මේ දිනවල අපේ රටේ දේශපාලනයේ එක් ප‍්‍රධාන මාතෘකාවක් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර හෝ එසේත් නැතිනම් පනත් සංශෝධනය කර හෝ මැතිවරණ කල් දාන්නේ කෙසේද කියා හොයන එකය. මේ සමහර ඒවා දැනටමත් කාලය නිමා වී ඇති පළාත් පාලන ආයතනය. සමහර ඒවා ඉදිරියේ විසිරෙන්නට තිබෙන පළාත් සභාය.
මේ වැඬේ ට ගොස් ආණ්ඩුවම ඉන්නේ යම් ආකාරයක අවුල් සහගත තත්ත්වයකය. ජන්ද කල් දමන එකත් යහපාලනයටම අයිති දෙයක් යැයි හිතෙන තරමට මේ තත්ත්වය කිසිදු හිරිකිතයකින් තොරව අගේට කර ගෙන යන්නට තරම් ආණ්ඩුවේ සමහරුන් නිර්භීත වීම පුදුම සහගතය. අනෙක් අතට එමගින් පෙන්නුම් කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගොඩ නැඟෙන අතිශයෙන්ම භයානක අනතුරක්ය. ‘අපිට හිතුණොත් ජන්ද තියන්නෙම නැහැ’ වැනි ප‍්‍රකාශ පවා කියන්නට සමහර අය බය නැත්තේ මේ හේතුව නිසාය. මේ සටහනින් බලාපොරොත්තු වන්නේ මැතිවරණ කල් දමන අරමුණින් ව්‍යවස්ථාව හෝ මැතිවරණ පනත් සමඟ කරන භයානක ගනු දෙනුව ගැන කරුණු කීපයක් සාකච්ඡා කරන්නටය.
නිශ්චිත මැතිවරණ පොරොන්දුවක් ලෙසින් පූර්ණ ව්‍යවස්ථා වෙනසක් පිළිබඳ අදහස මේ රටේ දේශපාලනයේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වුණේ 1970 මැතිවරණයත් සමඟය. ඊට පෙර තිබූ 1948 -1952 සහ 1956 මැතිවරණවල මේ කාරණය ආවේ භාෂා ගැටලූවට විසඳුමක් ලෙසින් ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධන මිස පූර්ණ ව්‍යවස්ථා වෙනසක් ලෙසින් නොවන බව මගේ පිළිගැනීමය. රටක් සංවර්ධනය කිරීම කියන්නේ ඒ රටේ නීති රීති හා ව්‍යවස්ථාමය ක්ෂේත‍්‍රය වෙනස් කිරීම් ද ඇතුළත් කලාපයක් බව සැබෑය. එහෙත් නිදහසින් පසු අපේ රටේ දේශපාලනයේ ප‍්‍රධානම වැඬේ වන්නේ අලූතින් ව්‍යවස්ථාවක් ලියන එක කියා හිතන්නට පටන් ගත්තේ 70 මැතිවරණයත් සමඟය. එතැනින් පසුව පැවති හැම මැතිවරණයකම පාහේ පළමු පොරොන්දුව වූයේ ‘අපි ආවොත් අලූත් ව්‍යවස්ථාවක් හදනවා’ කියන කාරණයයි. එදා සිට හැම ආණ්ඩුවක්ම පාහේ තමන්ගේ වසර පහක පාලන කාලයේ වැඩි හරියක් ගත කරන්නේ මේ අලූත් ව්‍යවස්ථා හැදීමේ ක‍්‍රියාදාමයටය.
1977 ජන්දය සඳහා එජාපය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශයෙන් තර්ක කළේ රටේ ප‍්‍රශ්නවලට ප‍්‍රධාන හේතුව වන්නේ ඊට අවුරුදු පහකට පෙර (1972) හදපු අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව බවය. ඒ නිසා ඒ අය කීවේ තමන් බලයට පැමිණියහොත් කරන පළමු වැඬේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන බවය. ජයවර්ධන මහතා බලය ගෙන වසරක් ඇතුළත බරපතළ ආකාරයකින් සිදු කළේ අලූත් ව්‍යවස්ථාවක් හදන වැඬේය. පක්ෂයේ ව්‍යවස්ථාව හදනවාටත් වඩා වේගයෙන් තමන්ටම ගැළපෙන්න රටේ ව්‍යවස්ථාව ඔහු හැදුවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරු හය හත් දෙනා තඹ සතේකට මායිම් කරන්නේ නැතිවය. 1978 ව්‍යවස්ථාව කියන්නේ එහෙම කලබලයෙන් හදපු ඒ ව්‍යවස්ථාවටය.
ඒ ව්‍යවස්ථාවේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ජා කර අවසන් කිරීමෙන් පසුව කාරක සභා අවස්ථාවේ තිබෙද්දි පවා හදිසියේ එයට එකතු කරපු දේවල් පවා රටේ නීති බවට පත් වූ ආකාරය ඒ කාලයේ දේශපාලනය ගැන දන්නා අයට මතකය. උදාහරණයක් වශයෙන් හදිසියේ ව්‍යවස්ථා කෙටුම්පතට එබ්බවූ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ වූ අන්තර්වාර ක‍්‍රියාදාමය සැලකිය හැකිය. එතෙක් සිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයේ නියුතු විනිසුරුවරුන් නැවත පත් කරන බවට අන්තර් ක‍්‍රියාකාරීත්ව නීතියක් 78 ව්‍යවස්ථාවට දැම්මේ එය අනුමත වෙන්නට ඔන්න-මෙන්න කියා තිබෙද්දි කාගෙත් ඇස් වහලාය. කාටත් හොරෙන්ය. එතෙක් සිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා එම තනතුරුවලින් ඉවත් කෙරෙන බව සහ අලූතින් විනිසුරුවරුන් යළිත් පත් කරන බව ව්‍යවස්ථාවට ඇතුළත් වී ඇති බව සමහර විනිසුරුවරුන් පවා දැනගත්තේ ඒ ව්‍යවස්ථාව සම්මත වීමෙනුත් පසුවය.
1994 මැතිවරණයේ පොදු ජන පෙරමුණේ මැතිවරණ පොරොන්දුව වූයේ විධායක ජනාධිපතිධුරය ඉවත් කරමින් අලූත් වවස්ථාවක් ගෙනෙන බවය. ජී.එල්. පීරිස් මහතා වැනි ඒ කාලයේ සිටි නීති විශාරදයන් කැබිනට් මණ්ඩලයට ගත්තේ ඒ වැඬේ කරන්නටය. ‘සුදු නෙළුම්’ තවලම්’ වැනි වැඩසටහන් හරහා ඒ ආණ්ඩුව තමන්ගේ මුළු කාලය පුරාම මහන්සි ගත්තේත් අලූත් ව්‍යවස්ථාවක් ගේන්නටය. ඒත් එජාපය එදා හැසුරුණේ විධායක ජනාධිපති ධූරය තියාගන්නට නිසා 2000 ව්‍යවස්ථාව සම්මත කරන්නට පොදු පෙරමුණේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැත.
දැන් පසුගිය 2015 ජනාධිපතිවරණය පුරාම මේ රටේ දේශපාලන භුමියේ සාකච්ජා කළ මාතෘකාව වූයේ විධායක ජනාධිපති ධූරයේ බලතල පාර්ලිමේන්තුවට හිමි වන පරිදි හදන අලූත් ව්‍යවස්ථාවක් ගැනය. ඒ සිහිනය සැබෑ කරන්නට කියා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවටද මේ වන විට පත් කර හමාරය. මේ ආණ්ඩුව යන්නේ ලිච්ඡවී ක‍්‍රමයට බවත් එයත් පළල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් බවත් නිතර නිතර කියන්නේ අගමැතිතුමා ය.
ඒ සියල්ල එහෙම කියන ගමන් පළාත් පාලන ජන්දය හැකිතාක් දුරට කල් යන පරිදි මැතිවරණ පනත මළානික අයුරින් සංශෝධනය කළේත් අනික් අතින් පළාත් සභාවල පාලන කාලය ජනතා වරමකින් තොරව තව ටිකක් කල් අල්ලාගෙන සිටීම සඳහා 20 සංශෝධනය ගෙනෙන්නේත් ඒ යහපාලන රජය විසින්මය. ලිච්ඡුවී වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වන්නට කථා කරන ගමන් සිම්බාබ්වේ වගේ මැතිවරණයක් පේන්න බැරි තැනකට ගමන් කිරීම තේරුම් ගන්නේ කුමන දේශපාලන විද්‍යාවකින් දැයි අපට තෙරෙන්නේ නැත.
මේ රටේ දේශපාලනයේ ජන්ද කල් දමන්නට නියමින් හෝ අනියමින් වැඩ කළ ආණ්ඩුවලට අත් වුණ බරපතළ ඉරණම සමහරුන්ට දැන් මතක නැති ගානය. 1975 පවත්වන්නට තිබූ මැතිවරණය අවුරුදු දෙකකින් කල් දමන්නට ගොස් සිරිමා බණ්ඩාරනායක මැතිනියට ඊට පසු පැමිණි මැතිවරණ ගණනාවක්ම එක දිගට පරදින්නට වූ බව අපේ මතකයට ගැනීම වැදගත්ය. මැතිනියට විධායක ජනාධිපති වෙන්නට කවදාවත් හැකි වුණේ නැත. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවක් ආවේ අවුරුදු 17 පසුව 1994දී ය. අනෙක් අතට 1982 පවත්වන්නට තිබුණු මහ මැතිවරණය කල් දමමින් ජනමත විචාරණ සෙල්ලමක් දමන්නට ගොස් රටටත් එජාපටයත් මුහුණ දෙන්නට වුණේ බරපතළ ප‍්‍රති විපාක වලට බව අපගේ මතකයට ගැනීම වැදගත්ය. ඒ ජනමත විචාරණය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පිටමන් වූ තරුණයන් ආපසු ආවේ ටී පනස් හය අතේ තියාගෙනය. අනෙක් අතට එජාපයට එදායින් පසුව අද දක්වාම තනියෙන් ආණ්ඩුවක් හෝ තමන්ගේ පක්ෂයේ ජනාධිපතිවරයකු පත්කර ගන්නට නොහැකි වී තිබෙන්නේ ඒ මැතිවරණ සිතියම හැකීලීමේ ජනමත විචාරණ මෙහෙයුම නිසා බව සිහියට ගැනීම ඉතාමත් වැදගත්ය.
පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය මන්දගාමීව කරන්නට ගොස් සිදුකර ගත්තේ යළිත් පිරිසුදු කරගත නොහැකි ගානට දේශපාලන ක්ෂේත‍්‍රය අපවිත‍්‍ර වීමය. පළාත් පාලන ආයතන නැති නිසා නගර අපවිත‍්‍ර වුවාට වඩා කුණු ගොඩක් මේ මැතිවරණ පනත සමඟ සෙල්ලම් කරන්නට ගොස් ආණ්ඩුව ගා ගත්තේය. ඊට අමතරව ඒ ජන්දය කල් දැමීමෙන් තවත් පැත්තකින් සිදු වුණේ නාගරික හා ග‍්‍රාමීය ක්ෂේත‍්‍රයේ පරිපාලනය කඩා වැටීමය. අනෙක් අතට මේ නිසා පළාත් පාලන අමාත්‍යාංශය හිමි පක්ෂය ලෙසින් ශ‍්‍රීලනිපයට වැදුණේත් නරක පහරකි. මට හිතෙන හැටියට පළාත් පාලන ඇමතිතුමා කොච්චර විශාලෙට කටවුට් ගැසුවත් දැන් වැටී තියෙන්නේ කවමදාවත් ම ජනතාවගේ ජන්දයකින් දිනන්නට බැරි තරම් අගාධයකට ය.
දැන් අගමැතිතුමා විසින් 20 සංශෝධනය ගෙනත් ඇත්තේ මෙවැනි පරිසරයකටය. මේ සංශෝධනයෙන් කියන්නේ එකකි. කෙරෙන්නේ තවත් එකකි. මේ මගින් බලාපොරොත්තු වනවා යැයි කියන්නේ සියලූ පළාත් සභාවල ජන්දය එක දිනක තියන්නටය. ලිච්ඡුවී පන්නයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් යෝජනා කරන නිසා එසේ එක දිනක ජන්දය තියන එක හොඳ දෙයක් යැයි මොහොතකට සිතුවත් එසේ ජන්දය එකට පැවැත්විය යුත්තේ පළමුවෙන්ම කාලය නිමාවෙන පළාත් සභාවේ දිනයට මිස අවසාන පළාත් සභාව දක්වා අනෙක් ඒවා ජනතාවගෙන් අහන්නේ නැතිව අල්ලාගෙන සිටීමෙන් නොවන බව සාමාන්‍යයෙන් තේරෙන අයගේ මතයයි. ජනතාවගේ බලයක් ඔවුන්ගේ අනුමැතියකින් තොරව අල්ලාගෙන ඉන්නවා යනුම කිසිම ලිච්ඡුවී ධර්මයකට අයිති එකක් නොව මහ දවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කරන ක‍්‍රියාවක් බව අප තේරුම් ගත යුතුය. 1975 මැතිවරණය පැවැත්විය යුතු දිනට වඩා එක දිනයක්වත් පාර්ලිමේන්තුවේ සිටීමට තමන්ට වරමක් නැතැයි කියා දකුණු කොළඹ ආසනයෙන් ඉල්ලා අස් වුණේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. ඒ මහතාගේ පක්ෂයේ අද සිටින නායකයන් කියන්නේ එදා ජයවර්ධන මහතා කළ වැඬේ වැරැදි වැඩක් කියා දැයි මා දන්නේ නැත.
මේ 20 සංශෝධනයට විරුද්ධ බව එළිපිටම කීවේ නිල ශ‍්‍රීලනිපයත් ඒකාබද්ධ විපක්ෂයන් ජවිපෙත් පමණය. අද සමහර පළාත් සභාවල ශ‍්‍රීලනිපයේ හා ඒකාබද්ධයේ පළාත් සභා මන්ත‍්‍රීවරුන් 20 සංශෝධනයට පක්ෂව ජන්දය දෙන්නේ තම තමන්ගේ පක්ෂවල තීරණවලට විරුද්ධවය. මේ පළාත් සභා මන්තී‍්‍රවරුන් 20 සංශෝධනයට පක්ෂවීමෙන් කියන්නේ ජනතාවගේ ජන්ද අයිතිය නියමිත දිනයට පසුව අල්ලාගෙන සිටීම නිවැරැදියි ඔවුන් සිතන බවය. ජනතාවගේ නියෝජිතයන් මේ කොකා පෙන්වන්නේ ජනතාවටය.
මේ කාරණය ජන්ද දායකයන් හරියටම තේරුම් ගත යුතුය. තමන්ගේ ජන්ද අයිතිය නියෝජනය කරන්නට පළාත් සභාවලට යැවූ නියෝජිතයන් ජනතාවගේ ඒ අයිතිය යළිත් ජනතාවට ලබාදීමට එරෙහි වන්නේ නම් ඒ කිසිම සභිකයකු අප නැවත පළාත් සභාවලට පත් කර යැවිය යුතු නැත. මේ රටේ මාධ්‍ය සිවිල් සංවිධාන හා බුද්ධිමතුන් මේ ගැන අවදියෙන් සිටිය යුතුය. 20 කණ්ඩායම ලෙසින් නම් කළ හැකි මේ පිරිස හැර ඕනෑම අයෙක් ඒ ඒ පක්ෂවලින් පළාත් සභාවලට යැවීම සඳහා ජාතිකමය වූ කතිකාවක් ඇතිකර ගත යුතු බව මගේ අදහසය.
අනෙක් අතට ශ‍්‍රීලනිපයේ හා ඒකාබද්ධයේ නායකයන් සිතිය යුත්තේ එජාපයේ මේ ගුග්ලි පන්දුවට නිරපරාදේ දැවී නොයා යුතු බවය. මේ සියල්ල මැද පක්ෂයේ හා ජනතාවගේ තීරණය තමන්ගේ තීරණය කරගෙන 20 වැනි සංශෝධනය පරාජයට පත් කළ ඌවේ ප‍්‍රධාන ඇමතිතුමා ඇතුළු ශ‍්‍රීලනිප හා ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරුන්ට අපගේ ප‍්‍රණාමය හිමි විය යුතුය.
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විස්සට විරෝධය