IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව

 

කට්ටිය මට ඒ විඩියෝවන් පෙන්නලා තිබෙනවා. බොහෝ සංචාරක මග පෙන්වන මහත්වරු මට මා ගැන යන විඩීයෝ පෙන්නවා. සංචාරකයන් මා ගැන කියන ගොඩක් විස්තර ඒ අය මට කියනවා නිතරම. ඒත් ඒවා ගොඩක් මතක නැහැ මට. මා බලන්න චීනයේ ඉදන් විශේෂ සංචාරකයන් පිරිසක් ලගදිම එනවා කියලා සංචාරක මගපෙන්වන මහත්තයෙක් කිව්වා. ”

සටහන හා ඡායාරූප- තලවකැලේ-ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ

 

ශ්‍රි ලංකාව ලොව සංචාරක කර්මාන්තයේ ඉහල ස්ථානයක රැඳී ඇත්තේ මෙරට පිහිටි ස්වභාව සෞන්දර්ය හේතුවෙන්ම පමණක් නොවන වගට සාක්ෂියක් මේ දිනවල මෙරට හා චීනය ඇතුළු විදෙස් රටවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී. ඒ මෙරට ජනතාවගේ ලෙන්ගතුකම හා අව්‍යාජ සිනාවත් ඒ අතර ඇති බව පෙන්වා දෙමින්ය. ශ්‍රි ලංකාවේ මල් කුමාරයා ලෙසින් ප්‍රසිද්ධව සිටින සීතල උඩරට නුවරඑළියේ තරුණයෙකුගේ දැඩි කැපවීමත්, නොපසුබට උත්සාහයත්, නිරන්තරයෙන් මුව පුරා නැගුණු අවිහිංසක හා අව්‍යාජ සිනහවත්, දිළිසෙන ඇස් නිසාත් මෙරට සංචාර කර්මාන්තයට නැවුම් අත්දැකීමක් ගොනු කිරීමට මෙකී මල් කුමාරයාට හැකියාව ලැබී තිබේ.

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා මවමින් පවතී. චීන රටේ වැසියන් පිරිසක් විසින් මෙරට යෙදුණු සංචාරයකදී හසුකරගත් දර්ශන පෙළක් සහිත රූපරාමු පෙළක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයවීම හරහා කිසිවෙකුගේ අවධානයට යොමු නොවු තිබු මෙරට සමාජයේ එක් පැතිකඩක් මෙසේ දිගහැර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා මල් කුමාරයාගේ විවිධ ඉරියව් සහිත අතිශය දැකුම්කළු චිත්‍ර රැසක් චීන ජාතිකයන් විසින් සිතුවම් කිරීමෙන් පසු ඒවා සමාජ මාධ්‍යවලට මුදා හැර තිබේ. බොහෝ පිරිසක් මල් කුමාරයා සම්බන්ධයෙන් විවිධ සටහන් අති විශාල ප්‍රමාණයක් තබා ඇති අතර, ඒවා කියවීමේදී ශ්‍රී ලංකා මල් කුමාරයා පිළිබඳව චීන ලඳුන් ඇතුළු චීන වැසියන් දැඩි සේ ආදරය දක්වන බව පෙනේ. ඔවුන් විසින් සමාජ මාධ්‍යට මුදාහැර තිබු සටහන් අතරින් තෝරා ගත් කීපයක් මෙසේය.

එයා හරිම කෙට්ටුයි. නමුත් ජීවිතයට ආදරය කරන, ගොඩාක් වෙහෙස මහන්සි වෙන ඔහු ඇත්තටම කඩවසම්. මම දවසක ලංකාවට ගියහොත්, මමයි මගේ යාළුවොයි එයාගේ මල්වලට කැමැති වේවි. එයාව හඳුනාගන්න ආසයි.”

තවත් සටහනක මෙසේ සඳහන් කොට තිබේ. “දැන් මගේ වයස අවුරුදු 36ක්. මගේ මේ මුළු ජීවිතයටම ලංකාවට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි. ඒ නිසා මම මේ වීඩියෝව තුන් සැරයක්ම බැලු‍වා. වීඩියෝවේදී එයා මට 15 සැරයක් මල් දුන්නා. ඒ මල් ඇත්තටම මගේ අතට ආවේ නැහැ. නමුත් ඒ මල් මගේ වියළුණු හදවතේ පිපිලා.”

අපේ රටේ මල් කුමාරයා සම්බන්ධයෙන් මේ තවත් චීන ළඳකගේ සටහනක්. “එයා වෙනුවෙන් ශ්‍රී ලංකාවට යන්න ආස හිතුණා. වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ දිළිසෙන ඇස් නිසා.”

චීන ජාතිකයන් ලියා ඇති සටහන් 

 

මේ තවත් සටහනකි. “ශ්‍රි ලංකාව දුරද? ඔව් දුරයි. මම මීට අවුරුදු හතකට කළින් එහෙ යන්න වාසනාවන්ත උණා. මුළු ජීවිතේටම ඒ ගමන අමතක වන්නේ නැහැ.”

නිරන්තරයෙන් මුවගේ රැදී අව්‍යාජ සිනහවෙන් චීන ලඳුන් මේ වනවිට මුසපත් කොට වසීකර ගැනීමට තරම් වාසනාවන්තවීමට අපේ මල් කුමාරයාට හැකියාව ලැබී තිබේ. දෙස් විදෙස් හී ප්‍රචලිත මෙකී මල් කුමාරයා සොයා පසුගියදා අප නුවරඑළිය, කොණ්ඩගල ප්‍රදේශයට ගිය අතර, ඒ වනවිටත් මහමග මල් විකුණමින් සිටි මල් කුමාරයාට චීන රටෙන් ඇතුළු විදෙස් රටවලින් පැමිණි සංචාරකයන් විශාල පිරිසකගේ දැඩි අවධානයට ලක්ව සිටින අයුරු දක්නට ලැබිණි. බොහෝ විදෙස් සංචාරකයන් සිය ජංගම දුරකතනයේ මල් කුමාරාගේ ඡායාරූපයක් මගදෙපස සිටින අයට පෙන්වමින් ඔහු සිටින්නේ කොහෙදැයි විමසමින් සිටියහ.

විදෙස් සංචාරකයන් පැමිණෙන බස් රථ ඇතුළු වාහන පසු පස කිලෝමීටර් හතරක පමණ දුරක් දිනකට වාර ගණනාවක්, එනම් කිලෝමීටර් 1520ක පමණ දුරක් දිව යමින් මල් විකිණිමේ යෙදී සිටින මෙම අපුර්වතම තරුණයා නමින් දිලීප් මධුශංකය. පදිංචිව සිටිනුයේ කොත්මලේ පුරවරයේය. තවමත් 17 වැනි වියේ පසුවන නාඹර තරුණයෙකු වන දිලීප්ගේ කතාව ඔවුගේ මුවගේ රැදි සිනහව තරම් සුන්දර නොමැත. නිරන්තරයෙන් මුවගේ අව්‍යාජ සිනහවකින් පිරි දිලීප්ගේ ජීවන කතාව අතිශය කටුකය. ජීවත්වීම අරඹයා වයස අවුරුදු නවය දහය වනවිටම මල් විකිණීම සඳහා මහ පාරට පිවිසි දිලීප් සිය අධ්‍යාපන කටයුතුද 10 වැනි ශේණියෙන් පසු නිමා කිරීමට තීරණය කරනු ලැබුවේ තවදුරටත් ස්ථීර මල් විකුණන්නෙකු බවට පත්වීම පිණිසය.

දිලීප් මල් විකුණන මාර්ගයේ කොටසක් 

 

කෝටි සංඛ්‍යාත චීන සුරූපී ලදුන්ගේ සිහින කුමාරයා බවට මේ වනවිට පත්ව සිටින දිලීප් මධුශංක නොහොත් ශ්‍රි ලංකා මල් කුමාරයා තම කතාව දිග හරින ලද්දේ මෙසේය.

හැමදාම උදේම මම මගේ මල් විකුණන රැකියාව කරන්න නිවසින් එනවා. නුවරඑළිය- ගම්පොල මාර්ගයේ ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව අසල සිට ඊට කිලෝමීටර් හතරක් පමණ දුරකින් පිහිටි පලාගොල්ල තේ කර්මාන්ත ශාලාව දක්වා වු මාර්ග කොටසේ දිනයේ සෑම අවස්ථාවකදීම මම මල් අළෙවියේ යෙදී ඉන්නවා.

ලබුකැලේ, වෙදමුල්ල, පලාගොල්ල ආදි ප්‍රදේශවල ගෙවල්වලට ගොස් මල් හොයන් එනවා. කැළෑවට ගොස් විවිධ ලස්සන කොල වර්ග හොයන් ඇවිත් ඒවත් එක්ක තබා මල් පොකුරු හදා ගන්නවා. එහෙම කරලා ලස්සනට මල් පොකුරු හදලා තමයි විකුණන්නේ. විදේශිකයන් එන බස්, වෑන්, කාර් පසුපස හැමදාම මල් විකුණන්න දුවනවා. සමහර සංචාරක වාහන නතර කරනවා. කිලෝමීටර් හතරම පහළට දිව්වත් සමහර සංචාරක වාහන නතර කරන්නේ නැතිව යනවා.

දැනට අවුරුදු හත අටක් තිස්සෙම මම මල් විකුණවා. පාසල් යන කාලේ පාසල් නිවාඩු දිනවලත්, පාසල නිමවෙලා ඇවිත් හවස් වරුවෙත් මල් විකුණුවා. විදේශිකයන්ට මලක් රුපියල් 300ටත්, සම්පුර්ණ මල් පොකුරක් රුපියල් 3500කට තමයි විකුණන්නේ. ඇතැම් අවස්ථාවල ඇතැම් විදෙස් සංචාරකයන් ඊටත් වඩා මුදලක් දීලා මල් අරන් යනවා. සමහරදාට එක මලක්වත් විකුණා ගන්න බැරි අවස්ථාත් තිබෙනවා.

සංචාරකයන් අපේ රටට එන කාලයට තමයි මල් ටිකක් වැඩිපුර විකුණා ගන්න පුළුවන් වෙන්නේ. සංචාරකයන්ට මල් විකුණා ගන්න කොණ්ඩගල ඉදන් පලාගොල්ල දක්වා කිලෝමීටර් හතරක්, පහක් උඩට පහළට දුවනවා. එසේ දිව යද්දී ඇතැම් වාහන නතර කරලා මලක් හරි අරගන්නවා. ගොඩක් වාහන නතර කරන්නේම නැතිව යනවා. මෙහෙම දවසකට කිලෝමීටර් 15ත් 20ත් අතර උඩට පහළට දිවයනවා. එහෙම දුවද්දී වැටිලා තුවාල වෙලා පවා තිබෙනවා. ”

ගෙදර පොඩි ප්‍රශ්ණ වගයක් ආවා. ඒ නිසා අධ්‍යාපන කටයුතු 10 වන පන්තියෙන් පසු නැවැත්තුවා. ඊට පස්සේ දිගටම මල් විකිණීමට තීරණය කළා. ගෙදරට අවශ්‍ය දෛනික බඩු මුට්ටු ටික අරගෙන රුපියල් 1000ක් 1500ක් පමණ ගණනක් සමහර දිනවලදී ඉතිරි කර ගන්න පුළුවන්. සංචාරකයන් මෙරටට පැමිණෙන කාලයේදී මල් ටිකක් වැඩිපුර විකුණා ගන්න පුළුවන්. දිගටම මල් විකුණන රැකියාව තමයි මම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ගෙදර අම්මයි, තාත්තයි අක්කයි ඉන්නේ. තව අක්කා කෙනෙක් කසාද බැදලා වෙනත් ප්‍රදේශයකට ගිහින් ඉන්නවා. තාත්තයි අම්මයි ගොවිතැන් තමයි කරන්නේ. ”

දිලීප්ට ඇඳි සිතුවම් 

 

චීනයේ ප්‍රසිද්ධව ඇති අයුරු සහ ඒ සම්බන්ධයෙන් යන වීඩියෝ පට, චීන ජාතිකයන් තබා ඇති සටහන් හා සිතුවම් කොට ඇති සිතුවම් හා අපේ රටේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන සිදුවීම් දැක තිබේදැයි අප කළ විමසුමට දිලීප් මධුශංක මෙසේ පැවැසීය.

කට්ටිය මට ඒ විඩියෝවන් පෙන්නලා තිබෙනවා. බොහෝ සංචාරක මග පෙන්වන මහත්වරු මට මා ගැන යන විඩීයෝ පෙන්නවා. සංචාරකයන් මා ගැන කියන ගොඩක් විස්තර ඒ අය මට කියනවා නිතරම. ඒත් ඒවා ගොඩක් මතක නැහැ මට. මා බලන්න චීනයේ ඉදන් විශේෂ සංචාරකයන් පිරිසක් ලගදිම එනවා කියලා සංචාරක මගපෙන්වන මහත්තයෙක් කිව්වා.

මට ලොකු බලාපොරොත්තුවක් නැහැ. දිගමට මල් විකුණාගෙන ඉන්න ලැබුණොත් ඇති. ඒකට මට කොණ්ඩගල ප්‍රදේශයෙන් පාර අයිනේ කුඩා කඩ කාමරයක් හදා ගන්න තිබුණොත් මගේ රැකියාවට ලොකු හයියක් වේවි. මොකද මල් හොයා ගෙන ඇවිත් එතන තියලා මල් පොකුරු හදලා විකුණන්න එවිට පහසුයි.”

කෝටි ගණනක චීන වැසියන්ගේ මල් කුමාරයා ලෙස ප්‍රචලිතව සිටින දිලීප්ගේ රුව රැගත් චිත්‍ර දහස් ගණනක් මේ වනවිට චීන ජාතිකයන් අතින් හැඩවැඩ වී සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී. චීනයේ කෝටි 13ක ජනතාවකගේ හදවත් දිනා ගත් දිලීප්ට ඔවුන් දක්වන්නේ දැඩි සෙනහසකි. ඒ බව ඔහු නමින් එක් කොට ඇති සටහන් හා සිතුවම් දෙස බැලීමේදී පෙනේ.

මෙරටට මහත් ගෞරවයක් ගෙනදීමට දිලීප් මධුශංක තරුණයා මේ වනවිට සමත්ව සිටී. ඒ ඔහුගේ අපිරිමිත කැපවීමත්, නොපසුබට උත්සායත්, අව්‍යාජ සිනවහත් හා අවංකකමත් හේතුවෙනි. මෙරට නගර, ගම් නියම්ගම් පුරා නිකරුණේ විදී සරමින්, අන් අයෙකුගේ දෙයක් කඩාවඩා ගනිමින්, මුදල් සෙවීමට මිනී මරමින්, විවිධ මත්ද්‍රව්‍ය අළෙවි කරමින් පසුවන තරුණ ජීවිතවලට වඩා දුක් මහන්සියෙන් මෙරටට ඩොලරයක් හෝ රැගෙන ඒමට වෙහෙස මහන්සිව කටයුතු කරන දිලීප් මධුශංක වැනි මෙවැනි තරුණයන් ඇගයීමට ලක්විය යුතුය. ඒ සඳහා රජයේ වගකියයුතු අංශවල අවධානය යොමු විය යුතුව ඇතැයි අපට සිතේ.

 



අදහස් (5)

මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව

nimal Tuesday, 07 May 2024 09:07 PM

චීනයේ ඉදන් විශේෂ සංචාරකයන් පිරිසක් ලගදිම එනවා නම් ඔවුන්ගේද සහයෝගය ( චීන තානාපති අංශ මේ සදහා අවශ්‍ය නිරමාණ සහ දායකත්වය සහයෝගය ලබාදෙනු ඇති ) ඇතිව ඒ සඳහා රජයේ වගකියයුතු අංශවලද අවධානය යොමු කර මල් විකිණීම සදහා සුදුසු පරිසරයක මල් සාප්පුවක් බාදීමට සොයා බැලීම වටිනේය

:       4       19

Nuwan Wednesday, 08 May 2024 02:48 AM

කොල්ලට ලොකු බලාපොරොත්තු නෑ. මූලික අවශ්‍යතා පමණයි ඉතින් ඌට නිදහසේ උගේ රස්සාව කරගෙන ඉන්න ඉඩ දෙන එක තමා බලධාරීන් කරන්න ඕන. උඩ පහල දුවල මල් විකුණන නිර්මාණශීලී ක්‍රමය කොලුවගෙ අයිතියක්. ඒ අය්තිය ප්‍රාදේශීය සභාව හෝ වෙනත් සමාගමක් හෝ පුදගලයෙක්ට හොරාගන්න දෙන්න එපා. කොල්ල බ්රෑන්ඩ් එකක් හැදුවා. පුලුවන්නම් ව්‍යවසායකයෙක් ඒ අය්තියට ගෙවල මේක ඊට වඩා දේකට යොදවන්න.

:       2       31

janabala asamagi Wednesday, 08 May 2024 04:45 PM

බදු මුදල් අය කරගන්නේ නැතැයි

:       12       3

පාඨකයෙක් Thursday, 09 May 2024 09:05 AM

මෙම තරුණයා දක්ෂ ධාවන ශූරයකු බවට පත් කිරීමට ඇති හැකියාව සොයා බැලීමට අදාළ අංශ අවධානය යොමු කරන්‌නේනම් මැනවි. එවිට ඔහුගේත්, ඔහුගේ පවුලේත් ආර්ථික තත්ත්වය වර්ධනය කරගැනීමට හැකි වනු ඇති අතර, ඔහු දැනටමත් ලබා ඇති ජනප්‍රියතාවය ශ්‍රී ලංකාවේ පුතිරූපය වර්ධනය කිරීමට වඩාත් ඉහළ තලයකට ගෙන යා හැකිය.

:       6       15

flowerboy Friday, 10 May 2024 08:29 AM

අපේ එවුන් කෙලවගන්න පලමු පියවර තමයි යම් දෙයක් සාර්ථක වුන පලමු පියවරෙන් බැහැර වෙලා අසාර්ථක වෙනත් ක්‍රමයක් අනුගමනය කිරිම මල් කඩ දමල දුන්නහම මේ විකුනන ක්‍රමය තරම් දැකුම්කලු නැහැ ටිකක් වෙහෙසකර ඇති....... කඩවල මල් විකුනන අයනම් ඔනිතරම් ඉන්නේ චිනේට හිත ගියේ මෙ කොල්ලා දුවල විකුනන නිසා........ කඩයක් දමල දෙන්නකෝ බලන්න චිනෙන නෙවයි ලංකාවේවත් ගනීද බලන්න......

:       1       14

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 273 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1204 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 586 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1789 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1332 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 473 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 704 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1976 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site