IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහින්ද දේශප්‍රියගේ විරෝධය

පළාත් සභා සංශෝධන පනත 2/3 න් සම්මත වෙයි

 

ළාත් සභා තුනේ ඡන්ද විමසීමද ඒකාබද්ධ  විපක්ෂය සඳහන් කළ අයුරින්ම කල්දැමීමට ආණ්ඩුව කටයුතු කළේය. ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ සම්මත කළ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට එක්කර තිබෙන සංශෝධනයන්ට පළාත් සභා ඡන්දය එකම දිනයක පැවැත්වීමටත් එම ඡන්ද විමසීමද කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වීමටත් නියමිතය.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවද කතානායකවරයාගේ අනුමැතිය තවමත් ඊට ලැබී නැත. කෙසේ වෙතත් අද හෙටම පනත් කෙටුම්පතට කතානායක අත්සන් කිරීමත් සමඟ එය නීතියක් බවට පත්වේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ ආණ්ඩුවේ අදහස පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා ඡන්දයත් දෙකම ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීම බවය. ඒකාබද්ධ විපක්ෂය  විරෝධය දැක්වුවද එය එසේ සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකිය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ විදේශ ගතවීමට පෙර ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට පළාත් සභා ඡන්දය එකම දිනයක පැවැත්වීමටත් ඒ වෙනුවෙන් නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව යන පළාත් සභාවල ඡන්දය විමසීම කල්තැබීමටත් තීන්දු කර තිබූ බවය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ එය ඉවත්කර ගැනීමට ආණ්ඩුවට සිදුවූ හෙයින් වෙනත් ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමට ආණ්ඩුව මුලසිටම උත්සාහ ගනිමින් සිටියේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඒ සම්බන්ධයෙන් ඉඟියක් පළ කළේය. ජනාධිපතිවරයා කීවේ පළාත් පාලන ඡන්දය මෙන් පළාත් සභා ඡන්දයද කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වීමට තමන්ට අවශ්‍ය බවය. ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගොස් පැය කිහිපයක් යන්නටත් කලින් ජනාධිපති මාධ්‍ය අංශය ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ජනමාධ්‍යයන්ට නිකුත් කළේය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරනුයේ පළාත් සභා තුනේ ඡන්ද විමසීම කිසිලෙසකින් හෝ කල්දැමීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බවය. ඒ සඳහා ආණ්ඩුවට කිසිදු ඉඩක් නොතබන බවද ඒකාබද්ධ විපක්ෂය තරයේ ප‍්‍රකාශ කරමින් සිටී. එහෙත් අණ පනත් හරහා ආණ්ඩුවට සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමේ ගත හැකි හැකියාවක් පවතින බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. සබරගමුව පළාත් සභාව කෑගල්ල හා රත්නපුරය යන දිස්ත‍්‍රික්ක දෙකෙන් සමන්විත අතර එම පළාත් සභාවේ ධුර කාලය මේ මස 26 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

නැගෙනහිර පළාත් සභාවට අයත් වන්නේ ත‍්‍රිකුණාමලය අම්පාර සහ මඩකළපුව යන දිස්ත‍්‍රික්ක තුනය. එම පළාත් සභාවේ නිල කාලය මේ මස 30 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය. උතුරුමැද පළාත් සභාවේ ධුර කාලය ඔක්තෝබර් මස 01 වැනි දිනෙන් අවසන්වීමට නියමිත අතර අනුරාධපුරය හා පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කවලින් එම පළාත් සභාව සමන්විතය. කෙසේ වෙතත් පළාත් සභාවල නිලකාලය අවසන් වී සතියක් ඇතුළත ඒ ඒ පළාත් සඳහා නාමයෝජනා කැඳවීමේ බලය පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවටය.

1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 10 වැනි වගන්තියට අනුව එම බලය මැතිවරණ කොමිසමට පවරා තිබේ. ඒ අනුව දින 14 ත් දින 21 ත් අතර කාලය තුළදී නාමයෝජනා බාර ගැනීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටියේය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමේ බාධකයක් අණ පනත් හරහා සිදු නොවන්නේ නම් ඔක්තෝබර් මස 16 ත් 23 ත් අතර කාලයේදී නාමයෝජනා කැඳවීමටත් ඔක්තෝබර් මස 23 වැනි දින දහවල් 12 ට නාමයෝජනා බාරගැනීම අවසන් කළ යුතුය. පළාත් සභා ඡන්ද විමසීම් පනතට අනුව නියම වී ඇත්තේ හැකිතාක් දුරට ඉක්මනින් සෙනසුරාදා දිනයක ඡන්ද විමසීම පැවැත්විය යුතු බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කල්තියාම නිවේදනය කර තිබුණේ ලබන දෙසැම්බර් මස 9 වැනි දින මැතිවරණය පැවැත්වෙන බවය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර පෙළ විභාගය මෙන්ම අය වැය ලේඛනය සම්මත කර ගැනීමේ දිනය දෙසැම්බර් මස 9 වැනි දිනට යෙදී තිබීමේ ගැටලූවක්ද පවතින බවට දේශපාලන තොරතුරුවලින් වාර්තා කර තිබේ. මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර තිබුණේ අය වැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ දිනය දෙසැම්බර් මස 9 වැනි දිනට යෙදී තිබෙන බවය. එය වෙනත් දිනයකට දැමිය යුතුද එසේත් නැතිනම් පළාත් සභා ඡන්දය වෙනත් දිනයක පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවද අගමැතිවරයා කීවේය.

අගමැතිවරයාගේ ප‍්‍රකාශයෙන් ඉඟිකර තිබුණේ පළාත් සභා තුනේ ඡන්ද විමසීම එදිනට පැවැත්වීමට නොහැකි බවටය. මේ අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම්දීමක් කර ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 වැනි දින ආරම්භ කෙරෙන හෙයින් දෙසැම්බර් මස 9 වැනි දින ඡන්ද විමසීමක් පැවැත්වීම නුසුදුසු බවය.

දෙසැම්බර් මස 9 වැනි දින සිටම විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ආදිය ක‍්‍රියාත්මක කෙරෙන බවද විභාග කොමාසරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට දන්වා තිබිණ. මීට අමතරව මැතිවරණ රාජකාරිවලට ගුරුවරුන් බහුතරයක් අවශ්‍ය වීම ඔවුන් විභාග රාජකාරිවලට සම්බන්ධ වීම නිසා නිලධාරීන්ගේ ගැටළුවක් මතුවීම ආදී ප‍්‍රශ්න මතුවන බවද කල්තියාම මැතිවරණ කොමිසම හඳුනාගෙන තිබිණ.

කෙසේ වෙතත් පළාත් සභා තුනේ ඡන්දය පැවැත්වෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණාත්මක වී තිබුණේ ඉකුත් බදාදාය. එදින පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළ අතර ඒකාබද්ධ විපක්ෂය කල්තියා චෝදනා කළේ එම සංශෝධන අතරට පළාත් සභා කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වීමේ විධිවිධානයක්ද සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍යව තිබෙන බවය. එය ඒ ආකාරයෙන්ම සිදුවී තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඉන් පිටතදීත් දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කළේය. එහෙත් එම පක්ෂයට සම්බන්ධ විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළේ ඉක්මන් මැතිවරණයක අවශ්‍යතාවයක් ජනතා විමුක්ති පෙරමුණට නොමැති බවය.

සාමාන්‍ය ජනතාව ඉදිරියේ කුමක් ප‍්‍රකාශ කළද පළාත් පාලන හා පළාත් පාලන ඡන්ද තව ටික කලකට කල්යෑම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට ගැටලූවක් නොමැති බවද එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය. ආණ්ඩුවට හැමදාමත් වර්ජන හා උද්ඝෝෂණවලින් අඩුවක් නැත. ගෙවී ගිය සතිය පුරාම සයිටම් විරෝධී රැල්ලක් දියත් වී තිබිණ. වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයින් විශ්වවිද්‍යාල සිසුන්, සයිටම් විරෝධී උද්ඝෝෂණ හා වර්ජන රැල්ලක් දියත් කළහ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ සයිටම් විරෝධයෙන් ආණ්ඩුවට පහසුවෙන් ගැලවීමක් නොවන බවය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ බිරිඳ ජයන්ති සිරිසේන ඇතුළු පිරිස ඉකුත් ඉරිදා දිවයිනෙන් පිටත්ව ගියෝය.

ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ඇමරිකානු ආණ්ඩුවත් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබිණ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට නිව්යෝර්ක් නුවරදී ඉහළ පිළිගැනීමක් හිමිවීම විශේෂත්වයකි. ඉකුත් අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේදී ආර්ථික හා සමාජයීය සභාවේ සැසිවාරය පැවැත්විණි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපතිවරයා එම සැසියට සහභාගි වූයේය. ඉකුත් අඟහරුවාදා රාත‍්‍රියේ ඇමරිකානු ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන්ට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පිරිනැමීය. ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේනද එම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට සහභාගි වූ අතර එහිදී සම්ප‍්‍රදායිකව සිදු කෙරෙන සමූහ ඡා යාරූපවලට පෙනී සිටීමටද රාජ්‍ය නායකයින්ට අවස්ථාව උදාවී තිබිණ.

ඇමරිකාවේ නව නායක ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ බිරිඳ මිලානියා සමඟ ඡායාරූපවලට පෙනී සිටීමට අනෙකුත් රටවල රාජ්‍ය නායකයන් විශේෂ උනන්දුවක් දැක්වූ බවද නිව්යෝර්ක් නුවර ආරංචිමාර්ග සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලාංකික ජනාධිපතිවරයා සහ බිරිඳ ජයන්ති සිරිසේන ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා මිලානියා සමඟ ඡායාරූපයකට පෙනී සිටියහ.

සිල් රෙදි සිද්ධියට අදාළව බන්ධනාගා ගතව සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට ඇප පිට මුදාහැරීමේ සිද්ධිය දැක බලා ගැනීමට ඔවුන්ගේ හිතවත්තු හා දේශපාලනඥයෝ පිරිසක් ඉකුත් බදාදා අධිකරණ පරිශ‍්‍රයට පැමිණ සිටියහ. ලලිත් වීරතුංග සහ අනුෂ සිය හිතුවතුන් සමඟ හිරගෙ දර තොරතුරු කතාබහ කළෝය.

හිරගෙදර රසවත් සිද්ධීන් එකින් එක විස්තර කරද්දී හිතවත්තු සිනාසෙමින් හා අටුවා ටීකා සපයමින් ඔවුන්ට තව තවත් අනුබල දුන්හ. එහිදී ලලිත් වීරතුංග කීවේ ”මම ගොඩක් අත්දැකීම් ලැබුවා හැබැයි වැටුණේ නැහැ. උපේක්ෂාවෙන් පීඩනය දරාගෙන හිටියා. හැබැයි ඉතින් දෙයක් කියන්න  ඕනේ. හිරකරුවෝ උතුම් මනුෂ්‍යයෝ කියන එක නම් හරියටම හරි. පුදුම විදියට ඒ මිනිස්සු අපට ගෞරවය සැළකිල්ල දැක්වුවා. ඒ අපි කවුද කියලා ඒ අය තේරුම් ගත්ත නිසා” යැයි ලලිත් වීරතුංග කී කතාවට අනුෂ පැල්පිට කීවේ ”හිරගෙදර මිනිස්සු එළියේ වෙන දේවල් ගැන හරිම දැනුම්වත්. ඒ අය සිල්රෙදි සිද්ධිය ගැන හොඳට දන්නවා. මමත් මුල් දිනවල මනසින් වැටිලා හිටියා. හැබැයි ලලිත් සර් නිසා හිත හදාගත්තා” යැයි අනුෂ කී විට කුමාරසිරි හෙට්ටිගේද කතාබහට මැදිහත්වූයේය. ”මේ සිද්ධියෙන් රාජ්‍ය සේවකයෝ බය වුණා. රටේ ලොකු අවුලක් සිද්ධ වුණා. අපි  ඕන දේකට හිත හදාගෙන මුහුණදෙන්න  ඕනේ. දුක සැප චක‍්‍රයක් කියලා සමහරු තේරුම් ගන්නේ නැහැ” යැයි හෙට්ටිගේ කී විට අනුෂ කීවේ ඒ කතාව නම් ඇත්තම බවය.

”හිටපු ජනපති ලේකම්වරයකුගේ හිර ගෙදර කතාව කියලා අපි පොතක් ලියමු.

මේ දවස්වල ඒක හරි ජනපි‍්‍රය වෙන්න පුළුවන්” යැයි ද හෙට්ටිගේ තවත් යෝජනාවක් කළේය.

 ”ඔව් ඔව් මම ඒක කරන්න තමයි ඉන්නේ” යැයි ලලිත් වීරතුංග සිනා සෙමින්ම පිළිතුරු බැන්දේය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් විශේෂ අවධානයක් යොමුකර ඇතැයි පැවසේ. එම සිද්ධිය හේතුවෙන් ආණ්ඩුවටත් එජාපයටත් කළු පැල්ලමක් ඇතිවිය හැකි බවද ඉන් එජාපය නිදහස් විය යුතු බවද එම මන්තී‍්‍රවරුන්ගේ අදහස වී තිබේ. ඇමැතිවරුන් වන නවීන් දිසානායක, හරින් ප‍්‍රනාන්දු, සජිත් පේ‍්‍රමදාස සහ රුවන් විජයවර්ධන ඉකුත්දා අගමැතිවරයා හමුවී ඒ බව ප‍්‍රකාශ කර තිබිණ.

”සර් බැඳුම්කර කොමිසමෙන් හෙළිවන කරුණු බරපතළයි. හැබැයි මේකෙන් කවුරු හරි වරදකරුවකු වුණොත් ඒ අයට සමාවක් නම් දෙන්න එපා. මොන හිතවත්කම් යාළුකම් තිබ්බත් අපි ඒ අය අතහරින්න  ඕනේ.” යැයි තරුණ ඇමැතිවරු කී කතාවටඅ අගමැතිවරයාද එකඟතාව පළ කළේය. තරුණ ඇමැතිවරු එක්තරා දේශපාලනඥයකුගේ නමක්ද සඳහන් කරමින් අගමැතිවරයාට කරුණු කියා තිබෙන බවද පැවසේ.

මැතිවරණ කොමිෂන් සභාව මුලදී පළාත් පාලන මැතිවරණයට සූදානමින් ඊට අවශ්‍ය කටයුතු කරමින් සිටියදී පළාත් සභා තුනක ඡන්දයක් කරළියට පැමිණියේය. ඒ අනුව මැතිවරණ කොමිසම ඒ අදහස අතහැර පළාත් සභා මැතිවරණයට සූදානම් වූයේය.

මේ වනවිට මැතිවරණ කොමිසමට තවත් අඩියක් පසුපසට තැබීමට සිදුව ඇති අතර නැවතත් කොමිසම ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට සූදානම් වෙමින් සිටී. ඇමැති පලනි දිගම්බරන් නමින් පදනමක් ස්ථාපිත කිරීම ඉකුත්දා සිදු කැරිණි. ”දිගා පදනමේ” සමාරම්භක රැස්වීම ඉකුත් ඉරිදා හැටන්හි ඩී.කේ.ඩබ්ලිව්. ශාලාවේදී පැවැත්විණ.

ඊට විවිධ දේශපාලන පක්ෂ නායකයින්ට දිගම්බරන් ඇමැතිවරයා ආරාධනා කර තිබිණ. ඩිජිටල් පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ද ඊට එක්ව සිටි අතර ඔහු රහසක් හෙළි කළේය.

දිගම්බරන් යහපාලන ආණ්ඩුවට එක්කර ගැනීමේ මෙහෙයුම පිළිබඳව එහිදී හරීන් රසවත් විස්තරයක් කීවේය. ” අපිට දිගම්බරන් සමඟ සාකච්ඡාවක් කරන්න  ඕන වුණා. ඒක රහසිගතව කළ යුත්තක්. අපි දෙන්නා කොළඹ බම්බලපිටියේ පුංචි කාමරයකදී හමුවුණා. අපි රහස් සැලැස්මක් හැදුවා.

එහෙම තමයි මෙතුමා යහපාලනයට කවා ගත්තේ. අද එතුමා ඉතාම හොඳ තැනක ඉන්නවා. ඒ ගැන වැඩිපුරම සතුටුවන පුද්ගලයා මමයි” ආදි වශයෙන් හරීන් කී කතාවට දිගම්බරන්ද අනුබල දුන්නේය.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වෙමින් තිබේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරනුයේ එය රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදුවූ වඩාත් ක‍්‍රම විරෝධී පනත් සංශෝධනයක් බවය.

ආණ්ඩුව පස්ස දොරෙන් ඡන්දය කල් දැමීම ගැන ජනතාව කරුණු කියන බවද ඊට විරෝධය දක්වන බවටද එම සංවිධාන අනතුරු ඇඟවීමක් කර තිබේ.

(කස්තුරි)

([email protected])

 

 



අදහස් (6)

මහින්ද දේශප්‍රියගේ විරෝධය

රත්නපාල ගමගේ Friday, 22 September 2017 06:15 PM

මේ මහින්ද නිකන් බයිලා ගගහ ඉන්නවා. මෙයා හරි මහත්තයෙක් නම් මේ සිදුවෙන වැඩගැන විරෝධය පෙන්නන්න හිතට එකඟව ඉල්ලා අස්වෙන්නකො.

:       589       361

dias Saturday, 23 September 2017 02:38 PM

ඔය ඉල්ලා අස්වෙන්න කියන්නේ හිටපු ජනාධිපතිතුමාටද? එහෙම පුරුද්දක් නෑනේ... මන්ත්‍රීකමෙන් එහෙම ඉල්ලා අස්වෙන්න එපා මැතිතුමනි.

:       110       0

dasunWednesday, 27 September 2017 03:33 AM

මට පෙනෙන විදිහට නම් මේ මහින්ද කියන්නේ මහින්ද දේශප්‍රියට

:       0       0

Deepal Nirosh Monday, 25 September 2017 05:14 AM

මහින්ද දේශප්‍රිය හෝ ඒකාබද්ධ විපක්ෂය හෝ මොන විරෝධය දැම්මත් 2020 වෙනතුරු කිසිම ඡන්දයක් පැවැත්වෙන්නෙ නැහැ. මහින්ද දේශප්‍රියට අනිවාර්යයෙන්ම 2018 වර්ෂ අවසානයේ ඉවත්වෙන්න සිදු වෙනවා. මොන රජය ද පරාජයක් පෙනි පෙනී අතුරු ඡන්ද පවත්වන්නෙ?

:       347       245

SLMonday, 25 September 2017 07:10 PM

එකද යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය? 2020 වෙනකම් අදින්න හැදුවොත් ලොකු ජනතා විරෝධයක් ඇතිවෙලා කටිටියටම මහා උළුගෙදර ලගින්න තමයි වෙන්නේ.

:       0       204

නදිශානි Wednesday, 27 September 2017 02:19 AM

ඡන්ද කල්දාන්නේ ජනපතිතුමාද?. තමන්ගේ පක්ෂෙ අර්බුද වහගන්න. අර්බුද ඉවර වුණාට පස්සේ ඡන්දෙ තියයි. කොහොමත් රාජපක්ෂ මහතාට අායේ දිනන්න නම් බෑ.. විහිලු තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 141 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site