“හිර කුටියේදී එයාල මට ලීටර් එක හමාරෙ ප්ලාස්ටික් බීම බෝතලයක් තියාගන්න ඉඩ දුන්නා. කාටවත් කොට්ට දුන්නෙ නෑ. ඒත් බිම ඔලුව තියාගෙන ඉන්නකොට මට නින්ද යන්නෙ නෑ. බෝතලේ වතුරෙන් පුරවල ටිකක් වතුර ඉවත් කළාම ඒක ටිකක් නම්‍ය වෙනවා. මම සී.අයි.ඩියෙ හිටිය දවස් 46ම නිදාගත්තෙ ප්ලාස්ටික් බෝතලේ ඔලුවට තියාගෙනයි. මම ඒකට හුරු වුණා.”
ශාෆි සහාබ්දීන් එම බිහිසුණු අත්දැකීම විඳින්නට පටන් ගත්තේ 2019 මැයි 23 වැනිදා පුවත්පතක මුල් පිටුවේ මෙම වෛද්‍යවරයා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ බවට සැක කරනු ලැබූ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකුව හිඳිමින් සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් රහසේ වඳ භාවයට පත් කළේ යයි චෝදනා කරන පුවතක් පළ කිරීමෙන් අනතුරුවයි.
ඔහු සිරගත කොට ඇප මත නිදහස් කිරීමෙන් පසු පළමු වරට තමා සහ තම පවුලේ අය විඳි ගැහැට පිළිබඳව හෙළිදරව් කරමින් සහාබ්දීන්, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සමග සංවාදයක යෙදුණේය. ඔහු ආරක්ෂා කරනු ලැබුවේ දෙවියන් සමග මූලික වශයෙන් සිංහල රෝගීන්ගේ ආශිර්වාදයත්, යාදිනි විසිනුත් බව හෙතෙම කියා සිටී.
වෛද්‍ය සහාබ්දීන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාන්තා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයාව සිටියේය. 2015 දී ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අස් වී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කළේය. ඔහුට පාර්ලිමේන්තුවට ඇතුළත් වීමේ වරම අහිමි වූයේ සුළු ඡන්ද සංඛ්‍යාවකිනි. මැතිවරණයට පෙර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය සහාබ්දීන්, තමා වෛද්‍ය වෘත්තියේදී සිසේරියන් සැත්කම් 8000ක් පමණ කර තිබේ යයි මාධ්‍යවේදියකුට කියා තිබිණි. ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ එයින් සැත්කම් 4000ක් කරන අතරතුර නීති විරෝධී අයුරින් නාළ අවහිරකොට සිංහල බෞද්ධ මවුවරුන් වඳ භාවයට පත් කළේය යන්නයි.
වෛද්‍ය වෘත්තියේ යෙදෙන බොහෝ අයට මෙම කීම මනඃකල්පිතයක් විය. මේ බව අධිකරණ හා නිල විමර්ශනයේදී ගර්භණී හා නාරි වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් හෙදියන් හා කාර්ය මණ්ඩලයේ අනෙක් අයගෙන් වාර්තා කරගත් ප්‍රකාශවලින් පෙනී ගියේය. එකී චෝදනාවට ඇතැම් වෛද්‍ය විශේෂඥයෝ ප්‍රසිද්ධියේම අභියෝග කළහ.
වෛද්‍ය සහාබ්දීන් අධ්‍යාපනය ලබාගත්තේ කලාවැව මුස්ලිම් විද්‍යාලයෙනි. කලාවැව යනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම සහ පැරැණිතම මුස්ලිම් වාසස්ථාන පිහිටි ප්‍රදේශයයි. ඔහුගේ පිය පාර්ශ්වයේ සීයා, එම ප්‍රදේශයේ පළමු රාජ්‍ය සේවකයාය. එම ප්‍රදේශයේ පළමුවෙන්ම දිග කලිසම් ඇඳි අයකුගෙන් කෙනකු වූ ඔහු විජිතපුර රජමහා විහාරයේ ලාබාල බෞද්ධ භික්ෂූන්ට පාලි භාෂාව ඉගැන්වූයේය. ඔහුගේ පියා විදුහල්පතිවරයකු වූ අතර මව ගෘහණියක වූවාය.
පවුලේ දරුවන් තිදෙනාගෙන් බාලයා වූයේ වෛද්‍ය සහාබ්දීන්ය. ඔහුගේ සොයුරිය වෛද්‍යවරියකි. සොයුරා ගණකාධිකාරීවරයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් සමත් වූ අයෙකි. 2003 දී තමාට වඩා කනිෂ්ඨ වෛද්‍යවරියක වූ ඉම්රා සමග ඔහු විවාහ වූයේය. ඇගේ උපන් නගරය වූ කුරුණෑගල ඔවුහු පදිංචි වූහ. 2004 දී සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ වීමෙන් පසු හෙතෙම මධ්‍යම පළාතේ සේවය කළේය. මැතිවරණය සඳහා නික්ම යනවිට ඔහු සේවය කරමින් සිටියේ දඹුල්ල රෝහලේය.
වෛද්‍ය සහාබ්දීන් ටිකෙන් ටික පෞද්ගලික ප්‍රතිකාර කිරීමේද නියැළුණේය. කුරුණෑගල නගරයේ සාර්ථක ලෙස විද්‍යාගාරයක් පිහිටවූ ඔහු වාහන අලෙවි කිරීමට සහ රෙදිපිළි අලෙවි කිරීමේ ව්‍යාපාර වෙතද යොමු වූයේය.
කුරුණෑගල නගරයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා මිතුරන් තිදෙනකු සමග එකඟතාවකට එළැඹීමෙන් පසුව එය මිලදී ගැනීම සඳහා ඔවුහු ඔහුගේ බැංකු ගිණුමේ රුපියල් මිලියන ගණනක් තැන්පත් කළහ. ඒ වනවිට පැවතුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක ඉලක්කයක් බවට පත් වූයේ එම ගනුදෙනුවයි.
මැතිවරණයෙන් ඔහුට ඡන්ද 54,000 ලැබුණු මුත් පාර්ලිමේන්තු ආසනයක් හිමිකර ගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය. මැතිවරණයෙන් මාස 16කින් පමණ අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු නැවත සේවයේ පිහිටුවාලූයේ මැතිවරණයෙන් පැරදුණ තවත් වෛද්‍යවරුන් දෙදෙනකු ද සමගය. 2018 පෙබරවාරි මාසයේ පටන් 2019 මැයි මාසයේ ඔහු අත්අඩංගුවට ගන්නා තුරු ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගර්භණී හා නාරි වෛද්‍ය අංශයේ සේවය කළේය.
2019 අප්‍රේල් මාසයේ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එම ප්‍රදේශය පුරා මුස්ලිම්වරුන් අතර ආතතියක් හට ගත්තේය. නොපැහැදිලි චෝදනා මත සුප්‍රසිද්ධ ප්‍රජා නායකයෝ අත්අඩංගුවට පත්වූහ. ඇතැමුන් සිර භාරයෙන් නිදහස් කරනු ලැබුවේ දින ගණනාවක් ඉක්ම ගිය පසුවය. තමාද ඉලක්ක වී ඇති බවට කියන කටකතා වෛද්‍ය සහාබ්දීන්ගේ කනට ඇසිණි. පවතින තත්ත්වය පහව යනතුරු රටින් පිටව ගොස් හිඳ නැවත පැමිණීමට ඔහුගේ බිරිඳට අවශ්‍ය වූයේය.
“මට බය හිතුනා. ඒත් කාට වුණත් මාව අත්අඩංගුවට ගන්න ඕන වෙන්නෙ ඇයි කියල මම ප්‍රශ්න කරමින් හිටියෙ.” ඔහු කීවේය. “මම රටෙන් පිටව යන්න කැමැති වුණේ නෑ මගේ රටට මම ආදරේ නිසා. පසුගිය කාලෙ රටෙන් යන්න ඕනෑ තරම් අවස්ථා මට ලැබුණා. අද පවා එහෙමයි. අසරණ රෝගීන්ගේ කන්නලව් නිසා මම ආරක්ෂා වුණා කියලයි හිතන්නෙ. මොකද මම වැඩ කළේ ඒ අයටයි. යම් පුද්ගලයකුගේ දුක් වේදනා තමන් දුරු කළොත් ඔවුන් තමන් වෙනුවෙන් හදවතින් කතා කරනවා.”
මුළු රෝහල පුරාම වෛද්‍ය සහාබ්දීන් මුළුමනින් ජනප්‍රියව සිටියේ යයි එයින් ඇඟවෙන්නේ නැත. විශේෂයෙන් ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර ඔහු ජනප්‍රිය නොවූයේය. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ, ගිහින් තමාගේ රැකියාව කොට එතැනින් නික්ම ඒමයි. එකිනෙකා සමග දොඩමින් සිටීමට ඔහු කාලය ගත කළේ නැත. ශාෆි මහත්තයා ලවා ශල්‍යකර්ම, ස්කෑන් සහ වෙනත් රෝග පරීක්ෂා කිරීම් කර ගැනීමට කාර්ය මණ්ඩලයේ උදවිය ඔහු සොයා ගියහ.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙණියගේ දෙවැනි දරුවා ලැබෙන විට ඊට අදාළ සිසේරියන් සැත්කම කර ඇත්තේ ද වෛද්‍ය සහාබ්දීන් ය.
“මම GMOA සාමාජිකයකු වුණත් මම ඔවුන්ට විරුද්ධව දැඩි මතයක සිටියා. විශේෂයෙන් වර්ජනවලදී තමන් ජයග්‍රහණ ලබන්නේ රෝගීන්ගේ අයිතීන් අහිමි කරලයි’’ යන මතයේ මම සිටිය. ‘‘රෝගීන් දුක් විඳිනව. ඒ නිසා මම වැඩ වර්ජනය කරල වෛද්‍ය සංගමයට සහාය වෙමින් ඊට එක්වුණේ නෑ.”
ඇතැම්හු වෛද්‍ය සහාබ්දීන්ට එරෙහිව අපහාස වදන් දෙඩුවෝය. ඇතැම් විට ඔහු හා වචන හුවමාරු වූයේය. ඔහු හිස උදුම්මාගත් දඩබ්බර අයෙක් සේ සලකනු ලැබිණි.
“මම කාටවත් හිස නැමුවෙ නෑ. මම මගේ වැඩක් බලාගෙන හිටියෙ. ඒත් ඒ ගතිය නිසා මට මෙතරම් හානියක් වේවි කියල මම හිතුවෙ නෑ.”
නීති විරෝධී වඳ සැත්කම්වලට වෛද්‍ය සහාබ්දීන් වැරැදිකරු යයි කියන මතයට පක්ෂ පුවත් පත්තර පිටු ගණන් පළවෙන්නට ගත්තේය. සමාජ මාධ්‍යවල ඔහුට මරණ තර්ජන එල්ල විය. මැයි 24 වැනිදා උදයේ ඔහු සේවයට වාර්තා කිරීමට බියෙන් පසුවූයේය. රෝහල් පරිශ්‍රයෙන් පිටත ඔහුට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කෙරිණි. එදින රාත්‍රියේ ඔහු උපවාස කාලයෙන් පසු සිය 12 හැවිරිදි පුත්‍රයා සමග පල්ලියේ යාඥා කරමින් ඉන්නා විට තම නිවසට පොලිසිය පැමිණ ඇතැයි ඔහුට පණිවිඩයක් ලැබුණේය.
ඔහු කඩිමුඩියේ නිවෙසට පැමිණියේය. අසාධාරණ ලෙස තමා ඉලක්කගත වූයේ ඇයි දැයි පොලිසියෙන් විමසා සිටියේය. ඔවුහු ඔහුව පොලිසිය වෙත රැගෙන ගියේ පුවත්පත් ලිපියක සඳහන් චෝදනාවලට, ෆේස්බුක් සටහනක් යෙදූ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන මුවාවෙනි. පොලිස් ස්ථානයේදී තමාට අයුක්තිය සිදුකළ පැමිණිල්ල වාර්තාගත කිරීම ඔහුට අවශ්‍ය විය. එම කාර්ය ඉටු නොවීය. ඉන්පසු ඔහු නැවත නිවසට රැගෙන ආයේ නිවස පරීක්ෂා කිරීම සඳහාය. CCTV කැමරා නිවා දමන ලෙස ඔවුහු නියෝග කළහ. ඔවුහු දරුවන්ගේ කොම්පියුටර්, ලැප්ටොප්, බ්‍රීෆ්කේස් සහ පැරැණි දුරකථන ඉවත ඇද ගත්හ. ඔහුගේ බිරිඳගේ කුරාණය පවා ඔවුහු උදුරා ගත්හ.
පොලිස් නිලධාරීහු නැවත ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන ආහ. නීතිඥවරයකු අමතන්නට ඔහුට අවසර නොලැබිණි. ඔහුගේ දුරකථන ක්‍රියාවිරහිත කෙරිණි. ඔහු පොලිස් කොස්තාපල්වරයකු ළඟ හිඳුවා තැබූ අතර එම නිලධාරියා ඔහුට ඉවත යන්නට ඉඩ දුන්නේ හෝ ඔහුගේ පැමිණිල්ල ලියා ගැනීමක් සිදු කළේ නැත. ඔහු රඳවා තබාගෙන ඉන්නේ ඇයි දැයි (ඔහු තබාගෙන ඇත්තේ රඳවාගෙන නම්) ඔහු නොදත්තේය. නිවසට ගොස් පසුදා එන්නට ඔහු විමසූ විට කොස්තාපල්වරයා ඊට ඉඩ නුදුන්නේය. කිසිවකුට ඔහු බලන්නට අවසර නුදුන්නේය.
“මාව තනිකරම හුදෙකලා කරා.” වෛද්‍ය සහාබ්දීන් කීවේය. “මාව තියාගන්නවද මට යන්න දේවිද දන්නෙත් නෑ.”
ඊළඟ දිනයේ උදෑසන ඥාතීන් දෙදෙනකුට ඇතුළට පැමිණ ඔහුට විස්කෝතු හා වතුර ලබා දෙන්නට ඉඩ දෙනු ලැබීය. ඉහළින් ලැබුණු නියෝගයකට අනුව විමර්ශන සඳහා ඔහු තබාගත් බව පොලිසිය ඔහුට කීවේය. නැවත අපරාධ අංශයට ගෙන ගිය ඔහුට පුටුවක හිඳගෙන ඉන්නට සිදුවිය.
ඔහුගේ නීතිඥවරයාට එතැනට එන්නට අවසර නොලැබිණි. ඔහුගෙන් ප්‍රශ්න කරන ලද්දේ බලෙන් වඳ සැත්කම් කිරීමක් ගැන නොව පෞද්ගලික හා පවුලේ ඉතිහාසය පිළිබඳවය. ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ආරංචිය පැතිරයාමත් සමඟ මාධ්‍යවේදීහු පොලිසිය වෙත ආහ. “ඊට පස්සෙ මාව අත්අඩංගුවට ගන්න කතාවක් ඇහුණ.” වෛද්‍ය සහාබ්දීන් කීවේය.
මුහුණදීමට සිදුවූ තවත් බොහෝ ගැටලු වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට කාරණා කිහිපයකදීම තමා වෙනුවෙන් තවමත් කටයුතු කරන්නට සිදු වී ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ පසුව සෞඛ්‍ය අමාත්‍යංශය අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ ආයතන සංග්‍රහයට අනුවයි. තමා නැවත සේවයේ පිහිටුවන ලෙස හා නොගෙවූ වැටුප් ඉල්ලලා ඔහු රාජ්‍ය සේවා කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය සේවා කොමිසම, දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඔහුගේ හිඟ වැටුප් ගෙවන ලෙස නියම කර තිබේ. එය මෙතෙක් සිදුවී නැත. වෛද්‍ය සහාබ්දීන් සේවය කළ කුරුණෑගල ශික්ෂණ රෝහල පසුගිය දෙසැම්බරයේ ‘මූලික පරීක්‍ෂණයක්’ සඳහා ප්‍රකාශයක් ගැනීමට ඔහුව කැඳවා තිබිණ. එම මූලික පරීක්‍ෂණය දැන් ආරම්භ වී තිබේ. ඒ සඳහා ලිපි නිකුත් කර ඇත්තේ නීති විරෝධී වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී වසර දෙකහමාරක් ගත වූ පසුවය. පසුගිය වසරේ රාජ්‍ය සේවා කොමිසම ඔහුට වෙනත් කාරණා රාශියක් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබීය. ගිලන් ඇඳේ එල්ලා ඇති Bed Head ටිකට් පතේ නම වෙනස් කිරීම, 2017 ජූනි සහ 2019 මැයි අතර කාලයේදී පෞද්ගලික සමාගමක අධ්‍යක්‍ෂ ධුරය දැරීම, තම නිල සටහන් පොතේ තම භාර්යාවට කරුණු සටහන් කිරීමට අවසර දීම යන චෝදනා ඒ අතර විය. ඒ සම්බන්ධයෙන් ඔහුට දැඩි සේ අවවාද කොට වැටුප් වර්ධකය අත්හිටුවා තිබේ. මීට අමතරව වෛද්‍ය සහාබ්දීන් 2019 ජුනි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එය මෙතෙක් විමසීමට ගෙන නැත. ඔහුට විරුද්ධව ප්‍රධාන නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය. මෙතෙක් ඔහුට චෝදනා ඉදිරිපත් කර නැත. 2019 නව විමර්ශනය ඇරඹූ පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සිටී. ඔහු අත්අඩංගුවට ගත් පසු ත්‍රස්ත සංවිධානයක් සමඟ එක්වීම හා නීති විරෝධී දේපළ රැස්කිරීම යන අමතර චෝදනා ඔහුට එල්ල කර තිබේ. මෙම නඩුව නැවත පසු දිනෙක ගැනීමට නියමිතව තිබිණ. |
“ඔවුන් මාව සී.අයි.ඩියට දෙන්න සූදානම් වුණා. මොනව කරන්නද කියල මට හිතාගන්න බැරිවුණා. ඒ සඳහා අනුගමනය කරන වැඩ කිහිපයක් තිබුණා. මගේ ඇඟිලි සලකුණු අරගෙන ශරීරය පුරා පරීක්ෂා කළා. එය මානසික වදයක්.”
ඔහුට මාංචු දමා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණි. මැයි 25 වැනිදා ඒ වනවිට ප.ව. 6.00 පසු වී තිබිණි. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ගෙන යා යුතු විය. පොලිසිය ඔහු සේවය කළ කුරුණෑගල ශික්ෂණ රෝහලටම රැගෙන ගියේය. “හැමෝටම පේන්න මාංචු පිටින්.” ඔහු කීවේය. “හැම දෙනාම මා දිහා බැලුවා. මට වැඳපු මිනිස්සු මට ගෞරව කරපු මිනිස්සු සමහර ඇටෙන්ඩන්වරුන්ගෙ ඇස්වල කඳුළු.”
අවසානයේ වෛද්‍ය ශාෆිව ගෙන ගියේ සී.අයි.ඩියේ හතරවැනි තට්ටුවටයි. කොළඹ සී.අයි.ඩීයේ මූලස්ථානය වූ එහි සිර මැදිරි 4ක් විය. එකක සිටින්නේ මාකඳුරේ මධුෂ් බව ඔහුට දැනුම් දුන්නේය.
“ඔහු සමග සම තත්ත්වයට වැටීමට මා කළ වරද කුමක්දැයි මා කල්පනා කළා. මට මහ හිතේ අමාරුවක් දැනුණා. මම ඇඬුවෙ නෑ. අඬල වැඩක් නෑ. මගේ අරමුණ වුණේ පිටට එන එකයි. මට කරදරයක් නොවෙන බවට මට ලොකු විශ්වාසයක් තිබුණා. දෙවියන් මා බේරා ගනීවි. මට මාංචු දමන විටත් මට සිහි වුණේ අල්ලා දෙවියන්වයි.” වෛද්‍ය සහාබ්දීන් දින 46ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගතකොට ජුලි 25 දින ඇප ලබා ගත්තේ සති දෙකක් කෑගල්ල බන්ධනාගාරයේ ද සිර කර තැබූ පසුවය. ඔහුව රඳවා තබාගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. කිහිප වාරයක් ඔහු ප්‍රශ්න කිරීම්වලට භාජන විය. ඇතැම් විට ප්‍රකාශ ලබාගැනීම සඳහා සාක්ෂිකරුවන් සී.අයි.ඩීයට රැගෙන ආයේය.
“මට එල්ල කළ හැම චෝදනාවක්ම අදාළ නොවේය යන ස්ථාවරයේ මම සිටියා. ඒ බව ඒ අය තේරුම් ගන්නා බව මම දැන සිටියා.” වෛද්‍ය සහාබ්දීන් කීවේය.
ඔහුගේ පවුලේ උදවිය නොයෙක් කරදර වින්දෝය. ඔහුව රැගෙන ගිය දිනයේ ඔවුහු නිවස හැර ගියෝය. ඉම්රා, දරුවන්, ඒ අයගේ පාසල්වලින් ඉවත් කරගෙන කොළඹ රැගෙන ආවාය. වෛද්‍ය ශාෆිගේ බිරිඳට මුස්ලිම්වරු පවා ඉඩ නොදුන්හ. තට්ටු හතක් ඉහළ උසින් පිහිටි නිවාස කොටස කුලියට ගන්නට ගිය අවස්ථාවේ මිත්‍රශීලීව ඇයට සලකා ඇත්තේ එකම එක යුවළක් පමණි.
“ඈ නිතරම බයෙන් පීඩාවට පත්වෙලා හිටියෙ.” ඔහු කීවේය.
“ඈට ඉස්කෝල සොයන්න සිදුවුණා. කුරුණෑගල වැඩ කරන්න බැරි නිසා මාරුවක් ඉල්ලන්න සිදු වුණා. ඇගේ අතේ සතේ නැති වුණා. මගේ ගිණුම් අත්හිටෙව්වා. පත්තරකාරයො ඈව ලුහු බැන්ඳා යන යන තැන. ප්‍රසිද්ධියෙ කතා කළොත් ඈට දරුවන් ආරක්ෂා කර ගන්න බැරිවුණා. තමාව මරා දමාවි කියලත් ඈ බය වුණා.”
දරුවන්ට කුරුණෑගලින් කොළඹ ගොස් ඉන්පසු කල්මුණේ සහ ආපසු මහනුවරටත් යන්නට සිදුවිය. දැන් ඔවුන් වාසය කරන්නේ මහනුවරයි. තවමත් ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පැමිණ නැත. තමන්ට වූ හදිය කුමක්දැයි ඔවුහු තවමත් නොදනිති.
2022/1/23 Sunday Times හි පළවූ ''God and prayers of predominantly Sinhalese patients protected me'' ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ.
නාමිනී විජේදාස විසිනි
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සී.අයි.ඩියෙ හිටිය දවස් 46ම නිදාගත්තෙ ප්ලාස්ටික් බෝතලේ ඔලුවට තියාගෙනයි - දොස්තර ශාෆි කියන කතාව
Steffan Fonseka Tuesday, 01 February 2022 06:46 PM
මේවා කොහොමත් ඔප්පු කරන්න නම් අර වඳභාවයට පත් වෙච්චි අම්මලාගේ සැත්කමක් කරලා බලන්න ඕනෑ. කවදාවත් එහෙම පෙන්නන්න බැරිනිසා මෙයා දැන් සුදනා.. මෙයා විතරක් නෙමේ තවත් රෝහල් ගණනාවක දරු ප්‍රසූතියෙන් පස්සේ වඳ සැත්කම් කර ගත්තේ නැත්තන් රෝහලෙන් පිටවෙන්න නොදුන් අවස්ථා ගණනාවක් වාර්තා වුණා. දැන් ඉතින් සිංහල ඡන්ද වැඩක් නැති නිසා තමයි මෙයා බේරුනේ...!
KamalSaturday, 05 February 2022 07:05 AM
ඔයාට කාගෙන්ද ඒවා වාර්තා වුනේ? රොයිටර් පුවත් සේවයෙන්ද?
JiwandaraSaturday, 05 February 2022 08:05 PM
ඔබතුමා ලංකාදීපෙ කියවන්නේ යලට මහට වෙන්න ඇති. ඒත් අපි දිනපතා පාඨකයින්. තවත් මාධ්‍යවල ඒවා ඕනෑතරම් වාර්තා වුණා. ඒ ව්‍යාපාර වලට එන්.ජී.ඕ හරහා තමයි මුදල් සැපයීම් ලැබිලා තිබුනේ..! .
NalinSaturday, 05 February 2022 09:13 PM
ඔව්, ඒවා කරපු ඔක්කෝම පොහොට්ටු ආණ්ඩුව යටතේ අත්අඩංගුවට ගත්තා. පත්තර වල පින්තුරත් ගියා දැක්කේ නැද්ද?
KamalMonday, 07 February 2022 10:43 AM
වඳ සැත්කම් කළා කියලා පොහොට්ටු ආණ්ඩුව අත්අඩංගුවට ගත්ත අයගේ නම් ලිස්ට් එකක් දෙන්නකෝ...?
NalinMonday, 07 February 2022 02:14 PM
එහෙම කවුරුවත් පොහොට්ටු ආණ්ඩුවෙන් ඇරස්ට් කළේ නෑ. මම බොරු කිව්වේ...!
sathyapala Tuesday, 01 February 2022 07:50 PM
සිංහල ජාතිවාදී මඩගොහොරුවේ ළගිමින් මේ රට ලේ විලක් කිරීමට එදා දැරූ තුච්ච ප්‍රයත්නයට මාධ්‍යත් වගකියන්න ඕනෑ...
Sunil gnanaekera Wednesday, 02 February 2022 10:50 AM
මේ පවසන දේ සත්‍යයක් නම් අපරාධ කරපු අය එල්ලන්න ඕනෑ...
gayan dayanath Wednesday, 02 February 2022 12:11 PM
මේ පිළිබඳව නිවැරදි විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් පැවැත්වීම අත්‍යාවශ්‍යයි. අසාධාරණයක් වෙලානම් ඔහුටත්, පවුලේ අයටත් වන්දි ගෙවිය යුතු අතර වරදට මුලපිරූ අයට දැඩි දඬුවම් දිය යුතුයි...!
ලොකුබණ්ඩාර Wednesday, 02 February 2022 01:01 PM
මෙම සිදුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වගකිව යුතුයි. එක වෛද්‍යවරයකුටම ශල්‍යකර්ම 4000ක් ලබාදීම වරදක්..!
දසුන් Saturday, 05 February 2022 07:08 AM
මේක අවස්ථාවාදීව දේශපාලන වාසි ගන්න කරපු වැඩක්නේ. රතන හිමි, විමල්වීරවංශ වගේ අය මේකට මුලපිරුවේ... දැන් එහෙම දෙයක් වුණාද කියලාවත් එයාලාට මතක නෑ.
Kamal Saturday, 05 February 2022 09:15 PM
වඳකරපු ඔක්කෝටම දැන් බබාලා හම්බ වෙලාලු දෙවියන්ගේ ආනුභාවයෙන්...
Thamalu Saturday, 05 February 2022 09:17 PM
නඩු දාපු මිනිස්සු. මරාගෙන මැරෙන්න හදපු විමල් වීරවංශලා වගේ අය දැන් කොහේද ඉන්නේ...?
ලොන්ඩරි නාමිනී Sunday, 06 February 2022 03:16 PM
අම්මලා 4000 කට වැඩි පිරිසක් සාක්‍ෂි දුන්නේ නිකං වෙන්ටැ....
KaminiMonday, 07 February 2022 10:40 AM
ඒ 4000 ටම බබාලා හම්බ වෙලාලු... ඒකයි විමල් සහෝදරයයි, රතන හිමියි දැන් සද්ද නැත්තේ...
suranga perera Sunday, 06 February 2022 03:25 PM
එක්තරා පුවත්පතක මේක විකෘති කරලා දැම්මනේ..!
saman Monday, 07 February 2022 02:12 PM
මේක බොරුවක් නොවේ. රතන හිමි තමයි මේ හෙළිදරව්ව කළේ. හොඳට වඳ සැත්කම් ගැන දන්නවා. අපිට උන්වහන්සේ විශ්වාසයි. වඳ සැත්කම් කළා කියන එක සම්පූර්ණ ඇත්තක්...!