IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහින්දගේ 52 වසරක දේශපාලනය

මහින්ද මේ සමරනු ලබන්නේ සිය දීර්ඝ වූ දේශපාලන ජීවිතය පමණක් නොවේ. අවුරුදු 50 කට පෙර ඇරැඹුණු පාර්ලිමේන්තු ජීවිතයද ඔහු සැමරීමට නියමිතය. ඔහු පළමු වරට බෙලිඅත්ත ආසනයට තේරී පත් වූයේ එ.ජා.පයේ දොස්තර රංජිත් අතපත්තු පරාජය කරමිනි. අතපත්තු ඡන්ද 16477 ලබා ගනිද්දී ඔහුට එරෙහිව මහින්ද ඡන්ද 23,103 ක් ලබා ගත්තේය. මහින්ද මුල් වරට පාර්ලිමේන්තුවට ඇතුලත්වීමෙන් වසර 40 ක් ගිය තැන ඔහු පිළිබඳව තැබූ පෞද්ගලික සටහනක් පහත දැක්වේ.

මහින්ද සැනෙකින් මිතුරුවී විශ්වාසය දිනා ගන්නා අයකු බව මම දැන ගතිමි. නිතරම එකඟවන ඔහු එකඟනොවන්නේ කලාතුරකිනි. ඇත්තෙන්ම ඔහු තමාගේම පහසුව තකා කිසිවිට එකඟ නොවී උන්නේ නැත. තමන්ට කරදරකාරී ගැටලු ඔහු අනෙකුත් සරල හා කරදරකාරී නොවන ගැටලු අතරට ගෙන විසඳාගනී. ඔහු දේශපාලන වශයෙන් දැඩි සිත් ඇති පුද්ගලයකු නොවේ. එසේ වුවද ඔහු අධිෂ්ඨානශිලී සටන්කාමියෙකි. ඔහු කපටි දේශපාලනඥයකු නොවේ. එහෙත් ඔහු මෙරට දේශපාලනයේදී උපායශිලී වූ ප්‍රසන්න පුද්ගලයකු වූයේය. අති දුෂ්කර ජීවිත ගෙවන ජනයා ඉන්නා හම්බන්තොට මැතිවරණ ප්‍රදේශය දේශපාලන වශයෙන් ඉදිරි ගමනකට හේතුවෙතැයි සම්මත වූ ප්‍රදේශයකට වඩා හොඳ වග ඔහු දැන සිටියේය. ඔහුගේ හොඳම ලක්ෂණය නම්, අවම වෑයමකින් ඉහළම දේශපාලන අභිලාශයන් කරා යෑමට තුඩුදෙන රුචිකර පෞරුෂයයි.

මෙය මා ලීවේ යුද්ධය හමාර වූ වග ප්‍රකාශයට පත් කරන්නට මාස තුනකට පෙර 2009 පෙබරවාරියේදී මගේ පුද්ගලික බ්ලොග් අඩවියකය. එම කියමන මම නැවත 2017 දී පළකළ මගේ Rajapaksa the sinhala Selfie නම් පොතේ පෙරවදනේද  සඳහන් කළෙමි. එම කුඩා පරිච්ඡේදයේ පිළිතුරු නොදී ඉතිරි වන එක් ප්‍රශ්නයක් ඇත.
එසේ නම් මහින්ද රාජපක්ෂ යන දේශපාලනඥයා කව්ද?

මහින්ද පාර්ලිමේන්තුවට තේරී පත්වන විට යම්තමින් වයස 23 කි. එවිට ඔහු පාර්ලිමේන්තුවේ සිටි ලා බාලම මන්ත්‍රීවරයා වූයේය. පාර්ලිමේන්තුව පුරා ආධිපත්‍ය පතුරවාලූ දේශපාලන පතාක යෝධයන්  වන ඇන්.ඇම්., කොල්වින්, ලෙස්ලි, බර්නාර්ඩ්, විජයන්, කේනමන්, වික්‍රමසිංහ, ඉලංගරත්න, ෆිලික්ස් ඩයස්, දහනායක, ඩඩ්ලි, ජේ.ආර්., සාහුල් හමීඩ්, වී.එන්. නවරත්නම්, කදිර්වේලුපිල්ලේ ඇතුළු බොහෝ අය වාද විවාද කරනු ඔහු පාර්ලිමේන්තුවේ අසුන් ගෙන බලා සිටියේය.

විරුද්ධ පක්ෂ මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක, වාසුදේවට නිවාඩු දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කළ අවස්ථාව, මහින්දගේ පාර්ලිමේන්තුව තුළ මැදිහත්වීම් කැපී පෙනුණු එක් අවස්ථාවකි. ඒ වනවිට 1971 ජවිපෙ අප්‍රේල් කැරැල්ලට සම්බන්ධකම් ඇතැයි සැකකොට වාසුදේව අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ අවස්ථාවේ ලසසප නායකත්වය තමන්ගේම මන්ත්‍රීවරයකු උදෙසා නිවාඩු ඉල්ලීමෙන් වැළකී සිටියේය. ඔවුන් සිතුවේ ඊට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක විරුද්ධ වෙතැයි කියාය.

1977 මැතිවරණයේදී වමේ සියලු ආසන සෝදාපාළුවී ගියේය. ශ්‍රීලනිප මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 ට වැටුණේය. එම අවස්ථාවේදී මහින්දට ආසනය අහිමි වූයේය. ඔහුට පාර්ලිමේන්තු දේශපාලනයෙන් අවුරුදු 12 තිස්සේ ඉවත්වී බෙලිඅත්ත ශ්‍රීලනිප සංවිධායකයා ලෙස ඉන්නට සිදුවූයේය.

ඔහු නීතීඥවරයකු ලෙස දකුණේ සේවයේ නිරත වෙමින් ඉඳහිට කොළඹ පැමිණ බණ්ඩාරනායක මැතිණියත්, අනුරත් සෙසු මිතුරනුත් මුණගැසුණේය. ඉතා මිත්‍රශිලී හා සුහද චරිතයක් හිමි මහින්ද, දේශපාලනය උදෙසාම අවශ්‍ය නොවන විවිධ ගණයේ පුද්ගලයන් රාශියක් ඒකරාශී කරගත්තේය.

ඔහුගේ සැබෑ දේශපාලන ජීවිතය ඉස්මතු වූයේ මානව හිමිකම් උදේඝෝෂණ ව්‍යාපාරයේදීය. එය සංවිධානය කරනු ලැබුවේ දකුණේ සිදුවූ අතුරුදහන් කිරීම්, නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් පැහැරගැනීම් පිළිබඳව තොරතුරු දැනගෙන වාර්තා කරනු පිණිස මා ඔහු හමුවන්නට 1988 දෙසැම්බරයේ ගිය අවස්ථාවෙන් අනතුරුවය.

සිංහල මාසික සඟරාවක් වූ ‘විවරණ’ සඟරාව උදෙසා ඒ පිළිබඳව පුවත් වාර්තාකරණය මට පැවරී තිබිණි. මාස තුනකට පසු 1989 පෙබරවාරියේ ඔහු දෙවැනි වර පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පසු ඔහු පිළිබඳ කතාබහ පැතිරුණේ ඔහු මානව හිමිකම් උද්ඝෝෂකයකු ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දෙවැනි වර තේරී පත්වූ මහින්ද පක්ෂ දේශපාලනයෙන් තේරී පත්වුණු සියලුම සම්ප්‍රදායික දේශපාලකයන්ට වඩා වෙනස් අයකු වූයේය.

ඊළඟ අවුරුදු කිහිපයේදී මැතිවරණ දේශපාලනයෙන් බාහිර කාරණා අරමුණු කරගත් විවෘත දේශපාලනයට ඔහු පිවිසුණේය. මහජන උද්ඝෝෂණ සංවිධානය කරන්නකු ලෙස මහින්ද හම්බන්තොටින් ජාතික දේශපාලනය කරා ආයේය.

ගෞරවනාම දෙකකින් පිදුම් ලැබූ ඔහු දේශපාලනය උදෙසා ඒවා භාවිතා නොකළේය.  එකක් 1998 දී මල්වතු පාර්ශ්වයේ ශ්‍යාමෝපාලී සියම් නිකායෙන් ඔහුට පිරිනැමූ නාමයකි. එය ‘ශ්‍රී රෝහණ ජන රන්ජන’ නම් කලාතුරකින් පිරිනැමෙන වර්ගයේ එකකි. එය ඔහුට ප්‍රදානය කළේ මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් විසිනි. අනෙක බෙනාරිස් විශ්ව විද්‍යාලයෙන් පිරිනැමූ මහාචාර්ය පදවියයි. එය 1999 දී ඉන්දියාවේ ඩෙන්රාඩන් නුවරදී පිරිනැමිණි. 1988 සිට 1990 දක්වා කාලය තුළ ජවිපෙ කැරළි කෝලාහාල සමයේ ගෙනගිය මානව හිමිකම් ව්‍යාපාර කටයුතු උදෙසා ගෞරවය පළකිරීමට එම මහාචාර්ය පදවිය පිරිනමන ලදී. එම පදවිය පිරිනැමූ Rural Litigation and Entitlement Kendra නම් රාජ්‍ය නොවන සංවිධානයේ එවකට කොළඹ පහසුකම් සපයන්නා වූයේ (පසුකලෙක ඔහු ජනාධිපති පදවිය දරන කාලයේ විශේෂ ජනාධිපති උපදේශක ධුරය හෙබවූ) පේරාදෙණිය සරසවියේ හිටපු විද්වතකු වූ සුනිමල් ප්‍රනාන්දුය. එම සංවිධානයේ සභාපති වරයා වූයේ ගාන්ධි පවුලේ සමීප හිතවතකු වූ අවුදාෂ් කෞෂල්ය. ඉන්දියාව පැත්තෙන් ඊට අදාළ කටයුතු කළේ ඔහුය.

තම දේශපාලන ව්‍යාපාරයේදී ඔහු ඒවා පිළිබඳව සඳහන් කරන්නට ඉඩ නොදුන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ.
ප්‍රදානය කරනලද මෙම ගෞරව නාම එකිනෙකට පරස්පරය. දකුණේ සිංහල ජනයාගේ කීර්තිය විදහා පෑමට එක් නමක් භාවිතා කරන අතර, මානව හිමිකම් උද්ඝෝෂයකු ලෙස අනෙක් පදවි නාමය භාවිතා කිරීම දෙබිඩි පිළිවෙතකි.
එහෙත් දේශපාලනයේ එම ද්විකාර්ය භාවය ඔහු ඉතා සූක්ෂම ලෙස භාවිතා කළේය.

‘‘දකුණේ මව් පෙරමුණෙන් හඬගා කියන්නේ දේශපාලන දෙබිඩි පිළිවෙතයි’’... එහෙත් ද්‍රවිඩ මව්වරුන් සමඟ සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමේ හැකියාව මට පෙනී ගියේය. ඔවුන්ද උද්ඝෝෂණය කරනුයේද එකම අරමුණකටය. පැහැරගැනීම් වලට හා අතුරුදහන් සිදු කිරීමට එරෙහිවය. ඔවුන් විරෝධය පාන්නේද කොළඹ ආණ්‍ඩුවට විරුද්ධවය. ඒ මා නිර්මලා සිත්තම්පලම් සමග සම්බන්ධතා පැවැත්වූ කාලයයි. 1960-70 ගණන් වල කොළඹ ලසසප සාමාජිකාවක් වූ ඇය යාපනේ මව් පෙරමුණේ පුරෝගාමියකු වූවාය.

‘‘යාපනයේ මව්පෙරමුණ 1984 දී දහස්ගණනින් රැස්වී දිසාපති කාර්යාලය වෙත පෙළපාලියෙන් ගියහ. කොළඹ විරෝධතා වලට වඩා ඒවා වඩාත් සටන්කාමී විය’’. (Rajapaksa the Sinala Selfie – 90 පිටුව)
මහින්ද එවැනි සම්බන්ධතා ගොඩනගා ගැනීමට සූදානම් වූයේ නැත. 1991 මැදහරියේ පමණ කොළඹ පැවැති යාපනේ මව්වරුන්ගේ පෙරමුණේ රැළියකට සහභාගී වන්නට මහින්දට යෝජනා විය. ඒ මහින්ද ප්‍රේමදාස රජයට එරෙහිව ජාතික මට්ටමේ විරෝධතාවක් දියත් කරන්නට සූදානම්ව සිටි අවධියයි. එවැනි විරෝධතාවක් දියත් කළ හැක්කේ කෙසේද යන්න ඇතැම් බොහෝ දෑ මා සමග සාකච්ඡා වූයේය. ඒ වන විට කතරගම පාද යාත්‍රා පිළිබඳ අදහස පහළවී තිබුණේ නැත. එසේ වුවද යාපනේ මව් පෙරමුණ සමග සබඳතා ගොඩ නගා ගැනීමේ යෝජනාව පිළිබඳව මහින්ද නිහඬව දෙගිඩියාවෙන් පසු වූයේය. එම වර්ෂයේ අනන්‍යතාවක් මතුවීම ඔහුගේ දකුණේ මානව හිමිකම් ව්‍යාපාරයේ අගය කැලැල් කරන බව ඔහුගේ ස්ථාවරය විය.
පාද යාත්‍රාවේදී ‘පෞද්ගලිකරණය’ විරෝධතා පෙළපාලියේ ඉල්ලීම් හතරෙන් එකක් පමණක් බවට පත්වූයේය. ප්‍රධාන ඉල්ලීම් ලෙස තීරණය වූයේ,

1. 1988 සිට 90 දක්වා කැරළි සමයේ අතුරුදහන්වන තරුණයින් උදෙසා වගවීම
2. ජීවන වියදම අඩුකිරීම
3. පෞද්ගලීකරණය වහාම නවතා දැමීම
4. යුද්ධය වෙනුවට සාම සාකච්ඡා විසඳුම්

එහෙත් පා ගමන ගිය දින 18 තුළ ඔහු ඉල්ලීම් හුවා දක්වමින් කතා කළේ නැත. පාද යාත්‍රාවට ඊ.පී.ආර්.එල්.එෆ්. (සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ) සහයෝගය නියත වශයෙන් ගෙන එන අවසාන ඉල්ලීම ගැනද ඔහු කතා නොකළේය. දකුණේ පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම් වලටත්. පෞද්ගලික කරණයටත් ඔහු දැඩිලෙස විරුද්ධ වූයේය. දකුණේ එම සටන් පාඨ දෙක ප්‍රේමදාසට එරෙහිව හොඳින් ක්‍රියාකාරීවේ යයි ඔහු සිතුවේය. තම කතා වලදී රාජිත සේනාරත්නත්, වාසුදේව නානායක්කාරත් ඉතා පැහැදිලි ලෙස යුද්ධයේ ගැටලුව නිරන්තරයෙන් ඉදිරිපත් කළෝය.

ඒ මහින්ද නැමති දේශපාලකයාගේ හැටිය. ඔහු පාද යාත්‍රාවට නායකත්වය දෙමින් වාර්ගික අර්බුදයට සාකච්ඡාමය විසඳුමක් ඉල්ලුවේය. එහෙත් ඔහු දකුණේදී ඒ පිළිබඳ වාද කළ තැනැත්තකු නොවුයේය.

එසේ වුවද ඔහුගේ දේශපාලනය තුළ දෙබිඩි බව ඇතුළතින් වර්ධනය වන අතර පක්ෂය තුළද එයින් නිමක් නැති බෙදීම් ඇතිවිය. 1991 නොවැම්බරයේ පාද යාත්‍රා සංවිධානය කරද්දී ශ්‍රීලනිප නායකත්වයද බොහෝ දුරට භේද භින්නවී තිබිණි. එහි පාර්ලිමේන්තු කණ්ඩායම මාස 4 කින් රැස්වී නොතිබුණු අතර මධ්‍යගත කමිටුව මාස 3 කින් රැස්වී නොතිබිණි. බණ්ඩාරනායක මැතිණිය, ජේ.ආර්.පී. සුරියප්පෙරුමව ප්‍රධාන ලේකම් තනතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට තම විශ්වාස වන්තයකු වූ ධර්මසිරි සේනානායක පත් කළාය. 1988 මානව හිමිකම් උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් පටන්ගෙන, 1992 දී පාද යාත්‍රා හා ජනඝෝෂා කළ මහින්ද එජාපයට එරෙහිව මතු වන මුරණ්ඩු උද්ඝෝෂකයකු වූයේය. ඒ මගින් දකුණේ සිංහල ජනතාවට හා බිඳී විසිරී අකර්මණ්‍යව තිබූ ශ්‍රීලනිප ඡන්ද පදනමට යම් බලාපොරොත්තුවක සේයාවක් දැනුනේය.

ඔවුන්ට පාද යාත්‍රාව ප්‍රේමදාසට අභියෝග කරන්නාවූ යෝධ සාමුහික උත්සාහයක් වූයේය. ඔහුට විවෘතව අභියෝග කළ හැකි බව ඉන් සනාථ විය. පාද යාත්‍රාවෙන් ඔවුන්ට ආත්ම විශ්වාසයක් ගෙන දුන්නේය. එයින් ප්‍රේමදාස විරුද්ධව උද්ඝෝෂණය කිරීමේ අවස්ථාවත්, මහජන අවකාශයත් උදාවූයේ (108 පිටුව)

ඒ අතර ඔහුගේ ප්‍රතිරූපය ගිරුවා පත්තුව සමඟ සම්බන්ධවී ඊට කුරහන් සාටකයත් එක්විය. මේ වනවිට රාජපක්ෂ සංකේතය වී ඇත්තේ එම ලෝහිත වර්ණ සාටකයයි. එය ඉඳහිට ඔහුගේ වැඩිමල් සොයුරු චමල්ද පැළඳුවේය. දිනක් පාද යාත්‍රාව මාතරින් නික්මෙන උදාසනක ජී.අයි.ඩී. ධර්මසේකර හා ආරියබුලේගොඩ, මහින්ද දේශපාලනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් සාටකයක් පළඳා ඔහුට බුහුමන් දැක්වීමේ අදහසට එළඹියේය. ඔවුහු මහින්දට සාටකය පිරිනමා රැස්වීමෙන් විසිර ගියහ. එහිදී ඔහුව හැඳින්වූයේ ‘ගිරුවාපත්තුවේ වීරයා’ ලෙසයි. පාද යාත්‍රාවේ නිරත ඉතිරි කාලය තුළ ඔහු එය පළඳින්නට විය. සාටකය ඔහුගේ ඇඳුමේ අනිවාර්ය අංගයක් බවට පත්විය. (පි. 106)

ඉන් අනතුරුව ජාතික නායකයකු ලෙස මතුවූ ඔහුගේ මහා ප්‍රතිරූපය ඉදිරියේ ශ්‍රී රෝහණ ජන රංජන නාමයත්, පුද ලැබූ මහාචාර්ය පදවියත් යන දෙකම කුඩා වී ගියේය.

සිංහල ජනයාගෙන් හෙබි දකුණේ, එජාප විරෝධී මුරණ්ඩු නායකයා ලෙස ඔහු ස්ථාපිත වූයේය. ඒ සමගම යුද ව්‍යාපෘතිය ජයග්‍රහණයෙන් නිමාවී සිංහල බෞද්ධයාගේ රාජ්‍යයේ ඒකීය බව ආරක්ෂා වූයේය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දකුණේ සිංහලයන්ගේ ඡන්දයෙන් පමණක් ජය පරාජය තීරණය කළ හැකි නායකයා බවට මහින්ද රාජපක්ෂ පත්විය.

ඔහුගේ ‘කුරහන් සාටකයේ’ ප්‍රතිරූපය අනුකරණය කරන්නට ඕනෑවී ඇති, අන්දමන්ද වූ විපක්ෂය ඉදිරියේ ඔහුගේ වාසි සහගත දේශපාලන මග වැටී ඇත. මහින්ද රාජපක්ෂ එබඳු දේශපාලනඥයෙකි.


– 2020/5/29 වැනි දින Daily Mirror පුවත්පතේ පළවු
Who is MR, The Politician? නම් ලිපියේ පරිවර්තනය
(*** සමන් පුෂ්ප ලියනගේ)
ඡායාරූප අන්තර්ජාලයෙනි..



අදහස් (7)

මහින්දගේ 52 වසරක දේශපාලනය

Champa Sunday, 07 June 2020 01:54 PM

ඉන්ද්‍රඛීලයට, නොසැලෙන - මන්ද මාරුතය නොදැනෙයි, බින්ද කොටි බලය පෙරදින -- සිංහයෙකු වගේ - බැන්ද පෙම ඔබට රටවැසි -- වෙන්නෙ නෑ වෙනස් කිසි ලෙසි, ගන්න ඔබේ තැන අදටත් -- කිසිවෙකුත් නැතේ - හෙටත් ලක් දෙරණ සුරකින, නාමයයි සදා පවතින -- ජන හදේ ඇඳුනු ඔබෙ රුව -- ජීවයයි දැයේ, රටක් එකතු කළ අගමැති -- රටට හුස්ම දුන් අගමැති -- දැයේ මහ බලය, පණ මෙන් -- රකිනු සමිඳුනේ...

:       36       3

Champa Sunday, 07 June 2020 02:19 PM

අඩක් සියවසක් සපුරන ගල් බොරළු මතින් ආ මඟ තවත් බොහෝ දුර යන්නට සුභ පැතුම් මගේ...!

:       115       2

ChampaMonday, 08 June 2020 11:23 AM

හ්ම්... අසම්පූර්ණයි.

:       0       0

Lal Sunday, 07 June 2020 03:20 PM

කරපු සේවයට බොහොම ස්තූතියි මහත්තයෝ. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා හිටියොත් නේද හොඳ...?

:       1       17

max Monday, 08 June 2020 07:14 AM

මහින්ද යනු වර්තමානය වන විට ශ්‍රී ලංකා දේශපාලනයේ එකම සලකුණය. අකමැත්තෙන් වුවත් විරුද්ධවාදීන්ට පිළිගන්නට සිදු වන ඇත්ත එයයි.

:       43       1

Rata Perata Tuesday, 09 June 2020 06:44 AM

හ්ම්... දැන් කරපුවා සහ කරගත්ත ඒවා ඇතිනේ. ගෙදර ගිහින් යන තැනකට වැඩක් කර ගන්න...

:       1       11

Champa Tuesday, 09 June 2020 12:18 PM

1948 ඉඳන් අද දක්වාත් පත්වෙච්ච, විජය හොරාගෙන් පැවතෙන සියලු රාජ්‍ය නායකයන් අතරේ, රාවණා පරපුරෙන් පැවතෙන, අභීත සිංහල ගතිගුණ තියෙන එකම රාජ්‍ය නායකයා විදිහට මහින්ද රාජපක්ෂ නම ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 68 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 536 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1287 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 920 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site