IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුරට වසර 43 ක්

(රංජිත් රාජපක්ෂ)

ශ්‍රී ලංකාවේ මෙතෙක්  සිදුවු  බිහිසුණුම ගුවන් අනතුර වන සපතකන්‍යා අනතුර සිදුවී අදට (4) වසර 43 ක්  සපිරේ.1974.12.04 වැනි දින මක්කම බලා පියාසර  කරමින් තිබු ඕලන්දයට  අයත්  මාර්ටින්  එයාර් ඩී.සි 8 ගුවන් යානය මෙම අනතුරට මුහුණ දුන්නේය.

ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන්  තොටුපළින් 182 ක් හා කර්ය මණ්ඩලය 9 දෙනෙක් රැගෙන ආගරපත,නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර  කරමින් සිටිය දී  එදින රාත්‍රී 10.10ට පමඛ සප්ත කන්‍යා කන්දේ හැපී එම ගුවන් යානයේ සිටි 191 දෙනෙක්  මිය ගියහ.

කඳු පාමුල සිරුරු කිහිපයකුත් කන්ද ඉහළ තවත් සිරුරු කිහිපයකුත් වැටී  තිබී සොයා  ගත් අතර  පසුව සිරුරු 190 ක් කන්ද පාමුල මිහිදන්  කර  යානයේ  ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා ඉන්දුනිසියාවේ සිට හෙළිකොප්ටර් යානයකින්  මෙරටට පැමිණ ඉන්දුනිසියාවට  රැගෙන ගිය බවද වාර්තා වෙයි.

අනතුරට පත් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැම්රේ නැමති (52) අයෙකි.

යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ නවදෙනා සැමරීම සඳහා  නෝර්ටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපට ඔවුන්ගේ නම් සටහන් සිහිවටනයක් ලෙස තබා ඇති අතර  අනතුරට  පත් ගුවන් යානයේ  ඉදිරිපස රෝදය අසල තැන්පත් කර ඇත.

මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන්  කර ඇති ස්ථානය අසල එම ගුවන් යානයේ ලාංජනය සවිකර  තිබුණ ද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට  ගලවා ගෙන ගොස් ඇත.

මෙම ගුවන් අනතුරට හේතුව තාක්ෂණ දෝෂයක් බව ඒ පිළිබඳ පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායම විසින් වාර්තාවක්  මගින් ඉදිරිපත් කරන ලදී.

 



අදහස් (15)

ශ්‍රී ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුරට වසර 43 ක්

Nandalal DE SILVA - France Monday, 04 December 2017 08:55 PM

මෙම ගුවන් අනතුර සිදුවී සති කීපයකට පසුව, තවත් මෙවැනිම බිහිසුණු අනතුරක් සිදුවුනා නොවේද ? ඉන්දුනීසියාවේ සිට මක්කම වන්දනාකරුවන් පිරිසක් රැගත් ඕලන්දයට අයත් "මාර්ටින් එයාර්" ගුවන් සමාගමේ දෙවැනි ඩී.සි 8 ගුවන් යානයක් මේ පළාතේම කන්දක ගැටී, යානයේ සිටි සියළු දෙනාම මියගිය පුවතක් ඒ දිනවල මා කියවූ බව මතකය. ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලන කුලුනෙන් නිකුත් කල නිවේදන මේ ගුවන් යානා කපිතාන් වරුන් විසින් වැරදි විදියට තේරුම්ගෙන අනවශ්‍ය ලෙස පහත් කිරීම නිසා මේ අනතුරු දෙකම සිදුවූ බව ඒ දිනවල මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා. එකම රටින් පිටත්වී, එකම ගමනාන්තයක් දක්වා පියාසර කරමින් තිබු එකම ගුවන් සමාගමටම අයත් ගුවන් යානා දෙකක් එක රටකදී එකම පළාතට කඩාවැටී විනාශවීම දෛවයේ සරදමක් නොවේද ?

:       221       134

shelton Tuesday, 05 December 2017 03:57 AM

සිරිපාධයට උඩින් මක්කම වන්දනාවේ යන්න ......දළදා මාලිගාව උඩින් ඉන්දියා හෙලිකොප්ටරයක් යන්න.... ඒවා කොහෙද ?

:       167       691

Athula K Tuesday, 05 December 2017 08:49 AM

ඔබ ඔය කියන්නේ මීගමුවේ කිඹුලාපිටිය හරියේ වුන අනතුර.

:       3       9

sam Tuesday, 05 December 2017 10:11 AM

නන්දලාල් , දෙවෙනි අනතුර වුනේ 1978 දී යි. ඒක කටුනායක රනවේ එක පෙනෙන තෙක්මානයේ පොල් වත්තකට කඩා වැටුනේ රනවේ එකට පෙර අවශ්‍ය තරමට වඩා පහත් කල නිසා බවයි කියවුනේ. .

:       0       12

bandara Wednesday, 06 December 2017 07:55 AM

අර නන්දදාස මොනවා කියනවද මන්දා... මහා ලොකුවට ඉන්න රටත් දාගෙන..

:       53       100

anton Thursday, 07 December 2017 06:08 AM

මට ඇන්ටන් ජොන් මතක් වෙනවා.

:       0       4

අප්පුSaturday, 09 December 2017 05:10 AM

ඇයි එතකොට එයාද පයිලට් වෙන්නේ?

:       0       1

රුවන් Thursday, 07 December 2017 10:17 AM

නන්දලාල් කියන්නෙ ඕනි බොරුවක් අැත්ත වගේ කියන කෙනෙක්.

:       18       52

janatha anura ramachandra Thursday, 07 December 2017 10:50 AM

සත්‍ය නම් අපිට එම කාලයේ ගුවන් මෙහෙයුම් කිරීමට අවම පහසුකම් තිබුනේ වැඩ වෙලාවලද? සේවකයන් ගුවන් ගමන් පාලකයන් මත්පැනට ද ඇබ්බැහි වී තිබුණාලු. මෙදිනද ගුවන් නියමුවා පැහැදිලිවම කියනවා සිටින දුර සැතපුම් 14 කියලා... ඔහු හරි පණිවිඩය ලබාගත් කෙනා දුන් පිළිතුර කෝ? ඔහු පසුකාලීනව ප්‍රධාන ගුවන් පාලක වුණා. ඔහු දන්නවා ඇති... කරුණාකර විමසන්න. විශ්‍රාමගොස් සිටින නිසා දැන ගන්න පුළුවන්... දැන් එහෙම බැහැ සියලු දේවල් පටි ගතවෙනවා. ගුවන් කුළුනේ සයවැනි මහලේ මතක හැටියට සැතපුම් 14 දුර හතරක් වුණාම ප්‍රදේශයේ බලාගාරයේ විදුලි ආලෝකය දැක්කාම දෙන පිළිතුර තහවුරු කරගෙන වහාම පහතට ගන්න. නියමුවාට නොකළ යුතුව තිබුණා. එය එන්නේ ලංකාවට නිසා තිබුනේ රජයේ ආයතනයක්... සිටියේ රජයේ සේවකයෝ නිසා මම ගුවන් තොටේ වසර ගානක් වැඩ කලා..

:       0       2

janatha anura Thursday, 07 December 2017 11:09 AM

ඔබ හරි රන්වේ.... ලයිට් පෙනෙන තෙක් මානයේ.. නියමුවා පැහැදිලිවම කියනවා වාසි රෙඩ් කියලා. ඒ කියන්නේ එම දිනවල තිබුණු සංඥා පහන් වල නම ඉතා පහළට ගියාම රතු නියම උසින් නම් කහ, රතු, කොළ, රතු වගේ මතකයි. 1987 පමණ මේවා ඉවත් කලා මීට කලින් විදුලිය ගියාම පත්තුවුණේ භූමිතෙල් ලාම්පු වර්ගයක්... මේවා ඔක්කොම වැඩි දියුණු කලේ මේ අනතුරෙන් පස්සේ. දැන් මේවා වෙන්නේ නැහැ ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් තුළ මේවා උපරිම දියුණු කලා මතකයි. විදුලිය ගියොත් සම්පුර්ණයෙන්ම ගුවන් පාලනය විශාල ජෙනරේටර් දෙකකට පැවරෙනවා. ස්වයංක්‍රීයව කැටගරි 2 ලැබුණේ එතුමාගේ උත්සාහය තුල පිදුරුතලාගල කන්ද මුදුනේද රේඩාර් තියෙනවා. කටුනායකත් තියෙනවා 24 පුරාම ක්‍රියාත්මක වෙන. මේ හැමතැනම වැඩ කරන්න, සිවිල් ඉදිකිරීම් නඩත්තු වැඩ කරන්න දැන් ඉන්න හමුදාපති එක්ක වැඩ කරන්න අපිට පුළුවන් වුණා...

:       0       0

samFriday, 08 December 2017 04:25 AM

ජනත අනුර , මේ අනතුරට පෙර ගුවන් යානයේ නියමුවා කටුනායකට සැතපුම් හතළිහක් (ෆෝර්ටි) දුරින් තිබෙන බව කියූ විට එය දාහතරක් (ෆොර්ටීන් ) ලෙස ඇසුන නිසා අඩි 2000 ට පහත්කරන්න උපදෙස් දුන්නා කියා රාවයක් තිබුනා . නමුත් පසුව ගුවන් නියමුවා නිකන්ම ෆොර්ටීන් කිව්වා නොව එය ස්ථිර කිරීමට වන් ෆෝර් කියා කිව්ව බවත් ඒ නිසා යානයේ යම් තාක්ෂණික දෝෂයකින් වැරදි මිනුමක් ලැබුන බවත් කියවුනා .

:       0       15

janatha anuraFriday, 08 December 2017 07:52 PM

සෑම් හරි, නිගමනය වුණේ එම ආකාරයට නියමුවාගේ වන් ෆොර් පිළිතුර හරි... මගේ මතකය අනුව දුන් අදහස වැරදි විය හැකිය. ෆොර්ටි ෆොර්ටීන් කතාවද අපිට අසන්නට ලැබුණු නමුත් පරීක්ෂණයන් එය අපැහැදිලි බවක් කියවුනා. තාක්ෂණික දෝෂයක් ද විය හැක. සත්‍ය දන්නේ ගුවන් ගමන් පාලක මැදිරියේ සිටි දෙදෙනායි...

:       0       0

janatha anura Thursday, 07 December 2017 11:11 AM

ප්‍රංශයේ ගියාම අපබ්‍රංශ වෙනවා නොවැ..

:       0       0

janatha anura Thursday, 07 December 2017 11:18 AM

කන්දේ හැපුණා මහවනන්තරේ... ඩීසි 8 ගුවන් යන්තරේ, ගොඩ බැසීමට සුදානම් වුණා. බඳ පටි පළඳින අහිංසක ජනතාව සිහිපත් වුණා.

:       0       0

janatha anura Thursday, 07 December 2017 09:54 PM

ඔබගේ අදහස වැරැදි විය හැකිය. නියමුවා කියන්නේ තමන් ඉන්නේ වන් ෆොර් මයිල්ස් දුරකින් කියා.. එයා ලබාගත්ත ගුවන් පාලකවරයා දුන්න පිළිතුර නම්.. සිටිය යුතු උස සැතපුම් හතර අනුව දුන්නා නම් නියමුවා යානය පහත්කරනවා. එම කාලයේ රේඩාර් තිබුනේ නැහැ ඩ්වී ඕආර් එක තිබුනේ නැහැ ගුවන් මෙහෙයුම් ගොඩනැගිල්ල තුලට මත්වතුර ගෙන එන අයට ජීවිතාන්තය දක්වා සිර ගෙය තමයි..

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 359 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1288 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 754 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1091 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1906 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1454 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1045 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 447 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 591 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site