IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මෙහෙම පාඩු කරගැනීම් නවත්වාගන්න බැරිද?

ශ්‍රී ලංකාවට ලබාදුන් සංවර්ධන ව්‍යාපෘතියක් වසර හත හමාරක් තිස්සේ ප්‍රමාද කිරීම හේතුවෙන් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සෑහෙන දඬුවමක් ලබා දී තිබේ. දඬුවමකට වඩා එය දඩයකි. දඩයේ වටිනාකම ඩොලර් කෝටි 10කි.

විගණන වාර්තාවකින් හෙළිකර ඇති පරිදි ලෝක බැංකුව මෙසේ ශ්‍රී ලංකාවට දඬුවම් පමුණුවා ඇත්තේ විදේශ ආධාර යටතේ ඇරඹු මහනුවර, ගාල්ල සහ යාපනය නගර සංවර්ධන ව්‍යාපෘතිය වසර හතහමාරක් තිස්සේ ප්‍රමාද කිරීම හේතුවෙනි. එසේ ප්‍රමාද කළ බවට චෝදනා කරමින් ලෝක බැංකුව රුපියල් කෝටි 1840ක මුදලක් කපා හැර ඇතැයි විගණන වාර්තාව කියා තිබේ. එම මුදල ඩොලර් කෝටි 10කි.

ලංකාවට ඩොලර් යනු අසීමිත වටිනාකමක් සහිත මුදල් ඒකකයකි. අපේ රටේ විදේශ සංචිතය අන්තිම බින්දුවටම සිඳී ගොස් ඇත්තේ ඩොලර් නොලැබීම හේතුවෙනි. එසේ තිබියදීත් රටට ආධාර වශයෙන් ලැබෙන ව්‍යාපෘති ප්‍රමා ද කර කෝටි ගණනින් ඩොලර් අහිමි කර ගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

එසේම ලෝක බැංකුව වැනි ශ්‍රී ලංකාවට ආධාර සපයන ජාත්‍යන්තර ආයතන මෙවැනි තීන්දු ගැනීමට තල්ලු‍ කිරීම රටට මහත් පාඩුවකි. එය ඔවුන් අප රටට ලබාදෙන ආධාර හෑල්ලු‍ කිරීමකි.

2014 වසරේ මැයි මාසයේ දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 3491ක් බව සඳහන්ය. එම ව්‍යාපෘතිය 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදාට අවසන් කළ යුතුව තිබිණි. මෙම ව්‍යාපෘතියට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධන සංගමය ඩොලර් කෝටි 20ක් හෙවත් රුපියල් කෝටි 2750ක ආධාර මුදලක් ලබා දීමට එකඟ වී තිබුණත් 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිටත් ප්‍රයෝජනයට ගෙන තිබුණේ සියයට 48කටත් අඩු මුදලක් වීම හේතුවෙන් ඉතිරි මුදල ලෝක බැංකුව මගින් ඉවත් කරගෙන තිබේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි විශාල ගණනක ආධාර අහිමි වූ බව 2021 විගණකාධිපති වාර්තාව කියයි.

වසර 05ක කාලයක් තිස්සේ මේ ආකාරයට ඩොලර් කෝටි 20ක් වටිනා ව්‍යාපෘතියක් නිම කර ගන්නට නොහැකි වූ හේතු වහාම සොයා බැලිය යුතුය. මෙම ව්‍යාපෘති භාරව කටයුතු කළ නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ කරුණු විමසීමකින් තොරව මේ සිද්ධියේ වගඋත්තරකරුවන් සොයා ගැනීම පහසු නොවනු ඇත. අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ රටට අහිමිව ගිය ආධාර මුදල් යළි ලබා ගැනීමට අවස්ථාවක් නොතිබිය හැකි වුවද මෙවැනි අකාර්යක්ෂම හා නොසැලකිලිමත් කරුණු හේතුවෙන් මින් ඉදිරියට හෝ මේ ආකාරයට ආධාර අහිමි කර ගැනීම වළක්වා ගත යුතුය. ඒ සඳහා නිසි පියවර නොපමාව ගැනීමට වගකිව යුතු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුය.

නගර තුනක් සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික දුෂ්කරතා මතුවීම බලාපොරොත්තු විය යුතුය. එහෙත් විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති නිසි කලට අවසන් කිරීම ඊට සම්බන්ධ නිලධාරීන්ගේ වගකීමකි. වෙලාවට වැඩ අවසන් නොකෙරුණොත් ඊට ආධාර ලැබීම නවතින බව මේ නිලධාරීන් නොදැන සිටීමට හේතුවක් නැත. වසර 05කට ඉලක්ක ගත ව්‍යාපෘතියක් වසර 07ක් යනතුරුත් අවසන් කර ගැනීමට නොහැකි වීම එකී නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව පෙන්නුම් කිරීමකි. ඒ සඳහා වෙනත් බාහිර සාධාක හේතු වී දැයි සොයා බැලීම ද අවශ්‍යය.

විශේෂයෙන් එය දකුණු මධ්‍යම සහ උතුරු යන පළාත් තුනක ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වීමත්, 2014 සිට 2021 වනවිට ආණ්ඩු 03ක පාලනයක් තිබීමත් එකි ව්‍යාපෘතියට ඍණාත්මක ලෙස බලපෑවා දැයි අපි නොදනිමු. එහෙත් ඉලක්කගත සංවර්ධන ව්‍යාපෘතියක් ආධාර මුදල් ලැබී තිබියදීත් අවසන් කර ගැනීමට නොහැකි වීම රටටම සිදු වූ පාඩුවක් බව පැහැදිලිව පෙනී යයි.

අපේ රට තුළ මින් පෙරද ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති තිබේ. ඒවායින් බොහොමයක් සාර්ථකව නිම වූ ඒවා බවද කිව යුතුය.

මෙවැනි ව්‍යාපෘති අවසන් නොවීමේත් ආධාර ආපසු යාමේත් වින්දිතයන් වන්නේ මේ රටේ මහජනතාවය. අහිමිව යන්නේ මහජනතාවට භුක්ති විඳිය හැකි යටිතල පහසුකම්ය. එය එසේ නොවිය යුතුය. රටට ලැබෙන කුමන ව්‍යාපෘතියක් වුවද අකාර්යක්ෂම, නුසුදුසු, නොසැලකිලිමත් නිලධාරීන් අතට පත්වීම වළක්වා ගැනීම මින් ඉදිරියට හෝ එම තත්ත්වය වෙනස් කිරීමටත් විදෙස් ආධාරවලින් උපරිම ඵල නෙළා ගැනීමටත් මහෝපකාරී වනු ඇත.

(***)



අදහස් (2)

මෙහෙම පාඩු කරගැනීම් නවත්වාගන්න බැරිද?

Deepal Nirosh Wednesday, 11 January 2023 05:58 PM

මෙතන ලෝක බැංකුව ලබා දුන්නේ ණයද? එහෙම නැතිනම් ආධාරද? කිසිම බැංකුවකින් පාරිභෝගිකයින්ට ණය මිසක් ආධාර ලබා දීමක් අහල නැහැ. මේ ණය ලබා ගැනීමේ ප්‍රමාදය පිටුපස රාජ්‍ය නිලධාරීන්ගේ යටි කූට්ටු ඥාය පත්‍ර තිබෙන්න ඇති. හැබැයි මේ සා විශාල ණයාධාරයක් කපා හැරීම රටේ මූල්‍ය ස්ථාවරත්වයට දිගු කාලීනව හිතකරයි. මොකද ඔය සියළු සංවර්ධන ව්‍යාපෘති වියදමින් 70%ක් පමණ ආනයන වියදම්. දැන් අපි ණය ගෙවීමත් පැහැර හැරි අවස්ථාවක මේ සංවර්ධන ව්‍යාපෘතියටත් ණය වුණා නම්......?

:       0       0

dhamneth Monday, 16 January 2023 05:46 PM

අවුරුදු 30ක් ඇතුළත නිමාකරන්න සැලසුම්කර තිබුණු මහවැලි ව්‍යාපාරය හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අවුරුදු 30ක් කියන්නේ ඉතා දීර්ඝ කාලයක් බව පෙන්වා දෙමින් එයව අවුරුදු 7කින් නිමාකිරීම ගාමිණී දිසානායක මහතාට පවරා වැඩේ නිමාකළා. අදත් දේශපාලකයින් රජයේ නාලධාරීන් මේ වගේ කාර්යක්ෂමව වැඩකළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site