IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපය තනිවම සටනට

(සන්ඬේ ටයිම්ස් දේශපාලක විශ්ලේෂක විසිනි)

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පාර්ශවයන් ද්විත්වය එක්සත් කිරීමේ ව්‍යායාමය අසාර්ථක වන ලකුණු පසුගිය සිකුරාදා වන විට පෙනෙන්නට තිබුණ ද, තවමත් උත්සාහය අතහැරීමට තිරය පසුපස සිට ක්‍රියාත්මක වන චරිත කටයුතු කර නොමැත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ට හිතවත් සාමාජික පිරිසක් සමග ජනපති ලේකම් කාර්යාලයේ විශේෂ රැස්වීමක් පැවැත්වූයේ ය.ඔහු ඉතාම සන්සුන්ව සිටින අයුරු දැකගත හැකිවිය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ ඊට පැමිණ නොසිටියෝ ය.ඔවුහු ගණනින් 55ක් වූහ.එය තමාට පක්ෂ සාමාජික ගණනට වඩා වැඩි බව ජනපති සිරිසේන හදුනාගත්තේ ය.එසේවුවත්, ඉදිරියේ එන පළාත් පාලන ආයතන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කරනු ඇති බව ඔහු පැවසුවේ ය.රැ ස්වීමට සහභාගී නොවූවන්ට එරෙහිව විනය පියවර ගැනීමක් සිදුනොවන බව කී ජනපතිවරයා, ඒකාබද්ධ විපක්ෂය මතුකර තිබෙන ගැටලු වෙනම සාකච්ඡා කළ යුතුව තිබෙන කාරණයක් බව කීවේ ය.

ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව අපේක්ෂකයින් ඉදිරිපත් කරනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මින් පෙර අවස්ථාවක කර තිබූ ප්‍රකාශයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන බවට ජනපතිවරයා කළ ප්‍රකාශය හමුවේ පදනම් විරහිත තත්ත්වයට පත්විය.තමන් නියෝජනය කරන බේරුවල ආසනයේ හෝ දෙපාර්ශවය අතර මෙවැනි එකගතාවයක් ඇති කරගැනීම සේනාරත්නගේ අවශ්‍යතාව විය.මෙය මතුකළ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්  දුමින්ද දිසානායක මහතා එයට තරයේම විරෝධය දක්වා තිබෙන බව දැනගන්නට ඇත.එවැනි සැලසුමක් නොමැති බව ඔහුම පසු අවස්ථාවක පැවසුවේ ය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වෙත යොමුවනු ඇති ද යන්න දැනගැනීම සදහා ගත් උත්සාහයක් ලෙස, ඇතැම් එක්සත් ජාතික පක්ෂ ජේ්‍යෂ්ඨයෝ සේනාරත්නගේ ප්‍රකාශය විග්‍රහ කළහ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් කිරීම සදහා දිගුකළ  මිත්‍රත්වයේ දෑතට, රාජපක්ෂ පාර්ශවයෙන් හිමිවූ ඇල්මැරුනු ප්‍රතිචාරය හමුවේ, ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂය වෙත යොමුවනු ඇතැයි කැරුනු පුරෝකතනය එක්සත් ජාතික පක්ෂ නායකයන් මෙවැනි අදහස් දැරීමට ප්‍රධාන හේතුව විය.දෙපාර්ශවය  එක්සත් වන ලකුණු පෙනෙන්නට නොමැති වීම නිසාවෙන් ඉදිරියේ එන මැතිවරණයේ වැඩි වාසිය එක්සත් ජාතික පක්ෂයට හිමිකරගත  හැකිවීමේ අවස්ථාවක් තිබීම එක්සත් ජාතික පක්ෂයේ නොමද සතුටට කාරණයක්ව තිබෙන බව රහසක් නොවේ.කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේ දී, ජනපති සිරිසේනගේ නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේ දී තුන්වැනි තැනට පත්වන ලකුණු පෙනෙන්නට ඇත.ජනතා විමුක්ති පෙරමුණේ බලකොටු සැලකීමේ දී, සිව්වැනි තැනට පත්වීමේ අවදානම ද, එම පක්ෂය ඉදිරියේ ඇත. මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ, දෙපාර්ශවය එක්සත් කිරීමේ කටයුතුවල නියැළී සිටින අතරමැදියකු හා පවසා ඇත්තේ දිගු කාලයක් අවශ්‍ය වන එවන් ව්‍යායාමක් ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට පෙර අවසන් කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයක් බවය.එවන් එක්සත්භාවයක් ඇතිකරගත හැක්කේ කුමන පරාමිතීන් යටතේ ද යන්න පළමුව ද, එයට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායමේ අනුමැතිය ලබාගැනීම දෙවනුව ද, අනතුරුවට එයට ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂවන අනුමැතිය ලබාගැනීම තෙවනුව ද සිදුවිය යුතු බවට, ඔවුන් අතුරින් එක් අයෙක් විස්තර කර ඇත.සියල්ලෙන් පසු තිබෙනු ඇත්තේ එක් එක් පාර්ශවයේ හිතවතුන් නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කිරීම සදහා වන තරගයකි. සිකුරාදා රැස්වීමට සහභාගීව සිටියවුන් අතර උද්යෝගයක් ඇති කිරීමේ අරමුණින් ජනපති සිරිසේන කියා සිටියේ තමන් වෙත රාජපක්ෂ පාර්ශවයේ සාමාජිකයන්ගෙන් දුරකතන ඇමතුම් ගණනාවක් ලැබෙන බවය.ඔවුන් බලහත්කාරයෙන් රදවාගෙන සිටින බව ද, එහේත් ඔවුන්ගේ සහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව ද, එම දුරකතන ඇමතුම්වලින් තමා හා ඔවුන් පවසන බව ජනපතිවරයා පැවසුවේ ය.මෙම ඇමතුම් ලබාදෙන්නන් අතරින් බහුතරය ඔවුනොවුන්ට වාසි සහගත වන තීරණයක් ගැනෙන තෙක් දෙපාර්ශවයම සතුටින් තැබීමට කටයුතු කරන්නවුන් බවට සැකයක් නැත.නමුත් ජනපතිවරයා පවසන ලෙසටම ඇමතුම් ලැබෙන්නේදැයි යන්න, ඔහු හමුවට සැබෑවටම පැමිණ තිබෙන රාජපක්ෂ හිතවතුන් හා සැසදීමේ දී ගැටලුවකි.සිරිසේන කදවුර හා එක්වුවහොත් බිම් මට්ටමේ දී තමන්ට අත්වන ඉරණම ඔවුන් හොද හැටි දනී.විශේෂයෙන්ම සභාග රජයේ ජනප්‍රියත්වය අතිශය පහළ අඩියක පවතින මේ සමයේ, එවැනි පියවරක් ගැනීමට ප්‍රථමයෙන් ඔවුන් ඒ පිළිබදව හොදින් සිතා බලනු ඇත.දෙපාර්ශවය එක්සත් කිරීම සදහා තුමුම උත්සාහ දියත් කරන නව අතරමැදියන් පිරිසක් ද බිහිව තිබෙන බව වෙනත් ආරංචි මාර්ග අනාවරණය කළේ ය. මෙම එක්සත් කිරීමේ ව්‍යායාමයේ බර කරට ගෙන සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා බව සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් පසුගිය සතියේ අනාවරණය කැරින.එම කටයුතුවල ප්‍රගතිය කෙරේ සෑහීමකට පත්විය නොහැකි බව පිළිගන්නේ වුව ද, පක්ෂය  වෙනුවෙන් දිගින් දිගටම උත්සාහ කරන බව ප්‍රේමජයන්ත පසුගිය සතියේ කීවේ ය.නමුත් දේශපාලන ලෝකයේ සිදුවෙමින් තිබෙන විවිධ පෙරැළි ඉදිරියේ ඔහුගේ ක්‍රියාමාර්ගයන් පරාජයට පත්වනු ඇති සේයාවන් පෙනෙන්නට තිබේ. 

මෛත්‍රී - මහින්ද පාර්ශවයන් එක්වන සෙයක් පෙනෙන්නට නොමැති තැන සිකුරාදා රැස්වීමේ අවධානය යොමුවූයේ එක් ප්‍රධාන කරුණක් සම්බන්ධයෙන් පමණකි.ඉදිරියේ එන පළාත් පාලන ආයතන මැතිවරණයට සූදානම් වීම එම කාරණය විය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ශවය ඔවුන්ගේම අපේක්ෂක ලැයිස්තුවක් සකස් කරනු ඇත.රාජපක්ෂ හිතවතුන් යැයි හදුනාගත් පක්ෂයේ සංවිධායකයන් ඔවුන් දරමින් සිටි තනතුරුවලින් ඉවත් කිරීම පසුගිය සතිය වන තෙක්ම සිදුවිය.ඇතැම් ප්‍රදේශයන්හි ඔවුන්ගෙන් හිස් වූ තනතුරුවලට සුදුසු පුද්ගලයින් සොයාගැනීමට නොහැකි තැන, සිරිසේන හිතවත් වෙනත් පුද්ගලයින් ඔවුන් වෙනුවෙන් පත් කිරීමට පියවර ගැනෙමින් තිබේ.මේ අනුව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නැවත සේවයේ පිහිටුවා ඇයව අත්තනගල්ල සංවිධායකවරිය ලෙස පත්කර ඇත.ගුරවරියක දණගැස්වීයැයි පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ පුද්ගලයා ආනමඩුව සංවිධායවරයා ලෙස පත් කර ඇත්තේ ඔහුට එරෙහිව පක්ෂයෙන්ම නැගෙමින් තිබෙන දැඩි විරෝධය හමුවේය.ඔහු තවමත් නිදැල්ලේ සිටින්නේ එම ක්‍රියාව සම්බන්ධයෙන් පැනවුනු අත්හිටැවුනු දඩුවම්වලින් ලැබුනු අවසරයෙනි.නව සාමාජිකයන් බදවා ගැනීමේ උත්සාහයක් පිළිබදව ද සිකුරාදා සාකච්ඡා කැරුනු අතර, ඒ අනුව සිරිසේන හිතෛශීන්ට ඉඩ සලසා දී රාජපක්ෂ හිතෛශීන්ට ඔවුන් දැනට දරමින් සිටන තනතුරුවලින් ඉවත්වීමට සිදුවනු ඇති බව නිගමනය කළ හැකිය.

දෙපාර්ශවය එක්සත් වනු ඇතැයි අපේක්ෂා කළ හෙයින් පසුගිය සිකුරාදා රැස්වීම වන තෙක් එළෙස රාජපක්ෂ හිතවතුන් ඉවත් කිරීම තාවකාලිකව නතර කර දමා තිබින.නමුත් ඉදිරියේ දී, එම කටයුතු වඩා කඩිනම්ව සිදුවන ආකාරය දැකගත හැකි වනු ඇත. ජනපති සිරිසේන තමාට හිතවත් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු සමග පවසා සිටියේ රැස්වීමට නොපැමිණි සාමාජිකයන් අරබයා විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුනොවන බවය.ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ, මෙම රැස්වීමට සහභාගී නොවන සාමාජිකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට මීට සතියකට ඉහත දී අවධාරණය කර තිබූ වාතාවරණයකය.ගැටලුව කෙසේ විසදාගත යුතුදැයි සිරිසේන පාර්ශවයට තවමත් අදහසක් නොමැති බව මෙසේ තීරණ වෙනස් කිරීමෙන් පැහැදිලි වේ. “ සිකුරාදා සාකච්ඡාවෙන් සම්පූර්ණ අවධානය යොමු කෙරුනේ ඉදිරියේ එන පළාත් පාලන ආයතන මැතිවරණට සූදානම් වන කටයුතු සම්බන්ධයෙන්.ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ටත් මේ අවස්ථාවට එක්වන ලෙස අවස්ථා කිහිපයකදීම ආරාධනා කෙරුනත් ඔවුන් පැමිණ සිටියේ නැහැ.

මැතිවරණය සදහා අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලාංඡනය යටතේ ඉදිරිපත් වන බව සාකච්ඡාවේ දී තීරණය වුනා.ඒකාබද්ධ විපක්ෂයට ඕනෑම අවස්ථාවක දී අපත් සමග එකතුවෙලා තරග කරන්නට පුලුවන්.නමුත් ඔවුන්ට තනිවම තරග කරන්නට වුවමනානම් එයටත් අවස්ථාව තියෙනවා.අප එයට බාධා කරන්නේ නැහැ.“ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය. ඒකාබද්ධ විපක්ෂය යැයි අමරවීර සදහන් කළ ද, ජනපතිවරයා හා හමුවට සහභාගීවන ලෙස ආරාධනා නිකුත් කර තිබුණේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට පමණකි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයට, එනම්, ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් පක්ෂවලට ද, කළ පළමු ආරාධනය ලෙස අමරවීරගේ ප්‍රකාශය සැලකිය හැකිය. “ මැතිවරණ ප්‍රචාරණයට තියෙන්නේ දින 60ක් වැනි සීමාසහිත කාලයක් බව ජනපතිවරයා කීවා.මේ කාලය ඇතුළත අපේ සංවිධාන කටයුතු සහ අභිනවයෙන් පත් වුනු අපේ නව සංවිධායකවරුන් ශක්තිමක් කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා.පක්ෂයට තව සාමාජිකයන් එක්කර ගත හැක්කේ කෙසේද සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කළා.ඉදිරියේ පැවැත්වෙන සාකච්ඡාවල දී මේ අරබයා ප්‍රගතිය වාර්තා කරන ලෙසත් ජනපතිවරයා පැවසුවා. ඒකාබද්ධ විපක්ෂය එක්කර ගත හැක්කේ කෙසේ ද සම්බන්ධයෙන් ගැටලු මතුවුනා.ඒකාබද්ධ විපක්ෂයේ ඕනෑම සාමාජිකයකුට අප හා එක්වීමේ වුවමනාවක් තිබෙනවා නම් එයට අවස්ථාව තිබෙන බවයි අප පොදුවේ එකග වුනේ.ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව කවර හෝ පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපතිවරයා පෙන්වා දුන්නා.ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන කොන්දේසි සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි තීරණය වුනේ.අනෙක් පක්ෂවල සහාය ලබාගන්නට උත්සාහ කරන ලෙසත් ජනපතිවරයා පැමිණ සිටිය අයට උපදෙස් දුන්නා.“ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කීවේ ය. රාජපක්ෂ හිතෛශීන්ගේ නොපැමිධෑම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම ඉතාම පැහැදිලිය.සිකුරාදා රැස්වීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් සිටියේ ඊට නොපැමිණෙන්නන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමේ අදහසිනි.ආරාධනා පත් යැවීමට ප්‍රථමයෙන් ඒ සම්බන්ධයෙන් නීතිමය අදහස් විමසීමට ද ඔවුන් කටයුතු කළේ එහෙයිනි.

එයට ප්‍රතිචාරයක් ලෙස, නෛතික පදනම ආරක්ෂා කරගනිමින්, රාජපක්ෂ හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීන් කියා සිටියේ එවැනි ආරාධනා පත්‍රයක් තමන්ට නොලැබුනු බවය.මේ හමුවේ විනය ක්‍රියාමාර්ග ගැනීම ද උගහට විය.අවසාන මොහොතේ දී ආරාධනා පත්‍ර එවීම පිළිගත නොහැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පැවසුවේ ය. ජනපති සිරිසේනට හා ඔහුගේ හිතවතුන්ට බරපතල තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවට සැකයක් නැත.සිකුරාදා ජනපතිවරයාගේ සන්සුන් පිළිවෙත, ගෙවුනු සති කිහිපයේ ඔහුගේ හැසිරීම හා සැසදීමේ දී සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගත්, සටනින් හෙම්බත්ව ඇතැයි අගවන ලකුණක් ලෙස සැලකිය හැකිය.පළාත් පාලන මැතිවරණයේ දී සිරිසේන පාර්ශවයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සිදුවන්නේ, ඔවුන් නියෝජනය කරන පක්ෂයේම වෙනත් පාර්ශවයක, එනම් රාජපක්ෂ පාර්ශවයේ සහය නොමැතිවය.එපමණක් නොව, අනෙක් පසින් රජයේ ඔවුන්ගේම පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයෙන් නැගෙන තර්ජනයට ද මුහුණදීමට ඔවුනට සිදුවනු ඇත. මේ සා අභියෝග මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවය සහාය පතා එක්සත් ජාතික පක්ෂය වෙත යොමුව නොතිබීම මෙහි දී සැළකිල්ලට ගත යුතුය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වද වීමට හේතුව තිබෙන සියලු කාරණාවල පදනම ඇත්තේ මෙතැනය.

රජය ජනතාව අතර මෙතරම් අප්‍රසාදයට පත්ව ඇත්තේ සභාග රජයේ අනෙක් පාර්ශවය වන එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරකම් නිසා බව මෛත්‍රී පාර්ශවයේ චෝදනාවයි.ඉහළ ගොස් ඇති ජීවන වියදමට එරෙහිව පෙනී සිටිනවාට අමතරව, රජයේ අමාත්‍යංශවල සිදුවන නොයෙක් දූෂණ හා වංචා සම්බන්ධයෙන් ද ජනතාව අවදියෙන් සිටින බව ඔවුහු පවසන්නෝය.ගැටලුව ඇත්තේ 1994 - 2015 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලනයක් පැවැති සමයේ ඔවුන්ගේ ක්‍රියාකලාපය ද දූෂණයෙන් හා වංචාවෙන් තොරවූවක් නොවන තැනය. මේ හමුවේ තම ඡන්ද කොට්ඨාස කරා යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ඔවුහු පවසන්නෝ ය.යක්ෂයා සමග (එක්සත් ජාතික පක්ෂය) අත්වැල් බැදගෙන සිටින බව එක් පසෙකින් ඔවුන්ට එරෙහිව නැගී තිබෙන චෝදනාවයි.අත්වැල බිදගතහොත් පසුගිය පාලන සමයේ තමන් කළ කී දෑ සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වෙනු ඇති ද යන්න, අනෙක් පසින් ඔවුන්ට ඇති බියයි. තේරුම්ගැනීමට අසීරු කරුණ වන්නේ, ජනතාව අපේක්ෂා කරන අයුරින් සහ මැතිවරණයේ දී සහ ජනපතිවරණයේ දී දුන් පොරොන්දු ප්‍රකාරව, මහා පරිමාන වංචා හා දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයයි.

රජයට එරෙහි ජනතා හඩ වඩා ප්‍රබලව නැගීමට හේතු වී තිබෙන්නේ ද මෙම කාරණයයි.හිටපු ජනපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිධෑ සෙනරත් මහතා අත්අඩංගුවට ගැනීමට ගත් ක්ෂණික තීරණය අරබයා රජයේ ඉහළම පෙලේ පුද්ගලයින් කිහිපදෙනෙක් අතර කලබලයක් ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දෝ පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් ගාමිධෑ සෙනරත් අත්අඩංගුවට ගැනීමට සෙවූ අවස්ථාවේ ඔහු ආගිය අතක් නොමැති විය.තමා අත්අඩංගුවට ගැනීමට යන බවට තොරතුරු පැහැදිලිවම ඔහු වෙත ලැබී තිබින.මේ හමුවේ ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීම සදහා මෝසමක් ඉදිරිපත් කිරීමට නිලධාරීහු කටයුතු කළහ.වරක් ඔහු දකුණු පළාතේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුගේ නිවසේ සිටිනු දක්නා ලදැයි පැවැසින.මෙම සතියේ ඔහු අධිකරණයට හමුවට පැමිණෙනු ඇතැයි මත පළව තිබේ. මේ අයුරින් වන ගැටලු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ හමුවක් පසුගිය සදුදා (30) පැවැත්වින.පසු අවස්ථාවක මෙයට එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම ද එක්විය.සාකච්ඡාවේ අවධානයට බදුන් වූ කාරණා පැහැදිලි නැතත්, ඒ පිළිබදව දැනුම්වත් ආරංචි මාර්ගයක් සදහන් කළේ ඉදිරියේ එන මැතිවරණය, ඉහළ යමින් තිබෙන ජීවන වියදම, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්බන්ධතාව, හා වෙනත් කරුණු රාශියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් බවය.

දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තනිව එම පක්ෂයේ දේශපාලන ගමන් මග තීරණය කරන බවට ජනපතිවරයා මෙම සාකච්ඡාවේ දී අවධාරණය කර තිබේ.සභාග රජයක් පිහිටුවා ගැනීම අරබයා දෙපාර්ශවය ඇතිකරගත් අවබෝධතා ගිවිසුම පසුගිය අගෝස්තු මාසයේ නිමාවට පත්විය.දෙසැම්බර් මස දක්වා එක්ව කටයුතු කරන බව ජනපතිවරයා නැවත නැවත පවසනුයේ, ඒ හරහා ලැබෙන සහයෙන් අයවැය සම්මත කරගැනීමෙන් ඉදිරි වසර සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරගැනීමට හැකි වන බැවිනි. ජනපතිවරයා සමග හමුවෙන් දිනකට පසු එනම් අගහරුවාදා සන්ධ්‍යාවේ අගමැති වික්‍රමසිංහ ඉතාම අවම සහභාගීත්වයක් සහිත  වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම් හමුවකට සහභාගී විය.පැමිණ සිටියවුන් දැඩිව ආමන්ත්‍රණය කළ ඔහු අවධාරණය කර සිටියේ පක්ෂයේ බල කණ්ඩායම් තැනීමට තමා අවසර නොදෙන බවයි.ඒ හා සම්බන්ධයෙන් වන රැස්වීම්වලට හෝ වෙනත් අවස්ථාවන්ට සහභාගීවීමට අවැසි නම් ප්‍රථමයෙන් තමාගේ අවසරය ලබාගත යුතු බව ඔහු පැවසුවේ ය. අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයට මුල් වූයේ හිටපු විදේශ කටයුතු හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සති දෙකකට පමණ ඉහත දී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායම වෙනුවෙන් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ හමුවකි.

එයට පක්ෂයේ සාමාජිකයන් 20 දෙනෙකු පමණ සහභාගීව සිටි අතර, ඔවුන් අතරින් ඇතැමෙක් සභාග රජයේ නායකයින් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දක්වා ඇතැයි දැනගන්නට තිබේ.මෙම හමුව පැවැත්වෙන විට තමා දිවයිනෙන් බැහැරව සිටි බවත්, නොඑසේනම් තමා ඊට අවසරය ලබානොදෙන බවත්, අගමැති වික්‍රමසිංහ කීවේ ය. අතීතයේදී ද එක්සත් ජාතික පක්ෂයේ බල කණ්ඩායම් ඇතිවූ බව පක්ෂ නායකයා සිහිපත් කළේ ය.පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් 1960 දී පමණ කරළියට පැමිණි එක්සත් ජාතික පක්ෂ පසුපෙල තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සැදි ඉගුරු කල්ලිය එවැන්නකි.හමුව අවසානයේ අගමැතිවරයා පැමිණ සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළිගැන්වීය.කරුණානායක සංවිධානය කර තිබූ හමුව අරබයා පක්ෂ නායකත්වය කෝපයට පත්ව සිටින්නේ එහිදී තමන් විවේචනය කර තිබෙන බව, ජනපති සිරිසේන අග මැතිවරයාට පවසා ඇති නිසාදැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම අතර කසුකුසුවක් ඇතිවිය.

එක්සත් ජාතික පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිස වරක් ජනපති සිරිසේනගෙන් ඉල්ලා සිටියේ කරුණානායකව නැවත කැබිනට් මණ්ඩලයට බඳවා ගන්නා ලෙසය.එතෙක් දරමින් සිටි තනතුරින් ඉවත් වීම ඔහුම ගත් තීරණයක් මිස තමා ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදුනොකළ බව ජනපතිවරයා ඔවුන්ට කීවේ ය.අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ තැන සිට, කරුණානායක වෙනුවෙන් වෙනම කාර්යාලයක් අරලියගහ මන්දිරයේම ස්ථාපිත කර ඇති අගමැති වික්‍රමසිංහ, පසුගියදා ඔහුව මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් තෝරාගැනීම සදහා වන දස පුද්ගලය නාම යෝජනා කමිටුවේ සාමාජිකයෙක් ලෙස ද පත් කළේ ය.බැදුම්කර කොමිසමේ දී තමාගේ දැඩිව ප්‍රශ්න ඇසූ නීතිපති දෙපාර්තමෙන්තු උපදේශකවරයා සම්බන්ධයෙන් තවමත් චෝදනා නගමින් සිටී.



අදහස් (3)

ශ්‍රීලනිපය තනිවම සටනට

rohana Monday, 06 November 2017 07:10 AM

අන්න හරි තනියම ඇවිත් බලමු කාටද ඡන්ද තියෙන්නේ කියල

:       2       98

Senarath Tuesday, 07 November 2017 03:21 AM

බොහොම හොඳ අදහසක්. දැන් බලාගන්න පුළුවන් ජනතාව ඉන්නේ කාගේ පිලේද කියල. දැන් චන්ද්‍රිකා මහත්මියත් ඇවිල්ල ඉන්න නිසා ජනතාව ඡන්දෙ දෙනකොට ඒ ගැනත් හිතාවි. ආසන මට්ටමෙන් ඡන්දෙ පැවැත්වුවොත් ලංකාවෙනම ආසන 10 ක් දිනන්න බැහැ.....

:       1       66

වින්සන්ට් Tuesday, 07 November 2017 10:59 PM

ශ්‍රිලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම දුෂිතයන්ගෙන් තොරව දේශපාලන පැවැත්මක් සහ ගමනක් නැත. මෙම ලිපියෙන් ඒ බව හොඳින් පැහැදිළිය. හොරු අතහැර ගමනක් යාමට සමහරවිට වර්තමාන ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තිබෙන්නට පුළුවන. එහෙත් පක්ෂයට කොටුවීම මත එතුමාට ගමනක් නැත. අවුරුදු 70 ක් තිස්සේ දේශපාලකයන්ගේ වංචා දුෂණ ගැන අපි කතා කරන්නෙමු.එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී කියන දේශපාලනය, වංචාවක් සම්බන්ධව එකම දේශපාලකයෙක්වත් හිරගෙදර යැවීමට ඉඩදී නැත.ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ එහි ප්‍රතිඵලය කුමක් සඳහාද යන්න තේරුම් ගත නොහැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 139 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site