IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ලියුකේමියා රෝගීන්ට බලාපොරොත්තු ගෙනෙන ‘ප්‍රාර්ථනා’

ඔහු කලාකරුවකු ලෙස මෙරට පමණක් නොව පිටරට ද ගොඩනඟාගෙන ඇති ජනප්‍රියත්වය පාලමක් කර ගනිමින් නිතරම සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන්නට කටයුතු කළේය. මේ නිසාම කලාකරුවන් අසරණ වූ විට, ඔවුන්ගේ මරණයකදී වුව ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේ අනෙකුත් සහෝදර කලාකරුවන්ටද ආදර්ශයක් ගෙන දෙමිනි.

සංගීත ක්ෂේත්‍රයේ හැමදෙනාගේම ආදරයට පාත්‍රවී සිටින මේ හිත හොඳ කලාකරුවා නමින් කීර්ති පැස්කුවල්ය.
කීර්ති වරෙක මෙරට සංගීත කණ්ඩායම්වල වාදකයෙක් ලෙසින් මෙන්ම ගායකයෙක් ලෙසින්ද කටයුතු කළේය.

ඔහු ජනප්‍රිය ගීත රැසක හිමිකරුවෙකි. සංගීත අධ්‍යක්ෂවරයෙකි. රියැලිටි වැඩසටහන්වල විනිසුරුවරයෙක් ලෙසින් තම දැනුම අලුත් පරපුරට කියාදෙන ගුරුවරයෙකි. එමෙන්ම ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමයේ සභාපතිවරයාද වේ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (26) පස්වරු 7.00ට පැවැත්වෙන ‘ප්‍රාර්ථනා’ සජීවී ගී ප්‍රසංගය ජීවිතයට ප්‍රාර්ථනාවකි. සංගිත ප්‍රසංගයක් වන නමුත් ‘ප්‍රාර්ථනා’ වෙන් කෙරෙන සමාජ සත්කාරය ගැන කීර්තිගෙන් තතු අපි විමසුවෙමු.

ලියුකේමියා රෝගයට ගොදුරුවී සිටින දරුවන්ටත්, ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම මගින් ජීවිත අවදානමේ සිටින අයවත් බේරාගැනීම සඳහා කොතලාවල ආරක්ෂක ආරෝග්‍ය ශාලාවේ ඇටමිදුළු බද්ධ කිරීමේ අංගසම්පූර්ණ ඒකකයක් ස්ථාපිත කිරීම තමයි මගේ ලොකුම අරමුණවී තිබෙන්නේ. මොකද මේ රෝගයෙන් වසරකට දරුවන් 500 ක් විතර මිය යනවා. මේ ප්‍රමාණය අඩුකර ගැනීමටත්, අසරණ දුප්පත් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමත් මේ කාර්යයේ අරමුණක්. ඉතිං ඒ වෙනුවෙන් තමයි අපි ‘ප්‍රාර්ථනා’ නමින් මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ.

මේ කටයුත්ත ලෝකයට කියන්න තමයි හෙට (26) දවසේ අපි ‘ප්‍රාර්ථනා’ සජීවී ගී ප්‍රසංගය පවත්වන්නේ. මෙම ප්‍රසංගයේදී ආචාර්ය වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, එඞ්වඞ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, ඇනස්ලි මාලේවන, මරියසෙල් ගුණතිලක, කොරීන් අල්මේදා, ජානක වික්‍රමසිංහ, සමිතා මුදුන්කොටුව, කසුන් කල්හාර, මිහිඳු ආරියරත්න සමඟ මමත් ගීත ගායනා කරනවා.

සංගීතයෙන් ‘ශ්‍රැති’ සංගීත කණ්ඩායමත්, කථනයෙන් කැළුම් ශ්‍රීමාල්ද, නර්තනයෙන් චන්න විජේවර්ධනගේ කණ්ඩායමත් දායකත්වය ලබාදෙනවා.

ජනප්‍රිය නිළි පූජා උමාශංකර් විශේෂ ඉදිරිපත් කරන්නියක් ලෙසින්ද මෙහිදී කටයුතු කරනවා.
ප්‍රසංගය පැවැත්වෙන ශාලාව ඇතුළු සියලුම දේ අපට නොමිලයේ ලැබෙන්නේ. ඒ වගේම මේ සියලුම ශිල්පීන් මෙම ව්‍යාපෘතිය අවසන් වනතුරුම සන්නාම තානාපතිවරු ලෙස කටයුතු කරන්න මා සමඟ අත්වැල් බැඳගෙන සිටීම ලොකු ශක්තියක්. ඔවුන්ට මගේ ප්‍රණාමය පුදකරනවා.

මෙය මට තනිවම කරන්න පුළුවන් කටයුත්තක් නොවෙයි. මේ වගේ ඒකකයක් හදන්න රුපියල් මිලියන 400 ක් පමණ අවශ්‍ය වෙනවා. ඉතිං ඒ සඳහා බොහෝ දෙනකුගේ සහයෝගය අවශ්‍යයි. මේ කටයුත්තට මූලික වී කටයුතු කරන්න අපි කට්ටියක් එකතුවෙලා ‘Help Circles Guarantee Limited‘ නමින් ආයතනයක් පිහිටුවා ගත්තා. මගේ සභාපතිත්වයෙන් යුත් මේ ආයතනයේ නීතිඥ නිරංගා නානායක්කාර, කාංචන සිංහාරගේ, නෙළුම් ජයවීර සහ කසුන් පැස්කුවල් අධ්‍යක්ෂවරුන් ලෙසත්, වෛද්‍ය ජයන්ත බලවර්ධන, වෛද්‍ය රංග පෙරේරා, වෛද්‍ය අසේල සේනානායක, වෛද්‍ය සචිනි මල්ලආරච්චි යන වෛද්‍යවරු මෙහි වෛද්‍ය කමිටුව ලෙසත් කටයුතු කරනවා.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේත්, ජනාධිපති ලේකම්වරුන්ගේත් සහයෝගයත් මෙයට ලැබී තිබෙනවා. මෙම ඒකකය ස්ථාපිත කළාට පස්සේ ඇමරිකාවේ වෛද්‍ය කණ්ඩායමක් ශල්‍යකර්ම කරන්න එන බවත් ඔවුන් කාලයක් මෙහි රැඳිලා ඒ කටයුතුවල නිරතවෙන බවටත් මට පොරොන්දුවී තිබෙනවා. ඉතිං මෙය රටට ඉතා විශාල වැදගත් කටයුත්තක්.

අපි මෙම ආයතනය පිහිටුවා ගත්තේ මේ කාර්යය පමණක් නොව තවත් මේ වගේ ව්‍යාපෘති රැසක් සමාජයට කිරීමේ අරමුණ ඇතිවයි. අපේ අරමුණ පිරිසුදුයි. එය කිසිම දේශපාලන අරමුණක් නෑ. මම කොහෙත්ම කැමති නෑ දේශපාලනය ගාවාගෙන මේ දේවල් කරන්න. මට දේශපාලන පක්ෂ පාට භේද නෑ. මට හැමෝගෙම සහයෝගය ලැබෙන්නේ දේශපාලනයෙන් මම තොරවූ විටයි. මට අවශ්‍යත් ඒකයි. මෙය අවංකව හොඳ හිතින් කරන කටයුත්තක්.

ඇත්තටම මේ කටයුත්ත කරන්න මට උපදෙස් දුන්නේ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතායි. මම මුලින්ම පිළිකාවෙන් පෙළෙන රෝගීන්ට හෝමෝ තෙරපි කියන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ඇතිකරන්න අදහස් කළා. ලංකාවේ දැනට එය පෞද්ගලික තැනක විතරයි එය තිබෙන්නේ. ඒ සඳහා ප්‍රතිකාර ගන්න රුපියල් ලක්ෂ 10 - 30 ක් අතර මුදලක් වැයවෙනවා. එයින් අසරණ ලෙඞ්ඩු කොයිතරම් මියයනවාද කර ගන්න බැරිව.

එය ගෙන්වන්න රුපියල් ලක්ෂ 8000ක පමණ මුදලක් අවශ්‍යයි. මේ ගැන සිතමින් ඉන්නකොට තමයි වෛද්‍ය බලවර්ධන, කුඩා දරුවන් වෙනුවෙන් ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක ඇති අවශ්‍යතාවය මට පැවසුවේ.
මෙරට ලියුකේමියා රෝගීන් 500 ක් වසරකට මියයනවා. එයින් යම් කොටසක් හෝ බේරාගන්න පුළුවන් නේද කියා සිතුණා. දුප්පත් අපට මේ දේවල් කරගන්න බැහැ. පෞද්ගලික රෝහල්වල මේ ඒකකය තිබුණත්, ප්‍රතිකාර ගන්න රුපියල් කෝටියක් පමණ යනවා.

දුප්පත් අයට එය හිතන්නවත් බැහැ. ඔවුන් පුළුවන් විදිහට කරලා ටික දිනකින් ජීවිතයෙන් සමුගන්නවා. විශේෂයෙන් කුඩා දරුවන් තමයි වැඩියෙන්ම මේ රෝගයට ගොදුරුවෙලා මිය යන්නේ. එය මට ලොකු කම්පනයක් ඇතිකළා. කුඩා දරුවන් කියන්නේ අපේ අනාගතයයි. ඒ දරුවකුගේ ජීවිතයක් බේරාගන්නවා කියන්නේ පුදුමාකාර වටිනාකමක්. ඒක රටකට ඉතාම වැදගත්. ඉතිං මේ කටයුත්තට කොහොම හරි අතගහනවා කියන උතුම් පරමාර්ථයෙන් තමයි මගේ උපන්දිනය දවසේ මෙයට මුල පිරුවේ. අද වනවිට එයට ලොකු සහයෝගයක් හැම අතින්ම හැමදෙනාගෙන්ම ලැබෙන බව මට දැනෙනවා.

අපේ ආයතනය බොහොම ස්වාධීනව දේශපාලනයෙන් තොරව ගෙනියන එකක්. අපි ලංකා බැංකුවේ මේ සඳහා ගිණුමක් ආරම්භ කළා. ව්‍යාපෘතිය අවසන් වනතුරු එතැනින් සතපහක්වත් අපි ගන්නේ නෑ. ඒ සඳහා හැමෝටම මුදලින් දායකවෙන්න පුළුවන්. අපේ රටේ බහුතර කලාකරුවන්ගේ ආශිර්වාදය මෙයට ලැබී තිබෙනවා.
ඒ නිසා අපේ මේ ප්‍රාර්ථනාව යථාර්ථයක් කර ගන්න සියලුදෙනා එකතුවෙන්න කියා මම ඉල්ලා සිටිනවා. එය ඔබ විසින් රටට කරන උතුම් මෙහෙවරක් වෙනවා. එහි මූලික පියවර තබන ‘ප්‍රාර්ථනා’ ගී ප්‍රසංගය නරඹන්න එන්න කියා මා රසිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එයින් ලැබෙන මුදල මේ ව්‍යාපෘතියේ පළමු අඩිතාලමයි. එය ගොඩනඟන්න ඔබේ සහාය ඕනෑමයි.

මේ සඳහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ Help Circles (Guarantee) Limited හි 83688366 දරණ ගිණුම් අංකයට ඔබේ මුදල් බැරකළ හැකියි. වැඩි විස්තර 0775347121, 0717376565 හෝ 0112826565 සහ දුරකථන අංකවලට ඇමතීමෙන් ලබා ගන්නත් පුළුවන්. මේ උදාර කටයුත්තට ඔබත් හවුල්කරුවකු වෙන්න කියලයි මා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ.”


සංවාදය : සමන්ත යහම්පත්

 



අදහස් (7)

ලියුකේමියා රෝගීන්ට බලාපොරොත්තු ගෙනෙන ‘ප්‍රාර්ථනා’

Raveendra Friday, 25 January 2019 02:29 PM

ඔබ වැනි කලාකරුවන්ට අපගේ ප්‍රණාමය... මුදලට හඬනගන මුදලට කුමක් හෝ වචන අමුණා ගීත ලියන ගායක, ගීත රචක මුදලාලිලා ඉන්න අවදියක ඔබලා කිරීමට යන මෙම සත්ක්‍රියාවට සියල්ලන්ගේම සහය ලැබේවා!!. සහභාගි වන සියල්ලෝටම තම තමන්ගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා!!!

:       1       76

LakshmanSaturday, 26 January 2019 07:08 AM

ඉතාම් හොද වැදගත් කටුත්තක්. ඔබට තව තවත් හොද කටයතු කිරීමට ශක්තිය සහ දිරිය නොඅඩුව ලැබේව .

:       1       10

Shiva Saturday, 26 January 2019 05:04 AM

ඔබේ ප්‍රාර්ථනා හා බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධවේවා!!!

:       1       23

kamal Saturday, 26 January 2019 09:39 AM

දහස් වාරයක් පට්ට ගහලා තමන්ගේ මඩිය විතරක් තර කරගත් ගාන්ධර්වයන්ට නැති ගරුත්වයක් ඔබට තිබීම ගැන මේ අබුද්දස්ස කාලේ ආශ්චර්යයක්...

:       1       49

saman Saturday, 26 January 2019 09:56 AM

හොඳ වැඩක්... ලංකාවේ හිටියා නම් මමත් එනවා බලන්න

:       2       12

Bandara Saturday, 26 January 2019 06:36 PM

ඔබට ඉතා ස්තුතියි

:       0       12

GALLAGE Sunday, 27 January 2019 03:48 PM

අපගේ ප්‍රණාමය !!! 

:       0       10

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1207 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1797 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site