IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


විජයදාස වෘතාන්තය

”විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුය. නැතහොත් අස්කළ යුතුය. කැබිනෙට්ටුවෙන් පන්නා දැමිය යුතුය. ලැජ්ජාවක් තියනවානම් ඉල්ලා අස්විය යුතුය. පසුගිය ආණ්ඩු සමයට අදාළ නඩු විභාග පරක්කු වෙන්නේ ඔහු නිසාය. කෘත්‍යාධිකාරී මණ්ඩලයම ඔහුට විරුද්ධය. ඔහු දන්නා නීතියක් නැත. නඩු ඉක්මන් කරන්නට ඔහු මැදිහත් වෙන්නේ නැත. ඔහු හිතාමතාම පසුගිය ආණ්ඩුවේ හොරුන්ට එරෙහි නඩු කටයුතු පමා කරනවා. විජයදාස අයින් වුණොත් 2025 දක්වා ආණ්ඩු කරනවා”. පසු ගිය දිනවල ආණ්ඩුවේ එජාප මැති ඇමතීන් තරගයට මෙන් වර නැඟූ පාඨ කීපයකි ඒ.

එහෙත් ඒ සියල්ල යටගසමින් නෙරපා දැමීමට ආසන්න දින කීපයේ දී විජයදාස රාජපක්ෂට එරෙහි මෙහෙයුමේ ප‍්‍රධාන සටන් පාඨය බවට පත්කර තිබුණේ ඔහු ‘‘කැබිනට් සාමූහික වගකීම කඩකර ඇත’’ යන චෝදනාවය. ඒ, ඊට පෙර පෙරමුණේම තිබූ ‘‘පසුගිය ආණ්ඩුවේ නඩු පමා කරන නිසා ඔහු ඉල්ලා අස්විය යුතුයි’’ යන සටන් පාඨය තරමකින් සඟවා තබමිනි. එහෙත් මේ වනවිට ඔහු ඉල්ලා අස්විය යුතුය නැතහොත් නෙරපා දැමිය යුතුය යන තෙරපුම පිටුපස ඒ හේතුවටත් වඩා තවත් බොහෝ හේතු තිබූ බව වෙනත් අය විසින් කල් ඇතුවත් නෙරපා දැමූ පසු විජයදාස විසිනුත් හෙළිදරවු කර අවසානය. දැන් විජයදාස මන්ත‍්‍රීවරයකු පමණි. ඒ කොයි හැටි වෙතත් මෙම ලිපිය හරහා මා උත්සාහ කරන්නේ ‘‘විජයදාස-රාජපක්ෂ මෙහෙයුම’’ නිමිති කොටගෙන මෙරට දේශපාලනයේ නග්න බල අරගලය පිළිබඳ සටහනක් තැබීමට ය.

කලක් මගේ සමීප මිතුරකුව සිටි රාජිත දිසානායකගේ රාජ්‍ය සම්මාන දිනාගත් වේදිකා නාට්‍යයකවත් දකින්නට නැති මට්ටමේ නාට්‍යමය ගති ලක්ෂණ මේ ආණ්ඩුවේ දේශපාලන වේදිකාව තුළ මතුවෙන්නේ පේ‍්‍රක්ෂක ජන සමාජය ඒ පැත්තට හැරීමේ පැත්තට හැරෙන සුනංගුවට ය. කලෙක එකිනෙකා බදා වැළඳගත් මැති ඇමැතීන් මුරුගසන් වර්ෂාවට තෙමුණු වුන්සේ තම පිලේම ඒ එකිනෙකාට එරෙහිව අවි අමෝරා සටනට වැද එකෙකුගේ ගෙලකපා ඒ ලෙයින් තම අනාගත පැවැත්මේ ආයුෂ දික්කර ගැනීමට වෙර දරණ අයුරු විස්මය ජනකය. මේ ආකාර බිහිසුණු සහ විකාර රූපී දේශපාලන නාටකවලින් කියැවෙන්නේ, එජාප ධනේශ්වර දේශපාලනයේ කාසාවකණ්ඨක මොහොත එළඹ ඇති බවද? නැතහොත් පිරිහීමේ කෙළවරටම පැමිණ ඇති බවද? එසේත් නැත්නම් ලංකාවට තේරෙන්නේ නැති ධනේශ්වර  පාර්ලිමේන්තු ආයිත්තමේ  සකලාකාර අලංකාරික බඩජහරි දේශපාලනය විසින් උලා කා අවසාන බවද?

විජයදාසට එරෙහි අය, ඔවුන්ම කියන දේවල්වලින් පෙනෙන ආකාරයට උග‍්‍ර පාර්ලිමේන්තුවාදීහුය. එසේම ඔවුහු පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂ දැඩි මතධාරියෝ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්මවාදියෝ ය. එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුක‍්‍රමය ආකෘතිමය වශයෙන් කෙසේ වුවත් මතවාදීමය වශයෙන් මෙරට භාවිතවනු දැකීමට කැමැති සහ ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන ප‍්‍රජාතාන්ත‍්‍රවාදියෝ ය. මන්ද  මේ මැති ඇමැතීන් කියන ආකාරයට ඔවුන් විජයදාසට එරෙහි වීමට ප‍්‍රධාන හේතුව ‘‘කැබිනට් සාමූහික වගකීම’’ කඩ කරමින් හම්බන්තොට වරාය ගනුදෙනුව විවේචනය කිරීම සහ ප‍්‍රසිද්ධියේ ඊට විරෝධය  පළකිරීම ය.

මේ ආකාරයේ ‘‘කැබිනට් සාමූහික වගකීම’’ ඔය වරායම සහ තවත් දෑ සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේම ඇමැතීන් කීප දෙනෙකුම කඩා ඇතිමුත් ඔවුන්ට එරෙහිව මේ ආකාරයෙන් මහා විරෝධයක් මතු නොවුණේ ඇයි? මහා කලබලයක් ඇති නොවුණේ ඇයි? එහෙම නොකර විජයදාසට එලව එලවා පහර දීමට හේතුව කුමක්ද? ඊට  හේතු කීපයක්ම ඇති බව විජයදාස සහ විපක්ෂයේ මන්ත‍්‍රීන් මේ වනවිට මාධ්‍යය හරහා රට හමුවේ තබා ඇත. ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතරම මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ විෂය ක්ෂේත‍්‍රයට අදාළව  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකු වන බෙන් එමර්සන් මෙරටට එරෙහිව කරුණු දක්වන විට ඊට විරුද්ධව ප‍්‍රබල කරුණු දැක්වීමක් විජයදාස විසින් සිදු කර තිබීම ඉන් එක හේතුවකි. ඒ අනුව විජයදාස ඉවත් කිරීම යනු විදේශීය බලවතුන් සතුටු කිරීමට කළ වැඩකි. මේ ආණ්ඩුව හැදීමේ සිට මේ දක්වා වූ විදේශ මෙහෙයවීම් ගැන සිතන විට එහි ඇත්තක් ද තිබේ.

රාජපක්ෂලාට සහ පසුගිය ආණ්ඩුවේ සිටි, මේ ආණ්ඩුවේ පැවැත්මට උපකාර නොකරන සහ ඊට එරෙහිව කටයුතු කරන  පිරිසට එරෙහිව ඉදිරිපත්කොට ඇති පැමිණිලිි ඉක්මනින් විභාගකොට දඬුවම් ලබාදීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය මෙහෙයවන්නේ නැතැයි යනුවෙන් වූ විජයදාසට එරෙහිව එජාප මැති ඇමැතීන් නඟන චෝදනාව තවත් හේතුවකි. රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම හරහා ආණ්ඩුවට ඇතිවූ අපකීර්තිය මකා දමා ගැනීමට නම් විපක්ෂයේ කීප දෙනකුම මහා දඬුවමකට යටත් කළ යුතුම යැයි ඔවුන් සිතන සෙයකි. විජයදාසම කියන ආකාරයට පසුගිය ආණ්ඩුවට එජාපය චෝදනා කළේ රටේ නීතියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරනවා කියා ය. එහෙත් විජයදාසට එරෙහි චෝදනාව වනාහී රටේ නීතියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට  බලපෑම් නොකරනවාය යන්නය. යහපාලනයක ප‍්‍රධාන කුලූනු හතරෙන් එකක් වන්නේ නීතියේ ආධිපත්‍යය ය. අනිත් තුන වන්නේ සහභාගිත්වය, සාධාරණත්වය සහ විනිවිදභාවයයි. නීතියට ඉහළින් සිටින ඇමැතිවරුන්, අගමැතිවරුන් හෝ ජනාධිපතිවරුන් යහපාලනයක සිටිය නොහැක. සියල්ලෝම නීතියේ නායකත්වයට ගරුකොට අවනත විය යුතුය. එවැනි ගෞරවයක් සහ අවනතභාවයක් ලැබීමට නම් නීතිය සහ අධිකරණය හැම විටම ස්වාධීන විය යුතුමය. අනිසි මැදිහත්වීම්වලින් තොර විය යුතුමය. එය එසේ නම් විජයදාසට කරන චෝදනාව සාධාරණ ද?

අනෙක් හේතුව සමාජගතවී තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළවය. විජයදාස කියන ආකාරයට නම් පණ්ඩුකාභය රජුගේ කාලයේ සිට මේ දක්වා කාලය තුළ සිදුවූ ලොකුම කොල්ලයට අදාළ මහ මොළකාරයන් හෙළිදරවුවීම වැළැක්වීම සඳහා වූ අධිකරණ ඇතුළු අනෙකුත් ක‍්‍රියා මාර්ග සඳහා ඔහු ඉවත් කිරීමට බැඳුම්කර ආධාර ලැබූ ‘‘පුට්නෝට් කල්ලිය’’ ඇතුළු එජාප ප‍්‍රබලයන්ට අවශ්‍ය වී ඇත. එනම් ඒ හෙළිදරවු වීම්වලින් පසු ගතයුතු අධිකරණ ක‍්‍රියාමාර්ග, ජාවාරම්කාරයන්ට ගැලවීමට උපකාරීවන අයුරින් ගැනීමට  නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය මෙහෙයවීම සඳහා තමා  බාධාවක් නිසා ඔහු ඉවත් කිරීමට කටයුතු කළ බව විජයදාසගේ අදහසය. බැඳුම්කර සිද්ධියට අදාළව හෙළිවන කරුණු අනුව ඔහුගේ මතය ප‍්‍රතික්ෂේප කළ නොහැක්කකි.

ඒ සියල්ලටම වඩා හම්බන්තොට වරාය චීනයට විකිණීම සහ මත්තල ඉන්දියාවට විකිණීමට යෑම පිළිබඳව අදහස් ආණ්ඩුව කලබල වීමට ප‍්‍රධාන හේතුවක් විය. රාජ්‍ය දේපළ විදේශීය රටවලට විකිණීම පිටුපස  ඇති ආර්ථික හේතුවලට වඩා දේශපාලන සහ ආරක්ෂක හේතු දන්නා බොහෝ ජනයා ඊට විරුද්ධව නැඟූ හඬට විජයදාසගේ විරෝධාකල්පය විසින් ගෙන ආවේ දැවැන්ත ශක්තියකි. එමෙන්ම එසේ විකුණා ලැබෙන මුදලින්ම ආණ්ඩුකිරීම සහ යම් යම් ආර්ථික සහන ජනයාට ලබාදීම මගින් ආණ්ඩුව පරිස්සම් කරගැනීමට උත්සාහ කරන පාලකයන්ට විජයදාසගේ විරෝධතා හඬ හෙණ හඬක් වුවාට සැක නැත. ආනන්තරිය පාපයක් කළාසේ ‘‘මෙන්න කැබිනට් සාමූහික වගකීම කඩකළා’’ යන දෝෂාරෝපණය එල්ල වෙන්නේ ඒ නිසාය. මේ අනුව සහචර දේශපාලනයේ සහ දේශපාලකයන්ගේ අවසාන නවාතැන්පොළ ‘‘කැබිනට් සාමූහික වගකීම’’ය යනුවෙන් කෙනෙකු කීවාට එහි වරදක් නැත.

එහෙත් විජයදාස පෙන්වා දී ඇති ආකාරයට හම්බන්තොට වරාය චීනයට විකිණීමෙදී කැබිනට්ටුව සාමූහිකව රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇත. පාර්ලිමේන්තුව අවතක්සේරුකොට ඇත. එවැන්නක් සඳහා ගතයුතු, නොපැමිණි  මන්ත‍්‍රීන්ද සහිත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගෙන නැත. එය එසේ නම් සාමූහිකව රටේ ‘‘උත්තරීතර’’ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ රටේ ‘‘උත්තරීතර’’ පාර්ලිමේන්තුව නොතකා හැරි අයට විජයදාස කැබිනට් සාමූහික වගකීම කඩ කළා යනුවෙන්  පරිභවකොට ඔහු පන්නා දැමීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක් ද?              

ඒ සියල්ල කෙසේ වෙතත් විජයදාස නෙරපීමේ ඇත්ත හේතුව වසන් කිරීම සඳහා යොදාගත් ‘‘කැබිනට් සාමූහික වගකීම කඩ කිරීම’’ යන්න මෙරට අති මහත් බහුතරයකට නොතේරෙන නිසා ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍යය යැයි සිතමි. ‘‘කැබිනට් සාමූහික වගකීම’’ යන්න ‘‘සාමූහික අමාත්‍ය වගකීම’’ යනුවෙන්ද භාවිතා කෙරෙන්නකි. එය වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමය අනුගමනය කරන ආණ්ඩුවල ව්‍යවස්ථාමය සම්ප‍්‍රදායකි. යම් ඇමැතිවරයකු යම්කිසි ආණ්ඩු තීරණයක් සම්බන්ධයෙන් කැබිනට්ටුව තුළ දී විරුද්ධ වුවද ඒ තීරණය වැඩි දෙනෙකුගෙන් අනුමත වුවහොත් ඒ විරුද්ධ වූ කෙනා පවා ප‍්‍රසිද්ධියේ ඊට සහයෝගය පළ කළ යුතුය. පාර්ලිමේන්තුවේ දී ඊට සහය පළ කරමින් ඡන්දය දිය යුතුය. යම්කිසි කැබිනට් ඇමැතිවරයකු විවෘතව කැබිනට් තීරණයකට විරුද්ධ වුවහොත් තම කැබිනට් සාමාජික ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. කැබිනට් සාමූහික වගකීම යන්න ‘‘කැබිනට් රහස්‍යභාවය’’ සහ ‘‘කැබිනට් සමගිය’’ මත පදනම් වුවකි.

එහෙත් ගැටලූව වන්නේ ජනවාරියේ සිට පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය සහ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම එක දිගටම උල්ලංඝනය කළ ආණ්ඩුවක් මේ හිටි හැටියේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් කරා වේගයෙන් ගමන් කළ හේතුව කුමක්ද යන්නය.  ඒ තත්ත්වය හදිසියේ මතුවූවක් යැයි පෙනෙන්නේ මේ අය මීට පෙර මේ ආකාරයෙන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මෙවැනි කැපකිරීමක් නොකළ බවට උදාහරණ මාලාවක් පෙළ ගැස්සවිය හැකි නිසා ය. ඒ හදිස්සිය වනාහී  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් තම සහචර දේශපාලනය සඳහා අශීලාචාර ලෙස පාවිච්චි කිරීමේ හපන්කම සහ වුවමනාව ය. නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක කැබිනට් සාමූහික වගකීම යනු ජනසමාජයට වින කිරීම හෝ පොදු දේපළ සහ සම්පත් කොල්ල කෑම හෝ හොරකම් කිරීම ආවරණය කරන සුදු පිරුවටයක් නම් නොවේ. කළ යුත්තේ කුමක්ද?

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට අවසාන තීන්දුව ගැනීමට සිදුවුණේ ‘‘යහපාලනය ඉවරයි. දැන්  ඕනි මෛත‍්‍රී පාලනයක්’’ යැයි කියූ විජයදාස රාජපක්ෂට එරෙහිව ය. ඔරිජිනල් ශ‍්‍රීලනිපකාරයකුට සමානවන අයුරින් රටේ සම්පත් සහ දේපළ වෙනුවෙන් හඬක් නැගූ විජයදාස ගේ ඉරණම විසඳීම පිළිබඳ අවසාන තීරණය ජනාධිපතිවරයා වෙතම පැවරීම එක අතකට ඇහැලේපොළ කුමාරිහාමිට තම දරුවන් වංගෙඩියේ දමා කෙටීමට සැලැස්සූ ආකාරයේ දඬුවමක් ද?



අදහස් (14)

විජයදාස වෘතාන්තය

sudes Friday, 25 August 2017 05:45 AM

ලියුමක් කිවන්න ගන්නකොට යටින් රතු පාටට එයාටෙල්. ඇඩ් එකක් යනවා එකට ඔලුව කැක්කුම හැදෙනේව අවදානය යන්නේ එහාට මෙහාට යන එයාටෙල් ඇද්ද එකට.

:       1       375

raveendraSaturday, 26 August 2017 06:37 AM

සුදෙස් මයා වෙත, ඔබගේ නිරීක්ෂණය ඉතා නිවැරදිය. මෙම වෙළඳ දැන්වීම කියවීමට නිරතුරුවම බාධා ඇති කරන්නකි.

:       0       197

kumara Friday, 25 August 2017 06:12 AM

වවුලාගේ ගෙදර එල්ලී සිටිය යුතුය. නැතිනම් එළියට යා යුතුය. රට හදන්න අදාල තැනට යන්න විජේදාස මහතා අනුගමනය කරන්නේ දෙබිඩි චරිතයකි.

:       935       424

Duminda Friday, 25 August 2017 06:17 AM

අනේ මන්දා මෙයාලත් මොනවා ලියනවද කියලා? එ්ත් ඉතින් එජාප යේ අය හා එස්.එල්.එෆ්.පී එකේ උන් කියා වෙනසක් නැහැ දෙගොල්ලම ධනේශ්වර දේශපාලනයේ නියැලෙනවා. පට්ට හොරු. නිකන් එජාපය වත් එස්එල්එෆ්පී එකවත් සුද්ධ කරන්න දෙයක් නැහැ. එ්ක ඕනෑවටත් වැඩිය එස්එල්එෆ්පී එක හදපු බණ්ඩාරනායක මහත්තයාගේ දුව චන්ද්‍රිකාත්, දකුණේ මහින්ද රාජපක්ෂ ඇතුළු නෑදෑ පරම්පරාවත් කළා. දැන් දිය යටින් මෛත්‍රී ලොක්කත් කරනවා. එජාපයේ රවී කෙරුවෙත් එ්කම තමා. නැත්තන් එකම පුද්ගලයා එ් පැත්තෙන් මේ පැත්තට ලෙහෙසියෙන් මාරු වෙලා හොඳින් වැඩ කරගෙන යන්නේ කොහොමද?

:       13       7

sam Friday, 25 August 2017 08:41 AM

විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවී තමන්ව ඇමතිධුර වලින් ඉවත් කිරීමට සිදුවෙන තැනටම කටයුතු යෙදුවේ ඇයි? එතුමා වුවමනාවෙන්ම මේ තත්වය ඇතිකළා කියන එක මැදහත්ව මේ සිද්ධිය දිහා බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා. නමුත් පාට කණ්ණාඩි තුළින් බලන උදවියට මේ සිද්ධිය නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්... එම විග්‍රහයන් පිළිගන්නා කොට්ඨාශයකුත් හැමදාමට ඉන්නවා. හඳෙන් හාල් ගෙනත් දෙන්න පොරොන්දු වෙච්ච උදවියටත් ඡන්දේ දීපු ජනතාවක් හිටපු අපේ රටේ මිනිසුන්ගේ දැනුම ගැන කණගාටු වෙනවා හැර වෙනත් කළහැකි දෙයක් තිබේද?

:       89       31

Sena Friday, 25 August 2017 09:31 AM

මේක හොඳ විග්‍රහයක්..

:       17       158

රවින්ද්‍ර Friday, 25 August 2017 10:07 AM

විජේදාස මහතාගේ හෙංචයියෙක්ද දන්නෑ මේක දාලා තියෙන්නේ.. මෙයා දන්න දේශපාලනයක් නැහැ.

:       293       47

මම1Friday, 25 August 2017 05:12 PM

එහෙම දන්නෙ නැතුව එක එක් කෙනාට චෝදනා කරන එක වැරදියි. මේක ලිව්වෙ විජේදාස මහත්මයාමයි. එයාගෙ හිතවතෙක් නෙවෙයි.

:       108       46

raveendra Friday, 25 August 2017 04:03 PM

මෙම ලිපියේ අවසාන පද පේළියේ සඳහන් කරුණ " ඇහැලේපොළ කුමාරිහාමි " නමැති විරෝධාර කාන්තාවට පරිභව කිරීමක් වැන්නකි. අප විශ්වාස කරනවා එය මෙසේ නිවැරදි වුණොත් වඩාත් සුදුසුය යන්න. " ඌරගේ මාළු ඌරගේ පිටේ තබා කැපීම ". එසේ වියයුත්තේ අප රටේ තිබෙන්නේ මඩගොහොරු, අශීලාචාර, අසමජ්ජාති, නිවට දේශපාලනයක් බැවිනි.

:       0       13

de silva Saturday, 26 August 2017 06:44 AM

පසුගිය ආණ්ඩුව හා සම්බන්ධ ආර්ථික හොරු රටේ ආර්ථිකය විනාශ කරනවයි, ඔවුන් අල්ලනවයි. යහපාලනයක් ගෙන එනවයි.. යන්න විජේදාස මහතා සහ දැන් රට කරවන අනිකුත් මහත්වරු පුන පුනා කීව නිසා මිනිස්සු පෝලිමේ ගිහින් ඡන්දය දුන්නා. නමුත් දැන් අවරුදු 2 1 /2 ක් ගතවෙලත් දුන්පොරොන්දු වලින් 5% වත් කරගන්න බැරි වුණාම, අපට සාධාරණ සැකයක් ඇති වෙනවා. විපක්ෂයේ ඉන්න කොට රජතුමා ඇතුළු කණ්ඩායම වැරදි කරනවය... බලයට අාවම නීතිය ක්‍රියාත්මක කරනවය... කියලා කීවට දැන් බලයට අාවම කියනවා කිසිම ලෙසකින් අත්අඩංගුවට ගන්නේ නැතිලු , මොකක්ද මේකේ තේරුම?

:       208       76

Sumanapala Saturday, 26 August 2017 03:45 PM

විජේදාස මහත්තයාගේ ගනුදෙනු සහ තිබෙන වත්කම අදායම් බද්දෙන් පරීක්ෂා කළොත් ඔබලා කියාවි පලි ගැනීමක් කියලා.

:       14       35

ලුම්බිණි Sunday, 27 August 2017 07:44 AM

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් කළා.. වේගයෙන් ගමන් කළත්, නොකළත් විජේදාස සාමූහික අමාත්‍ය වගකීම කඩකළ බව ඇත්තක්. එයාට නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න තිබුණා. රවී කරුණානායක කළා වගේ. මොකද එහෙම නොකළේ? අඩු වශයෙන් මෙයාට වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුගමනය කරන්න තිබුණා නේ. වෙනත් අයට ආදර්ශයක් වෙන්න.

:       14       1

තිලකසිරි Monday, 28 August 2017 12:58 AM

ගුරුවරියක් දණ ගැස්සුවාට සහ රාජ්‍ය සේවකයෙකු ගස් බැන්දාට එරෙහි නොවුනු මන්ත්‍රීවරු ඇත්ත කතා කිරීමට එහෙි වීම සාධාරණයි නේද?

:       0       4

Dhammika Monday, 28 August 2017 08:36 AM

ප්‍රතිචාර දෙන්න කලින් මේ එයාර්ටෙල් දැන්වීම ඉවත් කරන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 142 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site