IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රෝහල්වලට විදුලියවත් දෙන්න බැරිනම් ආණ්ඩු කුමකටද?

ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය රෝගාතුරව මරණාසන්නව සිටින බව සෑහෙන කලක් පැරැණි ප්‍රවෘත්තියකි. මෙම අසාධ්‍ය ආතුරයාට ‘‘සේලයින්’’ හෝ ලැබීමේ සුවදායක පුවත අපේක්ෂාවෙන් සිටියද මෙරට ජනයා එතරම් වාසනාවන්ත නොවන බව ඉතා පැහැදිලිය. ඒ බව පසක් කරන පුවතක් අප පුවත් පත ඉකුත්දා වාර්තා කළේය.

‘‘හිඟ විදුලි බිල කෝටි 34යි. ජාතික රෝහලට රතු නිවේදනයක්’’ යන සිරස්තලය යටතේ එම ප්‍රවෘත්තිය වාර්තාකර තිබිණි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ කොළඹ ජාතික රෝහල විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් කෝටි 34ක පමණ හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිලධාරියෙක් පවසන බවය. (මෙය මෙම සටහන ලියනවිට තිබූ තත්ත්වයයි.)

මුළු රටටම ඇත්තේ එකම එක ජාතික රෝහලකි. ඒ අනුව එම රෝහල ජාතික දේහයේ ප්‍රධාන රුධිර නාළිකාවකි. එම රෝහලත් මෙබඳු අවාසනාවන්ත ඉරණමකට යටත්වී තිබේනම් රටේ සෙසු රෝහල්වල තත්ත්වය සිතා ගැනීම අසීරු නැත. එමෙන්ම කොළඹ ජාතික රෝහල මෙබඳු ශාපලත් ඉරණමකට යටත් කිරීම යුක්ති සහගත නැත.

අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාලවීමට දැඩි අවදානමක් මතුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයා ප්‍රකාශ කළ බවය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙවිය යුතු හිඟ මුදල් නොගෙවා සිටියහොත් රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද රෝහල් ප්‍රකාශකයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

කොළඹ ජාතික රෝහලේ පමණක් නොව ඕනෑම රෝහලකට විදුලිය විසන්ධිවීම හෝ කිරීම රෝගීන්ට මාරාන්තිකය. විදුලිය විසන්ධි කළ විට සැත්කම් කරන්නේ කෙසේද යන්න අමුතුවෙන් විමසිය යුතු ප්‍රශ්නයක් නොවේ. විෂබීජහරණය සිදුකරන්නේ කෙසේද? ශීතකරණවලම තැන්පත් කළ යුතු ඖෂධ තිබේ. ආහාරපාන කල් තබාගත යුතුය. විදුලිය නොමැතිව මේ කිසිවක් කළ නොහැකිය. වාට්ටුවල විදුලි පංකා අක්‍රියවීම ද බරපතළ ප්‍රශ්නයකි. විදුලිජනන යන්ත්‍ර මගින් මෙම අර්බුදයට යම් විසඳුමක් සපයාගත හැකියැයි පැවසුණද එය අතීසාරයට අමුඩ ගැසීමකින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි.

කොළඹ ජාතික රෝහල යනු ආදායම් උපයන ස්ථානයක් නොවේ. එය මුළුමනින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නඩත්තු වන්නකි. එය එම අමාත්‍යාංශයේ වගකීමකි. සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කරන්නේ රටේ රෝහල් පද්ධතියද නඩත්තු කිරීම වෙනුවෙනි.

මැති ඇමතිවරුන් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර අතිරේකව මුදල් වෙන්කර ගන්නා අවස්ථා බොහෝය. එසේනම් ජාතික රෝහලේ විදුලිය බිල ගෙවීමට නොහැකිවන්නේ ඇයිද යන්න විමසිය යුතුය. විශේෂයෙන්ම අමාත්‍යාංශවල ඒ ඒ කාර්යයන් සඳහා වෙන වෙනම අංශ තිබේ. අංශ ප්‍රධානියා මෙන්ම කාර්ය මණ්ඩලයද වෙති. රෝහල් නඩත්තුවටද එසේමය. එසේනම් කොළඹ ජාතික රෝහලේ විදුලි බිල නොගෙව්වේ කවුද? එසේ මුදල් නොගෙවා රෝගී ජීවිතවලට මාරාන්තික තර්ජනයක් එල්ල කළෝ කවරහුද?
මේ ප්‍රශ්න සාමාන්‍ය හෝ සරළ නොවේ.

සැබැවින්ම වගකීම් පැහැර හැරීම යනු බරපතළ වැරැද්දකි. විශේෂයෙන්ම රෝහලක් වැනි සංවේදී ස්ථානයක් සම්බන්ධයෙන් මෙසේ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම බරපතළ වැරැද්දකි. මෙලෙස වගකීම් විරහිත ලෙස කටයුතු කරන්නේ නම් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ එක් ප්‍රකාශයක් අපට පිළිගැනීමට සිදුවේ. එනම් රෝහල් ඉදිරිපිට මල්ශාලා තිබීම සම්බන්ධයෙනි.

අපගේ නිදහස් සෞඛ්‍ය සේවාව වළපල්ලට යැවීමේ කුමන්ත්‍රණයක් තිබේදැයි අපි නොදනිමු. එවැන්නක් තිබේනම් එය ලත් තැනම ලොප් කළ යුතුය. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු තීරණාත්මක පැය එළැඹ ඇති බව අවධාරණය කළ යුතුය.

(***)



අදහස් (2)

රෝහල්වලට විදුලියවත් දෙන්න බැරිනම් ආණ්ඩු කුමකටද?

nimal Tuesday, 01 August 2023 05:09 AM

කොළඹ ජාතික රෝහල විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් කෝටි 34ක පමණ හිඟ මුදල් නම් මෙම මුදල වසරක මුදල්ද නොඑසේ නම් වසර කීයක සිට නොගෙවන ලද මුදල්ද කියා පැහැදිලි නැත. දෙවනුව රෝහල් පරිශ්‍රය තුළ නේවාසිකව (staff quarters) සිටිනා වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සහ වෙනත් පුද්ගලයන් ඔවුන්ගේ විදුලි බිල් ඔවුන් විසින් ගෙවා දැමීමට අවස්ථාව සලසා දිය යුතුවේ. පය 24 පුරාවටම රජයේ ආයතන තුල විදුලි බුබුළු සහ Ceiling fans ක්‍රියාත්මක වීමද ගැටළුවකි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය නොමිලේය. වෛද්‍යවරුන්, බෙහෙත් ඇතුළු සියල්ල නොමිලයේ ලබාදීම සිදුවේ. ලෝකයේ දියුණු රටවල වෛද්‍යවරුන් ගේ සේවය නොමිලයේ උවද රෝහල් ගතවිමකදී පමණක් නොමිලයේ බෙහෙත් ලැබේ. අන් සෑම අවස්ත්වකදිම pharmacy වෙත ගොස් බෙහෙත් මිලදී ගැනීමට සිදුවේ. සියල්ල නොමිලයේ ලබාදීමට යාමේදී මෙවැනි ගැටළු මතුවේ

:       0       0

6laksaya Sunday, 06 August 2023 02:24 AM

ආණ්ඩුව තියෙන්නේ රෝහල්වලට විදුලිය දෙන්න නෙවෙයිනේ... ආණ්ඩුවේ තියෙන්නේ ඒකෙ ඉන්න අයට සැපසේ ජීවත් වෙන්න ක්‍රමෝපායයන් සලස්වන්නනේ... ඒකටනේ අපි ඡන්දෙ දුන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site