IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


විජයකලා ඇමැතිනිය මා බේරා ගත්තා - ස්විස්කුමාර්

(සිරාජ් හසීම්)

ගම්වාසීන් විසින් තමන්ව විදුලි කණුවක බැඳ පහරදෙන විට එම ස්ථානයට පැමිණ තමා මුදාගත්තේ විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය බවත්, ගම්වාසීන්ගෙන් බේරාගෙන තමන්ගේ පවුලේ අයවෙත බාරකිරීමෙන් අනතුරුව ඇය එම ස්ථානයෙන් පිටව ගිය බවත් විද්‍යා ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් ත‍්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් සඳහන් කළේය.

යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ‍්‍රීගජන් තමාව යාපනය පොලිසියට කැටුව ගොස් ගම්වාසීන් තමන්ට සිදුකළ පහරදීම පිළිබඳ පැමිණිල්ලක් කළ බවත්, අනතුරුව ප‍්‍රතිකාර ගන්නැයි කියා තමන් යාපනය රෝහලට යැවූ බවත්, යාපනයේ තමාට ආරක්ෂාවක් නොමැතිවීම මත තමන් 18 වැනිදා රාත‍්‍රියේම කොළඹට පැමිණි බවත් විත්තිකරු තවදුරටත් සඳහන් කළේය.

යාපනයේ පුංකුඩිතීව්හි පදිංචි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ නඩු විභාගයේ විත්තියේ සාක්කි විමසීම මහාධිකරණ විනිසුරුවරුන් වන බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අන්නාලිංගම් පේ‍්‍රමශංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන් යන විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදී සිදුකෙරිණි.

සිසුවිය පැහැර ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, පැහැර ගැනීම, අපයෝජනය කිරීම, මරා දැමීමේ අධිචෝදනා ලැබ සිටින බූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංහම් ජෙයක්කුමාර්, බූබාලසිංහම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන් සහ මහාලිංගම් ශෂිකුමාර් (ස්විස්කුමාර්) යන විත්තිකරුවෝ නව දෙනා බන්ධනාගාරය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

වැඩිදුරටත් සාක්කි දුන් ස්විස් කුමාර් මෙසේද කීවේය.

‘මම ස්විස්ටර්ලන්තයේ අරක්කැමියෙකු ලෙස සේවය කරනවා. 2015දී නිවාඩුවටයි පැමිණියේ. ඒ ආපු ගමනේදී විද්‍යා සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. ඝාතනය සැලසුම් කිරීම, ඊට ආධාර අනුබල දීම චෝදනා එල්ල කර තිබෙනවා. ඒ චෝදනා සියල්ලම මා ප‍්‍රතික්ෂේප කරනවා. මට විරුද්ධව සාක්කි ලබා දුන් ඉෆ්රාන් නමැත්තාව මම හඳුනාගත්තේ වවුනියාව බන්ධනාගාරයේදීයි. ඊට කලින් මම ඔහුව හඳුනන්නේ නැහැ.

විද්‍යා සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් වවුනියාව බන්ධනාගාරයේදී මාගෙන් ප‍්‍රශ්න කරන විට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා නිලධාරියාගෙන් ඉෆ්රාන් නමැත්තා බෑගයක් අරන් යනවා මම දැක්කා. තමා නිශාන්ත සිල්වා හොඳින් දන්නා බව සහ යම් උදව්වක් අවැසි නම් පවසන ලෙසත්  ඉෆ්රාන්  නමැත්තා විමර්ශන අවසන් වෙලා මම නැවතත් සිරකුටියට යන විටදී ප‍්‍රකාශ කළා. මට කිසිම උදව්වක් අවශ්‍ය නැති බව මම දැනුම් දුන්නා.

වවුනියාව බන්ධනාගාරයෙන් කොළඹට ගෙන ගිය ඉෆ්රාන් නැවතත් මාසයකට පසු වවුනියාවට ගෙන ආවා. එහිදී මාව මේ නඩුවෙන් බේරාදීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් ඉල්ලා සිටියා. නොකළ වරදකට මුදල් දිය නොහැකි යැයි මම ඔහුට කියා සිටියා. අප දෙදෙනා අතර පරස්පර අදහසක් මතුව තිබුණ නිසා මම ඔහුගෙන් ඈත්ව සිටියා. ඒ දවස්වල බන්ධනාගාර ගතව සිටි සෙසු සැකකරුවන් ඊට සාක්කි දරනවා ඇති. ඒත් ඔවුන් සියලූ දෙනා මේ වනවිට නිදහස්ව ගොස් ඇති නිසා ඔවුන්  සාක්කියට ගෙන්විය නොහැකියි.

නැවතත් මා හමුවූ ඉෆ්රාන් මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම සඳහා රුපියල් දෙකෝටියක මුදලක් ලබාදෙන ලෙසත්, මුලින්ම ලක්ෂ 25ක් ලබා දෙන ලෙසත් ඉල්ලූ මම ඊටත් එකඟ වුණේ නැහැ. ඉෆ්රාන්ට ඒ මොහොතේ මුදල් අවශ්‍යතාවක් තිබුණා. මුදල් නැතිනම් අධිකරණය විසින් ඔහුට දඬුවම් නියම කරාවි කියල මගෙන් මුදල් ගන්න උත්සහා කළා.

සිසුවියක් පැහැරගෙන ගිහින් අපයෝජනය කර මරා දැමීමේ වීඩියෝවක් ගැන ඉෆ්රාන්ට මම කිසිම අවස්ථාවක සඳහන් කළේ නැහැ. මගේ මස්සිනාත් හයවන විත්තිකරු වන සිවදේවන් දුෂාන්ත් සිසුවියක් අපයෝජනය කර ඝාතනය කරන සිද්ධියක වීඩියෝවක් ජංගම දුරකතන මාර්ගයෙන් එව්වේ නැහැ. මම එහෙම එවන්න කියල ඔවුන්ට කියුවෙත් නැහැ. ඒ වගේම නිශාන්ත සිල්වාටත් වෙනත් කිසිම විමර්ශන නිලධාරියෙකුටවත් මුදල් දෙන්න උත්සහා කළෙත් නැහැ.

මම ස්විස්ටර්ලන්තයට ගියේ 1998 වසරේ. ඒ වසරේදී එහිදීම විවාහ වුණා. මට දරුවන් දෙදෙනෙකු ඉන්නවා. 2012 දී පුංකුඩිතීව්හි කතක හා විවාහ ගිවිසගත්තා. ස්විස්ටර්ලන්තයේ ඉඳලා වසරකට වරක් මම ලංකාවට එනවා. 2015 අපේ‍්‍රල්වලයි ලංකාවට ආවෙ. නැවතත් මැයි 06 වැනිදා ස්විස්ටර්ලන්ත යන්න හිටියා. ගමන මගහැරුණා. මේ නිසා 8 වැනිදා ඉඳන් 14 වැනිදා වෙනකල් කොළඹ නැවතිල හිටියා.

විද්‍යා සිසුවියගේ අවසන් කටයුතුවලට සහභාගී වෙන්න 15 වැනිදා පුංකුඩිතීව්වලට ආවා. 17 වැනිදා පුලියංකූඩල් දේවාලෙ උත්සවයට සහභාගී වුණා. මම කෝවිලේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී මගේ මිතුරෙකුගේ දුරකතනයට යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ‍්‍රීගජන්ගෙන් ඇමතුමක් ලැබුණා. ඔහුට මාත් සමගින් කතා කරන්න  ඕන කියල කිව්වා. මගේ මිත‍්‍රයා මම කෝවිලේ උත්සවයේ සිටින බව ඔහුට කිව්වා.

මම කෝවිලෙන් එළියට ආව ගමන්ම ශ‍්‍රීගජන්ගේ පණිවුඩය පිළිබඳ මගේ මිතුරා මාව දැනුම්වත් කළා. ඝාතනයට ලක්වුණ සිසුවියගේ නිවස පිටුපස පැත්තෙ පිහිටි තැපැල් කාර්යාලයක් ළඟට එන්න කියා ශ‍්‍රීගජන් කිව්වා. මගේ එක්ක ආව අය වෑන් රථයේ තියල මම ඔහුව හමුවෙන්න ගියා.

එම ස්ථානයට කයිට්ස් පොලිසියේ ගෝපි කියල නිලධාරියෙක් සහ තවත් නිලධාරීන් සිව්දෙනෙක් ඇවිත් මාත් එක්ක යාපනයට ආපු අය අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේදී ශ‍්‍රීගජන්ගෙන් මම ඇහුවා ඇයි එයාලව අත්අඩංගුවට ගත්තේ කියල. තමන් ඒ ගැන නොදන්නා බවත් අත්අඩංගුවට ගත්ත අයගෙන් ඒ ගැන අහගන්න කියලත් ශ‍්‍රීගජන් පිළිතුරු දුන්නා. ශ‍්‍රීගජන් මාව හමුවුණ අවස්ථාවේ සැරසිල හිටියෙ සාමාන්‍ය ඇඳුමෙනුයි.

පසුව 17 වැනිදාම සවස අත්අඩංගුවට ගත්ත මගේ මල්ලී ඇතුළු අය තමයි විද්‍යා සිසුවිය ඝාතනය කළේ කියලා පුවත් වාර්තා කළා. මම තෝලර් කියල කෙනෙක්ට කතා කරල මේ බව කිව්වා. ඉක්මනින් පැමිණෙන බව සඳහන් කළ ඔහු නැවතත් දුරකතනයට ප‍්‍රතිචාර දැක්වුවේ නැහැ.

මමයි මගේ තවත් යාළුවෙකුයි මේ නිසාම යාපනය මූලස්ථාන පොලිසියට වාහනයක් අරන් යනකොට පුංකුඩිතීව් පාලම අවසන් වන වේලනෙයි ප‍්‍රදේශයේදී මහජනතාව වටවෙලා උඹ තමයි විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ශෂීගේ අයියා කියල මට පහරදුන්නා. මාව විදුලි කණුවක බැඳලයි ඔවුන් පහර දුන්නෙ.

ඒ අවස්ථාවේදී විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය එතනට වාහනයෙන් ආවා. ඒ කාලෙ ඇය කවුද කියලවත් මම හඳුනන්නෙ නැහැ. ඇය ඇවිත් ජනතාවගේ පහරදීම්වලින් මාව බේරාගත්තා. මාව විදුලි කණුවෙ ගැටගහල තිබුණ ගැට ඇය විසින්ම ලිහා දමා ඔයා ශෂීගේ අයියද කියල මගෙන් විමසුවා. මම ඇයට ඔව් කියල පිළිතුරු දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් - මේ ගැන තමන් කියන්නෙ සිද්ධිය වෙලා අවුරුදු දෙකකට පස්සෙද?

පිළිතුර - දෙවසරකට කලින් වුණු සිද්ධිය ගැන දැන්නේ නඩුව පටන්ගෙන මගෙන් ප‍්‍රශ්න කරන්නෙ.

ජනතාව අතරින් මාව බේරාගත් විජයකලා මාව මගේ පවුලේ අයට බාර දෙන්න උත්සාහ කළා. ඒ වෙනකොට වේලනෙයි බස් රියදුරෙකු මේ ගැන මගේ පවුලෙ අය දැනුම්වත් කරල තිබුණා. පසුව පුංකුඩිතීව්වල ඉඳන් මාව එක්කන් යන්න මගේ බිරිඳ, මව සහ ඥාතීන් කිහිප දෙනෙක් පැමිණියා. ඒ රාත‍්‍රි 11ට විතර. විජයකලා මහේෂ්වරන් එතන ඉඳන් පිටව ගියේ ඉන් පසුවයි.

මට තර්ජන එල්ල වී තිබෙන බව පසුදා (18) මගේ නිවසට යතුරුපැදියෙන් පැමිණි උප පොලිස් පරීක්ෂක ශ‍්‍රීගජන් මගේ බිරිය සමගින් සඳහන් කළා. විනාඩි 10ක් ඇතුළත මෙහෙ ඉඳන් පිටත් වුණා නම් මාව බේරාගන්න පුළුවන් කියලත් කිව්වා.

ඔහු කී ආකාරයටම විනාඩි 10කින් වාහනයක් අරන් ආවා. මාවත් මගේ බිරිඳ, මව සහ දුව වාහනයට නංවාගෙන යාපනයට පැමිණියා. යාපනය මූලස්ථාන පොලිසියට මාව එක්කං ගිහිං ශ‍්‍රීගජන් කොහේදෝ යන්න ගියා. නැවත පැමිණියේ හවස පහට විතර. මාව මෙතනට එක්කං ඇවිත් කොහෙද ගියේ කියලත් මගේ බිරිය, දරුවන් එහෙම කුසගින්නෙන් ඉන්නව ඇත්තෙ කියලත් මම ශ‍්‍රීගජන්ට කිව්වා. තමන්ට එය අමතක වුණ බවත් මහජනතාව මට පහර දුන්න සිද්ධිය පොලිස් පැමිණිල්ල සටහන් කරන්න ගිය බවත් ඔහු පිළිතුරු දුන්නා. පසුව කැන්ටින් එකට ගිහිං කෑම කෑවා. ඇවිත් මට සිදුකළ පහරදීම පිළිබඳ පැමිණිල්ල සටහන් කළා. පසුව යාපනය රෝහලට යන්න තුණ්ඩුවකුත් ලබාදුන්නා.

ඒ වෙලාවෙ මගේ මල්ලී සහ සෙසු අය පොලිසියට රැගෙනවිත් තිබුණා. එළියේ මහ සෙනඟක් රැස්ව සිටියා. ඒ වෙලාවෙ එළියට යන එක තර්ජනයක් කියල මාව එළියට එක්කං ගියේ නැහැ. රාත‍්‍රියේ මාව රෝහලට යන්න කියල යැව්වා. ඒ වෙනකොට මගේ ඡායාරූප මුහුණුපොතේ ප‍්‍රචාරය වී තිබීම නිසා යාපනය රෝහලට යාම තර්ජනයක් වී තිබුණා. ඒ ගැන සිතා කොළඹට පැමිණියා.

19 වැනිදා උදෑසන කොළඹ සිටි අතරවාරයේදී වැල්ලවත්ත පොලිසිය ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. ඔවුන් මුලින්ම කයිට්ස් පොලිසිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන මම විද්‍යා ඝාතනයට සම්බන්ධ අයෙක් දැයි විමසුවා. කයිට්ස් පොලිසිය නැහැ යනුවෙන් පිළිතුරු දුන්නා. මේ නිසා මගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන මධ්‍යහ්නයේ ආපසු යැවීමට වැල්ලවත්ත පොලිසිය සූදානමින් සිටියදී කොඩිකාමම් පොලිසිය දැනුම් දුන්නා මම ඔවුනට අවශ්‍ය සැකකරුවෙකු වන හෙයින් මුදානොහරින්න කියල. මේ නිසා වැල්ලවත්ත පොලිසිය බාරයේ මාව රඳවාගෙන හිටියා. 19 වැනිදාම වැල්ලවත්ත පොලිසිය මාව කොඩිකාමම් පොලිසිය වෙත මාව බාරකළා. ඔවුන් නැවතත් මාව යාපනයට රැගෙන ආවා.

ඒ යන අතරවාරයේ අනුරාධපුර තියෙන මගේ නිවසට ගිහිං තේ බීලත් ගියා. ඒ යන ගමනේ එක කඳවුරක් පිහිටි ස්ථානයක් පසුපසට මාව රැගෙන ගියා. එම ස්ථානයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය සිටියා. එතන හිටපු කෙනෙක් ෆොටෝ එකක් අරගත්තා. මොවුන් ඔහු එක්ක සිංහලෙන් මොකද්ද දෙයක් කතා කළා. දෙමළ භාෂාව දන්න කෙනෙක් කිව්වා මාර්ගයෙන් තමුන්ව ගෙන යන්න බැහැ කලබල නිසා අනාරක්ෂිතයි. මාව ලොරියෙන් රැගෙන යන්න උත්සහා කළා. නමුත් එයත් අනාරක්ෂිත යැයි කල්පනා වීම නිසා මාව එම ස්ථානයේම රඳවාගෙන මධ්‍යම රාත‍්‍රියේ කොඩිකාමම් පොලිසිය වෙත රැගෙන ගියා.

පසුව කොඩිකාමම් පොලිසිය 20 වැනිදා මාව කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. ඉංග‍්‍රීසි චිත‍්‍රපටිවල වගේ වාහන පෝලිමකිනුයි මාව උසාවියට අරන් ගියේ. ඒ වගේ ආරක්ෂාවක් මම මගේ ජීවිත කාලයටම දැකල නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - තමන්ව ඒ අවස්ථාවේදී අධිකරණය වෙත රැගෙන ගියේ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාද ?

පිළිතුර - ඔහු කවුරුන්ද කියල මම දන්නෙ නැහැ. වාහන පෝලිමකිනුයි මාව අරන් ගියේ.

මේ නඩුවට  මගේ  කිසිම සම්බන්ධයක් නැහැ. මම ස්විස් රටෙයි පදිංචිව සිටින්නෙ. මට ඒ රටේ පුරවැසිභාවය ලැබුණෙ නැහැ. පස්වසරකට වැඩි කාලයක් ඒ රටේ සිටියහොත් පමණයි වීසා ලබාදෙන්නෙත්. ඒ වීසාව මත එරට රැඳී සිටිමිනුයි රැකියාව කරන්නෙ. මම ඒ රටේ අරක්කැමියෙකුව සිටින නිසා මාසයේ අන්තිමට ලක්ෂ අටක වැටුපක් ලබනවා. එය ලංකාවෙ මුදලින් රුපියල් ලක්ෂ 10ක් පමණ. ඉන් ලක්ෂ හයක් විතර මට මාසිකව වියදම් වෙනවා. වසරකට සැරයක් ලංකාවට ඇවිත් ඉන්නකොට ලක්ෂ 20ක් පමණ වැය වෙනවා’’ යැයි ස්විස් කුමාර් පැවසීය.

හත්වැනි විත්තිකරු වූ පලනි රූපසිංහම් කුගනාදන් සාක්කි ලබාදෙමින් මෙසේද සඳහන් කළේය.

‘‘මම කොළඹ මෝදර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අපරාධය සැලසුම් කිරීම, අපරාධයට ආධාර අනුබල සැපයීමේ චෝදනාව මත තමන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. ඒ සියලූ චෝදනා මා ප‍්‍රතික්ෂේප කරනවා. මේ නඩුවේ මට එරෙහි කිසිදු නඩු භාණ්ඩයක් ඉදිරිපත් වී නැහැ. සාක්කිත් නැහැ. මේ අපරාධය සිදුවූ දින (2015) මම හිටියෙ කොළඹ. ඒ ගැන කොළඹ පිහිටි හෝටලයක සහ නවාතැන්හලක හිමිකරුවන් දෙදෙනෙකු සාක්කි ලබාදී තිබෙනවා.

මම කොළඹ නගරයේ වෙළඳසලකයි සේවය කළේ. ඝාතනයට ලක්වූ සිසුවියගේ අයියා වන කාන්තීපන් කොළඹ ත‍්‍රිරෝද රථ රියැදුරෙක්. ඔහු මගෙත් මිතුරෙක්. ඔහු සමගින් තිබුණු මිතුදම නිසාම මා ඔහුගේ නැගණියගේ අවමංගල්‍යට සහභාගී වුණේ. අවසන් කටයුතු සඳහා සහභාගී වෙන්න 15 වැනිදා මම පුංකුඩිතීව් ආවා. මම මේ ඝාතනය වූ සිසුවිය දැකලවත් නැහැ. ඇය සියැසින් දැකලවත් නැහැ. පුංකුඩිතීව්වල පිහිටි අපේ කෝවිලේ උත්සවය 17 වැනිදා පවතින නිසා මම මගේ අම්මවත් එහේ එක්කං ගියා.

2015.05.17 වැනිදා පුලිංයංකුලම් පිල්ලයාර් කෝවිලේ උත්සවයට සහභාගී වී නැවත එන අතරවාරයේදී මා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. කයිට්ස් පොලිසිය පුරික්කට්ටුවාන් මුරපොළ වෙත රැගෙනවිත් මුරපොළ පිටුපස ඇති ගහක මගේ අතපය බැඳ පහරදී වදහිංසාවන් සිදුකළා. මට ප‍්‍රශ්න 18ක් ඉදිරිපත් කළ කයිට්ස් පොලිසියේ නිලධාරීන් එම චෝදනා පිළිගන්නා ලෙසට බලපෑම් සිදුකළා. නැවතත් මට පහරදී වදහිංසාවන්ට ලක්කරා. දන්නා එකම උත්තරය නැවතත් කීවා.

පසුව යාපනය මූලස්ථාන පොලිසිය වෙත අපව රැගෙන ගියා. 18 වැනිදා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අපව ඉදිරිපත් කළා. පසුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. මහේස්ත‍්‍රාත්වරයා විසින් අපව රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසට නියෝග කළා.

මට මත්පැන් පානය කරල පුරුදුයි. ඒත් අයියල එක්ක ඉඳන් බොන්නෙ නැහැ. මහාලිංගම් ශෂිදරන් සහ මහාලිංගම් ශෂිකුමාර් කියන්නෙ මගේ බාප්පගේ පුතුන්. මගේ අයිය කෙනෙක් වන මහාලිංගම් ශෂිදරන් (ස්විස්කුමාර්) ස්විස්ටර්ලන්තයෙයි සිටින්නෙ. ඔහු 2012 වසරේදී සිට වසරක් පාසාම ලංකාවට පැමිණෙනවා. අපේ ගමේ තියෙන කන්නනි අම්මාන් දේවාලයේ උත්සවයට සහාභාගී වීම සඳහාම ඔහු 2015දී ලංකාවට පැමිණියේ.

ඒ එනකොට කිසිම සැලසුමක් මත ආවෙ නැහැ. විද්‍යා සිසුවිය පැහැරගැනීමට ලක්කර අපයෝජනය කර මරා දැමීමේ කිසිදු උවමනාවක් මට තිබුණේ නැහැ. ඒ මා වෙනුවෙන් නගා ඇති අසත්‍ය චෝදනාවන්. පුංකුඩිතීව්හි විද්‍යා සිසුවිය ඝාතනයට ලක්වීමට පෙර දිනයේ මා වෑන් රථයක සිටිමින් විද්‍යා දෙස බලා සිටිය කියල පුවනේස්වරන් කියල කෙනෙක් සාක්කි දුන්නා. පුංකුඩිතීව්හි ඒ අපරාධය සිදුවීමට පෙර දිනයේ (12) මම හිටියේ කොළඹයි. 12 13 දිනවල කොහෙද ගියේ මොනවද කළේ කියල හැම දෙයක්ම මම කටඋත්තරයෙන් සඳහන් කර තිබෙනවා’’ යැයි කීවේය.

නි. සොලිසිටර් ජනරාල්  - 8 වැනිදා සිට 13 වැනිදා දක්වා මොනවද කළේ කියලා කටඋත්තරයෙන් සඳහන් කළාද?

පිළිතුර - ඔව්.

නි. සොලිසිටර් ජනරාල් - ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ලබාදී ඇති ප‍්‍රකාශයට අනුව 13 වැනිදා මොනවද කළේ කියල සියලූ විස්තර තියෙනවා. අපරාධය සිදුවූ 13 වැනිදා දිනය ගැන පමණක් පදනම් කරගෙන පිළිතුරු ලබා දී තිබෙන්නෙ ඇයි?

පිළිතුර - මම 8 වැනිදා ඉඳල 13 වැනිදා තෙක් සිදුවූ හැමදෙයක් ගැනම සවිස්තරාත්මකව පවසා තිබෙනවා. ඒවා කටඋත්තරයට ඇතුළත් කරල නැහැ. ඒ ඇයිද කියල මම දන්නෙ නැහැ යැයි හත්වැනි විත්තිකරු වන පලනි රූපසිංහම් කුහනාදන්ගේ සාක්කි ලබාදුන්නේය.

නඩුවේ අටවැනි විත්තිකරු වන ජෙයතරන් කෝකිලන් සාක්කි දෙමින් මෙසේ සඳහන් කළේය.

‘මම කොළඹයි පදිංචිව සිටින්නේ. පරිගණක හා අන්තර්ජාල ආශ‍්‍රිත රැකියාවකයි නිරතව සිටින්නෙ. ඝාතනයට ලක්වූ සිසුවියගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට මම පුංකුඩිතීව් ගියේ. ඒ 2015 මැයි 15 වැනිදා.17 වනදා පුලියංකූඩල් කෝවිලේ උත්සවයට සහභාගී වී වේට්ටිය පිටින් වාහනයේ ඉන්න කොටයි සිවිල් ඇඳුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් මාව අත්අඩංගුවට ගත්තෙ. මා සමඟ චන්ද්‍රහාසන්, ශෂිදරන්, කුගනාදන් අත්අඩංගුවට පත්වුණා.

අපිව අත්අඩංගුවට අරන් දවල් 2.30ට විතර පුරික්කට්ටුවාන් පොලිස් මුරපොළ වෙත රැගෙන ගියා. එහිදී මාව පුටුවක වාඩි කරවල චන්ද්‍රහාසන්වයි දුෂාන්ත්වයි ගෝපි කියන පොලිස් කොස්තාපල්වරයා සහ ඉරාන් නමැති උප පොලිස් පරීක්ෂකවරයා කැලයට එක්කං ගියා. විනාඩි 45කට පමණ පසු තවත් පොලිස් නිලධාරියකු ඇවිත් මාවත් කැලයට එක්කං ගියා. එහේදී මට පහරදී වදහිංසා පැමිණෙව්වා. නැවත පොලිස් මුරපොළ වෙත ගෙනවිත් මාව වීඩියෝ කළා. එහිදී මගේ මුහුණෙන් ලේ ගලන තෙක්ම මට වදහිංසා කළා.

සිදුවුණ වදහිංසා සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේදී කියන්න මට බැරිවුණා. ඒ සඳහා අවස්ථාවක් ලැබුණෙ නැහැ. මා වෙනුවෙන් නීතීඥයින් ඉදිරිපත් නොවීම ඊට හේතු වුණා. 12 වැනිදා මාව පුංකුඩිතීව්වලදී දැක්ක කියල ඉලංකේස්වරන් නමැත්තා ලබාදුන් සාක්කිය අසත්‍යක්. සිසුවිය පැහැරගොස් අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම 12 වැනිදා කොළඹයි හිටියෙ. එදා කොළඹ නෙට් කැෆෙ එකකට ගිහිං මගේ ඊ මේල් එක (විද්‍යුත් ලිපිනය) බැලූවා.

කයිට්ස් පොලිසිය මා සම්බන්ධයෙන් නගා ඇති චෝදනාව සිසුවිය පැහැරගොස් අපයෝජනය කර මරා දැමීම. මම එම අපරාධය සිදුකළේ නැහැ. එම අපරාධයට අනුබලදීම සහ සහායවීම අනික් චෝදනාව. මා සම්බන්ධයෙන් ඇති සියලූචෝදනා මා මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනවා’’ යැයි ඔහු කීවේය.

පස්වැනි විත්තිකරු වන තිල්ලේනාදන් චන්ද්‍රහාසන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සිටි සී. කුගරූපන් නමැත්තාගේ සාක්කි ලබා නොදෙන බවට එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ආරුමුගම් රගුපති මහතා අධිකරණය වෙත දන්වා සිටියේය. එමෙන්ම වවුනියාව බන්ධනාගාරයේ රැඳවියෙකු වූ එස්. දයාබරන් නමැත්තාද නව වැනි විත්තිකරු වන ස්විස්කුමාර් වෙනුවෙන් එක් කරගත්තද එම සාක්කියද ඉවත් කරගන්නා බව  විත්තියේ නීතීඥ සින්නරාසා කේදීෂ්වරන් මහතා දැනුම් දුන්නේය.

පස්වැනි විත්තිකරු වෙනුවෙන් සාක්කියට කැඳවා සිටි යාපනය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. මයුරන් මහතා විත්තියේ නීතීඥ ආරුමුගම් රගුපති මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ සදහන් කළේය.

ප‍්‍රශ්නය - ඔබ පස්වැනි විත්තකරු පරීක්ෂා කළා?

පිළිතුර - ඔව්.

ප‍්‍රශ්නය - ඔහුගෙන් කිසියම් දෙයක් විමසුවාද ?

පිළිතුර - ඔව්. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු පරීක්ෂා කරනවිටදී වෛද්‍යවරයෙකු මොනවාද අහන්නෙ. මොනව ගැනද කතා කරන්නේ අන්න ඒ වගේම කතා කළා. විශේෂ යමක් ඔහුගෙන් විමසුවේ නැහැ

අනතුරුව ස්විස්කුමාර්ගේ බිරිය මහාලක්ෂ්මී සාක්කි දෙමින්. ශෂිකුමාර් කියන්නෙ මගෙ සැමිය. ඔහු 2015 මැයි 8 වැනිදා ඉඳන් 14 වැනිදා වෙනකල් මාත් සමගින් කොළඹයි නැවතිල හිටියේ යැයි සඳහන් කළාය.

හත්වැනි විත්තිකරු වන පලනි රූපසිංහම් කුගනාදන්ගෙන් ලබාගත් කටඋත්තරය සම්පූර්ණයෙන් ලබාගෙන නැති බව අධිකරණයේදී කියවුණා. ඒ සම්බන්ධයෙන් ඝාතනයේ පරීක්ෂණ මෙහෙවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා සාක්කි කූඩුවට කැඳවා ප‍්‍රශ්න කළ යුතු යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතා ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කරුණු දක්වමින් ඉල්ලීමක් කළේය. විනිසුරු මඩුල්ල ඊට අවසරය ලබාදුන්නේය.

මේ අනුව නඩුවේ 42 වැනි සාක්කිකරු වූ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා සාක්කි කූඩුවට නැග සාක්කි දෙමින් මෙසේ කීවේය.

හත් වැනි විත්තිකරු වන පලනි රූපසිංහම්ගේ කටඋත්තරය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් කොස්තාපල් කන්නංගර විසින් ලබාගෙන තිබෙනවා. එම කටඋත්තරයෙන් හත්වැනි විත්තිකරු 13 වැනිදා උදේ ඉඳන් රාත‍්‍රිය වෙනකල්ම කුමක්ද කළේ කියලා සඳහන්වී තියෙනවා. 12 වැනිදා කොළඹ පිටකොටුව ප‍්‍රදේශයේ ප‍්‍රියන් නමැත්තාගේ ජංගම දුරකතනය උකස් කරල රුපියල් 15000ක් ලබාගත්තා කියල ඔහු කටඋත්තරයෙන් සඳහන් කළා.

මේ අනුව විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්කි විමසීම අවසන් කෙරුණු අතර දෙපාර්ශවයේම වාචික හා ලිඛිත දේශන ලබන 12 සහ 13 වැනිදා සිදු කිරීමට අධිකරණය නියෝග කළේය.



අදහස් (1)

විජයකලා ඇමැතිනිය මා බේරා ගත්තා - ස්විස්කුමාර්

de silva berlin Saturday, 09 September 2017 09:29 PM

මේවා කියන්න කොන්ඩේ බැදපු චීන්නුන්ට විජයකලා මෙතනට අවේ අහම්බෙන් නොවේ , යුරෝපේ ඉඳන් ඩයස්පෝරාව කල අණ කිරීම මත , පොලිසියට ස්විස් කුමාර් අත්අඩංගුවට ගන්න එපා කියල අණ දීල තිබෙන්නේ විජයක්ලා , අන්තිමට ගජන් මල්ලිත් ගස් ලලිත්අයියත් ගස් විජයකලා දේශපාලන බලය මත නිදහස් , ඉතින් යාපනේ මිනිස්සු කලබල වෙන එක පුදුමයට කරුණක් නොවේ ,

:       0       35

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 142 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site