IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විදුලි බිලෙන් කර්මාන්ත කඩා වැටේද?

2022 වසරේ අගෝස්තු මාසයේදී ද විදුලි ගාස්තු සියයට 70කින් පමණ ඉහළ නංවන ලදී. මෙවර එම මිල වැඩි වීම සියයට 66කිනි. පසුගිය වසරේ ක්‍රියාත්මක කළ විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව මෙවර ක්‍රියාත්මක කළ සංශෝධනයේදී කර්මාන්ත අංශයට අඩු බලපෑමක් සිදු වන බව පෙනේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා විදුලි බිල සියයට 100 ඉක්ම වූ ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බැවින්, විදුලිය වැඩියෙන් පරිභෝජනය කරන කර්මාන්තවලට එයින් යම් බලපෑමක් එල්ල වේ. පොලී අනුපාත වැඩි කිරීම, උද්ධමනය ඉහළ මට්ටමක පැවැතීම යන තත්ත්ව හේතුවෙන් ඉදිරියේදී කර්මාන්ත අංශයට අසීරු කාලයක් උදා වනු ඇත.

ඉන්ධන සහ විදුලිය සඳහා මිල සූත්‍ර හඳුන්වා දීම යහපත් බව ලංකා වාණිජ මණ්ඩලයේ අදහසයි. ඊට සාපේක්ෂව විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම ද වැදගත්ය. එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමත්, රාජ්‍ය බැංකුවලින් එම ආයතනය වෙත ණය ලබා දීම අවම කිරීමත් අරමුණු කළ යුතුය.

පුනර්ජනනීය බලශක්ති අංශය ගතහොත් ඍජු විදේශ ආයෝජන සඳහා වැඩි අවස්ථා තිබේ. එහෙත්, ගැටලුව වන්නේ, ඊට අදාළ කාර්ය පටිපාටිය දුර්වල මට්ටමක පැවැතීමය. එබැවින්, සිදු කරන ප්‍රතිසංස්කරණවලදී එම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගැනීම ද වැදගත් වේ. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන්, මීළඟ වතාවේ විදුලි ගාස්තු සංශෝධනය කරන විට වියදම් පාර්ශ්වය අඩු කරගත හැකි වනු ඇත.

හරිත ආර්ථිකය යන්න මේ වන විට ප්‍රධාන තේමාව බවට පත්ව ඇති අතර, එහි ආයෝජනය කිරීමට කැමැති ආයෝජකයෝ සිටිති. බලශක්ති අංශයේ කළ යුතු ප්‍රතිසංස්කරණ තවදුරටත් ප්‍රමාද කිරීමෙන් සිදු වන්නේ, එකී ආයෝජන අවස්ථා අපට මගහැරී යෑමය.

විදුලි බිල වැඩි කිරීමෙන් තරගකාරීත්වය අඩු වී, අපනයන අංශයට අයහපත් බලපෑම් එල්ල විය හැකිය. සුළු පරිමාණ ව්‍යවසායකයන් මේ විදුලි බිල වැඩි කිරීමත් සමග ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බවක් පෙනේ. 

විදුලි කප්පාදුවෙන් ඇඟලුම් අංශයේ නිෂ්පාදනවලට ද අහයපත් බලපෑම් එල්ල විය. විදුලි ජනන යන්ත්‍ර භාවිත කරමින් විදුලිය විසන්ධි කළ කාලයේදී විදුලි සැපැයුම පවත්වාගෙන යෑමට සිදු වීමෙන් ඇඟලුම් ආයතනවලට අමතර පිරිවැයක් දරන්නට සිදු විය. එම සන්දර්භයේ විදුලි කප්පාදුව නතර කිරීම නිසා තවදුරටත් ඩීසල් භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට අවශ්‍ය නොවේ. එහෙත්, විදුලි ගාස්තු වැඩි කිරීම නිසා අපේ ඇඟලුම් සඳහා පවතින තරගකාරීත්වය අඩු වේ.

වෙසෙසින්ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා වෙළෙඳපොළවල්වල මෙරට ඇඟලුම් සඳහා පවතින ඉල්ලුම පහළ යනු ඇත. එම රටවල පොලී අනුපාත සියයට 8 සහ 10 දක්වා ඉහළ ගොස් තිබීම ද ඊට බලපානු ඇත. මේ පසුබිමේ 2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී අපනයන ආදායම් වැඩි කරගැනීම අසීරු වනු ඇත. කෙසේ වෙතත්, එම තත්ත්වය දෙවැනි කාර්තුවේදී යහපත් වේ යැයි සිතිය හැකිය.

සංචාරක ව්‍යාපාරයට 2018 වසරේ සිට කිනම් හෝ අර්බුදයකට මුහුණ පෑමට සිදු විය. ඒ හේතුවෙන් සංචාරක පැමිණීම් ද ක්‍රමයෙන් අඩු විය. මෙම විදුලි ගාස්තු වැඩි කිරීමත් සමග සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල වේ. පසුගිය කාලයේදී සංචාරක පැමිණීම් අඩු අගයක පැවැති නිසා සංචාරක ව්‍යාපාරවල නියැළෙන්නන්ගේ ණය ගැනීම් ද ඉහළ අගයක පැවැතිණි. ඔවුහු ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දුන්හ. මේ විදුලි ගාස්තු සංශෝධනයත් සමග ඔවුහු තවත් පීඩාවට පත් වෙති. විශාල හෝටල්වලට මේ තත්ත්වය දරාගත හැකි වුව ද කුඩා සංචාරක හෝටල්වලට මෙමගින් අයහපත් බලපෑම් එල්ල වනු ඇත.

2013 වසරෙන් පසු විදුලි ගාස්තු සංශෝධනය නොකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මෙසේ අවස්ථා දෙකකදී විශාල ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමට සිදු විය. සහනාධාර සංස්කෘතිය වෙනස් කළ යුතුය. මා සිතන හැටියට බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින අර්බුදයට එක් හේතුවක් වී තිබෙන්නේ ද අප විසින් පවත්වාගෙන එනු ලැබූ සහානාධාර සංස්කෘතියයි. අඩු ආදායම්ලාභී පවුල්වලට සහ කුඩා ව්‍යාපාරවලට පමණක් සහනාධාර ලබා දීම ප්‍රමාණවත්ය.

වසර 2030 වන විට සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවා ගැනීමේ රජයේ ඉලක්කය කරා ළඟා වීමට නම්, අප වැඩි වශයෙන් සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිත කරමින් විදුලිය නිපදවීමට යොමු විය යුතුය. එසේ කළහොත්, ඩීසල් සහ ගල් අඟුරු දහනයෙන් විදුලිය ජනනය කිරීම අඩු මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇත. විදුලි ගාස්තු වැඩි කිරීමත් සමග පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ ද හඳුන්වා දිය යුතුය. 

ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් අඩු කළ හැකි ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීම ද වැදගත්ය. ගල් අඟුරු සහ ඩීසල් වෙනුවෙන් අධික වැයක් දැරීමට එම ආයතනයට සිදු වේ. ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යන විට විදුලිබල මණ්ඩලයට තාපයෙන් නිපදවන විදුලිය ඒකකයක් සඳහා ඉහළ මුදලක් වැය කිරීමට සිදු වේ. එවිට මණ්ඩලය ලබන පාඩු ඉහළ යන අතර, එම පාඩු පියවා ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ණය ගැනීමට සිදු වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ අර්බුදයේ චක්‍රය මෙයයි. එය අවම කිරීමට නම්, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතුය. එසේම, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ආරම්භ කරන ලද ක්‍රියාවලිය ද වේගවත් කළ යුතුය.

සාමාන්‍යයෙන් ආයෝජකයකු කිසියම් රටක ආයෝජනය කිරීමට ප්‍රථමයෙන් සැලකිලිමත් වන්නේ, තමන් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන රටෙහි සාර්ව ආර්ථික ස්ථායීකරණය, දේශපාලන ස්ථාවරභාවය සහ ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය තිබෙන්නේ ද යන්න ගැනය. දෙවැනුව, ව්‍යාපාර කිරීමට පහසු පරිසරයක් තිබෙන්නේ ද, බදු අනුපාත, නිෂ්පාදන පිරිවැය යනාදිය කෙරෙහි අවධානය යොමු කරයි. ගෙවුණු වසරක කාලයේදී සාර්ව ආර්ථික ස්ථායීකරණය, දේශපාලන ස්ථාවරභාවය සහ ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය යන අංශ තුනෙහි අර්බුද පැවැති බැවින්, ආයෝජකයෝ ආයෝජනය සඳහා මෙරටට නොපැමිණියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් පසු ලංකාවේ ආර්ථිකය පිළිබඳ සුබවාදී පණිවුඩයක් ජාත්‍යන්තරයට සන්නිවේදනය වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීමට අදාළව ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ තිබෙන අතර, එහිදී විදුලි ගාස්තු ඇතුළු උපයෝජන සේවාවල මිල ගණන් වැඩි විය යුතු ප්‍රතිශතය ආදිය එම ආයතනය සැලකිල්ලට භාජන නොකරයි. ඒ වෙනුවට විදුලිය, ජලය සහ ඉන්ධන සඳහා පිරිවැය ආවරණය වන ආකාරයේ අය ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න ගැන අවධානය යොමු කරයි. 2016 වසර සඳහා ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලද ණය පහසුකමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදුලිය සහ ඉන්ධන සඳහා පිරිවැය ආවරණය වන ආකාරයේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි යෝජනා කර තිබිණි.

ඒ අනුව යමින් අප ඉන්ධන සඳහා පමණක් මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබුව ද පසුව එය අත්හැර දමන ලදී. එහිදී විදුලිය අරබයා මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොකරන ලදී. කෙසේ වෙතත්, මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අදාළ වැඩසටහන ආරම්භ වීමට පෙර සිටම විදුලිය සහ ඉන්ධන යන දෙඅංශය සඳහා මිල සූත්‍ර හඳුන්වා දී තිබේ. එපරිදි වෙළෙඳපොළ මිල ගණන්වලට සරිලන අය ක්‍රමයක් හඳුන්වා දීම හොඳ පියවරකි.

මෙම විදුලි ගාස්තු වැඩි වීමත් සමග බොහෝ අංශවල මිල ගණන් ඉහළ යනු ඇත. එහෙත්, ජලය, විදුලිය, ඉන්ධන වැනි උපයෝගිතා සේවා වෙනුවෙන් නිශ්චිත මිල සූත්‍ර ක්‍රියාත්මක වන විට, ඒවායෙහි මිල ගණන් ගෝලීය වශයෙන් අඩු වන විට එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමට හැකි වේ. පසුගිය කාලයේදී ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අඩු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ද පහත හෙළන ලදී. දැනට ගෝලීය වෙළෙඳපොළේ ඩොලර් 80ත් 90ත් අතර මිලකට අලෙවි වන තෙල් බැරලයක මිල තවත් පහළ ගියහොත්, ලංකාවේ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ද අවස්ථාව සැලසේ.

2022 වසරේ අගෝස්තු මස සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේදී අඩු විදුලිය ඒකක සඳහා ඉහළ මිල වැඩි වීමක් සිදු නොවිණි. එහෙත් මෙවර කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේදී අඩු විදුලිය ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහා ඉහළ මිල වැඩි වීමක් සිදු කර තිබේ. මේ පසුබිමේ අඩු ආදායම්ලාභී පවුල් සහ කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් යම් සහනයක් ලබා දීමට සිදු වනු ඇත. එවැනි සහන වැඩසටහනක් අවම වශයෙන් මාස 6ක් සඳහාවත් ක්‍රියාත්මක කිරීමට සිදු වේ.

උද්ගතව ඇති මේ ආර්ථික අර්බුදය සඳහා ලංකා වාණිජ මණ්ඩලය ඉදිරිපත් කරන විසඳුම්වල හරය වන්නේ, රට පළමුව යන ප්‍රතිපත්තියයි. ඒ යටතේ අපේ පළමු යෝජනාව වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම කඩිනමින් ලබා ගැනීමයි. ඒ අරබයා පියවර ගන්නා ලෙස අප රජයෙන් ඉල්ලා සිටියේ 2020 වසරේ සිටය.

පමා වී හෝ රජය මේ වන විට ඒ සඳහා යොමු වි තිබේ. එම ණය මුදල ලබාගත හැකි නම් හොඳය. ඊට සමගාමීව කළ යුතු ප්‍රතිසංස්කරණ ද කඩිනමින් ආරම්භ කළ යුතුය. ව්‍යාපාර සඳහා අවසර ලබා ගැනීමේ කාර්ය පටිපාටිය සරල සහ ඉක්මන් කිරීම ඒ අතර වැදගත්ය. එවිට පෞද්ගලික අංශයට මීට වඩා වැඩි ජවයකින් රටේ ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ හැකිය.

ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ - ශිරාන් ප්‍රනාන්දු

සටහන - උපුල් වික්‍රමසිංහ



අදහස් (0)

විදුලි බිලෙන් කර්මාන්ත කඩා වැටේද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site