IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මිහිපිට ජීවය රැකදෙන තෙත්බිම්

ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ. මෙවර ලෝක තෙත් බිම් දිනය ''ජෛව විවිධත්වයෙන් පිරි තෙත් බිම" යන තේමාව යටතේ ලොව පුරා සමරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ අපි ලෝක තෙත් බිම් දිනය සැමරීමේ දි වැඩිම අභිමානයකින් යුතුව එය සැමරිය හැකි පුරවැසියෝ බවට පත්ව සිටිමු. මක්නිසාද යත්,

2018 වර්ෂයේ ඔක්තෝබරයේ දී රැම්සා සම්මුතිය විසින් කොළඹ නගරය ලේකයේ ප්‍රථම තෙත් බිම් නගරය ලෙස නම් කිරීම හේතුවෙනි.

ලෝකය ඉතා වේගයෙන් නාගරීකරණය වන අතර අපට නොදැනීම හරිත භූමි ඉවත් වී ඒ මත මිනිසා නිර්මාණය කරන ගොඩනැගිලි ඉදිවෙමින් පවතී. මෙය දෛනිකව සිදුවන විශාල පරිසර හානියකි. කොළඹ ද එසේ නොවන්නේ යැයි කිව නොහැකිය. නමුත් කොළඹට වැටෙන වැසි ජලයෙන් 39%ක් ම රඳවා තබා ගන්නේ නාගරිකව පිහිටි තේත බිම් මගිනි.

අපේ තෙත් බිම්ද අපේ ම ක්‍රියාකාරකම් හේතුවෙන් වැනසී යමින් තිබුණ ද තවමත් ආරක්ෂාකරගත හැකි සැලකිය යුතු ප්‍රමාණයක් අපට ඉතිරිව තිබීම ගැන සතුටු විය යුතුයි. ලොව පුරා නාගරිකව ජීවත්වන සියලු දෙනාට ඇති ගැටලුව වන්නේ නාගරිකව ඇති තෙත් බිම් විනාශ වී යාමත් සමග ජල දූෂණය, වායු දූෂණය, පරිසර උෂ්ණත්වය ඉහළ යාම වැනි ගැටලු රැසකට මුහුණ දීමට සිදුවීමයි. ඒ නිසාම නාගරික තෙත් බිම් ආරක්ෂා කිරීම කෙරෙහි අන් කවරදාටත් වඩා අවධානයක් යොමුව ඇති යුගයක ශ්‍රී ලංකාවේ අගනගරය ලොව ප්‍රථම තෙත් බිම් අගනුවර ලෙස නම්කරනු ලැබීම ඉතා වැදගත් තත්ත්වයකි.

ලෝකයේ තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා 1971 වසරේ දී ඉරානයේ රැම්සා නුවරට රැස්වූ රටවල් 18ක නියෝජිතයන් විසින් අන්තර්ජාතික සම්මුතියකට එළැශෙන ලදී. මේ වනවිට එම එකඟතාවට රටවල් 169ක් අත්සන් තබා ඇති අතර ශ්‍රී ලකාව ද එම සම්මුතිය සමග 1991 දී එක්විය. ලෝකයේ තෙත් බිම් දිනය මුලින්ම සමරනු ලැබුවේ 1997 වර්ෂයේ දී ය. මේ සඳහා පෙබරවාරි 02 වැනි දිනය යොදාගන්නා ලද්දේ රැම්සා සම්මුතිය අත්සන් කළ දිනය පෙබරවාරි 02 වූ බැවිනි.

ශ්‍රී ලංකාවේ තෙත් බිම් ගංඟා, ඇළ දොළ, විල්ලු, මිරිදිය වගුරු මෙන්ම රට අභ්‍යන්තරයේ මිරිදිය තෙත්බිම්, මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ භූමි සහ කරදිය සහිත තෙත් බිම් හා කෘතිම තෙත් බිම්වන කුඹුරු, වැව් හා ජලාශ යනුවෙන් කොටස් තුනකට මෙරට ඇති තෙත් බිම් වර්ගීකරණය කර ඇත.

මෙරට බිම් 6ක් රැම්සා තෙත් බිම් ලෙස නම්කර ඇත. 

  • බූන්දල ජාතික උද්‍යානය (ප්‍රකාශිත දිනය - 1990.06.15 - හෙක්ටයාර් 6210) 

  • ආනවිලුන්දාව අභය භූමිය (ප්‍රකාශිත දිනය - 2001.08.30 - හෙක්ටයාර් 1397) 

  • මාදු ගඟ අභය භූමිය (ප්‍රකාශිත දිනය - 2003.12.11 - හෙක්ටයාර් 915)

  • වාන්කලේ අභය භූමිය (ප්‍රකාශිත දිනය- 2010.07.12 - හෙක්ටයාර් 4839)

  • කුමන ජාතික උද්‍යානය (ප්‍රකාශිත දිනය - 2010.10.29 - හෙක්ටයාර් 19011) 

  • විල්පත්තු ජාතික උද්‍යානය (ප්‍රකාශිත දිනය - 2013.02.02 හෙක්ටයාර් 165800) 

මේ තෙත්බිම්වල නෛතික අයිතිය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

"බාදිය මට්ටමේ සිට මීටර් 6ට අඩු මුහුදු ප‍්‍රදේශය ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති ස්වභාවික හෝ කෘතිම වගුරු බිම්, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, ඇල ඉඩම්, පිහටි ඉඩම්" යනුවෙන් තෙත් බිම් පිළිබඳ රැම්සා අර්ථකථනයේ සඳහන් කර ඇත.

තෙත් බිමක් යනු ජෛව විවිධත්වයෙන් අනූණ වූ පරිසර පද්ධතියකි. එහි වැවෙන ශාක පද්ධතිය සේම ජීවත්වන සත්ත්ව ප්‍රජාව ද එයට ම ආවේණික වූ සුවිශේෂී අනුවර්ථනයන් දක්වයි.

පරිසරවේදීන් පවසන්නේ ලෝකයේ පවතින සියලුම පරිසර පද්ධතීන් අතරින් වැඩිම ක්‍රියාකාරීත්වයක් දක්වන පරිසර පද්ධතිය වන්නේ තෙත් බිම් පරිසර පද්ධතිය බවයි. කෙසේ වෙතත් පරිසර සමතුලිතතාවට අතිශය වැදගත්වන මෙම පරිසර පද්ධති මිනිසාගේ අවශ්‍යතා බොහොමයක් ද ඉටුකරනු ලබයි. මේ නිසාම තෙත් බිම් ආශ්‍රිතව මිනිස් ක්‍රියාකාරකම් බහුලය. එහි ප්‍රතිඵලය වන්නේ තෙත් බිම් වේගයෙන් විනාශවීමයි.

මේ හේතුවෙන් තෙත් බිම්වල වැදගත්කම වටහාගත් පරිසර විද්‍යාඥයන්, සත්ත්ව විද්‍යාඥයන් ඇතුළු පරිසර ක්‍රියාකාරිකයන්ගෙන් නැගුණු විශාල හඬ හේතුවෙන් 1971 දී රැම්සා සම්මුතිය බිහිවිය.

මෙවැනි සම්මුතියකට එළැඹීම සිදුවූයේ තෙත් බිම් මිනිසාට අමුතු අත්දැකීමක් නොවූව ද මිනිසාට එය සමීපවීම හේතුවෙන් ම වැනසීයාමේ තර්ජනයයි. එමෙන් ම එයින් සිදුවන සේවය ගැන නිසි වැටහීමක් නොමැතිවීම හේතුවෙන් ම වේගවත් නාගරිකරණය හමුවේ පමසුවෙන් ම හා ඉක්මණින්ම විනාශ වන්නා වූ පරිසර පද්ධතිය වන්නේ තෙත් බිම් වීම මෙවැනි සම්මුතියක අවශ්‍යතාව තීව්‍ර කරන්නට හේතුවිය.

මහ වැසි ඇදහැලෙන අවස්ථාවක දී වැසි ජලය බැස යන්නේ සාමාන්‍ය ගොඩබිමට වඩා පහතින් පිහිටි තේත් බිම් වෙතය. ඒ නිසා ගංවතුර පාලනයට අතිශය වැදගත් වන්නා වූ තේත් බිම් ජලය බොහෝ කාලයක් රඳවා තබාගෙන වියළි කාලයේ දී ක්‍රමයෙන් මුදාහරී. මේ නිසාම ගංවතුර පාලනය පමණක් නොව ජල මූලාශ්‍ර ලෙස ද තෙත් බිම් අතිශය වැදගත් සේවයක් ඉටුකරයි.

එමෙන් ම විද්‍යාඥයන් පවසන්නේ තෙත් බිමක් යනු ස්වභාවික පරිසරයේ ම ඇති කාර්යක්ෂම ජල පිරිපහදු ක්‍රමයක් ලෙසයි. තෙත් බිමක ඇති ශාක පද්ධතිය මේ කාර්යය නොපිරිහෙලා ඉටුකරනු ලැබේ. එමෙන්ම  ස්වභාවික වනාන්තරයකින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට වඩා කාර්යක්ෂමව තෙත් බිම් පරිසර පද්ධතියකින් වාතයේ ඇති කාබන්ඩයොක්සයිට් අවශෝෂණය කරගන්නා බවයි. මේ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් තෙත් බිම් සතුව ඇත.

අතීතයේ පටන්ම මිනිසා මසුන් ඇල්ලීම කරන ලද්දේ කවර හෝ ආකාරයක තෙත් බිමක බැවින් මත්ස්‍ය සම්පත රැකගැනීමට මෙන්ම මිනිස් ආහාරයට මත්ස්‍ය අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ද තෙත් බිම් ඉවහල් වේ. මෙහි දී වැදගත්ම වන්නේ මසුන් සිය අභිජනන මධ්‍යස්ථාන ලෙස බොහෝ විට කලපු, කඩොලාන පරිසර පද්ධති තෝරා ගැනීමයි.

එමෙන්ම අප අවට පරිසරයේ වෙසෙන සතුන්ගෙන් වැඩි පිරිසක් තෙත් බිම් ආශ්‍රිතව දිවි ගෙවති. විශේෂයෙන් ම නාගරිකව ජීවත්වන සතුන් තම ආරක්ෂාව සළසා ගන්නේ නාගරික තෙත් බිම් ආශ්‍රයෙනි.

සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක් බඳු ශ්‍රී ලංකාවේ තෙත් බිම් එවැනි ආගන්තුකයන්ගේ තෝ තැන්නක් වි ඇත. වර්ෂයකට වතාවක් මෙරටට පැමිණෙන සංචාරක කුරුල්ලෝ තෙත් බිම්වල කැදලි තනා තම පැටවුන් බිහිකර ඔවුන් සමග යළ සිය වාසභූමිය වෙත පියඹා යති.

එලෙස යන පැටවුන් වැඩිහිටි කුරුල්ලන් බවට පත්ව යළි පැමිණෙන්නේ ද තමන් උපත ලැබූ ස්ථානයටම බව පරිසරවේදීන් තහවුරු කර ඇත. මේ අනුව සංචාරක කරුල්ලන්ගේ තෝ තැන්නක් වූ ශ්‍රී ලංකාවේ තෙත් බිම් ලොව පුරාම වෙසෙන සතුන්ට වටිනා සම්පතකි.

ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් සිය වාස භූමිය කරගත් තෙත් බිම් ජෛව විවිධත්වය අතින් ඉතාමත් වැදගත් ස්ථානයක් සේම සියලු ජනකොටස්වල හිත නිවන අපූරු තෝතැන්නකි. මේ නිසාම ඕනෑම තරාතිරමක සිටින සියලු ම දෙනා තෙත් බිම් ආශ්‍රිත දර්ශන නැරඹීමටත්, ඒවා අතර සැරි සැරීමටත් දක්වන්නේ මහත් ලැදියාවකි. එයින් හැඟෙන්නේ මිනිස් මනස සුවපත් කිරීමටත් විනෝදාස්වාදය සඳහාත් තෙත් බිම් වැදගත් බවයි.

ලෝකයේ දූපත් රාජ්‍යයක් වන අපේ රටෙහි පවතින ඇළ දොළ ගංගා සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව් අමුණු සංඛ්‍යාව ද අතිමහත්ය. මේ සියල්ල ජෛව විවිධත්වයෙන් අනූන වටිනා පරිසර පද්ධති බැවින් ඒ සියලු තෙත් බිම් රැකගැනීම ජාතික වගකීමකි.

සජීව විජේවීර 

 



අදහස් (1)

මිහිපිට ජීවය රැකදෙන තෙත්බිම්

W. A. අසංක Saturday, 16 December 2023 09:31 AM

ගොඩක් හොඳයි... ස්තුතියි මේවාගේ විස්තරයක් අපිට බලාගන්න දැම්මාට...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1209 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1797 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site