ප්‍රවීණ මාධ්‍යවේදීයකු මෙන්ම ප්‍රවීණ ලේඛකයකු ද වන ඒ.ඩී. රන්ජිත් කුමාර රචනා කළ ‘කොස්ගස්හන්දියේ කොලු ගැටයා’ කෘතිය එළිදැක්වීමේ උලෙළ මෙම මස 07 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ ජෙස්මින් ශාලාවේදී පැවැත්වේ රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනී කුලරත්න ආරියවංශ යන විද්වත්හු මෙහි දෙසුම් පවත්වති. රසික ඇමතුම ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටිගෙනි. මෙවර සංවාදය ඒ.ඩී. රන්ජිත් කුමාර මහතා සමඟ පැවැත්වෙන්නේ ඔහුගේ නවතම කෘතිය නිමිතිකොටගෙනය.
• ඔබ මීට විසි පස් වසරකට පමණ පෙර ‘කොස්ගස් හන්දිය’නමින් කෘතියක් රචනා කළා. ‘මේ අලුතින් ලියැවුණ ‘කොස්ගස් හන්දියේ කොලු ගැටයා’ කෘතිය පෙර කෘතියේම දිගුවක්ද?
නෑ මේ කෘතිය ඒ හා සම්බන්ධයක් නැහැ. කොස්ගස් හන්දිය ලියලා අවුරුදු විසි පහක් ගියාට පස්සේ දක්නට ලැබුණ සමාජය දිහා ආපහු හැරිල බලන විදියේ සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින් මේ අලුත් පොත ලියවිලා තියෙන්නෙ. සමාජ- දේශපාලනය තුළ මතුවූ විවිධ කාරණා දෙස මෙහි අවධානය යොමු වෙනවා. විශේෂයෙන්ම සමාජ- දේශපාලන, කලා ක්ෂේත්‍රවල මතු වුණ චරිත පිළිබඳ කිසියම් කියැවීමක් මෙහි ඇතුළත් වෙනවා.
• නාගරික සමාජය පිළිබඳව කිසියම් සමාජ නිරීක්ෂණයක් ඔබ මේ තුළින් මතු කරනවා. ලේඛකයා හොඳ සමාජ නිරීක්ෂකයෙක් විය යුතු බවට මතයකුත් තිබෙනවා. මේ කියන සමාජය ඔබ කොහොමද ලේඛකයකු හැටියට නිරීක්ෂණය කරන්නේ.?
කොස්ගස් හන්දිය කියන්නේ කොළඹ දාහතරේ සංකීර්ණ පරිසරයක්. මේ රඟමඬලේ මා දුටු මිනිසුන් පිළිබඳවයි මා මෙහි කතා කරන්නේ. ඇතැම් විට ඒවා කුඩා කාලයේ සිටම ලැබූ අත්දැකීම් එන්.එම්. පෙරේරා, පීටර් කේනමන්, පිලිප් ගුණවර්ධන වගේ චරිත ගැන මෙහි විස්තර වෙනවා. ඒ යුගයේ කොහොමද ඒ චරිත ගොඩනැඟුණේ. ඔවුන් කොහොමද ඡන්ද කටයුතු කළේ? වගේ රසවත් තොරතුරු මා මෙහි ඇතුළත් කොට තිබෙනවා.
• දශක කීපයකට පෙර පැවැති මෙවැනි සමාජ දේශපාලන හා සංස්කෘතික කාරණා වර්තමාන හා අනාගත සමාජයට ආදර්ශ ගත හැක්කේ කවර අන්දමින්ද?
ඇත්තටම මේකෙ පැරැණි කොළඹ නගරය, කොස්ගස් හන්දිය, ග්‍රෑන්ඩ්පාස් වගේ ස්ථාන ගැන අතීත තොරතුරු එනවා. එකල ඒවා පැවැති අන්දම ගැන වර්තමාන පාඨකයන්ට දැනුමක් විනෝදයක් ලබන්න පුළුවන්. එකල අපේ නිවසේ අපේ තාත්තාට මුද්‍රණාලයක් තිබුණා. කොස්ගස් හන්දියේ තිබුණ මේ මුද්‍රණාලයට සියලු පක්ෂවලට අයත් නියෝජිතයන් ආවා.
අපේ තාත්තා තද යූ.ඇන්.පී. කාරයෙක්. අපේ මාමා කෙනෙක් හිටියා. හැබැයි එයා තද වාමාංශිකයෙක්. ඔහු සමසමාජ පක්ෂ ක්‍රියාකාරිකයෙක්. ඔහු තමයි මගේ වීරයා බවට පත්වුණේ. අපේ තාත්තා තමන්ගෙ දේශපාලන මතවාදයේ ඉන්න ගමන් අනෙක් සියලු පක්ෂවල අයත් එක්ක ඉතාම හොඳින් ගනුදෙනු කළා. කලාකරුවන් විශාල පිරිසකුත් ඒ අතර සිටියා.
මේ මුද්‍රණාලයේ කවිපොත් මුද්‍රණය කළ කපිල සෙනවිරත්න, පී.බී. අල්විස් පෙරේරා ඇතුළු කවියන් මේ නිසාම මට ඇසුරු කරන්න ලැබුණා. කලා ක්ෂේත්‍රය පැත්තට යොමු වෙන්නත් එය හේතුවක් වුණා. තාත්තත් කලාවට සම්බන්ධ නිසා එය තවත් පහසුවක් වුණා. නාට්‍ය කලාව සම්බන්ධ අප්‍රකට තොරතුරක් වර්තමාන පාඨකයන්ට වඩාත් ප්‍රයෝජනවත් කියල මම හිතනවා.
• මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සම්පාදනය කළ ‘ගාන්ධර්ව අපදාන’ පොත් පෙළ හැරෙන්නට අපේ කලාකරුවන් පිළිබඳව නිශ්චිතව හැදෑරිය හැකි කෘති අපට අවමයි. නූතනයන්ට මේ පැරැණි යුගය අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද?
ඒක වැදගත් අවශ්‍යතාවක්. අපි වැඩිය නොවෙයි හරියට කොළඹ යුගයවත් අධ්‍යයනය කරනවාද? මා මේ කෘතියේ හැකි පමණ උත්සාහ කරනවා අදාළ යුගයේ සමාජ, දේශපාලන, සංස්කෘතික කාරණා විමසා බලන්න. ඒ තුළින් මම බලාපොරොත්තු වෙන්නේ කලාකරුවන් ඇතුළු විවිධ චරිත පිළිබඳ විමසීමට කැමැත්තක් දක්වන අයට යම් උනන්දුවක් ඇති කරවීමයි. මම සමාජ විද්‍යාඥයෙක් නොවෙයි. පත්තරකාරයෙක්. මම මේ තොරතුරු සංග්‍රහ කරල තියනවා. ඒත් කිසියම් සමාජ විද්‍යාඥයකුට පර් යේෂකයකුට පුළුවන් මේ තොරතුරු හරහා පුළුවන් පර් යේෂයක් කරන්න.
අපේ කොළඹ යුගයේ කවියො ටික ගත්තත් ඒ ගැන කෙනෙකුට තවත් විධිමත්ව අධ්‍යයනයක් කරන්න පුළුවන්. අනික් පැත්තෙන් දරුවකු හැදෙන වැඩෙන පරිසරය ඔවුන්ට ඇසුරු කරන්නට ලැබෙන පුද්ගලයන් තමන්ගේ අනාගත ජීවිතය ගොඩ නැගෙන්න බලපානවා. කුඩා කාලයේ පටන් මට ඇසුරු කරන්න ලැබුණ. පොතපත හා කලාකරුවන් ඒකට හොඳ නිදසුනක්.
අපි සමහර වෙලාවට පොත්පත් කියෙව්වෙ හොරෙන්. ගුණදාස අමරසේකරගේ ‘කරුමක්කාරයො’ පොත කියවලා මම ගෙදරින් කම්මුල් පාරකුත් කෑවා. ඒත් දෛවයේ සරදමක් කියන්නේ පස්සෙ කාලෙ ගුණදාස අමරසේකරගේ ‘කරුමක්කාරයෝ’ පොතේ මුද්‍රණ කීපයකම මට එහි පිටකවරයේ චිත්‍ර අඳින්න ලැබුණා. එහෙම බැලුවාම පොත් කවර හාරසියයක පමණ චිත්‍ර මම ඇඳල තියනවා. ඒ නිසාම ප්‍රකට ලේඛකයන් සියලු දෙනාම ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා.
• ඔබ චරිතාපාදන ග්‍රන්ථ බොහොමයක් අපේ සාහිත්‍යයට දායාද කළ අයෙක්. චරිතාපදන කියැවීමේ ඇති වැදගත්කම කෙබඳුද?
මූලිකම දේ තමයි විශිෂ්ට චරිතාපාදන කියැවීමෙන් දරුවන්ගේ පෞරුෂය ගොඩනැඟෙනවා. කොහොමත් දැන් දැන් චරිත කතා කියැවීමට වැඩි පාඨක පිරිසක් යොමුවී ඇති බව පෙනෙනවා. මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාගේ මූලිකත්වය ඇතිව චරිතාපාදන විෂයක් හැටියට විශ්වවිද්‍යාලය තුළ වර්ධනය කරල තියෙනවා. ඒ නිසාම චරිතාපාදනයක් ලියන කෙනකුගේ වගකීම තමයි ඉතාම නිවැරැදිව හා විධිමත්ව ඒ කාර්යය ඉටු කිරීම. අනිත් එක රසවත් වෙන්න ඕනෑ.
ඒත් තවමත් දරුවන් සොයන ඇතැම් චරිත ගැන විස්තර සහිත කෘතිවල අඩුවක් තියෙනවා වගේ පේනවා. ජනමාධ්‍ය වගේ විෂයයන් අධ්‍යයනය කරන සිසුන් අපට කතා කරල තොරතුරු අහන ආකාරයෙන් ඒ බව පැහැදිලි වෙනවා. මේ ගැන ඇතැම් ආචාර්යවරුන්වත් හරියට තොරතුරු දන්නා බවක් පෙනෙන්නේ නෑ. දැන් දැන් සමහරු ආචාර්යවරු කරන්නෙ ළමයින් ලවා තොරතුරු හොයාගෙන ආචාර්යවරයාගේ නමින් පොත ලියන එකයි. මොකද මම දන්නා එහෙම අවස්ථා තියනවා. මේක ඛේදවාචකයක්.
එතකොට ශිෂ්‍යයන්ගේ තොරතුරු මත තමයි මේ සමහර ආචාර්වරුන් යැපෙන්නෙ. ඒත් මම මේ කියන්නේ සියලු කථිකාචාර්යවරුන් ගැන නොවෙයි. හරියට වැඩ කරන ඇසූපිරූ තැන් ඇති ආචාර්යවරු මහාචාර්යවරු බොහොමයක් අපට ඉන්නවා. ඒත් දැන් දැන් ඉන්න කථිකාචාර්යවරු ළමයින්ගෙන් ඉගෙනගන්නව වගේ පේන්නෙ. දරුවන්ට තොරතුරු හොයන්න කියලා ඒ තොරතුරු තමන්ගේ පොත් හැටියට පළ කරගන්නවා.
ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී. රන්ජිත් කුමාර
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය පර් යේෂණවල ඇත්ත කතාව තිත්තයි
MO77 Saturday, 16 April 2022 07:34 AM
සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ කලමනාකරණ ක්ෂේත්‍රවල කිසිම පර්යේෂණ පත්‍රිකාවක් පිළිගත් අය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස ක්‍රියා කරන්නේ නෑ. ඔවුන් හිතලු මත ජනමාධ්‍යවල කතාකරන එක පමණයි කරන්නේ. මෙම ක්ෂේත්‍රවල පරීක්ෂණ ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය සඳහා ඉතාමත් වැදගත්. ශ්‍රී ලංකාව විශ්ව විද්‍යාල මගින් ආචාර උපාධිධාරී පරීක්ෂණ පත්‍රිකා පලකළ පුද්ගලයින් බඳවා ගත යුතුයි. පළමු උපාධියෙන් බඳවා ගැනීම සම්පූර්ණයෙන් නටපු නතර කළ යුතුයි. ලෝකයේ විශ්වවිද්‍යාලවල දැන් බඳවාගන්නේ ආචාර්ය උපාධිය පදනම් කරගෙන පමණි...