IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වත්ත-පිටිය අහිමිවූ කොන්තරාත් ව්‍යාපාරිකයෝ

මතුගම ඉත්තෑපානේ උපන් රුවන් කුකුලේවිතාන මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරියෙකි. දෙස් විදෙස්හි ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ආර්.එච්.ගෝල්ඩින්ස් සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් තවත් අයකුවන ඔහු කළයුත්තේ කුමක්ද විශේෂාංගයට සම්බන්ධ කර ගත්තේ ඉදිකිරීම් කර්මාන්තය ගැන කතා කිරීමටය. ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුව සඳහා කළ යුතු හා නොකළ යුතු දේවල් ගැන රුවන් මෙසේ කියයි.

ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට හොඳම කාලය එළඹුණේ සුනාමියෙන් පසුවය. නැවත යුද්ධය නිමවීමෙන් පසු එළඹුණු කාලය ද ඉදිකිරීම් කර්මාන්තයට හොඳම කාලයකි. ඉදිකිරීම් කර්මාන්තයට වැරැදුණේ 2015 බලයට පත් නව රජය ඊට පෙර පැවැති රජයේ වංචා දූෂණ හොයනවාය කියමින් සියලු ඉදිකිරීම් අත්හිටුවීමය. ඒ සොයා බැලීමේ කටයුතුවලට අවුරුදු දෙකක් පමණ ගත වූ අතර අවසානයේ නැවැත්වූ ඉදිකිරීම් සියල්ල යළි ආරම්භ කළේය. ලොකුම වරද්දා ගැනීම පෝට් සිටියේ (වරාය නගරයේ) ඉදිකිරීම් නැවැත්වීමය. දෙවැනි වරද මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීමය.

වරාය නගරයේ ඉදිකිරීම්වලට පැමිණ සිටියේ විදේශ ආයෝජකයන් සහ විදේශ සමාගම්ය. මාර්ග සංවර්ධන ව්‍යාපෘති කරමින් සිටියේ අපේ රටේ මහා පරිමාණ සමාගම්ය. අපේ සමාගම්වල මාසික වියදම ඉතා ඉහළය. එය දරා ගැනීමට නොහැකි තරම් විශාලය. ණය ගෙවා ගැනීමට නොහැකි වූ නිසා අවසානයේ මහ බැංකුව කළේ ඉදිකිරීම් කර්මාන්තය ඉහළ අවදානමක් සහිත කර්මාන්තයක් ලෙස නම් කිරීමය. ඒ නිසා සියලු බැංකු ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් දීම අත්හිටෙව්වේය. මා දන්නා තරමින් රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් කළ කොන්ත්‍රාත්කරුවන්ට රජය ගෙවිය යුතුව තිබෙන මුදල රුපියල් බිලියන දෙසීයකට වැඩිය. එක් මහා පරිමාණ සමාගමකට පමණක් ගෙවිය යුතුව තිබෙන මුදල බිලියන 20කි.

රජයේ ඉන්නා දක්ෂයන්ය කියන, සුපිරි කළමනාකරුවන්ය කියන අයට මේවා නොතේරීම බරපතළ කාරණයකි. අනෙක් අතින් මේ කාරණයෙන් හෙළි වෙන්නේ ආණ්ඩුවේ හා රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවයි. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රජය විසින් ගෙවිය යුතුව තිබෙන මුදල ගෙවීමට ණයක් හෝ ලබාගෙන ඒ මුදල් ගෙවා දැමුවහොත් ඉදිකිරීම් කර්මාන්තයේ යළි ඇතිවන්නේ පිබිදීමකි. රජයේ ඉදිකිරීම් කළ කොන්ත්‍රාත්කරුවන්ට රජය විසින්ම පොලු තැබීමෙන් සිදුවූයේ ඉදිකිරීම් කර්මාන්තයේ කඩා වැටීමකි. ගෙවිය යුතුව තිබෙන බිලියන 200න් එකසිය පනහක්ම (150) ගෙවීමට තිබෙන්නේ මහා පරිමාණ දේශීය කොන්ත්‍රාත්කරුවන්ටය. ඉතිරි බිලියන 50 ගෙවීමට තිබෙන්නේ සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන් දහස් ගණනකටය. ඒ දහස් ගණන අතර මම ද සිටිමි.

මේ රජය මට ද මිලියන 150ක පොල්ලක් තබා තිබේ. බිලියන 200ක් ණයට ගැනීමට නොහැකිනම් බිලියන 50ක් ණයට ගෙන අමාරුවේ වැටී සිටින කොන්ත්‍රාත්කරුවන් දහස් ගණනකට ගෙවා දැමුවහොත් බත් පැකට් විකුණනා පුද්ගලයා දක්වා ඒ මුදල් ගලා යයි.

රජයෙන් රුපියල් මිලියන 10ක් ගෙවීමට තිබෙන ඇතැම් කොන්ත්‍රාත්කරුවන් දැන් සිටින්නේ සිය දිවි නසා ගන්නා තත්ත්වයකය. ණය ගැනීමට උගසට තැබූ තම නිවෙස, ඉඩම හෝ වාහනය ඒ ඇතැමුන්ට දැන් අහිමි වී ගොසිනි. මේ ණය නොගෙවීම දැන් අවුරුදු තුනක් පමණ එක දිගට ඇදි ඇදී යයි. මේ කාලයේදී අදාළ ඇමැතිවරයා නඩත්තු කිරීමට මිලියන දහයකට වඩා වැය වී ඇතිවා නිසැකය. මැති ඇමැතින් නඩත්තුවට එසේ මුදල් වැය කළත්, ප්‍රමුඛතාව දුන්නත් රටේ සංවර්ධනයට දායක වූ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට තිබෙන ණය ගෙවා නිදහස්වීමට ආණ්ඩුව උත්සාහ නොකරන්නේ දේශීය කොන්ත්‍රාත්කරුවන් වළපල්ලට යැවීමට දැයි ඇත්තේ සැකයකි. එසේම මේ ප්‍රශ්නත් ඊළඟ ආණ්ඩුවේ කරමත තැබීමේ උත්සාහයක් තිබෙනවාද විය හැකිය.

ආණ්ඩුවලට සේම අපට ද මුදල් ප්‍රශ්න ඇතිවෙයි. ඒ අවස්ථාවලදී අප කරන්නේ පොඩි ගණන් ගෙවීමට තිබෙන අයට පළමුව ඒ මුදල් ගෙවා දැමීමය. මධ්‍යම හා මහා පරිමාණ සමාගම්වලට දරා ගැනීමේ යම් හැකියාවක් තිබුණ ද සුළු පරිමාණ සමාගම්වලට, පුද්ගලයන්ට හා සැපයුම්කරුවන්ට දරා ගැනීමේ කිසිම හැකියාවක් නැති බව අපි දනිමු. ඔවුනට ප්‍රමුඛ තැන දෙන්නේ ඔවුනට මියයාමට නොදී රැක ගැනීමටය. ව්‍යවසායකයන් ලෙස අපට එලෙස සිතුණත් සුපිරි කළමනාකරුවන්ය කියන ආණ්ඩු කරන පුද්ගලයන්ට එලෙස නොසිතෙන්නේ ඇයිද යන්න බරපතළ ප්‍රශ්නයකි. සුළු පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට හෝ ගෙවිය යුතුව තිබෙන මුදල් නොගෙවන්නේ යම් අරමුණකින් යැයි කෙනෙකුට සිතෙන්නේ එහෙයිනි.

ඉදිකිරීම් කර්මාන්තයේ අද තිබෙන දැවෙන ප්‍රශ්නය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ඔවුන් බාරගත් ඉදිකිරීම් අවසාන කළ පසුවත් මුදල් නොගෙවීමය. බලයේ සිටින හෝ බලයට පත්වන කිසිම රජයකට මේ ප්‍රශ්නය නොවිසඳා ඉදිකිරීම් කර්මාන්තයේ යළි පිබිදීමක් ඇතිකළ නොහැකිය. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට තිබෙන දෙවැනි බරපතළ ප්‍රශ්නය ඉදිකිරීම් කර්මාන්තයට කිසිම සීමාවකින් හෝ කොන්දේසි රහිතව විදේශීය සමාගම් පැමිණීමය. විශේෂයෙන් මෙරටට පැමිණෙන්නේ චීන සමාගම්ය. මේ යුගයේ අපේ රටේ ප්‍රමුඛ ආයෝජකයා චීනය වන හෙයින් එන්නට එපායි චීන සමාගම්වලට කීමට අපට නොහැකිය. එහෙත් ඕනෑම ආණ්ඩුවකට කොන්දක් තිබිය යුතුය. ලෝකයේ ඕනෑම රටකට වෙනත් රටක සමාගමක් යන්නේ නම් තමන් යන රටේ සමාගම් සමඟ හවුල් විය යුතුමය. දේශීය සමාගමට සියයට 51ක අයිතියකුත් විදේශීය සමාගමට සියයට 49ක අයිතියකුත් තිබිය යුතුය. ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මක වන්නේ ඒ ප්‍රතිපත්තියයි. එහෙත් අපේ රටේ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවෙයි. එය අපේ රටේ ආණ්ඩුවේ කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් මිස වෙන කුමක්ද?

චීනයේ මහා පරිමාණ සමාගම් නිදැල්ලේ මෙරටට පැමිණිවිට පළමුව වදින්නේ අපේ රටේ මහා පරිමාණ සමාගම්වලටය. එවිට අපේ මහා සමාගම් දෙවැනි පෙළට වැටෙයි. මහා සමාගම් දෙවැනි පෙළට වැටුණු විට දෙවැනි තැන සිටි සමාගම් තෙවැනි පෙළට වැටෙයි. අවසානයේ තෙවැනි පෙළ සිටි සමාගම් යන්නේ වළපල්ලටය. සුපිරි කළමනාකරුවන්ට මෙය නොතේරීම මහා කරුමයකි. ලොව අන් රටවල ක්‍රියාත්මක වන දේශීය සමාගමට 51% ක් සහ විදේශීය සමාගමට 49% ක් යන ප්‍රතිපත්තිය හා නීතිය මෙරටෙහි ක්‍රියාත්මක කළ යුත්තේ දේශීය සමාගම් රැක ගැනීමටය. පුංචි සමාගම් රැක ගැනීමටය. පුංචි සමාගම්, පුංචි මිනිසුන් හා පුංචි සැපයුම්කරුවන් මරා දමා කිසිම කර්මාන්තයකට පැවැතිය නොහැකිය. විදෙස් සමාගම් පැමිණිය යුතුමය. ඒ රටවල තියෙන තාක්ෂණය හා ඔවුන්ගේ දැනුම අපට ද අවශ්‍යයය. කොළඹ වරාය නගරයේ අවුරුදු 50කට ඉදිකිරීම් තිබේ. එහෙයින් ඉදිකිරීම් කර්මාන්තයට විදේශීය සමාගම් පැමිණිය යුතුමය. එහෙත් එය විය යුත්තේ අප ඉහත කී සියයට 51 සහ සියයට 49 ප්‍රතිපත්තිය මතය. එය අපේ රටේ නීතියෙන් සම්මත විය යුතු ප්‍රතිපත්තියකි.

ලංකාවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට තිබෙන තෙවැනි ප්‍රශ්නය මුල්‍යමය පහසුකම්ය. චීන සමාගම්වලට එරට රජයෙන් මුල්‍යමය පහසුකම් සලසයි. සමාගමට පාඩුවක් වුවහොත් එය දරා ගැනීමට එරට රජයත් එකතු වෙයි, දායකවෙයි. එවැනි සමාගම්වලට ණය දෙන බැංකු ද එරට තිබේ. අපේ රටෙත් ඒ අරමුණෙන් බැංකු දෙකක් (D.F.C.C හා N.D.B) ආරම්භ කළේය. එහෙත් ඒ බැංකු දෙකට ආණ්ඩුවෙන් මුදල් දුන්නේ නැත. ඒ නිසා ඒ බැංකු දෙකට ද අනෙක් බැංකු යන මාවතටම යාමට සිදුවිය.

ඒ බැංකු දෙක ආරම්භ කළේම දේශීය ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන් බිහි කිරීමේ අරමුණෙනි. එහෙත් ආණ්ඩුවල හා නායකයන්ගේ දුප්පත් දැක්ම නිසා ඒ අරමුණ ද ලත් තැනම ලොප් විය. ඒ බැංකු ආරම්භ කළේ ‘සංවර්ධන බැංකු’ ප්‍රතිපත්තියෙන් නම් අඛණ්ඩව ඒ ප්‍රතිපත්තියේම සිටිය යුතුය. ඒ බැංකුවලට වාණිජ මෙහෙයුම්වලට යාමට ඉඩ නොදිය යුතුය. එය එසේ වන බවට වගබලා ගැනීම ආණ්ඩුවල වගකීමකි. ඒ බැංකු යළි මූලික අරමුණු කරා රැගෙන යා නොහැකි නම් අලුතින් සංවර්ධන බැංකුවක් ආරම්භ කළ යුතුය. ඉදිකිරීම් සඳහාම වෙන්වූ බැංකුවක් ආරම්භ කිරීම වඩාත් යහපත්ය. නව රජයකින් හෝ එය විය යුත්තකි.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට තිබෙන තවත් බරපතළ ප්‍රශ්නයක් වන්නේ ණය දීම සඳහා උගසක් ඉල්ලීමය. ඉදිකිරීම් ව්‍යාපෘතිවල වටිනාකම ඉතා විශාලය. අපේ ඇතැම් ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් බිලියන 20ක් 30කි. ඒ ව්‍යාපෘතියට ණයක් ගැනීමට ගියවිට බැංකුව උගසක් ඉල්ලයි. එතැනදී බැංකුව කරන්නේ ද පොලී මුදලාලි කරන දේමය. එනම් යමක් උගසට තබාගෙන ණයක් දීමය. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි සුන්දර කතාවක් අපේ ගැමි වහරේ තිබේ. ගව පට්ටියක් තිබෙන ගොවියකු ණයක් ගැනීමට බැංකුවට ගිය විට බැංකුවේ කළමනාකරුවා කියා ඇත්තේ ණය දිය හැකි බවය. එහෙත් ණය දීමට උගසක් අවශ්‍ය බවය. එවිට ගොවියා කියා ඇත්තේ තමාට ගව පට්ටිය හැර වෙනත් කිසිම දේපළක් නොමැති බවය. ගව පට්ටිය උගසක් ලෙස ගත නොහැකි බැවින් ණය දිය නොහැකි බව බැංකු කළමනාකරු පවසා තිබේ. ඒ නිසා ගොවියා ගෙදර පැමිණ තිබෙන්නේ හිස් අතිනි. ටික දිනක් යන විට මේ ගොවියාට ලක්ෂ ගණනක ලොතරැයියක් ඇදී තිබේ. එහිදී බැංකු කළමනාකරු ගොවියා ළඟට ගොස් ඉල්ලා ඇත්තේ සල්ලි තම බැංකුවේ තැන්පත් කරන ලෙසය. එහිදී ගොවියා ද බැංකු කළමනාකරුගෙන් උගසක් ඉල්ලා තිබේ. බැංකුව සතු දේපළක් තමා ළඟ උගසට තැබිය හැකි නම් තම මුදල් ද බැංකුවේ තැන්පත් කළ හැකි බව ගොවියා පැවසූ හෙයින් බැංකු කළමනාකරු ද පැමිණ තිබෙන්නේ හිස් අතිනි.

එලෙසින් යම් දේපළක් උගසට ගෙන ණය දීමෙන් ව්‍යාපාරිකයින් බිහිකළ නොහැකිය. එය ආණ්ඩු සේම බැංකු ද තේරුම්ගත යුතුය. ව්‍යාපෘතිවල වටිනාකම මත ණය දීමේ ක්‍රමයක් රටට අවශ්‍යව තිබෙන්නේ එහෙයිනි. එහිදී බැංකු තම සේවා ගාස්තු අයකිරීම ප්‍රශ්නයක් නොවේ. එසේ අය කළ යුත්තේද සියයට එකක් වැනි සාධාරණ ගාස්තුවකි. එහෙත් දැන් බැංකු අය කරන්නේ සියයට තුනක් (3% ක්) වැනි ඉහළ සේවා ගාස්තුවකි. අය කරන ණය පොලිය සියයට 38 කි. ලංකාවේ එක්තරා සඟරාවක නමින් කෙරෙන සම්මාන ප්‍රදානයේදී දෙන සම්මානවලින් තුනෙන් දෙකක්ම දෙන්නේ බැංකු හා මූල්‍ය ආයතනවලටය. දියුණු වන රටක දිරිගැන්විය යුත්තේ බැංකු හා මූල්‍ය ආයතනදැයි මට ඇත්තේ උභතෝකෝටික ප්‍රශ්නයකි. ඇත්තෙන්ම අද අපේ රටේ තිබෙන්නේ ආර්ථිකයක් නොවේ. මුදල් සංසරණයකි. ඉදිකිරීම් කර්මාන්තයේ පිබිදීමකින් පමණක් රට දුවන්නේ එහෙයිනි. ඉදිකිරීම් කර්මාන්තය සේවාවකි. එමගින් සිදුවන්නේ මුදල් සංසරණයකි. ඉදිකිරීම් සමාගම් දියුණු වන බව සත්‍යයකි. මෙතැනට ගලා එන්නේ තැන්පත්කරුවන්ගේ සල්ලිය. උපයන්නේ නැතිව වියදම් කළ විට රටට සිදුවන්නේ කුමක්ද? රට දියුණු වීමට නම් අපනයන කර්මාන්ත බිහිවිය යුතුය. අපනයන කර්මාන්ත දියුණු වුණොත් ඉදිකිරීම් කර්මාන්තය නිරායාසයෙන් දියුණු වෙයි.

ඉදිකිරීම් කර්මාන්තයට අදාළ බදු විටින් විට වෙනස් කිරීම තවත් ප්‍රශ්නයකි. ස්ථාවර බදු ප්‍රතිපත්තියක් දිගු කලක් ක්‍රියාත්මක නොවෙයි. වැට්, පැල්, එන්.බී.ටී. යනාදී ලෙස බදු රාශියකි. සරල ක්‍රමවේදයකට එක බද්දක් හඳුන්වා දිය නොහැක්කේ ඇයි? ඇතැම් විට එකම බද්ද දෙවරක් අය කෙරේ. මා කියන්නේ මා ගැන නොවෙයි. මා කතා කරන්නේ සියලු දෙනා වෙනුවෙනි. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නැතිකමය. තියෙන එකම ජාතික ප්‍රතිපත්තිය අකුල් හෙලීමය. මැති ඇමැතිවරුන් සමඟ රාජ්‍ය නිලධරයෝත් අකුල් හෙළීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව අධිවේගයෙන් ක්‍රියාත්මක කරති. ඒ නිසාම ඇතැම් ව්‍යවසායකයෝ හා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ දැන් ලංකාව හැර ගොස් සිටිති. අපේ සමාගමත් මියන්මාරයට ගියේ එවැනි හේතු මතය. බංග්ලාදේශය හා මාලදිවයින දෙසට ද අපි හැරී සිටිමු. ඒ රටවල් තුනම ලංකාවට වඩා වේගයෙන් ඉදිරියට යයි. වියට්නාමය අපට හිතාගැනීමටවත් බැරිතරම් වේගයකින් ඉදිරියට ගොසිනි. දකුණු ආසියාවේ පසුපසම සිටින්නේ ලංකාවය. දේශපාලකයින් රට වෙනස් නොකරන්නේ නම් ඒ දේශපාලකයන් වෙනස් කිරීම ජනතාවගේ වගකීමකි. නැතහොත් රටක් නැතිවන්නේ ජනතාවටය.

සාකච්ඡා සටහන:
ගුණසිංහ හේරත්



අදහස් (10)

වත්ත-පිටිය අහිමිවූ කොන්තරාත් ව්‍යාපාරිකයෝ

upali Wednesday, 23 October 2019 04:57 AM

බොහොඕ හරවත් ලිපියකි. එහෙත් රට කරවන දේශපාලුවන් මෙය තඹ සතයකටවත් ගනන් ගන්නේ නැත.. ඔබට ජය.

:       13       175

Cisco Wednesday, 23 October 2019 05:41 AM

අගනා සහ කාලින අදහස් දැක්වීමක්. දැන් නම් ඉදිකිරීම් සමාගම් බිමටම වැටිලා ඉන්නේ. ඒ හිස්තැන චීන සමාගම් දහ ගන්නවා. එක අවස්ථාවක අපේ අගමැතිතුමා කිව්වා අපි තනි ඉරටු ලෙස නොසිට ඉරටු මිටියක් ලෙස සිටිය යුතුයි කියල. නමුත් රජය කරන්නේ ඉරටු මිටි පිටින් විනාස කරන එක.

:       7       157

aruna Wednesday, 23 October 2019 06:51 AM

මේවා අපේ දේශපාලන සංස්කෘතියේ හා ක්‍රමයේ මෙන්ම ආර්ථිකයේ පවත්නා තත්වය නිසා හටහත් ප්‍රශ්නය. එක ආණ්ඩුවක තිබෙන ප්‍රශ්න ලෙස කිව නොහැක. එමනිසා ආණ්ඩු මාරු කිරීමෙන් මෙයට විසදුමක් නොලැබෙන බව මගේ හැගීම. කලයුත්තේ පක්ෂ වල සිටින දක්ෂ පුද්ගලයන් නායකත්වයට ගෙන ඒමට උත්සහ දැරීමයි.

:       46       52

max Wednesday, 23 October 2019 07:40 AM

2015 දී දහසක් බලාපොරොත්තු ඇතිව පත්කර ගත්තේ මොන තරම් අඥාන පිරිසක් දැයි දැක්වෙන හොදම ලිපියකි. පහත වාක්‍යය ඊට කදිම නිදසුනකි. "ඉදිකිරීම් කර්මාන්තයට වැරැදුණේ 2015 බලයට පත් නව රජය ඊට පෙර පැවැති රජයේ වංචා දූෂණ හොයනවා කියමින් සියලු ඉදිකිරීම් අත්හිටුවීමය. ඒ සොයා බැලීමේ කටයුතුවලට අවුරුදු දෙකක් පමණ ගතවූ අතර අවසානයේ නැවැත්වූ ඉදිකිරීම් සියල්ල යළි ආරම්භ කළේය. ලොකුම වරද්දා ගැනීම පෝට්සිටියේ (වරාය නගරයේ) ඉදිකිරීම් නැවැත්වීමය. දෙවැනි වරද මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීමය". එළඹෙන 16 දා එම වැරැද්ද නිවැරදි කර ගනිමු.

:       221       350

waruna Wednesday, 23 October 2019 09:26 AM

මේ රටේ මිනිස්සු මොන තරම් දේශපාලන වහලුන්ද? ස්වාධීනව, අපක්ෂපාතීව ප්‍රශ්නයක් දෙස බැලීමට නොහැකි බවසේම තමාගේ පුද්ගලික වාසිය වෙනුවෙන් මිස රට ගැන සිත කටයුතු නොකරන බවකි පෙනෙන්නේ.

:       13       23

mahinda Thursday, 24 October 2019 12:24 AM

2015 දී අගමැති කිව්වනේ ඉදිකිරීම් වල නොගෙවපු සල්ලි ඒගොල්ලෝ ගෙව්වා කියලා. එතකොට ඒවා මේගොල්ලන්ට ලැබිලා නැද්ද

:       1       15

lalithm Thursday, 24 October 2019 03:24 AM

වමේ දකුණේ දෙකේම දේශපාලුවෝ විදේශ ආයෝජකයෝ දිහා බලාගෙන අර එළුවාගේ පස්සේ ගිය නරිය වගේ යනවා. කිසිම කෙනෙක් ලාංකික ව්‍යවසායකයෙකුට තැනක් දෙන්නේවත් නිපැයුමක් දිරිගන්වා වෙළඳපොළට දමන්න උදව් කරන්නේවත් නැහැ. බැංකු වුනත් කරන්නේ ආනයනයට උදව් කරන එක. බොහෝ රජයේ නිලධාරීන් හැමදෙයක්ම පාස් කරන්න ජරාව ඉල්ලනවා. ඔක්කොම ලියකියවිලි නිවැරදිව තිබුනත් මෙච්චර ඕනේ ඉක්මනට දෙන්න කියල ඉල්ලනවා. මේ තත්වයේදී තරුණ පරම්පරාව කරන්නේ රට අත්හැරලා යන එක. මේ ජරාජීර්ණ වයසක දේශපාලකයින් කවදාවත් තරුණ සිතිවිලි එක්ක වැඩ කරයි කියල පෙනෙන්නේ නැහැ.

:       0       8

de silva berlin Thursday, 24 October 2019 07:18 AM

මෙතුමා කියන කතාව සහතික ඇත්ත. හොඳම උදාහරණය ජර්මනිය. 2001 සිට 2005 දක්වා ඒ රටේ ආර්ථිකය විශාල පසුබෑමකට ලක්වෙලා තිබුනේ. නමුත් 2006 දී ආණ්ඩුව ව්‍යාපාරික සහ නිවාස ණය සදහා බැංකු පොළිය වර්ෂයකට 1% වැනි ප්‍රමාණයකට පහළ දැම්මා. ඊට පස්සේ මිනිස්සු බය නැතිව මුදල් ණයට අරන් නිවාස ඉදිකරන්න, තිබෙන ව්‍යාපාර වැඩි දියුණු කරන්න පටන්ගැනීමත්, අලුතෙන් ව්‍යාපාර ආරම්භ කිරීමත් නිසා රටේ රැකියා අවස්ථා අලුතින් ඇතිවුණා. විරැකියාව වර්තා සහගත ලෙස පහත වැටුනා. ජනතාව අතර විශාල ලෙස මුදල් සංසරණය වුන නිසා රජයේ බදු ආදායමද ඉහළ ගියා. පසුගිය අවරුදු 15 තුළ විශාල ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනවා. අපේ රටෙත් බැංකු ණය සදහා පොළිය 5% අඩු මට්ටමකට ගෙන එන්න ඕනේ. ව්‍යාපාරිකයන්ට දේපළක් ඇපයට තබලා ණය ගන්න එක සරලව කළ හැකි වෙන්න ඕනේ. රජයේ නිලධාරී සංඛ්‍යාව, මැති ඇමතිවරුන්ට සහ රජයේ උසස් නිලධාරීන්ට වාහන වැනි දේවල් වලට වියදම් කරන මුදල් රටේ සංවර්ධනයට යොමු කරන්න ඕනේ.

:       1       51

de silva berlin Thursday, 24 October 2019 07:26 AM

ප. ලි . සිලින්ඩර් ධාරිතාව 5000 CC හෝ ඊට වැඩි ජීප් රථ අනවශ්‍යය. රළු පාරවල් වල යාමට අවශ්‍ය නම් ඩබල් කැබ් රථයක් ප්‍රමාණවත්ය. කාර්මික අතින් දියුණු වාහන නිපදවන ජර්මනියේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවැනි නිලරථ හෝ බදු සහන දෙනු නොලැබේ. වැඩි හරියක් පාර්ලිමේන්තු එන්නේ පොදු ප්‍රවාහන සේවා උපයෝගී කරගෙනය. වසන්ත කාලයේ සමහරු පාපැදිවලින් පැමිණේ. ඔවුන් පොදු ප්‍රවාහන සේවා වලින් එනවිට ඒවගේ තිබෙන අඩුපාඩු පෙනෙන නිසා අඩුපාඩු මගහැර දියුණු කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්න පුළුවන්. ජනතාවගේ පැත්තෙන් බැලුවහම ඒක විශාල වාසියකි. අනිත් පැත්තෙන් පොදු ප්‍රවාහන සේවා වල යනවිට සාමාන්‍ය ජනතාවට ඔවුන් සමග කතාකිරීමට ඉඩ ලැබෙන නිසා ජනතාවගේ ප්‍රශ්න ඍජුවම ඔවුන්ට දැනගැනීමට ලැබෙනු ඇත.

:       0       57

lalithmFriday, 25 October 2019 02:57 AM

අපෝ එපා . අපේ මහජන මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහනයේ ආවොත් ඔවුන් මුර කරන අය සාමාන්‍ය මගීන්ට එදාට එන්න දෙන්නේ නැහැ.

:       2       8

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 100 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 537 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1722 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1288 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site