IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වගා හානි ගෙවන්න වීමෙන් පෝර අවුලේ සැබෑව තේරේවි

කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් විඳි අනේක දුක් ගැහැට පිළිබඳව කතා කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පසුගියදා සිත නිවාගන්නා කතාවක් කියා තිබිණි. ඒ කතාවට අනුව මෙවර මහ කන්නයේදී වගා හානි වූ වී ගොවීන්ට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි 4000ක් වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අඩුවන වී කිලෝවක් වෙනුවෙන් රුපියල් 25ක් බැගින් වන්දි ලබාදෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කළ ප්‍රකාශයේ සඳහන් විය.

අමාත්‍යවරයාට අනුව කාබනික පොහොර භාවිත කිරීමේ වැඩපිළිවෙළේදී අස්වනු හානියක් සිදුවුවහොත් වන්දි ලබාදෙන බවට දුන් පොරොන්දු අනුව රජය මේ පියවර ගෙන තිබේ. කුමන හේතුවක් නිසා වුවද වගා හානි සිදුවූ වී ගොවීන්ට වන්දි ලබාදීම යහපත් පියවරක් වශයෙන් හඳුන්වමු. රට මෙතරම් ආර්ථික අගාධයකට වැටී සිටියදීත් ගොවීන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් කෝටි 4000ක් වෙන්කිරීම ගැන රජයට ද ප්‍රශංසාව හිමිවිය යුතුය. එසේ වුවද වගා හානි සිදුවූ තේ, පොල්, එළවළු සහ පලතුරු වගා කරන්නන්ටද වන්දියක් දීමට හැකි වී නම් එය වඩාත් යහපත් තීන්දුවක් විය හැකිය. ඔවුන්ටද සිදුවී ඇත්තේ වී වගා කළ ගොවීන්ට සිදුවූ හානිමය. විශේෂයෙන් එළවළු, බඩඉරිඟු සහ පලතුරු ගොවීන්ට මෙය තමන්ට කොළඹට කිරි - ගමට කැකිරි ආකාරයේ සැලකිල්ලක් දැක්වීමක් වශයෙන් පෙනී යා හැකිය.

වී ගොවීන් සම්බන්ධයෙන් කතා කළහොත් මෙම කෝටි 4000ක වගා හානි වන්දිය ලැබීමට සුදුස්සෝ දස ලක්ෂයකට අධික පිරිසක් සිටිතියි අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි. ඔවුන් වගා කර ඇති මහ කන්නයේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 08කට ආසන්න බවද සඳහන් විය. මේ අනුව වගා හානි වන්දි ගෙවීම තරමක සංකීර්ණ කටයුත්තක් බව පැහැදිලිව පෙනී යයි. තමන්ගේ නොවන කුඹුරු වගා කළ ගොවීන්ට වන්දි ලැබෙයිද යන්නත් පැහැදිලි නැත. අමාත්‍යවරයා පවසන ආකාරයට කුඹුරු හෙක්ටයාරයකට ලැබිය යුතු අස්වැන්න හා ලැබෙන අස්වැන්න අනුව අඩුවන ප්‍රමාණයට ගෙවන වන්දිය තීරණය කෙරෙනු ඇත.

අක්කර ගණන් වගා කළ වී ගොවීන්ට ඉහත සඳහන් පරිදි වන්දි ගෙවන විට කිලෝවකට ලැබෙන මුදල කොතරම්දැයි ගණන් බැලුවොත් එය එතරම් විශාල නොවන බව තේරුම් ගැනීම අපහසු නැත. කෝටි 4000ක මුදල ආසන්නව ගොවීන් දස ලක්ෂයක් අතරේ බෙදී යා යුතුය. මේ ක්‍රමයට වන්දිය ලබාගැනීමට ගොවීන්ටද සෑහෙන කට්ටක් කෑමට සිදුවන බවකුත් පෙනෙන්නට තිබේ. පාඩුව සිදුවීදැයි බැලීමට වී අස්වනු කපන තුරු සිටිය යුතුය. එම සංඛ්‍යාලේඛන සකස් කිරීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්වී ප්‍රාදේශීය හා කෘෂිකර්ම සේවා නිලධාරී මට්ටමින් අස්වැන්න පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

මේ කියන මට්ටමින් සියල්ල සිදුවන්නේ නම් යහපත් නමුත් ඒ ආකාරයට නිසි සම්බන්ධීකරණයක් නොමැති වුවහොත් ගොවීන් ඊළඟට උද්ඝෝෂණ පටන්ගනු ඇත්තේ පොහොර ඉල්ලමින් නොව වන්දි ඉල්ලමින් බව සැමදෙනා විසින්ම අවබෝධ කරගත යුතුය. දැනටමත් එවැනි උද්ඝෝෂණ දක්නට ලැබේ. මේ තරම් ප්‍රශස්ත මට්ටමින් රජයේ සියලු දෙපාර්තමේන්තු මුල සිටම කටයුතු කළා නම් ගොවීන්ට වගා හානියක් සිදුවීමට ඉඩක් නොමැති බවද පෙන්වා දීමට කැමැත්තෙමු. කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී එකවර හදිසි නොවී රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළා නම් මේ ආකාරයට ගොවීන්ට වන්දි ගෙවීමට කෝටි දහස් ගණන් වෙන් කිරීමට සිදුවන්නේ ද නැත.

වී ගොවීන්ගේ ප්‍රශ්න සහ සහල් මිල මේ වනවිට රටේ පොදු මහජනතාව දැඩිව පීඩනයට පත්කර තිබේ. වී වගාව පිළිබඳව නිසි අවබෝධයකින් ක්‍රියා නොකිරීමේ අමිහිරි ප්‍රතිඵල මේ වනවිට මුළු රටම විඳිමින් සිටියි. වී ගොවීන්ගේ වගා හානියට වන්දි ගෙවීමක් සිදුවුවද ඒ හේතුවෙන් අස්වැන්න අඩුවීම නිසා සහල් මිල ඉහළ යාමෙන් පාරිභෝගික ජනතාවට ගෙවන්න සිදුව ඇති වන්දියට කවුරුත් වගකියන්නේ නැත. වැඩිදුර යා යුතු නැත. පසුගිය වසරේ ජනවාරියේ රටේ පැවැති වී නිෂ්පාදනය සහ සහල් මිල ගණන් මේ වසරේ ජනවාරිය සමඟ සංසන්දනය කිරීම පමණක් ප්‍රමාණවත්ය. අස්වැන්න අඩුවීම සහ ඊට සාපේක්ෂව සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති ආකාරය එයින් මැනගත හැක.

අස්වැන්න අඩුවිය හැකි බවට පුරෝකථනය කෙරෙද්දී පිටරටින් හාල් ඇටයක්වත් නොගෙන්වන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කළ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වනවිට කතා කරන්නේ වී ගොවීන්ට වන්දි ගෙවීම පිළිබඳවය. එහෙත් පිටරටින් හාල් ඇටයක් නොව ටොන් ගණනින් ගෙන්වීමට සිදුවූයේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ වරදකින්ම මිස ගොවීන්ගේ වරදකින් නොවන බව පිළිගැනීමට ආණ්ඩුවට අවසානයේ සිදුව තිබේ. රසායනික පොහොරින් කාබනික පොහොරට මාරුවන ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීමට පෙර මේ සියලු කරුණු සමාලෝචනයට භාජන කර තිබුණා නම් ආණ්ඩුව මේ කට්ට කන්නේ නැත.



අදහස් (1)

වගා හානි ගෙවන්න වීමෙන් පෝර අවුලේ සැබෑව තේරේවි

NM Monday, 31 January 2022 07:27 AM

රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායන නිසා සහ එම ප්‍රදේශවල වෙසෙන ගොවීන්ගේ kidney failure අසනීප තිබෙන බව පසුගිය කාලයේ නිතර මදය සහ වෛද්‍ය ශේස්ට්‍රයේ සහ බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වූ අසන්නට ලැබුණු මාතෘකාවකි. මේවනවිට සියල්ලෝම නිහඩව සිටිනුයේ රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායන පොහොර කෘෂිකර්මාන්තය සදහා බාවිතා නොවන නිසා kidney failure රෝගය වැළදුණු රෝගීන් සුවවිතිබේද ? kidney failure රෝගය වැළදීම අඩුවී තිබේද ? නොඑසේනම් කාබනික පොහොර බාවිතයට රජය ක්‍රියාත්මක වීම නිසා කතා කරුවන්හට සියල්ල අමතක වීද ? ලෝකයේ kidney failure රෝගය වලදීම පිලිබදව සොයාබැලීමක දී පැහැදිලිව පෙනීයන කරුණ නම් ගෝලීය දත්ත අනුව kidney failure රෝගය වලදීම සිදුවන්නේ diabetic සහ blood pressure තිබෙන්නාවූ පුද්ගලයන්ගේ බහුලව පවතින බවකි. ජලයෙන් බෝවන්නේ නම් එම ජලයයේ metal සහ calcium සහ වෙනත් අම්ල තිබිය යුතු බවත් ප්‍රදාන තම හේතුව වනුයේ diabetic සහ blood pressure බව තහවුරු කර ඇත. theglobalnewsplus.com/ health යටතේ නව සම්බන්දත්වක් ලබාදී තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site