IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’වැග්නර්’ කැරැල්ල අතහැරියේ ඇයි?

බටහිරට අභියෝගයක් කළ හැකි, ශක්තිමත් නායකයා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය. බටහිරට ගැති නැති බොහෝ දෙනාට පුටින් වීරයකු වන්නේ එබැවිනි. පුටින් රුසියාවේ බලයට පත් වී, දශක දෙකකට වැඩිය. එම කාලය තුළ ඔහුට ‘අභියෝගයක්’ කළ හැකි ජගතකු සිටියේ නැත. මේ වනතුරු සිටියේද නැත.

යුක්රේනයට පහර දෙන්න එපා යැයි ඇමෙරිකාව තර්ජනය කරද්දී,  පුටින් එය ගණන් ගත්තේ නැත. 2022 වසරේ පුටින් සිය හමුදා මෙහෙයවමින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේය. රුසියන් හමුදා යුක්රේනයේ නැගෙනහිර පළාත් සහ නගර රැසක් අත්පත් කර ගත්තේ ඒ අනුවය. 

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පුටින්ටත් රුසියන් රජයටත් සම්බාධක පැනැවීය. යුක්රේනය දින කීපයකින් අල්ලා ගන්නවා යැයි පුරසාරම් දෙඩුවත්, රුසියාවට තවමත් යුක්රේනය අල්ලා ගැනීමට හැකි වී නැත.

පසුගිය  2022 පෙබරවාරි 24 වැනිදා ආරම්භ වුණු යුක්රේන යුද්ධය වසරකට වැඩි කාලයක් දිග් ගැස්සෙද්දී, දශක දෙකක් තිස්සේ බලයේ සිටින ඒ ශක්තිමත් නායකයාට ‘අතුල් පහරක්’ එල්ල විය. මිතුරන්ට වඩා සතුරන් ළඟින් තබා ගැනීම නුවණට හුරු යැයි බටහිර කියමනක් ඇත. ජනපති පුටින් ද එය හොඳින් දන්නවා ඇත. ඒත් සතුරන්ට වඩා භයානක තමන් අසල සිටින තම මිතුරන් බව පුටින්ට පසක් කර දීම,  ඒ ‘අතුල් පහර’ සමත් වූවා නිසැකය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අභියෝගයක් එල්ල වූයේ 62 හැවිරිදි යෙව්ගනි ප්‍රිගෝජින්ගෙනි. ප්‍රිගෝජින්, 1961 වසරේ රුසියාවේ උපත ලබා ඇත. ඔහු පුටින් හඳුනන්නේ 90 දශකයේ සිටය. ප්‍රිගෝජින්, රුසියාවේ කැපී පෙනෙන චරිතයකි. ඔහු වඩාත් කතාබහට ලක් වූයේ රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමඟය. ජනාධිපති පුටින් සහ ප්‍රිගෝජින් දෙදෙනාගේ උපන් නගරය ශාන්ත පීටර්ස්බර්ග් (අතීතයේ ලෙනින්ග්‍රැඩ්) ය. ප්‍රිගෝජින් යහපත් චරිතයක් නොවෙයි. පොලිස් පොතේ ඔහුගේ නම සටහන් වී තිබේ.

ප්‍රිගෝජින්, පළමුවෙන්ම පොලිස් අත්අඩංගුවට පත් වූයේ 1979 දීය. එදා ඔහුගේ වයස අවුරුදු 18 කි. ප්‍රිගෝජින්, සොකරමකට වරදකරු විය. වසර දෙකහමාරක සිරදඬුවමක් හිමිවිය. හිරෙන් නිදහස් වී පැමිණ වසර දෙකක් යද්දී හොරකම් චෝදනා සම්බන්ධයෙන් තවත් වසර 9 ක් හිරබත් කෑවේය.   

යළි හිරෙන් නිදහස් වූ ප්‍රිගෝජින් ‘හොට්ඩෝග්’ අලෙවිසැලක් ආරම්භ කළේය. එය සාර්ථක විය. පසුව ප්‍රිගෝජින්, ‘හොට්-ඩෝග්’ අලෙවිසැල් ජාලයක් ද ඇරැඹුවේය. සාර්ථකත්වයෙන් ඉහළට යද්දී ප්‍රිගෝජින්, ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුඛෝපබෝගී අවන්හලක් ද විවෘත කළේය. එම අවන්හල හරහා ශාන්ත පීටර්ස්බර්ග් ප්‍රභූ පැලැන්තිය ඇසුරු කිරීමට ඔහු සමත් විය.

අවන්හල හරහා ප්‍රිගෝජින් ආහාර සැපැයුම් සේවාවක් ද ආරම්භ කළේය. රුසියන් රජය හා සම්බන්ධකම් ඇති කර ගත්තේය. රජයේ කොන්ත්‍රාත් ඔහුට හිමිවිය. ‘පුටින්ගේ කෝකියා’ යන නමින් ප්‍රිගෝජින් හැඳින්විය. ඒ, පුටින් සහ ප්‍රිගෝජින් අතරේ සමීප මිතුදම් හේතුවෙනි. ආහාර ක්ෂේත්‍රයට අමතරව, මාධ්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රිගෝජින් සම්බන්ධ විය.

ඔහු අන්තර්ජාල සේවා සැපැයීම ද කළේය. 2016 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට රුසියානුවන් බලපෑම් කළේ යැයි චෝදනා එල්ල විය. රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූයේ මෙම ජනාධිපතිවරණයෙනි. එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙද්දී, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළේ යැයි චෝදනා එල්ල වූ අන්තර්ජාල සේවා සැපැයුම් සමාගම ප්‍රිගෝජින්ට අයත් බව අනාවරණය වී තිබේ.

‘වැග්නර්’ රුසියන් කුලී හේවා බලඇණිය 62 හැවිරිදි ප්‍රිගෝජින් යටතේ පවතින බව අනාවරණය වූයේ රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින ඔඩුදුවද්දීය. යුක්රේන ආක්‍රමණයේ දී රුසියන් හමුදාවට ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ සහාය හිමිවුණු බවත්, ‘වැග්නර්’ බලඇණිය රුසියන් හමුදාවේ අතිරේක බලඇණියක් බවත් ඒ අනුව අනාවරණය විය. මධ්‍යම අප්‍රිකාවේ, මාලි රටේ මෙන්ම ලිබියාවේ ද මානව හිමිකම් උල්ලංඝනය කළ බවටත්, අමුඅමුවේ ඝාතන සිදු කළ බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘වැග්නර්’ කුලී හේවායන්ට චෝදනා නගා ඇත.

ප්‍රිගෝජින්ගේ පෞද්ගලික කුලී හේවා බලඇණිය, රුසියන් ජනාධිපති පුටින් සමඟ මෙන්ම රුසියන් හමුදා ප්‍රධානීන් සමඟ විරසක වී, කැරැල්ලක් ආරම්භ කළේ පසුගිය 24 වැනිදා දිනයේය. පැය 24 ක් ගතවීමටත් පෙර එය අවසන් වුවත්, එය පුටින්ගේ බල අධිකාරියට අභියෝගයක් කර තිබුණි. පුටින්ගේ ප්‍රතිරූපයට හානි සිදුවී තිබුණි.

පසුගිය 23 වැනිදා ප්‍රිගෝජින් රුසියන් ආරක්ෂක අමාත්‍යවරයාටත් හමුදා ප්‍රධානීන්ටත් චෝදනා කළේය. ඒ, හමුදා ප්‍රධානීන්, හිතාමතාම, තම ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවටය. එම ප්‍රහාරයෙන් තම සාමාජිකයන් බොහෝ දෙනකු මියගියේ යැයි ප්‍රිගෝජින් පවසා තිබුණි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැති සහ හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට ප්‍රිගෝජින් ඉල්ලීමක් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි.

ඒ අනුව, යුක්රේනයේ සිටි ප්‍රිගෝජින් සහ ඔහුගේ කුලී හේවායෝ දේශසීමා හරහා දකුණු රුසියාවේ රොස්ටෝව් වොන් ඩොන් නගරයට පැමිණියහ. පසුගිය සිකුරාදා (23) ඔවුන් රොස්ටෝ-වොන්-ඩොන් නගරයේ හමුදා මූලස්ථානයක් ද අත්පත් කර ගත්තේය. ඉන්පසු ප්‍රිගෝජින්, සිය බලඇණිය රුසියාවේ මොස්කව් අගනුවර දක්වා මෙහෙයවීමට පටන් ගත්තේ තවත් කුඩා රුසියන් නගර කීපයක් ද අත්පත් කර ගනිමිනි.

ප්‍රිගෝජින් ප්‍රමුඛ ‘වැග්නර්’ සාමාජිකයන් කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත්, රුසියාවේ බලය අල්ලා ගැනීමට ඔවුන් උත්සාහ ගන්නා බවත් රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් ආරක්ෂක කවුන්සිල නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රි මෙඞ්වදේව් දොස් නඟන්නට විය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතමින් පැවැසුවේ ‘වැග්නර්’ බලඇණිය, රුසියාවටත් රුසියානුවන්ටත් ද්‍රෝහි වූ බවය. 

පසුගිය 25 වැනිදා වනවිට ‘වැග්නර්’ බලඇණිය සිටියේ මොස්කව් අගනුවරින් කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. ප්‍රිගෝජින් හදිසියේ නිවේදනයක් නිකුත් කරමින් කීවේ, තමන් හෝ තම සාමාජිකයන් හෝ මොස්කව් බලා යන්නේ නැති බවත්, තමන් සහ පිරිස සදහටම රුසියාවෙන් පිටුවහල් වී අසල්වැසි බෙලරූස් රාජ්‍යය බලා යන බවත්ය.

රුසියන් වැසියන් ගැන සිතා ලේ වැගිරීමකට ඉඩක් නොතබා තමන් එම තීරණය ගත් බව ද ප්‍රිගෝජින් පැහැදිලි කළේය. තමන් රුසියන් රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ නොකළ බවත්, තමන්, තම හමුදා මොස්කව් අගනුවරට මෙහෙය වීමට උත්සාහ කළේ සිදුවුණු අසාධාරණයට වෙනුවෙන් සාධාරණයක් අපේක්ෂාවෙන් බවත් ප්‍රිගෝජින් පෙන්වා දුන්නේය.

- ලුසිත ජයමාන්න



අදහස් (4)

’වැග්නර්’ කැරැල්ල අතහැරියේ ඇයි?

Banda Wednesday, 28 June 2023 01:32 PM

"බටහිරට ගැති නැති" කියන වචනේ ගැලපෙන්නේ නැහැ. බටහිරට විරුද්ධ කියලා නම් කිව්වත් කමක් නැහැ. පුටින්ට පක්ෂ වීම හෝ විරුද්ධ වීම කාටවත් ගැතිකමක් හෝ ගැති නොවීමක් නෙමෙයිනේ... අනෙක් අතට අසල්වැසි රටක ස්වාධීන තීරණයකට එරෙහිව යුදවදින පුටින් කියන්නේ ලේ පිපාසිත මානසික රෝගියෙක්...

:       118       59

siraa Thursday, 29 June 2023 11:52 AM

ඔයා ඉපදුනේ මොන අවුරුද්දේද? රනිල්ගේ මාමා ජේ.ආර් ඇමරිකාවට ළංවුණු නිසා ඉන්දියාව බලෙන් ඇවිත් උඩින් පරිප්පු දැම්මා... පස්සේ ඉන්දු ලංකා ගිවිසුමක් ගැහුවා.. හමුදාව මෙහෙට අවා... තායිවානේ කියන්නේ චීනේ අල්ලපු වැට.. ඕනෑවට වඩා ඇමරිකන් ගැති බව නිසා චීනේ දැන් යුද්දෙකට යනවා.. යුක්රේනේ කවටයා ඇමරිකන් නේටෝ ගැතිනිසා තමා පුටින් ගහන්නේ.. පොඩ්ඩක් රටේ, ලෝකේ ඉතිහාසේ කියවලා හොයලා කමෙන්ට් දාන්න... ඔයාගේ අල්ලපු වැටේ මිනිහා ඔයාගේ පරම හතුරෙක් ගෙනැල්ලා එයාගේ ඉඩමේ පදිංචි කරගත්තොත් ඔයා මොකද කරන්නේ...?

:       12       37

Marsipala Saturday, 01 July 2023 10:24 AM

පුටින් කොන්දක් තියෙන නිර්භීත නායකයෙක්... ලේ පිපාසය තියෙන්නේ ඇමෙරිකාවටයි, යුරෝපයටයි.. තමන්ගේ බලය ආරක්ෂා කරගැනීමට අහිංසක මිනිස්සු මරාදාන මිනීමරුවන්... ඇමෙරිකාව, යුරෝපය, එංගලන්තය වැනි රටවලට හෙණ හතම වැදිය යුතුයි. අපි විශ්වාස කරන ආගම සත්‍ය නම් සොබාදහම ඒ දඬුවම ලබාදෙයි...

:       14       31

KumarWednesday, 05 July 2023 09:51 PM

මම ඉන්නේ ඇමෙරිකාවේ... අපට පේන්නේ මිනීමරන්නේ පුටින්ගෙයි හමුදාව බවයි. දැනට හෙණ 7 ගහලා තිබෙන්නේ රුසියාවටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site