(වරලත් ගණකාධිකාරී ආර් ඒ ජයවීර)
දේශපාලන අර්බුදය, ආණ්ඩුක්‍රම අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ණය අර්බුදය, රාජ්‍ය අය-වැය අර්බුදය, කෘෂිකාර්මික අර්බුදය, ආදායම් විෂමතා අර්බුද යන සප්ත මහා අර්බුද ජංජාලයකින් බැටකමින් සිටින අපි අසාමාන්‍ය හා බරපතළ ව්‍යසනයකට මුහුණ පා සිටින්නෙමු.
භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළයාම හා විරැකියාව යන දෙකම එකවර ඉහළ මට්ටමකට පත්වී තිබෙන උභතෝකෝටියකට මුහුණ පා සිටින්නෙමු. එය රථයක් ඉස්සරහට පදවන ගියර් එකත්, පිටිපස්සට පදවන ගියර් එකත් එකවර ක්‍රියාත්මක කිරීමක් වැනිය. අද අප මුහුණ පා සිටින්නේ හැකිළෙන ආර්ථිකයක් තුළ පුද්ගල ආදායම් පහළ වැටෙන ගමන්ම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමකටයි. මේ වූ කලී අසාමාන්‍ය තත්ත්වයකි.
ඒක පාර්ශ්වීය නඩු තීන්දුවක් - උද්ධමනය සියයට 1.3 යි
සාමාන්‍ය තත්ත්වය යටතේ කරන කියන බොහෝ දේ අසාමාන්‍ය තත්ත්වයක් පවතින විටදී වලංගු වන්නේ නැත. කරන්නන් වාලේ උද්ධමන අනුපාතය ගණන් බලා ආර්ථිකය ගැන තීන්දු ප්‍රකාශයට පත් කිරීමද එවැන්නකි. උද්ධමනය අනුපාතය ඉහළ පහළ යන රිද්මය දෙස බැලීමෙන්, භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකිය.
2022 සැප්තැම්බර් මාසයේ සියයට 70ක්ව පැවති උද්ධමනය අනුපාතය, 2023 සැප්තැම්බරයේදී සියයට 1.3 ට බස්සවා තිබීමේ හෙවත් උද්ධමනය මෙල්ල කිරීමේ කතාව, ජීවිතය ගැට ගසා ගැනීමට ඉහළ නැගී මිල ගණන් සමඟ පොර බදන, බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ නොනවතින සුසුම්ලෑම සමඟ ගළපා ගන්නේ කොහොමද? මාස එකොළහක් වැනි කෙටි කාලයකින් උද්ධමනය සියයට 70න් සියයට 1ට බැස්සවීමේ විශ්මය ජනක හාස්කමින් පසු ජනතාවට පහසු වාතාවරණයක් නිර්මාණය වී තිබේද? උද්ධමන අනුපාතය පහත හෙළා ඇති බවට නගන පුරසාරම, අතක් පයක් තබා කටක්වත් හොල්ලන්නේ නැති මිනිසුන් පිරිසක් ඉදිරියේ ''ගණන්කාරයකු'' කරන නන්දෙඩවිල්ලක් බඳුය.
උද්ධමන අනුපාතයේ පහළ බැසීමක්, මිල පහළ බැසීමක් සමඟ අනිවාර්යයෙන්ම සමපාත විය යුතු නැත. භාණ්ඩ හා සේවා මිල ගණන්වල පහත බැසීමක් බලාපොරොත්තු විය හැක්කේ මිල ඉහළ නැගීම තාවකාලික ප්‍රපංචයක් වන්නේ නම් පමණකි. එසේ නොවන විට එනම් බොහෝවිට මිල පහළ බසින්නේ නැත. ඒ වෙනුවට ජන ජීවිතයේ ‘‘සමතුලිත බවක්’’ ඇතිවන්නේ ජීවන ගමනේ අනෙක් ප්‍රධාන පාර්ශවකරු වන ආදායම් මට්ටම ඉහළ යාමකිනි. එම නිසා සමාජ–ආර්ථික වශයෙන් අර්ථවත් වන්නේ ආදායම් මට්ටමේ හා මිල මට්ටමේ සංයෝජනයකින් සාදා ගන්නා මිනුමකි. ආදායම් මට්ටමේ ඉහළ හෝ පහළ යාම ගැන කිසිවක් කතා නොකර උද්ධමන අනුපාතයේ ඉහළ හෝ පහළ යෑම ගැන පමණක් කතා කිරීම, ඒකපාර්ශවීය නඩු තීන්දුවක් හා සමානය.
රෝග විනිශ්චය හරිද?
අර්බුද ජංජාලයේ බරපතළම ප්‍රතිවිපාකය වූයේ ආර්ථිකය හැකිළී යාමයි. එහි එක් රෝග ලක්ෂණයක් වූ උද්ධමනය පාලනය කිරීමට, 2022 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා මහ බැංකුව ‘‘පොලී අනුපාත’’ නමැති වජ්‍රායුධයෙන් පහර දෙන්නට පටන් ගත්තේය. එම පහරින් සතුරා නොනැසිණ. උද්ධමනය සියයට 1 කට බස්සවා ඇතැයි ප්‍රකාශ කළද යථාර්ථය නම් මේ ලිපියේ පහත විග්‍රහකර තිබෙන පරිදි එය තාමත් සියයට 70 මට්ටමේ පවතින බවයි. මේ වූකලී මුදල් සැපයුම සීමාකර ආර්ථිකය හකුළුවාලීමේ උපාය මාර්ගයෙන් ජය ගතහැකිව තිබුණ යුද්ධයක් නොවේ.
පොලි අනුපාත වැඩිකිරීම පිළියමක් වන්නේ භාණ්ඩ හා සේවා සඳහා වන අධි ඉල්ලුමකින් උච්චස්ථානයකට අදිනු ලැබ ඇති උද්ධමනයකටය. එහෙත් අප මුහුණ පෑ උද්ධමනය ඇති වූයේ ප්‍රධාන වශයෙන්ම සැපයුම්දාමය විසන්ධි වීමෙන් හා බිඳ වැටීමෙනි. ඉල්ලුමෙහි වූ කිසියම් ඉහළ නැගීමක් මගින් සැපයුම් ඌනතාවක් ඇති කර තිබේ යැයි කියන්නට නොපිළිවන. භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අවම යැපුම් මට්ටමිනුත් පහළට ඇද වැටී තිබේ. අප පැමිණ තිබෙන්නේ සමස්ත ඉල්ලුම සහ සමස්ත සැපයුම යන දෙකම පහත වැටුණු තැනකටය.
අධි ඉල්ලුමක් ඇතිවිය හැකිව තිබුණේ 2020 ජනවාරියේදී බල ගැන්වූ රුපියල් බිලියන 600ක් පමණ රාජ්‍ය ආදායම අහිමි කරගත්, බදු කප්පාදුව හේතුවෙන් අත ඉතිරිය වූ වැය කළ හැකි ආදායම ඉහළ ගිය මධ්‍යම පාංතිකයන්ගේ ඉල්ලුම නිසාය. මෙහි ඍජු බලපෑම දැනුණේ නිවාස ඉදිකිරීම වාහන මිලට ගැනීම, විදේශ අධ්‍යාපනය, විනෝදාස්වාදය යන අංශවලටය. ඊට අමතරව, අහිමි වූ ආදායම පියවා ගැනීමට රජය ණය වෙමින් ලබාගත් මුදල් වියදම් කිරීමේදී, මුදල් සැපයුම වැඩි වීමද උද්ධමනය ඉහළ යාමට තල්ලුවක් විය.
භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාමට බලපෑ හේතු සාධක විවිධය. පොදු මිල මට්ටමේ වාර්ෂික උද්ධමනය සියයට 70ක් වූ 2022 සැප්තැම්බරයේදී, ආහාර ද්‍රව්‍ය කාණ්ඩයේ මිල උද්ධමනය සියයට 95ක් විය. ඊට බලපෑ ප්‍රධාන හේතුව අතාර්කික කෘෂිකර්ම ප්‍රතිපත්තියයි. විස්තීරණ හේතු සාධක විශ්ලේෂණයකට නොගොස් පොදු මිල මට්ටමේ සාමාන්‍ය වැඩිවීම (70%) දෙස බලා කරන ලද පොලී අනුපාත නැංවීමේ ප්‍රතිකර්මය, කලබලයක් මැඩ පැවැත්වීමට අහසට වෙඩි තැබීමක් බදු විය. එවැනි ප්‍රතිකර්මවලින් සිදුවූයේ ආර්ථිකය තවදුරටත් හැකිළීයාමයි.
උද්ධමනය ගණන් බැලීම
කථාව පටන් ගතයුත්තේ භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම නිරූපණය කරන පාරිභෝගික මිල දර්ශකය ඉහළ නැගීමට පටන් ගත්, මහා ව්‍යසනයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකිය හැකි 2021 සැප්තැම්බරයෙනි. (ව්‍යසනයේ මූලාරම්භය 2021 සැප්තැම්බර් බවක් මෙයින් අදහස් නොකෙරේ) 2022 මාර්තු මාසයේදී රුපියල පාවෙන්නට ඉඩ හැරීමත් සමඟ පාරිභෝගික මිල දර්ශකය වඩා ශීඝ්‍රයෙන් ඉහළට නගින්නට පටන් ගත්තේය. 2022 සැප්තැම්බර් වන විට කඳුමුදුනට නැග ගත් මිල දර්ශකය, දැන් සුළු ප්‍රමාණවලින් අඩු වැඩි වෙමින්, කඳු මුදුනේම එක තලයක (සානුවක) ගමන් කරයි. භාණ්ඩ හා සේවා මිල දර්ශක තවදුරටත් ඉහළ නොගොස් කඳු මුදුනේ රැඳී තිබෙනතාක් කල්, අද ගණන් බලන ආකාරයේ උද්ධමනය වැඩි වන්නේ නැත. ක්‍රමයෙන් අඩුවී, අවසානයේ බිංදුවටත් ඊට පසු ඍණ අගයකටත් පත්වීමට වුවද පිළිවන.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජනවාරි මාසයේ සිට කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය සඳහා යොදාගත් පදනම් වර්ෂය 2013 සිට 2021 දක්වා වෙනස් කර තිබේ. 2022 සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය අනුපාතය සියයට 70ක් ලෙස ගණනය කරන්නේ කඳු මුදුනේ තිබෙන 2022 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකයෙන් (245) කඳු පාමුල තිබෙන 2021 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකය (144) අඩු කිරීමෙන් ලැබෙන උත්තර 144 න් බෙදා 100න් වැඩි කිරීමෙනි. 2023 සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය අනුපාතය සියයට 1 ලෙස ගණනය කරන්නේ දර්ශක දෙකම කඳු මුදුනේ තිබෙන 2023 හා 2022 සැප්තැම්බර් මාසවල මිල දර්ශක වන 246 හා 245 සැසඳීමෙනි.
2022 සැප්තැම්බර් මාසයේ සිට පොදු මිල මට්ටමේ යම් ස්ථාවරභාවයක් පෙන්වයි. උද්ධමනය හෙවත් පොදු මිල මට්ටම වැඩිවීමේ ශීඝ්‍රතාව පාලනය වී ඇත. එයින් හැඟවෙන්නේ මිල ස්ථායිකරණය වීමකි. සාමාන්‍ය තත්ත්වය යටතේ නම් මිල ස්ථායිකරණය වීමෙන් බලාපොරොත්තු වන්නේ, ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමකි. එසේ වීමට නම් අඩුම තරමින් මිල ගණන් ඉහළ නැගීමට පෙර තිබුණ තත්ත්වයට ජන ජීවිතය පත්වී තිබිය යුතුය. පාරිභෝගික මිල දර්ශකය කඳු මුදුනේ ස්ථාවර වී තිබුණද ආදායම් මට්ටම තවම කඳු පාමුලය.
නැවත සැකසූ උද්ධමන සමීකරණය
වාර්ෂික උද්ධමනය අනුපාතය ගණන් බලන්නේ කිසියම් වර්ෂයක මුල හා අග මාසවල මිල දර්ශක සැසඳීමෙන් බව ඉහත සඳහන් කෙරුණි. ශ්‍රී ලංකාවේ අප අද මුහුණ පා සිටින අසාමාන්‍ය තත්ත්වය හමුවේ උද්ධමනය ගණන් බැලීමේදී වර්ෂය යන කාල සීමාව යොදා ගැනීම නොමග යවන සුළුය. මක්නිසාද? වත්මන් අර්බුදයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකිය හැකි 2021 සැප්තැම්බර් මාසයේ සිට වර්ෂ දෙකකටත් වැඩි කාලයක් ගතවී තිබෙන අද දක්වාම, භාණ්ඩ හා සේවා මිල ගණන්වල වෙනස් වීමට අනුරූපී වන සමාන්තර චලනයක් ආදායම් මට්ටමේ ඇතිවී නැති නිසාය.
ස්ථාවර මිල ගණන්වලට අනුව සකස් කර තිබෙන ජාතික ගිණුම් පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ හැකිළීමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් දර්ශකවලට අනුව 2021 සැප්තැම්බර් මාසයේ සිට 2023 අගෝස්තු මාසය දක්වා රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වී ඇත්තේ සියයට 16.1කින් වන අතර පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වී ඇත්තේ සියයට 0.6කින් පමණකි.
එම නිසා අර්ථවත් වන්නේ සහ යුක්ති සහගත වන්නේ සංසන්දනය කිරීමට යොදා ගන්නා මුල් මාසය (මුලාංකය) 2021 සැප්තැම්බර් ලෙස ගැනීමය. එතැන් සිට මාස 24ක් ගතවී ඇති 2023 සැප්තැම්බර් මාසයේදීත් උද්ධමන අනුපාතය සියයට 70 පවතින බවත් සියයට 1ට අඩුවීමේ කතාව හිස් බෙර පදයක් පමණක් බවත්, එවිට පෙනී යනවා ඇත.
අපි කොතැනද?
ආර්ථිකය හැකිළීමෙන් පුද්ගල ආදායම් තවදුරටත් අඩුවී ගියහොත් තත්ත්වය තවදුරටත් අමාරු විය හැකිය. පාරිභෝගිකයාට දැන් සිදුවී තිබෙන්නේ ලොරියක බඩු පටවාගෙන මෝටර්සයිකල් එන්ජිමකින් ඇදගෙන යාමටය. ආදායම් වැඩි කරගත හැකිවන්නේ ආර්ථික වර්ධනයෙනි. ආර්ථිකයක් ජව බලසම්පන්න ලෙස ක්‍රියාත්මක වන විට, රැකියා උත්පාදනය වේ. වැටුප් ඉහළ යයි. ආදායම් ඉහළ යයි. ඒ හා සමාගම, භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යයි. උද්ධමනය වැඩි වේ. බඩු මිල හා ආදයාම අතර අනුපාතය (පරතරය) සතුටුදායක මට්ටමකට පත්වේ. ඉලක්කය විය යුත්තේ එයයි.
ඇත්ත ඇති සැටියේ දැක, එක දිගට හරි අතට දිව යාමෙන් ආගාධයට වැටී විපතට පත් රටක් කෙටි කාලයකින් ගොඩගත්තේ කෙසේ දැයි ලෝකයටම උගැන්වීමට අපට නිසැකවම පුළුවන් වෙනවා ඇත.
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ උද්ධමනයේ සත්‍යය
pakeer Friday, 20 October 2023 11:32 AM
හොඳ විශ්ලේෂණයක් සහ සත්‍ය සටහනක්...
දීප්ත කුමාරFriday, 20 October 2023 12:14 PM
කිසිම දර්ශකයකින් රටක සෑම දෙයක්ම පිළිබිඹු වන්නේ නැහැ. එසේ කිරීමට ද හැකියාවක් නැහැ. ඒ වගේම උද්ධමනය සහ උද්ධමනය පහළ යාම කියන්නේ කාරණා දෙකක් සහ ඒ්වායේ අරමුණු වෙනස්. ගණනය කරන්නන් වාලේ උද්ධමනය ගණනය කරනවා යන ප්‍රකාශය සිදු කිරීමෙන්ම උද්ධමනය සහ එය මිනුම් කිරීමේ අරමුණු ගැන පවතින අවම අවබෝධය කියා පානවා. මෙහි ඇති පරිදි භාණ්ඩ හා සේවා මිළ 70% ලෙසින් ඉහළ ගිය අවස්ථාවත් සමග වත්මන් මිළ ඉහළ යාම එකතුකර ප්‍රකාශ කිරීමක් කරන්නයි වෙන්නේ... එහෙම කරනවා නම් කවදාවත් පදනම් වර්ෂයක් වෙනස් කරන්න බැහැ. අනික තමයි පදනම් වර්ෂයක් වෙනස් කිරීමේ දී සලකා බැලිය යුතු කරුණු රාශියක් තිබෙනවා. ඒ වගේම මොන රටේත් උද්ධමනය ගණනය කරන්නේ පිළිගත් ක්‍රමවේදයකට අනුවයි. එය ලංකාවේ නිවැරැදිවම කරනවා. නමුත් රටේ මාධ්‍යවලට වගේම මිනිස්සුන්ටත් සංඛ්‍යා ලේඛන සාක්ෂරතාවය බොහෝම අවමයි. මෙහිදී අවශ්‍යව ඇත්තේ පුද්ගලයෙකුගේ මාසික ජීවන වියදම බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති බව පෙන්වීමටයි. එයට වෙනත් ක්‍රම තිබෙනවා.
bandaraFriday, 20 October 2023 06:06 PM
සංඛ්‍යා ලේඛන සාක්ෂරතාවය කියන්නේ මොකද්ද කියලාවත් අපේ මිනිස්සු දන්නවාද? නිකං කියවන්නන් වාලේ ජීවන වියදම වැඩියි කියා ඉන්නවා මිසක්, කොතැනකවත් ගණන් හදලා බලලා තියෙනවාද..? මුකුත් නෑ...!
janathhaawaFriday, 20 October 2023 08:49 PM
ඒ වෙන ක්‍රමවලින් පෙන්නලා ඔයාට බැරිද පත්තරේට ලිපියක් ලියන්න..? මොකද ඔය මොන බයිලා කිව්වත් අපි දන්නවා. 2019 දී අපි ජීවත් වුණා වගේ 2023 දී අපිට ජීවත් වෙන්න බෑ. අවුරුදු 4ට වෙච්චි වෙනස වැඩියි. ඒක පහදන්න පුළුවන්ද ඔයාට?