IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යට ඇඳුම් කතාවේ යථාර්ථය හඳුනාගනිමු

 

ශ්‍රී ලංකාව දැනට පවත්වාගෙන යන ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තිය ලබන වසර පුරාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අපගේ සහෝදර සන්ඩේ ටයිම්ස් පුවත්පතට හෙළිකර තිබිණි. 2022 සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනා මගින් මේ තීන්දුව ප්‍රකාශයට පත්වෙනු ඇතැයි ද මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් දේශීය නිෂ්පාදන වැඩි දියුණු කරගැනීම එම තීන්දුවෙන් අරමුණු කර ඇතැයි ද සඳහන්ය.

නිෂ්පාදන ආර්ථිකයක් තේමාව කර ගනිමින් ඉදිරිපත් කෙරෙන නොවැම්බර් අයවැයේ දී එවැනි තීන්දුවක් ගැනීම පලදායක බවට විවාදයක් නැත. ඊට හොඳම උදාහරණය සැපයූයේ පසුගියදා ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600කට අධික සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යවත් කරමින් පනවන ලද සීමා කිරීම්ය. එම භාණ්ඩ අතර යට ඇඳුම් ගෙන්වීම සීමා කිරීම මෙරට දේශපාලන කරළියේත් ජනතාව අතරත් උණුසුම් කතාබහකට මුලපිරීය. එහිදී මතු වූ කාරණයක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

එපමණක් නොව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කටුනායක ඇඟලුම් කම්හල් පිහිටුවීම පිළිබඳ නිදහස් වෙළෙඳ කලාපය ආරම්භයේ දී එකල විපක්ෂය එම ව්‍යාපෘතිය හාස්‍යයට ලක් කළ හැටි සිහියට එයි.

බොහෝ දෙනා එම තීන්දුව හාස්‍යජනක ලෙස විවේචනය කළත් ඇඟලු‍ම් කර්මාන්තය ආරම්භ කර දශක හතරක් ගෙවී ගොස් තිබුණ ද යට ඇඳුම පවා පිටරටින් ගෙන්වන තරමට අප රටේ නිෂ්පාදනය දුර්වල වී තිබීම කිහිප දෙනකුගේ හෝ කනස්සල්ලට හේතු වී තිබිණි. මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලු‍ම් ව්‍යාපාරිකයන් පිරිසක් පමණක් නොව පොදු මහජනතාවගෙන් පිරිසක්ද ප්‍රශ්න කර තිබුණේ යට ඇඳුම් ගෙන්වීම සීමා කළේ ඇයි ද යන්න නොව යට ඇඳුමක් පවා නිෂ්පාදනය කරගත නොහැකි තරමට රටේ නිෂ්පාදනය දුර්වල වූයේ කාගේ වරදින් ද යන්නය. එය මෙරට නිෂ්පාදන ආර්ථිකය පිළිබඳ කටුක යථාර්ථය හෙළිකරන වැදගත්ම ප්‍රශ්නය වශයෙන් අපි දකිමු.

මෙරට මේ වනවිට ප්‍රබලතම විදේශ විනිමය උල්පත බවට පත්ව තිබෙන්නේ ඇඟලු‍ම් කර්මාන්තයයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු රටම වැසී තිබුණත් තම නිෂ්පාදනය නොනැවැත් වූ ඇඟලු‍ම් කම්හල් නොවන්නට මෙරට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය අතිශයෙන් බරපතළ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබිණි. රජය ද මේ කම්හල් පවත්වාගෙන යාමේ වැදගත්කම තේරුම් ගෙන ඒවා විවෘතව තබා නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගත් අතර එහි ප්‍රතිඵල දැන් පෙනෙන්නට තිබේ.

එසේ වුව ද මේ ගැටලු‍වේ කටුක යථාර්ථය වන්නේ ඇඟලු‍ම් කර්මාන්තයේ පුරෝගාමී රටක් වන ශ්‍රී ලංකාව ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම පාහේ පිට රටින් ගෙන්වා ගැනීම මත තවමත් රැඳී සිටීමය. රටේ සමස්ත අපනයනයෙන් සියයට 43ත් 48ත් අතර ප්‍රතිශතයකට හිමිකම් කියන රටේ සමස්ත අපනයන ආදායම වන ඩොලර් බිලියන 11න් බිලියන 5.3ක් පමණ උපයා දෙන ඇඟලු‍ම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මේ රට තුළ නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වීම පිළිබඳ අප රටක් වශයෙන් ලජ්ජා විය යුතුය. මේ ගැටලු‍ව කුමක්දැයි හඳුනා ගැනීම රජයේ වගකීමය. එහෙත් ඇඟලු‍ම් කර්මාන්තය ආරම්භ කිරීමෙන් පසුව බලයට පත් කිසිම රජයක් ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැත. ඊට හේතුව අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී හිමිවන කොමිස් ප්‍රමාණයට තිබෙන කෑදරකම බව පැහැදිලිය. යට ඇඳුම පවා ආනයනය කිරීම දෙස බැලිය යුත්තේ මේ කෝණයෙන් බව අපගේ වැටහීම වෙයි.

ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලු‍ම් නිෂ්පාදකයන්ගේ වාණිජ මණ්ඩලයේ මහ ලේකම් හේමන්ත පෙරේරා මහතා අපගේ ලංකාදීපයට ලබාදුන් සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබුණේ බලයට පත් වූ කිසිම ආණ්ඩුවක් මේ කර්මාන්තයේ වටිනාකම එලෙසම නොදැක්ක බවය. බලයේ සිටි ආණ්ඩුවලට ඇඟලු‍ම් කර්මාන්තයේ වටිනාකම හා වැදගත්කම තේරුම් ගියේ පසුගිය අවුරුදු එකහමාරේදී බව ද එය තේරුණේ ද රට සතු විදෙස් විනිමය සම්පත හිඳෙන විට බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

හේමන්ත පෙරේරා මහතා පෙන්වා දී තිබූ තවත් වැදගත්ම කරුණක් වූයේද ඇඟලු‍ම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල ශ්‍රී ලංකාව තවමත් පිටරටින් ගෙන්වන බවය. වසර 40ක් විදෙස් අමුද්‍රව්‍ය මත රැඳුණා හොඳටම ප්‍රමාණවත් බවද ඇඟලු‍ම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමට අප යොමුවිය යුතු බව ද සඳහන් කරන ඔහු මේ කර්මාන්ත විප්ලවයට විදේශ ආයෝජන අත්‍යවශ්‍ය බව ද පෙන්වා දී තිබිණි. ශ්‍රී ලංකාවට පසුව ඇඟලු‍ම් කර්මාන්තයට අත තැබූ සෙසු රටවල් මේ වනවිට එම ක්ෂේත්‍රය තුළ අත්පත් කරගෙන තිබෙන සුවිශාල දියුණුව ද ඔහු උදාහරණ වශයෙන් දක්වා තිබිණි.

2022 නිෂ්පාදන ආර්ථිකය තේමාව කරගත් අයවැය සැලසුම්වල දී මේ කාරණා පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කරවනු ඇතැයි අපි සිතමු. එහෙත් ඊළඟ පරම්පරාව පිළිබඳව කල්පනා කරන රාජ්‍ය නායකයන්ට වඩා ඊළඟ මැතිවරණය පිළිබඳව කල්පනා කර සැලසුම් හදන රාජ්‍ය නායකයන් සිටින තුරු මේ යථාර්ථය සිහිනයක් පමණි. එවැනි විප්ලවීය වෙනසකට ජනතාවගේ පමණක් නොව දේශපාලන නායකයන්ගේ චින්තනයේද වෙනසක් සිදුවිය යුතුය. ලංකාවට යට ඇඳුම පවා ගෙන්වා ගත යුතු බවට වන වහල් මානසිකත්වයෙන් ගොඩ යා හැක්කේ එවැනි චින්තන වෙනසකින් පමණි.

(***)



අදහස් (0)

යට ඇඳුම් කතාවේ යථාර්ථය හඳුනාගනිමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1720 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site