන ආකාරයට ගෝල්ෆේස් රැස්වීම යනු ඊළඟ වටයේ මේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්‍ෂය වීමට ඉතාමත් ඉඩ ඇති බවය. මේ රැස්වීමේ සාර්ථකත්වයෙන් හැමෝම අවුල් වෙලා වගේ පේන්නේ ඒ නිසාය. මැයි දිනය නිමාවී දින කීපයක් ගතවී ඇතත් හැම පක්ෂයක්ම ගෝල්ෆේස් රැස්වීමෙන් මෙහාට එන්නට ආණ්ඩුවට නොහැකිවී ඇත්තේ ඒ නිසාය. මා නම් මුලින්ම ගෝල්ෆේස් රැස්වීම සාර්ථක වී ඇති බව තේරුම් ගත්තේ එජාප මැයි රැලියේ රාජිත සහ ෆොන්සේකා ඇමැතිවරුන්ගේ කථා ඇසීමත් සමඟය. ඒ අය කථා කළේ භීතියෙන් වගේය.

ගෝල්ෆේස් රැස්වීමේ බලපෑම මේ අයට දැනෙන ආකාරය මේ කථාවලින් අපූරුවට පෙනී ගියේය. මේ එක් කථිකයකු කීවේ මහින්ද සාටකයෙන් එල්ලිය යුතු බවය. තවත් ඇමැතිවරයකු දහඩිය දමමින් පැවසුවේ ඊළඟ මැයි දිනයට කලින් රාජපක්‍ෂලා සිරගත කරන බවය. එවැනි හැඟීමක් හෝ තැතිගැන්මක් ඇති වන්නේ වෙනත් හේතුවක් නිසා නොව තමන්ගේ විරුද්ධ දේශපාලන මතයේ ප‍්‍රබලතාව ගැන මානසිකව තමන්ට කරන බලපෑම නිසාය. මොන තත්ත්වයක් හමුවේ වුවත් මේ ගෝල්ෆේස් රැස්වීමට කලබල නොවන බව දේශපාලන පෞරුෂයෙන් පෙන්වූයේ අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් පමණය. අනෙක් අය හැසිරෙන්නේ එක්කෝ භය වෙලාය. නැත්නම් අසරණ වෙලාය. මෙයින් පෙන්වන්නේ ජනතා සහභාගිත්වයේ බලය අප හැමෝටම වඩා දේශපාලනඥයන්ට තේරෙන බවය.

ගෝල්ෆේස් රැුස්වීම එජාපය කෙසේ තේරුම් ගන්නේද යන්නට වඩා වැදගත් වන්නේ ශ‍්‍රීලනීපය එය තේරුම් ගන්නේ කෙසේද යන කාරණයයි. විශේෂයෙන් ශ‍්‍රීලනිපයේ රජයක් ගැන අපේක්ෂා තිබෙන අප වැනි අයට වැදගත් වන්නේ ඒ කාරණයයි. මේ පැත්තෙන් බලන විට තත්ත්වය එජාපයේ අයගේ තේරුම් ගැනීමටත් වඩා අර්බුද ජනකය. ගැටඹේ පැවති ශ‍්‍රීලනීප මැයි රැලිය සජීවීව නැරඹූ අයට පෙනුණේ මැයි 1 වැනිදා දවසක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ස්ටේජ් එකක නොමැති ආකාරයේ අවුල් වූ ස්වභාවයක් සමහරුන්ගේ මුහුණු තුළින් දිස් වීමය.

එයට හේතුව කොළඹ මෝදු වෙමින් තිබෙන ගෝල්ෆේස් රැස්වීමේ ප‍්‍රමාණය ගැන පැමිණි වාර්තා ද එසේත් නැතහොත් මහනුවර ශ‍්‍රීලනිප නායකයන්ගේ සංවිධානයේ තිබුණු අවුල් සහගත දේවල් ද කියා මා දන්නේ නැත. මහින්ද අමරවීර ඇමැතිතුමාගේ කථාවෙන් කීවේ ලංකාවේ එදින පවත්වන වැඩිම ජනතා සහභාගිත්වයකින් යුක්ත රැස්වීම ගැටඹේ රැස්වීම බවය. එදින රාත‍්‍රියේ සමහර රූපවාහිනි නාලිකා ඒ කථාවත් ගෝල්ෆේස් රැස්වීමත් එකට එක තියා පෙන්වූයේ දේශපාලන සරදමක් ගානටය. ජනාධිපතිතුමන්ගේ අදහස් දැක්වීම හැරෙන්නට අනෙක් අයගේ ඉදිරිපත් කිරීම් සිහිපත් කළේ යම් ආකාරයක කියන්න හදන දේ කියවෙන්නේ නැහැ වගේ හැඟීමක්ය.

ගෝල්ෆේස් රැස්වීම ගැන ඊට දින දෙකකට පසුව එස්.බී. දිසානායක ඇමැතිවරයා මාධ්‍යයට කී දෙයින් පෙනී යන්නේ ශ‍්‍රිලනීපය මේ රැස්වීම ගැන එච්චර සීරියස් නැති බවය. මේ රැස්වීම එච්චර ගණන් ගත යුතු දෙයක් නොවන බවය. එස්.බී. ගේ ගණන් ශාස්ත‍්‍රයට අනුව එතැන සිටිය හැක්කේ සෙනඟ විසිපන් දහසක් වගේ ගාණක්ය. උඩින් බලන විට ගෝල්ෆේස් පිටියේ හුඟක් හිස්තැන් තිබෙන බව තමා දුටුවේ යැයි එතුමා කීවේ ඒ නිසාය. එස්.බී. කියන්නේ ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරිකවරයා ද වෙන නිසා මේ කථාව විහිළුවක් කියා බැහැර කිරීමේ හැකියාවක් ද නැත.

මා හිතන්නේ ශ්‍රීලනිපයේ අනාගත ජයග‍්‍රහණ පිළිබඳව අද තිබෙන ලොකුම ප‍්‍රශ්නය එජාපය හෝ මහින්ද නොව මේ ආකාරයේ මිථ්‍යා දෘෂ්ටින්ගෙන් පිරුණු දේශපාලන ගණන් බැලීම්ය. මෛත‍්‍රී ජනාධිපතිතුමන් සැලකිලිමත් විය යුත්තේ මේ ආකාරයේ අල්පශ‍්‍රැත අදහස්වලින් පක්ෂයේ ඉදිරි මඟට අකුල් හෙළන අය ගැනය. එදා ගෝල්ෆේස් පිටියේ සිටියේ විසිපන්දහසක් යැයි විහිළු කළ හැක්කේ ශ‍්‍රීලනිපය ගැන හැඟීමක් තිබෙන කෙනකුට විය නොහැකිය. ගෝල්ෆේස් පිටියේ සිටි පිරිසේ ප‍්‍රමාණය ගැන රටේ බහුතර ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ට එස්.බී.ට තිබෙන විචිකිච්ජාව නැත. පක්ෂයට ආදරය කරන අනෙකුත් ප‍්‍රවණතා මේ තත්ත්වය ගැන නායකයන්ට වඩා හොඳින් සංවේදීය. ඒ ජනතාව යනු මීට පෙර ශ‍්‍රීලනිපයේම සහෝදර කණ්ඩායම් බව තේරුම් ගැනීමෙන් තොරව යළිත් තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකර ගතහැකි යැයි මා සිතන්නේ නැත. මේ අභියෝගය ජය ගැනීම මිස එයට කොලොප්පම් කිරීමෙන් සේවය කරන්නේ එජාපයටම මිස වෙන දෙයකට නොවන බව තේරුම් ගැනීම වැදගත්ය.

මේ වන විට ආණ්ඩුවේ ඉන්න ශ‍්‍රීලනිපයේ කණ්ඩායම දෙස බැලීමේ දී අපට පෙනී යන කාරණයක් මෙහිදී පැවසීම වැදගත්ය. මේ අර්බුදජනක අවස්ථාවේ නිල ශ්‍රීලනිපයේ කණ්ඩායම් එයට පිටතින් සිටින අයට පේන්නේ කාණ්ඩ කීපයකින් යුක්ත එකමුතුවක් වශයෙනි. එක කණ්ඩායමක් නිමල්-ජෝන්, සුසිල්-අනුර වැනි ඉහළ මට්ටමේ නායකයන් පෙන්නුම් කරන්නේ තමන්ට විසඳා ගත නොහැකි ගැටුමක හිරවී ඉන්නා ආකාරයක්ය. මේ නායකයෝ ශ‍්‍රීලනිපයට හදවතින්ම විරුද්ධ අය නොවෙති. ඒත් ඒ අයගේ පෞද්ගලික තත්ත්වය හා පක්ෂයේ නිලභාවයට ඇති පක්ෂපාතීත්වය වැනි සාධක හරහා මේ නායකයන් ඉන්නේ මුකුත්ම නොකියන නිශ්ශබ්ද විලියම්ලාගේ භූමිකාවක් රඟපාමින්ය.

අනෙක් තවත් කණ්ඩායමක් උත්සාහ ගන්නේ කවුරු ගියත් අපි කුඩා කොටසක් විදියට අල්ලාගෙන ඉඳිමු වැනි කල්පනාවකය. හැකි තරම් ජනප‍්‍රිය සංවිධායකයන් ඉවත් කිරීම වැනි දේවල් සිදුවන්නේ ඒ අයගේ ප‍්‍රවණතාව නිසාය. ඒ කණ්ඩායම කරමින් සිටින්නේ ශ‍්‍රීපනිපය ක‍්‍රමානුකූලව නසසප, ලසසප, කොප බවට පත් කිරීමටය. එජාපයෙන් පැමිණි සහ මෙහි සිට එජාපයට ගොස් පැමිණි තවත් කණ්ඩායමක් කරන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ව පන්නන බව පුවත්පත් සාකච්ඡා තියා කියමින් මෛත‍්‍රී ජනාධිපතිතුමන්ව පාක්ෂිකයන් වෙතින් එපා කරවීමය. එසේ කරන්නේ ඊළඟට ඒ ආසන්නයේම එජාප සංවිධායකයා වීමටදැයි විමසීම වැදගත්ය. මේ කණ්ඩායම් කීපයටම අහු නොවෙන තනිකරම කය ආණ්ඩුවේ නමුත් සිත ඒකාබද්ධයේ සිටින අය ද මේ අතර සිටිති. මේ එකකටවත් අහුනොවන හැමෝටම බණින ඩිලාන් පෙරේරා වැන්නෝ ද මෙහි වෙති.

දැන් මේ තත්ත්වය තුළ ශ‍්‍රීලනිපය කළ යුත්තේ ගෝල්ෆේස් රැස්වීමේ පණිවිඩය වන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට උත්සාහ ගැනීමත් ඒ පණිවිඩය සමඟ දේශපාලන ගනුදෙනුවක් කිරීමත්ය. එවැනි තේරුම් ගැනීමකින් තොරව කරන හුදු මාධ්‍ය සංදර්ශනවලින් සේවය කෙරෙන්නේ එජාපය බලවත් කිරීමටය.

ගෝල්ෆේස් රැස්වීමෙන් පේන්නේ මහින්දට ප‍්‍රායෝගික තලයේ ජයග‍්‍රහණයක් තිබෙන නමුත් එය ආණ්ඩුවක් බවට පත් කිරීමට තාක්ෂණික ගැටලූවක් තිබෙන බවය. මෛත‍්‍රීට තාක්ෂණික රාජ්‍ය බලය තිබෙන නමුත් ප‍්‍රායෝගික බල දේශපාලනයේ ගැටලූවක්  තිබෙන බවය. මේ දෙදෙනා මේ ගැටලූකාරීත්ව දෙක හුවමාරු කරන දවසක් ළඟදී උදාවුවහොත් ශ‍්‍රීලනිපයට රාජ්‍ය බලය ළඟදීම ලැබෙනු ඇත.

ගෝල්පේස් හරිමගට ඉක්මනින් ගත හැකි මඟ එසේය. එවැනි ඉක්මනක් නොමැතිව ද එය කළ හැකි යැයි සමහරුන්ට සිතිය හැකිය. එය බැලිය හැක්කේ අනාගතයට මුහුණ දීමෙන්ය.



අදහස් (1)

මැයි දිනේ හරි අතට

Chandra Monday, 08 May 2017 02:43 AM

මැයි පෙළපාලි යන්න රුපියල් 2000.00 ක් ගෙවා සෙනග ගෙනිච්ච බව කව්රුත් තාම දන්නේ නැද්ද ? ඕවා හොයල බලන්න කව්රුත් නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 359 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 750 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1088 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1448 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site