සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ
රටේ වෙන්නේ මොකක්ද? අලුත් ව්‍යවස්ථා කතිකාව ගේන්න යන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක්ද, ඒ කාගේ වුවමනාවකටද, යහපාලනය ගැන කලකිරිලාද යනාදී කරුණු සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු.
ප්‍රශ්නය:- ඇත්තටම රටේ මොකද වෙන්නේ?
පිළිතුර:- රටේ මිනිස්සු ඉතාම දුෂ්කරතාවකින් විශේෂයෙන් නාගරික සමාජයේ මිනිස්සු ඉතාම අමාරුවෙන් ජීවත් වෙනවා.
ප්‍රශ්නය:- රටේ මහා වෙනසක් කරන්න නේද ඔබ වහන්සේලා මුල පිරුවේ?
පිළිතුර:- මම නම් විශාල වෙනස්කම් බලාපොරොත්තු වුණේ නැහැ. තිබූ නරක තත්ත්වය නැතිවෙලා රටට උචිත යම් ව්‍යුහාත්මක වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ කියන්නේ ව්‍යවස්ථාමය වෙනසක්, රාජ්‍ය පරිපාලනයේ වෙනසක් වේවි කියා බලාපොරොත්තු වුණා. එහෙත් එය අද විශාල වියවුලක් බවට පත්ව තිබෙනවා.
ප්‍රශ්නය:- ඔබ වහන්සේ කියන ඒ වියවුල මොකද්ද?
පිළිතුර:- මම හිතන්නේ අපි බලය සඳහා දේශපාලනය කරනවා මිසක් ඔය කිසි කෙනෙක් රට ගැන හිතලා චින්තනයකින් කටයුතු කරන බවක් පේන්න නැහැ. ඒ නිසා තමයි මේ වියවුල හටගෙන තිබෙන්නේ.
ප්‍රශ්නය:- මම ප්‍රශ්න කළේ වියවුලක් හැටියට අර්ථ ගන්වන්නේ මොකද්ද කියලයි?
පිළිතුර:- එකක් ආර්ථිකමය වියවුලක් රටේ තිබෙනවා. විශාල දුගීකමක් ඇතිවී තිබෙනවා. පසුගිය කන්න දෙකේදීම ගොවි කලාපවල ජනයාට වතුර ලැබුණේ නැහැ. මේ කන්නයේත් මොකක් වේවිද කියා අපට දැන්ම කියන්න බැහැ. ඒක එක පැත්තක්. අනෙක් පැත්තෙන් රටේ රාජ්‍ය පාලනයේදී ඒකමිතික භාවයක් නෑ. ස්ථාවරභාවයක් නැතිකම අරමුණක් පිළිබඳ එකඟතාවක් නැතිකම රටේ ප්‍රශ්නයක් වී තිබෙනවා. තිබූ ආණ්ඩුවේ තිබූ තත්ත්වය දිගටම තිබුණා නම් මොකද වෙන්නෙ කියා කවුරුවත් දැන් ප්‍රශ්න කරන්නේ නැහැ. මේක ඉතාම නරකයි තිබූ ආණ්ඩුව හොඳයි වගේනේ කතා කරන්නේ. ඒ අය ගිය ගමන නැවතිච්ච එක හොඳයි. එහෙත් ඒකම ප්‍රමාණවත් නැහැ. ගුණාත්මක දෙයක් සමාජයට කළ යුතුව තිබෙනවා. දැන් ආණ්ඩුවේ ආයු කාලය භාගයක් ගෙවිලා. ඉතිරි කාලයේදී නරක දේවල් නොවී හොඳ දෙයකට මුල පිරීමක් අවශ්‍ය වෙනවා.
ප්‍රශ්නය:- එතකොට ගෙවුණු කාලයේ සිදුවුණේ රටට නරකක්ද?
පිළිතුර:- එහෙම නරකක් කියන්න බැහැ. එහෙත් අපි එක අරමුණකින් රට හරි දිශාවකට මෙහෙයවූයේ නැති ප්‍රශ්නයක් තිබෙනවා.
ප්‍රශ්නය:- නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ආදිය හරහා කළේ රට හරි දිශාවට ගෙනයාම නොවේද?
පිළිතුර:- 19 වැනි සංශෝධනය ගෙන ඒම රටේ යම් ආකාරයක කළ ගුණාත්මක වෙනසක්. එහෙත් රටේ ජනතාවට ඒක ප්‍රමාණවත් වෙලා නැහැ. තිබූ තත්ත්වය දිහා බැලුවාම යම් පියවරක් ඉදිරියට තැබීමක්. ඒවා ප්‍රමාණවත් නැහැ කියලයි මම කියන්නේ.
ප්‍රශ්නය:- ඒ ප්‍රමාණවත් බවට ගන්න ඕන පියවර මොනවාද?
පිළිතුර:- ප්‍රධාන වශයෙන්ම ජනාධිපති හා අගමැති පාර්ශ්ව අතර සම්මුතියක් ඇතිකර ගැනීම අවශ්‍යයි. ඒක තමයි ඉදිරියට යාමට තිබෙන පළමු පියවර. ඒ සම්මුතිය කුමක්ද කියන එකේ ප්‍රශ්නයක් තිබෙනවා. රටේ සංවර්ධනය යන්නේ කොයි දිශාවටද? පරණ ආකෘති තුළ නව සංවර්ධන උපාය මාර්ග තිබෙනවා කියන්න බැහැ. ලෝකය කොතරම් වෙනස් වෙලාද ලෝකයේ තිබෙන ආර්ථික අර්බුද හා ප්‍රවණතා මොනවාද යනාදිය ගැන කිසිම අදහසක් ඇතුව නෙමෙයි අපි කටයුතු කරන්නේ. අද විශාල අයවැය පරතරයක් තිබෙනවා. තව තවත් ණය ගැනීම නිසා ණය කන්ද උඩට නගිනවා. මේ ගන්නා ණයවලින් ජනතාවට ඉක්මණින් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. අධිවේගී මාර්ග හැදුවා කියා මගී ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ගම්පහ හෝ පානදුරේ සිට පාන්දරට කෝච්චි තුනක විතර සෙනඟ එක කෝච්චියක කොළඹට එනවා. මේ මිනිස්සු කොළඹට එන්නේ පුදුම දුෂ්කර ක්‍රියාවක් කරලයි. අධිවේගී මාර්ග හදන මුදලින් අපට කෝච්චි පාරවල් ටික හදාගන්න පුළුවන්.
ප්‍රශ්නය:- දැක්මක් නැති කමේ ප්‍රශ්නයක් ඇති බවද මේ කියන්නේ?
පිළිතුර:- මොකද්ද අපේ රටේ මේවා ගැන තිබෙන දැක්ම. විශාල කාර්මික නගර ඇති කර විශාල ආයෝජකයන් ගෙන්වා විශාල ආයෝජනවලින් මේවා කරන්න පුළුවන් කියලයි අපි හිතාගෙන ඉන්නේ. දැන් ලෝකයේ එහෙම ආයෝජකයො එන්නෙත් නැහැ. චීනයේ වෙළෙඳපොළ ශක්තිය නිසා භාණ්ඩ නිපදවා තරග කිරීමේ හැකියාවක් ලෝකයේ කාටවත් නැහැ. එනිසා කාර්මීකරණයක් ගැන කතා කළාට ආයෝජකයන් ඇවිත් එවැන්නක් කරනවා පේන්න නැහැ. එහෙම කාර්මීකරණයකට නෙමෙයි අපි මේ රට ගෙනියන්න ඕන.
සේවා ආර්ථිකයකට ගියා කියා අපට රටේ නිෂ්පාදනයක් ලැබෙන්නේ නැහැ. යම් යම් ක්ෂේත්‍රවල සේවා ආර්ථික දියුණු කරන්න ඕන තමයි. සංචාරක අංශයක එක් උදාහරණයක්. හැබැයි ඊට වඩා අපි දේශීය නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන. අපි එහෙම කියන්නේ ලෝකයේ තිබෙන ප්‍රවණතා දිහා බලලයි.
ප්‍රශ්නය:- දේශීය නිෂ්පාදන නංවන්න කොයිතරම් නම් වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවද?
පිළිතුර:- කෘෂි අංශය ගතහොත් වස විසෙන් තොර ගොවිතැන් කරනවා. හැබැයි හරියටම අපේ ඉලක්කය මොකද්ද කියා අපි කියා නැහැ. මෙහෙම ව්‍යාපෘති අපි දියත් කළාට සමස්තයක් ලෙස අපි එහෙම උපාය මාර්ගයක් අරගෙන නැහැ. එනිසා ලොකු අර්බුදයක් තිබෙනවා. ඉඩම් පරිහරණය කරන්නේ කොහොමද? අද ඉඩම් ලබාදී තිබෙන්නේ විශාල සමාගම්වලට. දේශීය ව්‍යවසායකයන්ට ආර්ථික කටයුතු සඳහා කුඩා පරිමාණ ඉඩම් දෙන්න ඕන. එහෙත් අක්කර තිස් හතළිස් දහස විදේශ මහ පරිමාණ සමාගම්වලට දී තිබෙනවා. රසායනික පොහොර නොයොදා මේවා වගා කරන්න බැහැ. මේවා නිසා තවත් ප්‍රශ්න රාශියක් ඇතිවනවා මිස මහා නිෂ්පාදනයක් වී රට සමෘද්ධිමත් වෙන්නේ නැහැ. එදා ඌව වෙල්ලස්සේ දොඩම් වගාව, කෙසෙල් වගාව, සියඹලා, අරළු, බුළු, නෙල්ලි වගා විනාශකර මහා උක් වගාවක් කළා. ඒකෙන් ඒ පළාතට මහා සෞභාග්‍යයක් උදා වුණේ නැහැ. රටේ සීනි හිඟය විසඳුණේ නැහැ. ඒ නිසා අපේ ඉඩම් ප්‍රතිපත්තිය හදාගන්නේ කොහොමද කියා අපි කල්පනා කරන්න ඕන. අවශ්‍ය දේ නොකර අත්තනෝමතික දේ එදත් කළා. අදත් කරන්නේ ඒකයි. මේ නිසා රටේ දැවැන්ත ඛේදවාචකයක් ඇතිවී තිබෙනවා.
ප්‍රශ්නය:- වස විසෙන් තොර ගොවිතැන කරන්න පුළුවන් දෙයක්ද?
පිළිතුර:- දැන් කරන රසායනික ගොවිතැනේ යම් යම් සාධනීය ලක්ෂණ තිබෙන බව ඇත්ත. එහෙත් නව තාක්ෂණික ක්‍රම ලෝකයේ තිබෙනවා. අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. කෘෂි අංශයේදි සමහර සම්පත් පාවිච්චිය තාක්ෂණීකරණය කිරීමේ උපකරණ තිබෙනවා. ඒවා එකක්වත් හඳුන්වා දෙන්න අපි උනන්දුවී නැහැ. මහන්සියක් වී නැහැ. මේ ගොවිතැනෙන් ඔබ්බට ගොස් නවීන තාක්ෂණයත් සමග අපේ පාරම්පරික දැනුම ඉවහල් කරගෙන වස විසෙන් තොර ගොවිතැන වැඩි අස්වැන්නක් ලැබෙන ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳපොළට වැඩි මිලකටත් දේශීය වෙළෙඳපොළට සාධාරණ මිලකටත් සපයන්න පුළුවන්. වසර කීපයකින් අපට ඒ තැනට එන්න පුළුවන්. හැබැයි එහෙම ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් නැහැ.
ප්‍රශ්නය:- අලුත් ව්‍යවස්ථා කතිකාවතක් ඇතිව තිබෙනවා. ඔබ වහන්සේ මේ ගැන සංවේදීද?
පිළිතුර:- ව්‍යවස්ථා හුටපටයක් තිබෙනවා. ව්‍යවස්ථාව ගැන කල්පනා කරන්නේ කරුණු දෙකක් නිසා. එකක් ප්‍රජාතන්ත්‍රවාදය. අනෙක ජාතික සංහිඳියාව. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාව වැඩියෙන් පරිපාලනයට දායක කර ගැනීමයි. ඒ සඳහා ව්‍යුහයක් ඇති කරන්න දැන් ඉන්න පාලකයන්ට පුළුවන්. එයට මෙතරම් විශාල කලබගෑනියක් රටේ ඇති කරන්න වුවමනා නැහැ. මුලින්ම කරන්න ඕන පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමයි. දැන් තිබෙන ව්‍යවස්ථාවේ එවැන්නකට කිසිම වැඩ පිළිවෙළක් නැහැ. තුන් හතර දෙනකුට ඕන හැටියට මහ පක්ෂ හසුරුවනවා.
ඒ නිසා මේ පක්ෂ ප්‍රජාතන්ත්‍රීකරණයකට එන්න ඕන. බිස්නස්කාරයෙක්, ව්‍යාපාරිකයෙක්, කුඩු ජාවාරම්කාරයෙක් ඇවිත් පක්ෂයට සල්ලි ටිකක් දුන්නම ආසන සංවිධායකකම දෙන විදියට අද ප්‍රධාන පක්ෂ සකස් වී තිබෙනවා. මේවා වෙනස් වෙන්න ඕන. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී වෙනස.
පළාතට වැඩිපුර බලය දෙන්න අද කතා කරනවා. බලය වැඩිපුර දෙන්න ඕන පළාතට නෙමෙයි. නීතිමය රාමුවකින් බලය මෙහෙයවීම මධ්‍යම ආණ්ඩුවට තබා ගන්න ඕන. බලය විමධ්‍යගත කිරීමේදී බලය වැඩියෙන් ලැබෙන්න ඕන කුඩාම ඒකකය වන ග්‍රාමසේවා වසමටයි. ග්‍රාම රාජ්‍යයකටයි. අද ලෝකයේ සාකච්ඡාව එයයි. ඇමෙරිකාවේ කුඩා ගෝත්‍රවල අයිතීන් තහවුරු කර තිබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙන්. අද මේ රටේ ව්‍යවස්ථා වෙනසක් කළා කියා ජනතාවගේ බඩ පිරෙන්නේ නැහැ. අද අපේ ජනතාවගේ බඩ තීරණය කරන්නේ බහුජාතික සමාගම්. අකුරුවලින් ලියැවිල්ලක් ලියා පාර්ලිමේන්තුවේ සම්මත කළා කියා ගොවියන්ට ස්වාධීනව ගොවිතැන කරන්න ලැබෙන්නේ නැහැ. ඒවා තීරණය කරන්නේ බහුජාතික සමාගම්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අලුත් කියැවීමක් අපට අවශ්‍යයි. ජන සහභාගිත්වය වැඩිපුර ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ හදපු ව්‍යවස්ථාවෙන් එවැන්නක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ ඉඩම් පිටරටට දෙන්න එපා කියා මොනරාගල ගොවියෝ අද උද්ඝෝෂණය කරනවා. ව්‍යවස්ථාව සංශෝධනය කළා කියා මේකට උත්තරයක් ලැබෙනවා ද? මේ කිසිවකට උත්තර ලැබෙන්නේ නැහැ.
ප්‍රශ්නය:- එහෙනම් මේක කරන්න ඕන කොහොමද?
පිළිතුර:- ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා වෙන ආකාරයට, ජනතාව පාලනයට දායක කරගත හැකි ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය වෙන්න ඕන. ඒක කරන්න පුළුවන් වෙන්නේ ජාතික සංහිඳියාව කියා ජාතිවාදීන් ඕන හැටියට ඡන්ද බලාගෙන ජාතිවාදීන්ගේ මනදොළ පුරවන වචන ටිකක් ලියා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් නොවෙයි. මේකෙන් වෙන්නේ සිංහල, දෙමළ මිනිස්සු අතර තිබූ සංහිඳියාවත් නැති වීමයි. අද ඒක වෙලා ඉවරයි. මේ ව්‍යවස්ථාව ගැන පළමුවෙන්ම එජාපය-ශ්‍රීලනිපය එකඟතාවයක් තියෙන්න ඕන. අද එහෙම එකඟතාවක් නැහැ. ශ්‍රීලනිප එක යෝජනාවක් කරනවා. එජාපය කරන්නෙ මොකද්ද කියා දන්නෙ නැහැ. ප්‍රධාන පක්ෂ දෙකේ අවම සම්මුතියක්වත් නැති සංකල්පීය පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. මේක දාල තියෙන්නේ කාගෙ ඕනකමකටද? කවුරු පිනවන්නද? අඩුම තරමේ ජනාධිපතිත් අගමැතිත් එකඟ වූ දෙයක් ඕන පාර්ලිමේන්තුවට ගේන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකටනේ.
ප්‍රශ්නය:- මේ යෝජනාවලියේ රටට හිතකර පැත්තක් පේන්න නැතිද?
පිළිතුර:- මම කියන්නේ මේක විසංවාදයක් කියන එකයි. මේ යම් යම් යෝජනාවල සාධනීය ලක්ෂණ තිබෙනවා. සමස්තය ගත්තාම රටේ තිබෙන සම්මුතියවත් තියාගන්න බැරි පසුබිමක් තිබෙන්නේ. තුනෙන් දෙකක් ගන්න විධියට ඕන කෙටුම්පත දාන්න. දැන් කියනවා මේක ව්‍යවස්ථාවක් නෙමෙයිලු. මේව කියල හරියනවද? සංකල්ප පත්‍රිකාවක් දාන්නේ ඒ සංකල්පය මත පදනම්ව ඉදිරි ව්‍යවස්ථාව හැදීමටයි. මේ පත්‍රිකාව හදන්න මාස ගණනක් කාලය, මහජන මුදල් නාස්ති කළා. පාර්ලිමේන්තුවේ දින ගණන් නාස්ති කළා. මේව කළේ මිනිස්සු බඩගින්නේ ඉදිද්දි. කන්න නැතුව ඉදිද්දි. රටේ අනන්ත ප්‍රශ්න තියෙද්දි කිසිම සම්මුතියක් නැති ආණ්ඩුවේ කණ්ඩායම් දෙකටවත් අවම එකඟතාවක් නැති ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මොකද්ද මේකෙ තේරුම. මේක රටට විහිළුවක්.
ප්‍රශ්නය:- මේ අලුත් ව්‍යවස්ථා යෝජනාවලින් රට ෆෙඩරල් කරන බවට ඇති මතය ගැන මොකද කියන්නේ?
පිළිතුර:- එදා පළාත් සභා යෝජනා ගෙනා වෙලාවෙත් රටේ ඒකීයභාවයට හානිකරයි කියා සංවාදයක් ඇතිවුණා. මහජන විරෝධයක් ආවා. අධිකරණය පවා බෙදුනා. විධායක ජනාධිපති ධුරයේ බලතල තිබෙන නිසා එදා ව්‍යවස්ථාව ඒකීය ව්‍යවස්ථාවක් බව අධිකරණය අවසානයේ තීන්දු කළා. පළාත් සභා පවා ෆෙඩරල් ව්‍යවස්ථාවක්ය කියන සැකයක්, නීතිමය තර්කයක් එදත් තිබුණා. ඒකටත් එහාට යන එකක් ෆෙඩරල් නෙමෙයි කියා අපි කියන්නේ කොහොමද? මේ දාල තියෙන්නේ සම්පූර්ණයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාවක්. සර්වානන්ද විනිසුරුතුමාගේ තීරණය අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන විටම තිබෙන පළාත් සභා ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට හැරෙනවා. අලුතෙන් ෆෙඩරල් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.
ප්‍රශ්නය:- මේ ව්‍යවස්ථාව ගේන්නේ ජනවාර්ගික සංහිඳියාව අරමුණු කරගෙන නේද?
පිළිතුර:- උතුරේ ඉන්නේ දෙමළ ජනතාව සියයට තිස් ගණනක්. අනෙක් අය ඉන්නේ දකුණේ. එතකොට ඒ අයගේ අයිතිවාසිකම්වලට වෙන්නේ මොකක්ද? නැගෙනහිර පළාතේ ජාතීන් තුනම ජීවත් වෙනවා. ජනවාර්ගික සංහිඳියාවට පළාත් සභාවලට බලය දෙනවා කියන්නේ මොකද්ද? කිසිම තර්කයක් මේවායේ නැහැ. ඒ ජනතාවට බලය දෙන්න නම් ප්‍රාදේශීය සභාව ශක්තිමත් කරන්න ඕන. ඒක නොකර පළාත් සභාව ඒකකය හැටියට බලවත් කරන්න කතා කරනවා. දිස්ත්‍රික් සීමා වෙනුවට පළාත් එකතු කරන්න යෝජනා කර තිබෙනවා. ඒ ජාතිවාදී පදනම යටතෙයි. ඒ අනුව මේක ජාතිවාදී ලියැවිල්ලක්. අනාගතයේ දේශසීමා වියවුල් ඇති කරන ලියැවිල්ලක්. රට ෆෙඩරල් කරන ලියැවිල්ලක්. ඒක ඉතාම පැහැදිලියි.
ප්‍රශ්නය:- කවුද ඔය ජාතිවාදීන්?
පිළිතුර:- ජාත්‍යන්තරවාදීන් අද ජාතිවාදීන් වෙලා. ලිබරල්වාදීන් ජාත්‍යන්තරවාදීන් අද ජාතිවාදීන් වෙලා.
ප්‍රශ්නය:- එතකොට මේ ඉටු කරන්නේ ජාත්‍යන්තරයේ වුවමනාවක්ද?
පිළිතුර:- එහෙම එකක් කියන්න තරම් මම සාහසික වෙන්නේ නැහැ. මෙහි තිබෙන ඇත්ත මම විද්‍යාත්මකව පෙන්නුවා.
ප්‍රශ්නය:- ව්‍යවස්ථා සංශෝධනයකට සුදුසු පරිසරයක් රටේ නැති ද?
පිළිතුර:- දැන් මොකක්ද මේ රටට වෙලා තිබෙන්නේ. ජනාධිපතිවරයා රටට කිව්වේ මොකක්ද? ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බව එතුමා කිව්වා. එහෙනම් ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට එතුමා ඉඩ දෙන්නේ ඇයි? මේව කරන්නේ කාගෙ වුවමනාවටද?
ප්‍රශ්නය:- රටේ ඇතිවී තිබෙන තත්ත්වයට ඔබවහන්සේලාත් වග කියන්න ඕන නේද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම. ඒක නිසානේ මේ කතා කරන්නේ.
ප්‍රශ්නය:- කරන්න ඕන දේ ආණ්ඩුව හඳුනාගෙන නැති ද?
පිළිතුර:- අපි අන්ධයො වගේ අතපත ගානවා. රටට ජාතික සැලැස්මක් නැහැ. අපි ප්‍රමුඛතාව දෙන්න ඕන අධිවේගී මාර්ගයට නෙමෙයි. රේල් පාරට. එහෙත් අපි ඒක හඳුනාගෙන නැහැ.
ප්‍රශ්නය:- යහ පාලනය ගැන ඔබ වහන්සේ කලකිරිලද?
පිළිතුර:- මම කිසි දෙයක් ගැන කලකිරිලා නැහැ. ගිය ආණ්ඩුව පෙරළීම ගැන අදටත් සතුටුයි. හැබැයි අද වෙන්නෙත් එදා වුණු දේමයි. අපට අවශ්‍ය තදබල විවේචනයක් කර හරි ආර්ථික පාරකට ආණ්ඩුව තල්ලු කරගන්නයි.
ප්‍රශ්නය:- ඔබවහන්සේ ඉන්න තැන හරියටම කියන්න?
පිළිතුර:- මම ඉන්නේ ජනතාවත් එක්ක. මම හිතන්නේ පරිසරවේදියෙක් හැටියට තිරසර සංවර්ධන ප්‍රතිපත්ති මත කකුල තියාගෙන ඉන්නවා. ඕක තමයි මගේ දැක්ම. මම ඉන්නේ දර්ශනයක.
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යවස්ථා වෙනස මහ අවුලක්