IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලෝකයා හමුවේ වසුරු හෙලූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක

ඕස්ට්‍රේලියාවෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළේ සුබවාදී ආරංචියකි. විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී හාස්කම් පාමින් පෙරට යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය මහත් හරසරින් මෙරටට රැගෙන ඒම එම සුබවාදි ආරංචියයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය අතරමග දී ඉවතට විසිවීමට සිදුවිය.

අවිනිශ්චිත ක්‍රීඩාවක් වන හෙයින්ම එම පරාජය සම සිතින් විඳ දරා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩා ප්‍රේමීන්ට හැකිය. එහෙත් රට නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවට ගොස් රටේ නම කැත කළ රටට නින්දා සහගත අවමානයක් එක් කළ ධනුෂ්ක ගුණතිලක නැමැති ක්‍රීඩකයාගේ නොසන්ඩාලකම් එසේ ඉවසා සිටිය යුතු නැත.

ධනුෂ්ක ගුණතිලකට එල්ල වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකුට එල්ල විය හැකි බරපතළම චෝදනා දෙකෙන් එකකි. බරපතළ එක් චෝදනාවක් වන්නේ තරග පාවාදීම්ය. අනෙක් ​චෝදනාව ලිංගික අතවරයන්ය. ධනුෂ්කට එල්ල වී තිබෙන්නේ දෙවැනි චෝදනාවය. ඒ යටතේ ඔහු ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක කළ පැමිණිල්ලකට අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට පත් වී තිබේ. එහි අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

ධනුෂ්ක ගුණතිලක යනු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. ඔහු දක්ෂයකු නොවේනම් දෙකෝටි විසි ලක්ෂයකට අධික ජනතාවක් ජීවත්වන ර​ටේ ක්‍රිකට් ක්‍රීඩා කරන එකළොස් දෙනාගේ කණ්ඩායමට ඔහුට ඇතුළත් විය නොහැක. ක්‍රීඩකයකුට දක්ෂතාව පමණක් නොසෑහේ. ක්‍රීඩාවෙන් අත්පත් කරගත් විනයක් මෙන්ම පෞරුෂයක් ද තිබිය යුතුය.

විශේෂයෙන් තමන්ට මෙසේ ජාත්‍යන්තරයට පිවිසීමට හැකි වූයේ රට නිසා බවද රටේ ගෞරවය ආරක්ෂා කිරීම තමන්ගේ පරම වගකීම බවද ක්‍රීඩකයන් දැන සිටිය යුතුය. විශේෂයෙන්ම මහත්වරුන්ගේ ක්‍රීඩාවේ එම ජීව ගුණය එයට හිමි නිසි ගැඹුරින්ම ආරක්ෂා කිරීම ක්‍රිකට් ක්‍රීඩකයකු සතු අත්හල නොහැකි වගකීමකි. ඒ නයින් ගත් කල්හි ලිංගික අතවර චෝදනාවක් එල්ල වීමට තරම් තම හැසිරීම පහත හෙළා ගැනීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක අතිශයින්ම ලජ්ජාවට පත් විය යුතුය.

ලිංගික අතවර චෝදනාලාභී ධනුෂ්ක ගුණතිලක නැමැති ක්‍රීඩකයාට විනය විරෝධි ක්‍රියා කිරීමේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. දකුණු අප්‍රිකාවේදී 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියක දී නෝර්විජියානු තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයාට සහ ඔහුගේ මිතුරකුට චෝදනා එල්ල විය. එක්දින තරගාවලියකට සහභාගිවීමට එංගලන්තයට ගොස් කොවිඩ් ජෛව ආරක්ෂණ බුබුල කඩ කරමින් එංගලන්තයේ ඩර්හැම් හි වීදියක බීමතින් හැසිරීමේ චෝදනාව එල්ල වූයේ මෙම ක්‍රීඩකයාට හා තවත් ක්‍රීඩකයන් දෙදෙනකුටය.

පසුදිනම මෙම ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකාවට එවූ අතර පරීක්ෂණයකින් පසුව තිදෙනාටම තරග තහනමක් පැනවිණි. එහෙත් හදවත් උණු වූ ක්‍රිකට් පාලක මණ්ඩයේ මහත්වරු අතරමගදී තරග තහනම ඉවත් කළහ. කාන්තාවක් සම්බන්ධ ප්‍රශ්නයකදී මාතර පැවැති සාදයකදී අම්බානට ගුටි කෑමට සිදුවූ බව වාර්තා වූයේ ද මෙම ක්‍රීඩකයාටමය.

ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාව බලා ගිය ද ධනුෂ්ක ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේ පළමු පන්දුවට පමණි. ඔහු එහි දී ආබාධයට ලක්විය. එසේ ආබාධවලට ගොදුරු වූ එකම ක්‍රීඩකයා ධනුෂ්ක පමණක් ​නොවේ. තවත් ක්‍රීඩකයෝ ආබාධවලට ගොදුරු වූහ. එම ක්‍රීඩකයන්ට ලංකාවට ඒමට සිදුවිය. එහෙත් ධනුෂ්ක දිගටම ඕස්ට්‍රේලියාවේ තබා ගැනීමට ක්‍රිකට් බලධාරීහු ක්‍රියා කළහ. ඒ ඔහු සුවපත් වුවහොත් යළිත් කණ්ඩායමට එක්කර ගැනීමේ අපේක්ෂාවෙන් බව කියැවේ.

ක්‍රිකට් බලධාරීන්ගේ අපේක්ෂාව එය නම් ඔහුට දඩාවතේ යාමට ඉඩ නොතැබිය යුතුය. පුහුණුවීම්වලට සම්බන්ධ කළ යුතුව තිබිණි. එහෙත් අදාළ ක්‍රීඩකයා සාද  අවස්ථාවලට සහභාගි වීමේ රූප රාමු දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙමින් තිබිණි. එහෙත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් වාර්තා නොවේ. මෙහි ඇති ඛේදනීයම තත්ත්වය එය වේ.

ලෝකයක් ඉදිරිපිට අපට අභිමානයක් තිබුණේනම් ඒ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. ධනුෂ්ක වසුරු හෙලුවේ ඒ අභිමානය මතටය. ලෝක කුසලාන තරග මාලාවෙන් අතරමග දී ඉවතට විසි වීමට මෙවන් නොසන්ඩාලකම් ද හේතු වූවේදැයි සොයා බැලිය යුතුය. විනය නැති තැන කොඩිවිනය යැයි කියමනක් තිබේ. ධනුෂ්ක ගුණතිලක කොඩිවිනයකි. තවත් කොඩිවින මතුනොවන පරිසරයක් සකස් කිරීම ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (15)

ලෝකයා හමුවේ වසුරු හෙලූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක

randil Tuesday, 08 November 2022 11:37 AM

great letter tnx but some stupid Sri Lankan cricket fans not agreed for this.

:       3       81

NimalWednesday, 09 November 2022 06:09 PM

ධනුෂ්ක ගුණතිලක මෙවැනි අර්බුදවලට මැදිවූ පළමු අවස්ථාව නොවේ. සිදුවූ සෑම සිදුවීමකම වරදකරු වී තිබෙනුයේ ඔහුයි. මෙවැනි ක්‍රීඩකයකුගේ ක්‍රියාකලාපය / හැසිරීම පිළිබඳව පුර්ණ වගකීම කළමනාකරුවන් විසින් ගත යුතුවේ. මෙම ක්‍රීඩකයා පමණක් නොව කණ්ඩායම පිළිබඳව වගකීම තිබෙනුයේ ක්‍රීඩා කළමනාකරුවන් සහ පරිපාලනය යටතේය. ඔවුන්ගේ වගවීම සහ වගකීම පහැර හැර තිබේ. ඕස්ට්‍රේලියාවේ සිටිනා ලාංකිකයන් හට කළහැකි යමක් නොමැත. ලංකාවේ මෙන් නොව සියල්ල සිදුවන්නේ පියවරෙන් පියවර සාක්ෂි සහ FACTS මත වේ. ක්‍රීඩකයා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේදී පෙනී සිටින්නා වූ ශ්‍රී ලාංකික නීතිවේදියාගෙන් පැහැදිලි පිළිතුරක් ප්‍රකාශ නොවිණි. ධනුෂ්ක ගුණතිලක කියන්නා වූ පුද්ගලයා පිළිබඳව ගැටළුවක් නොමැත. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු නිසාත් සහ ක්‍රීඩා කළමනාකරුවන් සහ පරිපාලනයේ දුර්වලතාවයන් නිසා මෙම සිදුවීම ලංකාවේ ක්‍රිකට් පරිපාලනය පිළිබඳව පිළිතුරු නොමැති ගැටළු මතුව තිබේ. දෙවනුව මෙම සිදුවීම ගොඩින් බේරාගැනීමට උත්සාහ දරන්නේ නම් settle (in the court) කරගැනීමට උත්සාහ ගන්නේ නම් ධනුෂ්ක ගුණතිලක යම් ආකාරයක වරද කරුවකු බව මනාවට පැහැදිලි වේ.

:       3       43

SenakaSunday, 13 November 2022 07:05 AM

ආගමික අන්තවාදය රජ කරන තැනක මේ වගේ ගඳ ගහන වැඩ වෙන එක පුදුමයක් නෙමේ. ක්‍රිස්තියානි හෝ ක‍තෝලික නොවෙන අයව කවදාවත් තේරීම් කමි‍ටුවෙන් ‍තෝරන්නෙ නෑ කියන එක ප්‍රසිද්ධ රහසක්.

:       1       50

Mahesh Uk Tuesday, 08 November 2022 11:47 AM

Dear Sir . Have you fully aware or present at the incident.? Without fully aware of what happened it might be a another scenario. Let Australians police deal with this matter. Please stop insulting cricketers . There are so many politicians do and did to this country . Write about them . Do not write for the sake of writing.

:       127       14

AkilaWednesday, 09 November 2022 09:08 AM

මොනවද මෙතන අමුතුවෙන් දැනගන්න තියෙන්නේ ? එම ක්‍රීඩකයා නිලධාරින්ටත් හොරෙන් අයුතු කටයුත්තකට මෙමෙ තරුණියගේ නිවසට ගිය එක බොරුද ? පෙර සඳහන් වැරදි බොරු ඒවාද ? ඕස්ට්‍රේලියානු අධිකරණය ඇප නොදෙන්නේ ඔවුන්ගේ නොදැනුවත් කම නිසාද ?

:       5       70

සමාදානයට එන්න හදනවා Tuesday, 08 November 2022 02:35 PM

වරද කළා. එය රටම දන්නවා. නමුත් ධනුෂ්කට ඕස්ට්‍රේලියාවේ හිරබත් කන්න වුණොත් කොල්ලා සදහටම ඉවරයි. ඒ නිසා ධනුෂ්කව ලංකාවට ගෙන්වලා දෙන දඬුවමක් දෙන්න. ජීවිත කාලයටම ක්‍රිකට් සෙල්ලම තහනම් කරලා පාසල් දරුවන්ට ඔහුගේ දක්‍ෂකම උගන්වන්න ඉඩ දෙන්න..!

:       105       4

de silva berlin Tuesday, 08 November 2022 04:20 PM

ඔහුගේ කල් ක්‍රියාව බැලුවම මේ ක්‍රීඩකයා මානසික ප්‍රශ්නයක් තියනවා වගේ. මොහුට මුල ඉඳලම මනෝ ප්‍රතිකාර කළා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහැ. ක්‍රීඩකයන්ගේ මානසකි සෞඛ්‍ය ගැන පාලක මණ්ඩලය ගැඹුරින් සොයා බලන්න ශ්නි. ක්‍රීඩා ජයග්‍රහණය කරන්න ශාරීරික මෙන්ම මානසික සුවයත් ඉතා බලපානවා.

:       58       27

Prasad Sandaruwan Hettiarachchie Wednesday, 09 November 2022 10:58 PM

It is true his sexual life is something personal to him, but these people are representing the country, and they are spending our money, It is ok if they use their money and spend their time to get fun and enjoy a private tour. being an envoy of a country behaving like this is unacceptable and not pardonable. how can these people go here and there and behave in vulgar and indiscipline ways once they are sent for a task to represent the country? actually, the authorities that should look after them have not done their duty appropriately and neglected the responsibility

:       2       10

Prasad Wednesday, 09 November 2022 10:58 PM

මේ අය රට වෙනුවෙන් වැඩකට යැව්වට පස්සේ එහෙට මෙහෙට ගිහින් අශිෂ්ට සහ විනය විරෝධී විදිහට හැසිරෙන්නේ කොහොමද?

:       1       50

Prasad Wednesday, 09 November 2022 11:02 PM

ඔහුගේ ලිංගික ජීවිතය ඇත්තෙන්ම ඔහුට පෞද්ගලික දෙයක්, නමුත් මේ අය රට නියෝජනය කරයි, ඔවුන් අපේ මුදල් වියදම් කරනවා, ඔවුන් ඔවුන්ගේ මුදල් භාවිතා කර විනෝද වීමට සහ පෞද්ගලික සංචාරයක් භුක්ති විඳීමට කාලය ගත කරනවාට කමක් නැත. ධනුෂ්ක මේ වගේ කටයුත්තක නියැළුණු පළමු සහ අවසාන කෙනා වෙන්නේ නැහැ. රටක දූතයෙකු වීම මේ ආකාරයෙන් හැසිරීම පිළිගත නොහැකි අතර සමාව දිය නොහැකි ය. වැඩකට එව්වට පස්සේ මේ මිනිස්සු එහෙට මෙහෙට ගිහින් අශිෂ්ට සහ විනය විරෝධී විදියට හැසිරෙන්නේ කොහොමද...

:       1       27

Athanasius Fernandopulle Thursday, 10 November 2022 04:37 AM

කොපමණ දක්ෂතා තිබුනත් විනය නොමැති ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට අවශ්‍යම නැත.

:       1       48

Ranjani jayasinghe Thursday, 10 November 2022 10:27 AM

කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා.

:       1       32

Ranjani kh ayasinghe Thursday, 10 November 2022 10:46 AM

මේ වගේ චරිතයක් රටේ සල්ලි වියදම් කරල රජ සැප දීල තව දුරටත් ටීම් එකේ තියාගත්තේ ඇයි කියන එකයි මටනම් තියන ප්‍රශ්නේ. ලංකාවේ වගේ ලේසි වෙන එකක් නෑ. හොර වැඩ, කරන උන්ට රජ සැප. අර රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කෑගහපු වසන්ත කොලුවා සිර මැදිරියක දුක් විදිනවා. රජයෙනුත් අනුබල දෙනවනේ?

:       0       14

suranga Thursday, 10 November 2022 11:32 PM

ඕවා මොනවද? 225 රට කාලා දැන් ලෝකේ වටේ හිඟාකාගෙන යන්නේ. මේකේ කිසි වරදක් දකින්නේ නෑ... මේකේ ප්‍රශ්නේ මේ චෝදනාව හරි නම් ඒක විතරයි අවුලකට තියෙන්නේ...!

:       19       5

sam Gamage Friday, 11 November 2022 11:37 PM

රටක් අවමානයට පත්කරලා මේකට මොකද කරන්නේ.?

:       1       23

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site